Wednesday, December 19, 2018

#සේපාලිකා

අපේ ජීවිත වලට ලැ⁣බෙන නොලැබෙන දේවල් හරි වෙනස්...සමහර දේවල් අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් ...සමහර නොලැබෙන දේවල් හරි කටුකයි..සමහර දේවල් අපි ආදරේම කරන දේවල්..ඒත් ඒ දේවල් අපිට නැති ⁣වෙනවා ඒකත් අපි නොහිත වෙලාවක....ඒත් ඒ වෙනුවට දේවල් අපිට ආපිට ලැබෙනවා ....අපි කැමති වුනත් නැතත් අපි ඒවා බාර ගන්න ඕන.....ඒකයි දෛවය....මේකත් එහෙම කතාවක්..

========================
                                           ===================

සේපාලිකා කියන්නේ මම ආසම මලක්..රෑට පිපිලා පාන්දර වෙද්දි බිමට වැටෙනවා...ඊට පස්සේ පරිස්සමින් ඇහිද ගෙන සුවඳවත් රැවින් සපිරි සේපාලිකා මල් බුදුන්ට පූජා කරනවා....සමහර වෙලාවට සමහර අය සේපාලිකා මලට විවිධ අර්ථ කථන දේවි...ඒ තමුන්ට දැනෙන විදිහට...මම ආසයි පාරිශුද්ධ කියන නම දෙන්න සේපාලිකා මලට...

මම අැයට දෙන නමත් #සේපාලිකා....ඒක එයාට ගැලපෙනම නම..මට එයාව මුණ ගැහෙන්නේ බස් එකෙදි....සේපාලිකා බස් එකට නැග්ගේ මාස පහක විතර මලක් වගේ ලස්සන දූ පැටියෙක් වඩා ගෙන..එයා මගේ ලඟින් ඉඳ ගත්තේ ලස්සනට හිනා වෙලා..

එයා හරි පරිස්සමට දූ පැටියාව තුරුල් කරන්...අම්මලා එහෙමනේ ඉතිං....මම හිනා වෙලා එයා දිහා බැලුවා එයත් පිලිතුරු හිනාවක් දුන්නා...

"දුව ඔයා වගේ"

එයා අහිංසක විදිහට හිනා වුණා...

⁣"ගොඩක් අය එහෙම කියනවා....ඇත්ත වෙන්න අැති"

එ් මූණ පුරාම මට පෙනුනේ අහිංසකමක් විතරමයි...කම්මැලි හංදා මට චුට්ටක් එයාට කතා කරන්න හිතුනා...

"දූත් එක්ක කොහෙද ගියේ"

එහෙම ඇහුවම එක පාරට එයා මගේ දිහා දිහා බලපු විදිහට මම බය වුණා මට බනි කියලා..

"අනේ සමාවෙන්න...මම මට අදාල නැති ප්‍රශ්නයක් ඇහුවේ"

"අනෙ නැහැ...මම අපෙ අම්මාලාගේ දිහා ගියා"

"අහ්..තනියම"

"ඔව් එයා වැඩට ගියා උදේ මාව අම්මලාගේ ගෙදරින් දාලා"

"එයා එන වෙලාව අල්ලලා මම මේ යනව"

"අනේ...ෂෝක්..මමත් දුව ගන්න ක්ලාස් එකට යන ගමන්" ..මොකද්ද චූටි දුවගේ නම...

"මන්දාකිණි"

"ලස්සන නමක්...මන්දාකිණි"

"එයත් අහස වගේ..ලස්සනයි"

"මෙයා ඉතිං මගේ පන"

එහෙම කියලා සේපාලිකාව චූටියාව ඉඹිනවා....පරිස්සමට ..

"අම්මලාට ඉතිං දරුවෝ මුළු ලෝකෙමනේ"

"ලැබුණ දවසේ ඉඳලා..මටත් එහෙමයි"

එහෙම කීවම එයා හෙමින් බිම බලා ගත්තා...

