Friday, April 21, 2017

මේ ආදරේමැයි....

බලන් හිදිමම වදයක්
අවදි වුණ වෙලාවේ ඉඳලා
රෑ නින්දට යනකල්ම
ආදරේ නිසාම
හිතට වද දිදි ..පාරමින්
හරියට තුවාලයක් පහුරු ගානවා වගේ
ඉතින් එකවරක් ඇහුණම කට හඬ
හිතේ තුවාල සනීප වෙනවා
ඉතිං ඒක මෝඩකමක්
ආයේමත් බලාගෙන ඉන්න
එහාට මෙහාට වැනි වැනි
ඉතිං ඒ ආදරේමද
කාර්ය බහුල ජීවිතේට යටපත් වෙන
හිතේ මහ තදින් රැක බලා ගන්න
ගිලිහේවි යැයි බයෙන්
කවුරුත්ම හිතාවිද මහ මෝඩියක්
ඔය තරම් බලාගෙන ඉදිමම
ඉතිං මට වැඩක් නෑ කාගේවත් වගක්
ආදරේ මගෙ නමි
හිතෙන් අතැරෙන්නැති...



පාළුද මම නැතිව...?


මම නැතිව පාළුදැයි
මම නුඹෙන් අහන් නෑ
නුඹ නැතිව මගෙ තනිය
මකන කෙනෙකුත් නෑ...

ජීවිතේ කටුක වග
ඇසේ තෙත කියනවා
හිතේ ඈතක තියන්
මම නුඹව රකිනවා...


එකම අහසක..


එකම අහස පායනා
එකම අහසක හැංගෙනා
ඉර හඳට උපමා නැති
නුඹෙ නමට මම දුන්න පෙම මෙන්
පෙමක් ලොව කිසි තැනකත් නැති...

සඳට බෑ දිලිහි රඟන්නට
ඉරේ එළියක් නොමැති නම්
නුඹ නැතිව බෑ මටත් ඉන්නට
දිවිය දුන්නෙ නුඹ නිසා...

දමා අතහැර යන්න නම් රිසි
නවතන්න බෑ මං තනි වුනත්
යන්න යන්නම නැවති හිඳින්නම්
තරහා නෑ මම කිසිම දවසක..


සඳ මැණික.....

ඉස්සර පුරුද්දට මැණික මම
නුඹ ලඟම නැවතුනේ
පතාගෙන ආ ලෙසම..
නුඹේ ලෙංගතු සුවඳ
මම ආදරෙන් තුරුලට ගත්තු
පපුව මැද්දෙ හැමදාම
තිවුනා මයේ සඳ මැණික...
මහ සුර සැප නැතත්
රස මසවුලු නැතත්
නුඹ ආදරෙන් මට කැවු හෑම බත් කටකම
තිබුණෙ සෙනෙහසම විතරයි
හදවතක් පුරවාපු..
මහ කටුක ජීවිතේ
මොහොතකට සුව දුන්නෙ
සඳ මැණික නුඹෙ හෙවණෙමයි..
කිසිම කිලිටක් නැති
නුඹෙ ඒ හිනා ලඟ මම ආයෙත් වරක්
ඉපදුනා සඳ මැණික...
නුඹෙ ආදර ගුණ ගාව
හිත නිව්න හැමදම
මගේ හුස්මත් නැවතුනා සඳ මැණික....
නිකමට කිවාම අපි එකට මැරෙමු පන
නුඹ කඳුළු හංගාපු මේ මහා පොලවටම
අපිත් වැලලුනා මැණික....
ඉපදුනොත් ආයෙමත්
නවතින්න මේ ඇස් ගාව
හුරු පුරුදු බැලිමෙන්ම හිඳින්නම්
නුඹ ගාව....



ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...