Friday, December 22, 2017

ඔබ එතැයි සිතුවෙමි
මඟ බලා සිටියෙමි
ආදරේදැයි නොදනිමි
ආදරේ යැයි නොකියමි
ඒත් නුඹ ⁣සෙව්වෙමි
රැවටුනාදැයි නොදනිමි
රැවටුවායැයි නොකියමි
දුර ඈත බව දනිමි
ඒත් තව තව බලා හිඳිනෙමි...



෴ ආදරණීය මල්෴




ජීවිතේ හරියට ලියලා ඉවර කරන්න බැරි පොතක් වගේ...හැමදාම අළුත් පරිච්ඡේදයකින් පටන් ගන්නවා...සමහර වෙලාවට එක පරිච්ඡේදයක් ඉවර කරන්නත් ඉස්සෙල්ලා තවත් පරිච්ඡේදයක් පටන් ගන්නවා...

හැම සිදු වීමක්ම සිද්ධ වෙන්න පටන් ගන්නේ වංගුවකින් හැරෙද්දිම...කාරණා කාරණා සිද්ධ වෙන්නේ කොක් හඬලා හිනා වෙන්න හරි අඬන්න හරි නෙමි....පාඩම් ඉගෙන ගන්න..අකමැත්තෙන් හරි අපිට සිද්ධ වෙනවා ඒ පාඩම් ඉගෙන ගන්න...සමහර සිද්ධ වෙන දේවල් දරා ගත නොහේ..නමුත් දරා ගත යුතුයි..ජීවිතේ දිනන්න නම්....

මල්......


සමහර තැන් පසු කරද්දි 
හිත ගැහෙන බැව් දනිමි
ඔබ සිටිදැයි හොරැහින් බලමි
ඒ පුරුද්දට  බව
හිතට තරවටු කරමි

ඒ තැන් දැන්
හිස් බව දනිමි
හරියටම මගේ
හිත වගේදැයි විමසමි ..

ඔබ නේන බැව් දනිමි
කඳුළු බර වැඩි බව කියමි
දෙනෙත් අහකට ගනිමි
දරන්නට බැරි නිසා බැව් දනිමි..



෴ ආදරණීය මල්෴ 


වෙනස් නොවන
කිසිත් ඇද්දැයි
විපරම් කරමි...
වෙනස් වෙන
සෑම දෙයක් ලඟම
ඔබත් වෙනස් නොවන්නේ
මංදැයි සිතමි....
හිත රවටා ගැනිම
තරම් නොවනු ඇත
ඒත් මම මගේ හිත
පරිස්සම් කර යුතුය
ඔව් පෙර ලෙසම
රැකිය යුතුය
එය රිදවා ගත යුතු නැත...


මල්.....
 

Thursday, December 21, 2017

ලේබලයක් නොඅලවනවා නම් මා කැමතිය
මා සැලසුම්කරුවකු නොවෙමි
දැලක් වියනවා නම් එයට
කලාවක් තිබිය යුතුමය
නැතිනම් ලෙහෙසියෙන් කෙනෙක්
හසු වන්නෙද නැත
මා කපටියැයි නොපවසන්න
හසු නොවි ඉන්නවා නම් මැනවි.....
කලාවක් ඇති බවත්
නෙත් අතරමං කරවන බවත් සැබෑය
මුලාවේ නොවැටෙන තරමට
ඔබ සිහි විකල් නොවනු අත....
මේ ම⁣ගේ හැටිය
තව තවත් දැල් වියනු ඇත
හොඳම දේ ඔබ හසු නොවි
ඈතින් ගමන් කිරිමයි...

෴ ආදරණීය මල්෴


සඟවනා දුකක්
ඇත්දැයි සිතුනි
හීනියට හිනා වෙන
ඇස් වල තියන්
දැක්ක හැටි වරදක්ද

මදෙපා මුල තියලා යන්න
ආයේමත් ආවාම
නුඹේ දුක මිටින් ගෙන
විසි කරමි අහසට

අයදිමි...සිනා නුඹ ගන්න
දුක් කඳුළු  මට දෙන්න
රිදෙන්නට හිතක් නැති
දරා ගත මෙමට හැකි......