"මට හතර පාරක් දරුවෝ ලැබෙන්න ගිහින් නැති වුණා....අන්තිම පාර දොස්තරලා කීවා ආයිත් මට බෑ කියලා දරුවෙක් හදන්න...හැම තැනම ගියා අපි..හරි ගියේ නැ....මම නින්දා අපහාස ගොඩක් වින්ඳා"

ඇස් වල කඳුළු පුරවගෙන එහෙම කියද්දි හරි අමාරුයි දරා ගන්න...

"එතකොට මෙයා"

එයා චූටි පැටියා දිහා බලලා දිගම දිග හුස්මක් ගත්තා..

"මෙයාව හදා ගන්න ගත්තා...දුප්පත් අම්මා කෙනෙක්ගෙන්"

මම ටිකක් වෙලා ඔහේ බලන් හිටියා..

"නීත්‍යානුකූලවද"

"ඔව් කීව විදිහට හැමදේම කලා"

"ඔයාට අමුත්තක් නැද්ද..?මෙයා ඔයාගේ නෙමේ කියලා"

"අනේ මට කිරි එරුනේ නැති එක විතරයි....මේ මට අහිමි වුණ එක දරුවෙක් වෙන්න ඇති ...ආපහු මා ලඟටම ආවේ.....මෙයා ලොකු වුණාම වෙනස් වෙයිද....අපිව නොසලකා හරිද කියලා මට හිතෙන් නෑ...මම මටවත් ඉතිරි කර ගන්නේ නැතිව මෙයාට සේරම ආදරේ දෙනවා..අපිට ජීවිතේ දුන්නේ මෙයා..අපේ හැමදේම මෙයා"

ආදරේ ඇස් දෙකේ පුරෝගෙන එයා කියවනවා...ඇත්තටම ගැහැණියක් කියන්නේ පුදුම නිර්මාණයක් ......හිතා ගන්නවත් බැරි තරම්...තමුන්ගේ කුසින් බිහි නොකලාට අඩුවක් නැතිව හදා ගන්න දරුවාට දෙන ආදරේ ....එහෙම කරන්න පුළුවන්ද හිතෙන තරමට පුදුම ආදරයක්..

මට "නෙල්සන් වාස්ගේ" සිංදුවක් මතක් වුණා..

වදනා අම්මලාද
හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ.....

ඒත් මම පුදුම වෙන් නැ..කීප දෙනෙක් ඇරුණාම ලංකාවේ ගැහැණු හරිම මානුෂියයි ...

මට කියන්න ඉතිරි වු⁣ණේ..

"අනේ ඔයා හරිම හොඳයි"

කියලා විතරමයි...මට ඇඬුණා...

===========================
                                            ==================

ඊට  අවුරුදු එකහමාරකට විතර පස්සේ මම බස් එකට නැගලා ඉඳ ගන්න යද්දි මම දැක්කා හුරු පුරුදු මූණක්...හඳක් වගේ ලස්සන චුටි දුවෙක් එක්ක....අනේ මට මතක් වුණා..එයත් මා දිහා බලන් හිටියා...අපි එකටම හිනා වුණා...

"මතකද මාව..අනේ මැණික දැන් ටිකක් ලොකුයි"

"ඔව්..මගේ පන මේ"..

"දන්නවද වැඩක්...මම අායෙත් අම්මා කෙනෙක් වෙන්න යනවා..දැන් මාස හතරක්...මෙයා තමා ඒ වාසනාව ගෙනාවේ...කවුරු ආවත් මගේ මැණිකගේ වටිනානම එහෙමමයි..මගේ ලොකු දුව"

එදා වගේම ආයෙමත් මට ඇඬෙනවා....සතුටට...සතුටට වැඩිකමට..

