සඳ මැණික.....
ඉස්සර පුරුද්දට මැණික මම
නුඹ ලඟම නැවතුනේ
පතාගෙන ආ ලෙසම..
නුඹේ ලෙංගතු සුවඳ
මම ආදරෙන් තුරුලට ගත්තු
පපුව මැද්දෙ හැමදාම
තිවුනා මයේ සඳ මැණික...
මහ සුර සැප නැතත්
රස මසවුලු නැතත්
නුඹ ආදරෙන් මට කැවු හෑම බත් කටකම
තිබුණෙ සෙනෙහසම විතරයි
හදවතක් පුරවාපු..
මහ කටුක ජීවිතේ
මොහොතකට සුව දුන්නෙ
සඳ මැණික නුඹෙ හෙවණෙමයි..
කිසිම කිලිටක් නැති
නුඹෙ ඒ හිනා ලඟ මම ආයෙත් වරක්
ඉපදුනා සඳ මැණික...
නුඹෙ ආදර ගුණ ගාව
හිත නිව්න හැමදම
මගේ හුස්මත් නැවතුනා සඳ මැණික....
නිකමට කිවාම අපි එකට මැරෙමු පන
නුඹ කඳුළු හංගාපු මේ මහා පොලවටම
අපිත් වැලලුනා මැණික....
ඉපදුනොත් ආයෙමත්
නවතින්න මේ ඇස් ගාව
හුරු පුරුදු බැලිමෙන්ම හිඳින්නම්
නුඹ ගාව....

No comments:
Post a Comment