අප්පච්චි ...
නුඹ නිදන සොහොන ලඟ
වැටි දෙදන බිම ගසා ගෙන
ඇඬුවාට පලක් නැ
දන්නවා මම හොඳටම
මා පණ සේ රැක්ක
මගේ හෙවණැල්ල නුඹ
එදා ඒ දවස් මට
එකින් එක පෙල ගැසෙනවා
බොඳ වෙච්ච ඇස් අගින්
එදා මම අඬන කොට
මහ මෙරක් වගේ හිඳ
මාව සැනසුවේ නුඹ
පිය සෙනෙහේ මුදුන්කඩ
මං ගැනම වද වෙනා
තැවුල් හිත පාරනා
හැමදාම සේදුවේ නුඹ
මගේ බුදු අප්පච්චි
අනන්ත වු මුදු ගුණෙන්
හිත මගේ සනසමින්
හිනා විතරක් තැවරුවේ
දුක් ගොඩක් උහුලමින්
හරි මඟම පෙන්නලා
නැණ නුවණ පාදලා
මගේ හිස මත කිරුලක් තියා
සතුටින්ම හිනැහුනා
පතිකුලේ යනදා
ගැලු කඳුළු හංගාන
හිනැහුනත් මං දැක්කා
මුල්ලකට වි ඉකි ගසා අඬනවා
අප්පච්චි ...
මං ගිය දා පටන්
අප්පච්චි තනි වුනා
දුක් කඳුළු හංගාන
ඇයි ගියේ මං දමා
දන්නවා නම් බිඳක්
යන්නේ නැ අප්පච්චි
නුඹ ලඟම ඉන්නවා
මගේ හුස්ම දි රකිනවා...
෴ආදරණීය මල්෴
No comments:
Post a Comment