ඇත්තමයි ඇය සේපාලිකා මලක්මැයි.... පුංචි දූ පැටියා අහසක්මැයි...සුන්දරයි....❣️❣️

ප.ලි..ගැහැණියක් කියන්නෙම දරාගෙන දරා ගැනිමක්මයි....හරියටම අහසයි පොලවයි වගේම...මම ලංකාවේ ගැහැණුන්ට ආදරේම ඒකයි....ඒ වගේ අය ලොවෙත් නෑ...

#ආදරණීය_මල්❣️❣️


Saturday, December 8, 2018


අපි දෙන්නා..


ඔබට ඇහෙනවද මගේ හදවත ගැහෙන හඬ. .
ඒ හදවත ගැහෙන්නෙම ඔබේ නමටයි
ඔව් මේ දෝංකාර දෙන්නේ ඒ හදවතේ හඬමයි
සොඳුරිය ඔබ මගේමැයි
පායා එන්න සොඳුරිය මගේ හිත් අහසට...
===============

හමන හැම සුලඟකම පාවි එන්නේ හිතවත ඔබේ හුස්මක සුවඳමයි
අපි අපේම වග අපිට දැනෙන හොරවන්
මේ ගෙවි යන්නේ

=============

අද විතරක් නෙමේ පෙර ආත්ම වලත්
ඔබ මගේම වෙලා ඉන්න ඇති
මේ අහස..මේ පොළව සාක්කි කියාවි
⁣මේ ගහ කොල පවා
සොඳුරිය මේ අහන්න
ජීවිතේ තියෙන තුරාවට මගෙන් නොමිදුන මැනවි
සැනින් මේ හුස්ම නවතිවි
මේ නිල් අහසේ තරුවක් තරුවක් ගානේ
ලියා තියමු අපේ කතාව
ඔබ මගේමයි..

==================

හදවත කැටපත් පවුරක් නම් මා එහි ලියා තබමි
ඔබේ නම කිසි දිනෙක නොමැකෙන ඇති
මම ඔබේ විතරමයි හිතවත..දිවුරමි

ඔබ හමු වුණ දා සිටම
මගේ නින්ද අහිමි වූ බව දනිමි
ඇහි පියන් යට ඔබ සැරි සරන බැව් දනිමි
ඔබේ උණුසුම්  පපුව මත හිස තියා නිවෙමි
ලොව් තුරා නිවන එහි ඇති බැව් හඟිමි

ඔබේ තුරුලේම මිය යන්න
ඉඩ දෙනු මැනවි හිතවත
කිසිදාක හැර නොයන්න
මගේ හැම හුස්මකම ඔබව රඳවමි
ලෝකය කොයි හැටි නපුරු වුණත්
මගේ හිමිකම් ඔබටමයි හිතවත

======================

සොඳුරිය ඔබේ දෙඇස් ලඟ නිවෙමි සැනසෙමි
ඔබේ ආදරණීය බැල්මෙන් මා සනසන්න

================
මලක් වි ඔබේ දෙනෙත් ලඟ නවතිමි
කිසි දිනෙක පරවි නොයමි
දිවි ඇති තුරාවට සැනසීම ඔබම පමණකි..

#ආදරණීය_මල්

ප.ලි...මේ සිංදුව ඇහෙන කොට මට මේ වගේමයි හිතෙන්නේ.....සිංදුවේ අර්ථය අහලකවක් නැත...




හිමි වීමම ආදරේ
විතරක්ම නොවෙන්නත් ඇති
මගේ හැම කවියකම
නුඹ හිනැහෙන කොට
හිමි වීමම ඒකත් වෙන්න ඇති
සංසාර පුරුද්දට ...

ආදරණීය මල්

Friday, December 7, 2018


සමහර පුරුදු තියෙනවා මොනවා කරලත් නැති කර ගන්න බැරි....සමහර පුරුදු නැති කර ගත්තත් සමහර පුරුදු නම් නැති කර ගන්න තියා හිතන්නවත් බැ...ඒවා පුදුම ඇබ්බැහියක් ....හැබැයි එ්කෙන් කාටවත් කරදරයක් වෙන් නැත්නම් ප්‍රශ්ණෙකුත් නෑනේ....

