අප්පච්චි ...
නුඹ නිදන සොහොන ලඟ
වැටි දෙදන බිම ගසා ගෙන
ඇඬුවාට පලක් නැ
දන්නවා මම හොඳටම
මා පණ සේ රැක්ක
මගේ හෙවණැල්ල නුඹ
එදා ඒ දවස් මට
එකින් එක පෙල ගැසෙනවා
බොඳ වෙච්ච ඇස් අගින්
එදා මම අඬන කොට
මහ මෙරක් වගේ හිඳ
මාව සැනසුවේ නුඹ
පිය සෙනෙහේ මුදුන්කඩ
මං ගැනම වද වෙනා
තැවුල් හිත පාරනා
හැමදාම සේදුවේ නුඹ
මගේ බුදු අප්පච්චි
අනන්ත වු මුදු ගුණෙන්
හිත මගේ සනසමින්
හිනා විතරක් තැවරුවේ
දුක් ගොඩක් උහුලමින්
හරි මඟම පෙන්නලා
නැණ නුවණ පාදලා
මගේ හිස මත කිරුලක් තියා
සතුටින්ම හිනැහුනා
පතිකුලේ යනදා
ගැලු කඳුළු හංගාන
හිනැහුනත් මං දැක්කා
මුල්ලකට වි ඉකි ගසා අඬනවා
අප්පච්චි ...
මං ගිය දා පටන්
අප්පච්චි තනි වුනා
දුක් කඳුළු හංගාන
ඇයි ගියේ මං දමා
දන්නවා නම් බිඳක්
යන්නේ නැ අප්පච්චි
නුඹ ලඟම ඉන්නවා
මගේ හුස්ම දි රකිනවා...
෴ආදරණීය මල්෴
Thursday, August 10, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
No comments:
Post a Comment