෴ ආදරණීය මල්෴



වැඩි සීනි අනවශ්‍යයයි
නෙස්කැෆේ එකකට
අවශ්‍ය වෙන්නේ ඔබේ
ආදරයෙන් බිඳක් පමණයි
එයත් එක බැල්මකින් වුව ඇති
සීනි වලටත් වඩා ප්‍රණීත බව
අමුතුවෙන් කිව යුතු නැ
එහි රසය මම හඳුනමි..

෴ ආදරණීය මල්෴



Tuesday, December 19, 2017

බැනුමක් අැහුවම හිතකොයි තරම් රිදෙනවද කියලා අම්මි දන්න ඇත්ත තමයි..පාරක් ගැහුවට වඩා බැනුමකින් හිත රිදෙන වග අම්මි ඉගෙන ගත්තේ ගොඩ ඉස්සර...ඒත් ඉඳ හිටලා බනින්න සිද්ධ වෙන අවස්ථාත් එන වග මයෙ දුව හිතට ගන්න ඕන...ගහන්න හිතට තරම් නොවෙන හංදා....

චූටි කාලේ මාත් එහෙමයි..ගහනවට වඩා බය බනිනවට...අත්තම්මා බැන්නම වරු ගානක් අඬ අඬ කාමරේ අස්සට වෙලා ඉද්දි අප්පච්චි සීයා ඇවිත් ෂේප් කර ගන්නවා....අත්තම්මා ඒ ඇඬිලි වලින් සැලුන නැති නිසා වෙන්න ඇති එයා එහෙම කලේ....

ඒත් මම වෙනස් ඔයාට කෑගහලා ඒ සැනින් ඔයාගේ ඇස් වලට කඳුළු එද්දි වැඩියෙන්ම හිත රිදෙන්නේ මගේ....ඒකයි හැරෙන තැපෑලෙන් මම ඔයාව තුරුල් කර ගන්නේ...

ජීවිතේ හැල හැප්පිම් එක්ක යන්න ඕන ගමනක්...ඔයා ඒකට පුරුදු වෙන්න ඕන මට පාර පෙන්නන්න පුළුවන් ...හරි වැරැද්ද පෙන්නන සමහර වෙලාවට හිත රිදුනට මා එක්ක තරහ වෙන්න එපා...හිත් රිදෙනවා මීට වඩා ඔයා දවසක තනියෙන් ගමන් යද්දි..ශක්තිමත් වෙන්න ඕන ඒ නිසයි....

උදේ පාන්දර නැගිටලා කෝපි එක බොන්න එද්දි ඉස්සෙල්ලාම මම කරන්නේ ඔයාව මගේ පපුවට තුරුල් කර ගන්න එක....මගේ පපුව ගැහෙන සද්දෙන් මගේ ආදරේ ඔයාට දැනෙන්න අරින්නයි මට ඕන....පුළුවන් තරම් දුර මම එනවා ඔයාලා එක්ක..වැටෙන් නැතිව යන්න මම කියලා දෙන්නම්..තරවටු වල අගේ දැනෙවි දවසක... අම්මට දැන් දැනෙනවා වගේ.....ආදරෙයි පන....❤️❤️❤️❤️

කොයි අම්මත් එහෙමයි....

Monday, December 18, 2017

ඉතිරිය...


යම් දිනෙක අපට ඉතිරි වන්නේ අප කල කී දෑ වල හොඳ නරකය....හොඳත් නරකත් දෙක දෙපැත්තකට ⁣ගොඩ ගැසුවොතින් අපි වඩාත්ම කැමති හොඳ ගොඩට බව ඒකාන්තයි...ඒක සාමාන්‍ය දෙයක් පෘතග්ජන මිනිසුන් අතර....

2017 ඉවර වෙන්න තව දවස් කීපයයි...නිස්කලංකව හිතලා බැලුවොති්න් ගෙවි යන අවුරුද්දේ හොඳ නරක ..අතපසු වීම්..බිඳ වැටිම්...අමනාපකම්.....ගොඩ ගසන්න එක එක පිලිවෙලකට...හොඳ ටික අරන් පැත්තකට වෙන්න එපා....අපි කිවොත් මිස්ටේක් කියලා...හොඳ අයින් කරලා පැත්තකට කරලා මිස්ටේකන් ටික ගන්න...බලන්න ඒ මේ අත හරවලා..කොතැනද වැරදුනේ ඇයි එහෙම වුනේ...සිද්ධ වෙච්ච හැම නරක සිදුවිමක්ම එකට එකතු කරලා හදා ගන්න පුළුවන් හැම වරදම හදා ගන්න අමාරුම දේවල් ආයෙත් නොවන තැනට හිත හදා ගන්න..හැමදාම වගේ පසුතැවීම් අරන් යන්න එපා....