රෑ කීයට නිදා ගන්න ගියත් කවි පොතයි පෑනයි අනිවාර්යයෙන්ම ඉහ ඉද්දර තියෙන්න ඕන...ඒක නැති වුණාම දැනෙන්නේ මහ මූසල හැඟිමක්....ඉස්සරම මේ කවි පොත හංදා හිත  රිදුන අවස්ථාත් අඬපු අවස්ථාත් එමටයි...කොට්ටේ අස්සේ පොත හංගන් ඉඳිම මහත් අපරාදයක් සේ හිතා මං නැති වෙලාවක පොත් බිමට විසි කර තිබිමත් ජීවිතේ නැති කර ගැනීමට එයම තරම් කාරණාවක් බව මට දැණුන අවස්ථා වල ජංගය නිහඬ කොට මැරෙනවාමැයි හිතා එළියට බැස්ස අවස්ථා ද නැතිවම නෙමේ...ඊට පස්සේ තහනම් නියෝග සියල්ල  බල්ලට දාලා "කැමති විදිහට ඉඳපම්" යැයි කියා මට පාඩුවේ හිඳින්නට අවසර දුන්නාය...

ඒක එහෙම වෙද්දි එදා ඉඳලාම තියෙන සිංදු පිස්සුව...ඉස්සර කොළඹ ඉඳලා වැඩ ඇරිලා සිකුරාදා හවස ගෙදර ගියහම රෑට නිදා ගන්න යද්දි කැසට් යන්ත්‍රය කාමරේට අරන් යනවා...ඊට පස්සේ නින්ද යනකල් සිංදු අහන්නවා....මහ රෑ..කළුවරේ ජනෙල් කර්ට්න් එක මෙහාට කරලා අහස දිහා බලන් ඉන්න පුදුම ආසයි..තරු දිහා බලන් ඉන්න ආසයි..අර සිංදු ටික හෙමිහිට ඇහෙද්දිම.....හැම තිස්සෙම ලව් සිංදු අහනවා කියලා අප්පච්චි හින්ට් ගැහුවට මම නොසැලි හිටියේ අප්පච්චි මාව හොඳට අඳුනන හංදා....අප්පච්චිත් ඉස්සර සිංදු වලට ආසයිනේ..මට මතකයි...

දුක හිතුනාම...සතුටක් දැණුනාම....නිදහසේ ඉන්න වෙලාවට..උයද්දි සිංදු අහන්න ඕන....උයද්දි සිංදු අහන එක වෙනම සතුටක්...වැඩ කරන ගමන්..ආස සිංදුවක් නම් මතක තියාගෙන ඉඳලා පස්සේ සිංදු ගොඩට දා ගන්නවා ඒකත්..

නිදිය ගන්න ගියාම තමා සිංදු අහන්න ආසම..earphones දාන් ආසම සිංදුවක් අහන්න තියේ නම් 💗💗💗ඊටත් වඩා ආසම කරන ආදරේම කරන කට හඬකින් ලඟම ඉන්නවා වගේ හිතෙන හැඟිමෙන් අහන්න තියෙනවා නම් ඒකත් වෙනමම හැඟිමක්....ඒ හැඟිමට වෙන් කරන්න වචන නෑ...ආදරේම මිස..

#ආදරණීය_මල්

Saturday, November 10, 2018

සමහර වෙලාවට ලාම ලා අඳුරක ඉන්න මම ආසයි...තනියම..ඔහේ සිතිවිලි වලට යන්න අරින්න ඕනම තැනකට සීමා මායිම් නැතිව..ඉමක් කොනක් නැතිව සිතිවිලි විසුරවන්න ආසයි...ඒක හුදෙකලාවක්....හීතලම දැනෙන වැස්ස වෙලාවක එහෙම ඉන්න එක හරිම නිදහස් හැඟිමක්...

