Saturday, April 1, 2017

අනොරා...

අනෝරාවන් වැටෙද්දි
පලා දෑස් කවුළු පියන්
ප්‍රේමයමද මේ රිදුම් දෙන්නේ
හිතේ අහු මුළු වල තැවෙන....

ඇසේ කඳුළට වඩා
හිතේ කඳුළට තෙමෙන හිත
රිදෙන විට හිත විසි කරන්නද
අකලකට වහිනා වැස්සකට...

රිදුම් දෙන්නෙ ප්‍රේමයමද
නුඹ අතින් මඟැරුණ
තනි වෙච්ච දා ඉඳන්
නුඹ නැතිව නුඹ එක්ක...


හුදෙකලාව...


අහස පුරාම තරු පායලා තියෙද්දි තමා ලස්සන..එක එක රටා මැවෙනවා..සමහර වෙලාවට චලනය වෙන තරු..දීප්තිමත් තරු...ඒ තරු අස්සෙ තනි වෙන එකත් පුදුම හැඟිමක්...ඒත් පැහැදිලිම නිල් අහසේ තනියෙන් පායලා තියෙන තරුවක මහා ලොකු දේවල් තියෙනවා...තනි තරු එක්ක ගණුදෙනව හරි සුන්දරයි...ඒ තරුව වගේ මොහොතක් තනි වෙන්න තියෙනවා නම් ඇත්තටම කැමති.....තනි වුණාම තියෙන්නෙ සුන්දරකමක්..කලබලකාරි පරිසරයෙන් මොහොතක් මිදිලා...හැඟිම් එක්ක ගණුදෙනුව සුනදරව කරන්න පුළුවන් අපූරුවට..එහාට මෙහාට කරලා හරවලා හැඩ බලන්න පුළුවන්..අඩු වැඩිය හදා ගන්න පුළුවන්....හුදෙකලාව සුන්දර මිනිස්සු බිහි කරනවා..හරියට අහස වගේ....හුදෙකලා මිනිස්සු ලොකේට දෙන්නෙ සුන්දරම දේවල්....

තනි තරුවේ ..ඔබත් ඔතම ඔහොම ඉන්න..මමත් මෙතන මෙහෙම ඉන්නවා....

නුඹ..


ජීවිතේ මේ තරම් මිහිරිද
නුඹ නමට සෙනෙහින් පිරු
දුරක උනත් හිත ලඟම නුඹ
මගේ තනි හිත රකින දා

හිමිකමක අරුතක් නැතත්
නුඹේ හිත මට හෑමදා
සතුට මිස මට දුකක් කොයිවෙද
මගේ හිත නුඹ රකින දා...

නුඹේ නමට කවිකම් කරන්නට
නැතිය වත්කම් හිත පුරා
රකින්නම් මම නුඹ දුන්න හිත
මියෙන තුරු මගේ හද පුරා...


Thursday, March 30, 2017

තනි ගමන් තනියම...


හිත රිදෙනා තරමට
අඬන්න අවසර නැති කලක
ඉතිං මොටදැයි කඳුළු
ඇසේ කඳුළුට වඩා
හිතේ කඳුළු බර වැඩි
ආයෙමත් කියන්නැ....
ඉඳ හිටක වෙලාවක
තනියෙමත් හිනාවෙන
උණුසුමට ලංවෙන්න
නුඹ ලඟට ආවාම
හූල්ලා නුඹ හැරෙද්දි වෙනතකට
පපුව කඩන් වැටෙන වග
ආයෙමත් කියන් නැ....
එදා නුඹ හිත ඉඩක් නෑරම
මට දුන්න
අහුරලා වග දැනුනාම
නෝක්කාඩු වලින් කිම
තැවි තැවි පිච්චෙන තරම
දන්නෙම මං තමයි...
ජීවිතේ අවසන් මොහොත
නුඹෙ පපුවට  වාරුවෙන්
ගත වෙන්න
පතපු හැම පැතුමම
සුන් වෙලා
ඉතිං තරහක් නැ
ආදරේ එහෙමමයි
ඉතිං මං නැතිවාට
තනියකුත් නැ නේද
හිත දරන් දුක් කන්ද
යන්න අවසරද මට
නොඑනා ගමනට ඉතිං...


මං නැතිව...


නුඹට මා
මඟෑරෙන දිනෙක
දැනේවි
මඟැරුනෙ
මා නොව
නුඹට නුඹම වග
නැති වග ....


නැවතුම

ඉස්සර දවස් කීයක් නම් ගෙවුනද
අපිට විතරක්ම වෙන් වුන..
අපිට අපි නැතිව බැරි වුන
සවස් කියක් ගෙවුනද ..
එකම හිනාවක් නැතිව
කට හඬ පවා නෑසෙන මොහොත
කොයි තරම් අසීරුද මඟ අරින්නම
බැරි වුන
හමු වුනායින් පසුව
ලෝකයම අමතක වෙන
හුස්මක හඬ පවා ඇසුන
ඇස් වලින් කතා කල ඒ දවස්
ජීවිතේ සතුටුම දවස් ...එහෙමයි නේද
අත් පටලන් ඔහේ මඟක හසරක් නොදැන
කොයි තරම් ඇවිද්දද නුවර වැව රවුමෙම...
හති වැ⁣⁣ටෙද්දි අපිට ටිකක් මඟ නතර වි
ආයෙමත් යන්න යද්දි නුඹ එක්ක
නැවතෙන්න විරාමයක් එයි කියා මේ වගේ
හිතුනේම නැ නේද දෙන්නටම...

~~

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...