 ඔබේ විනිසුරු ඔබම වෙන්න....තීරණය කල හැක්කේ ඔබට ඊළඟට ඔබ ගන්න තීරණය ගැන සහ ඔබ තියන ඉදිරි අඩිය පිළිබඳව......

මතක තියා ගන්න⁣ හොඳ නරක දෙකම ඉතිරි වන බව...





මල්....

බීතිකාව....

ඉස්සර වගේම තාමත් කැරපොත්තෙක් ..මකුළුවෙක් ..මියෙක් දැක්කම මගේ පන යනවා ඉබේම....ඉස්සර රෑට හෙම කැරපොත්තෙක් ආවාම පුදුම විදිහට අසරණ වෙනවා..මොනා වුනත් රෑ වුනාම කැගැසිම තහනම්..ඒක ගැහැණු ළමයෙක්ට නොහොබි.....ඒ අපේ අම්මාගේ නීති සහ අණ පනත්ය..මම ඉතිං ඒ සියල්ලටම බයේ ඔළුවේ ඉඳන් පෙරවගෙන නොනිදා නිදා ගන්නවා....ඉස්සර කැරපොත්තෙක් මකුළුවෙක් ඉන්න දිසාවකටවත් හැරිලා නිදා ගන්නේ නැත....

ඒ ඉස්සරය...ඊට පස්සේ පෙම්වතියක් වුනාම...දවසක් වැඩ ඇරිලා බස් එකේ එද්දි එයා හෙමින් සීරුවේ මගේ ඔඩක්කුවෙන් තියලා තිබ්බ ප්ලාස්ටික් පත්තෑයා දැක්කම මර හඬින් කෑ ගැහැහුවේ මුළු පිට කොටුවම දෙවනත් කරලා..රෑ පුරාම නිදි නැතිව බස් එකේ ගෙදරත් වැඩිය  සැපට නිදන් උන්න මහත්මයෙක් අපව ඇමතුවේ ඉහලම වචන වලින්ය....ඒවා නම් මතක් වෙද්දි හිනාය...

ඊට පස්සේ කසාද බැඳලා ඒමය....මගේ හැටි දන්නා ඔහු වෙලාසනම මට දැනුවත් කිරිම් කලා...

"අනේ වඳින්නම් කැරපොත්තෝ දැක්කම කැ ගහන්න නම් එපා...තාත්තා බනි ඇ"

මේක මාර අසාධාරණයක්ය....මම බය නම් මම කැ ගැසිය යුතුය....ඉගිලිලා එන කැරපොත්තෙක්  දැක්⁣කම මම කෑ ගහගෙන නවතින්නේ මිදුලේය....ඒත් මාමංඩි මට ආදරේය..දවසක් දෙකක් පොල්ලක් අරන් ආවාය....කැරපොත්තෙක් බව දැන ගත්තම එයා ආපහු හැරිලා යනවා....ඊට පස්සේ සද්දෙට විනාඩි පහකට පස්සේ මාමන්ඩි එනවා..

"ආ ..ලමයා කැරපොත්තෙක් නේද"

😊😊😊😊😊

ඊට පස්සේ කැ ගැහිල්ලට හබි ආවේත් නෑය...එතකොට නම් මට තද වෙනවා...

"මං මලත් මෙයාට කමක් නැ"

ආඬපාලි කෝටියයි...


ඒ මොනා වුනත් දැන්නම් මම කැරපොත්තන්ට බය නැති වග දනිමි...ඒ මොර්ටින් වලට පිංසිදධ වෙන්නටය...බය වග හඟවමි..ඒත් බය වග දනිමි...එදත් අදත් ඔය සත්තු මගේ සතුරන්ය.....


මල්....

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...