මං වැඩියෙන්ම ආස තැනකට ආදරේම කරන තැනකට මගේ හිත හෙමින් ගිහින් තියන්න...වරුවක් වුණත් ඒ හැඟිම් එක්ක ඉන්න...හිතට හරි නිදහසක් දැනෙනවා.....

අර ඉහලම නිල් අහසේ රවුමක් ගිහින් එන්න...කුරුල්ලෙක් වගේ...ආස නැද්ද එහෙම...???

ඒ මොහොත විඳින්න ඕන....හිත හීතලම වෙන හැඟිම් විඳ ගන්න....හිතින් දොඩමලු වෙන්න....ටක්..ටක් හඬින් වැටෙන වැස්සේ සද්දේ විතරක්ම අහන් ඉන්න...මට මේ ලෝකේ වැඩියෙන්ම පහසු උර හිසට හිතින් හේත්තු වෙලා ඉන්න....උණුසුම් කෝපි කෝප්පයක් තිබුණා නම් ඒ සිතිවිලි තවත් නැවුම් වෙනවා....ඇස් දෙක පියාගෙන ඒ දුර ගමන යන්න පුළුවන් .....නිදහසේ..සැහැල්ලුවෙන් ...

#ආදරණීය_මල්


කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ

අහුඹුම තැනකදි මුණ ගැහිලා අන්තීමට මෙන්න මෙහෙම අහන්න වෙයි කියලා හිතුනා නම් මම කවදාවත් ඔයා ලඟ නතර වෙන් නැ....නමක් නැති හිත් වල විතරක්ම තියෙන ආදරේ හරි සුන්දර වුණාට ඒක හරි පස්සේ කාලෙක වෙන් වෙලා යන්න වුණාම දරන්න බැරි තරම් දුකක්.....

"දෙතොල් සලා මුදු සිනහ නගනවා
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නේ
හදවත් ගැහෙනා රිද්මය අතරේ
හිතින් ගතින් එක් තැන් වී ඉන්නෙම්"

ජීවිතේ එක කඩ ඉමකදි මට ඔයාව අහම්බෙන් මුණ ගැහෙද්දි මම හිතන්නේ මම පුදුම විදිහට සතුටු වුණා....ඒත් පුංචි බයක් හිතේ හංගන් හිටියා..මොකද පුංචිම දේවල් වලින් ගොඩක් ස හිත රිදව ගත්තට පස්සේ හදා ගන්න අමාරු හංදා....කිසිම කොන්දේසියක් නැතිව අපේ කතන්දරේ ලිය වෙද්ද....මම එක දෙයක් දන්නවා මගේ හිත නිවෙන තැනක් ඇත්නම් ඒ ඔයා ලඟම තමා කියලා...ඔයාගේ ඇස් දෙක ලඟ කියලා.....පුංචි පුංචි දේවල් වලින් හිත රිදුනත් ඒ රිදෙන්නම රිදෙන්න ඕන තැන් කියලා හිත හදා ගෙන මට ඔයා දීපු ආදරේ එක්ක ජීවත් වෙන්නත් පුළුවන් .....

"ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හිමි පැරදුම හමුවේ
නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු"

හමු වීමක් නම් වෙන් වීම ඉබේ ලියවෙන තැනක අපේ හිත් අනන්ත රිදවෙන්න පුළුවන් ...ඒවා දරා ගන්නත් අපිට හයිය තියෙන්න ඕන....ජයත් පැරදුමත් සම සිතින් දරා ගෙන..ඒත් කිසිම පසු තැවීමක් හිත් වල තියා ගන්න හොඳ නෑ...අපේ හිත් වල ආදරයක් කියලා එකක් තිබුණා නම් ඉවසා දරාගෙන වෙන් වෙන තැනදි ඒත් මට අඬන්න එපා කියලා නම් කියන්න එපා..එකමෙක ඉසිඹුවක් මට ඉඩක් හදන්න ඔය උරහිසේ ඉස්සර වගේම ගිමන් හරින්න....

#ආදරණීය_මල්

Sunday, June 24, 2018

ගමන් මඟක් තිබුණා ද...?

හිතා මතා නොවුණත් අපි මුණ ගැහිලා....ඒක සතුටක් කියලා අපි දෙන්නම දන්නවා...ඒත් ආපු දුරත් එක්ක විඩාවක් දැනෙනවා.....සමු ගන්න බැරි බැඳිම් ලඟ හිත නතර වෙන එක දුකක්ද කියලා මට තාමත් හරි හැටි අවබෝධයක් නැ..ඒ තාම අපි අපිට ඉන්න නිසා....ලඟක නැතත්  මගේ හිත පුරවාවට ඔයා ඉන්නවා....

ගමන් මඟක් තිබුණා ද මේ ප්‍රේම චාරිකාවේ
ගිමන් හලක් හමු විද මේ ප්‍රේම චාරිකාවේ ...

ජීවිතේ කිසිම දෙයක් ස්තීරවම අපි ලඟ රැදෙන් නැ කියලා මම දන්නවා..ඉර හඳ දිවුරලා දෙන පොරොන්දු ලඟ සමහර වෙලාවට අපි අසරණ වෙනවා...නොයෙකුත් නොගැලපීම් එක්ක සමහර බැඳීම් වලින් අපිට සමු ගන්න සිද්ධ  වෙනවා...කොයි තරම් ආදරෙන් උන්නත්....ඒත් ආදරේ කියන්නේ හිමි වීමම නෙමේ.....අාදරය කියන්නේ කැප කිරිමක්...කොටින්ම නිදහස් කිරිමක්....දුකින් වුණත් එකමෙක ප්‍රශ්ණ කිරිමක්වත් නැතිව යන්න දෙන්නත් පුළුවන් වෙන්න ඕන....ඒකට මම අමාරුවෙන් වුණත් හිත හදාගෙන ඉන්න බව ඔයා දන්නවා...


නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ....


යන්නේ කොහෙද නැවතුමක් කොහෙද කියලා හරියටම දන් නැතිව බලන්න අපි ඇවිත් තියෙන දුරක තරම....මුලා වුණා කියලා හිතන්න ලෝබකමක් තියෙනවා.....කිසිම පොරොන්දුවක්...සපත කිරිමක්..සැකයක් නැතිව මේ තරම් දුරක් ආව අපි දෙන්නා කොයි තරම් නම් ආදරේද කියලා තේරෙන්න ගත්තේ වෙන් වෙන්න ඕනයි කියලා ඉඟි ලැබෙන කොටද...එකට එකතු හිනා වෙලා පිස්සුවෙන් වගේ හිටපු  ඒ දවස් අමතක කරන්න තරම් අකාරුණික වෙලා නෑ අපි දෙන්නම...

ගමන් මඟක් විසා බලන්නට
කෙනෙක් නොමැත නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ
විරහා පෙම් මාවතේ....

අපි කිසිම කෙනෙක්ගෙන් පාර ඇහුවේ නෑ තමා..අපි දෙන්නා ඔහේ ඇවිදගෙන ගියා...ඉමක් කොනක් පේන් නැති පාළු මාවත් වල....ආපහු හැරෙන්න ඕන කමක් නැති වුණත් එක තැනකදි අපි දෙන්නටම නතර වෙන්න වෙන බව අපි දැනන් හිටියා...අපි කාටවත් දොස් නොකියා බලන් හිටියා..ඒ සමු ගන්න ලෝබකමට....ඒත් මේක තමයි වෙලාව..මේක තමයි තැන දොසක් නොපරවා සමු ගන්න....හැම දුකක්ම හිතේ තද කරන්...එක දෙයක්...සමු අරන් යද්දි මම ආපහු හැරිලා බලන් නැ.....මම දන්නවා මට යන්න බැරි වෙයි ඔයාව දාලා.....

හැමදාම ඔයා ඉඳිිවි මගේ හිතේ හොඳම තැන පරිස්සමට ....






ආදරණීය මල්  ......



Monday, June 18, 2018

බස් කතා බස්



චූටිව පංති දාලා ලංගමේකට නැග්ගා...ඉන්න බෑ නිදිමත...ඇස් පියා ගත්තොත් ඉවර නිසා යාන්තමට ඔළුව චුට්ටක් තියා ගත්තා ජනේලට....දන්නෙම නැතිව ඇස් පිය වෙද්දි
සද්දයක් ආව නිසා මමත් ඉතිං ඔළුව ගසලා ඒම වට පිට බැලුවා...මේක හිස්ම හිස් බස් එකක්..පිනුම් ගහන්න වුණත් අවුලක් නැ...

මට ඉස්සරහින් සීට් එකේ ඉන්න වයස අම්මා කෙනෙක් එහා පැත්තේ සීට් එකේ ගෑණු කෙනාට සද්දෙට බනිනවා...

බැලින්නම් අර ගෑණු කෙනාට අර අම්මාගේ කකුළ පෑගිලා....බුදාම්මෝ සොරි කියන්න කියන්න බනිනවා....පස්සේ අර ගෑණු කෙනාත් බනිනවා..දෙන්නම බැන ගන්නවා...

කොන්දොස්තර උන්නැහේ අර ගෑණු කෙනාට කිවා කීවා මොකුත් නොකියා ඉන්න කියලා..

අර අම්මා බනිනවා ඉවරයක් නැ...අර ගෑණු කෙනා කියනවා..

"සල්ලි ඕනද බෙහෙත් දා ගන්න"

"අනේ උඹේ සල්ලි"

😱😱😱

"එහෙනම් යමු බෙහෙත් දාන්න"

අනේ මගේ කට..මම කියන් නෑ උඹට"

සිද්ධිය  දුර යන නිසා මමත් අතින් සන් කරලා කිවා අර ගෑණු කෙනාට කට පියන් ඉන්න කියලා...

හප්පේ අර අම්මා බනිනවා...ටිකකින් විනෝද වටය වගේ ...සේරම හිනා වෙනවා අර අම්මාගේ කතා වලට...

මම බහින්න ලඟ නිසා ටිකක් එහාට ගියා..ආයි බනිනවා අර මනුස්සයාට..මම අහක බලන් හිනා වුණේ මගේ දත් ටික බඩට යවයි කියන බයටමයි...

"හහ් මෙිකි වැරැද්ද කරලා තව කට ගහනවා...අම්මේ මගේ කකුල...උඹ සමාවෙන්න කිවේ නැ..ඔව් කිවේ නැ සමාවෙන්න කියලා.."

මලාහ්....ඇයි අර සමා වෙන්න කිවේ...

මම බස් එකෙන් බැහැලා දස අතේ කල්පනා කලා..ඇයි අර ගෑණු කෙනා කිවේ දහ පාරක් විතර...සොරි කියලා...

සන්තෝ...පස්සේ මතක් වුණේ ටක්කෙටම අර අම්මට තෙරුන්නැ "සොරි" කියපු එක..එහෙමයි කියලා බස් එකේ ඉංග්‍රීසි පංති දාලා ගුටි කන්න යැ...😬😬

මම ආවා එන්න...

මීට පස්සේ කාගේ කකුළක් ඒම පෑගුනාට මම නම් "සොරි" කියන්නැ...."සමාවෙන්න" හොඳා..අර ආකාර බැනුම් වලට වඩා....

හප්පේ වයසට ගියාම යන තරහා 😱😱😱

ඇත්ත කතා ඇ....

මල්....

Thursday, June 7, 2018

නමක් නැති කතාවක්....



අම්මාගේ මල ගෙදර එන අය හිතනවා ඇති මං හරිම හිතක් පපුවක් නැති එකියක් කියලා....ඒ මගේ ඇහින් කඳුළක් වැටෙනවා තියා එක ඉකියක්වත් වැටෙන් නැති හංදා..

දොරකඩ හිටගෙන කාගෙවත් මූණක් බලන්නේවත් නැතිව ඉද්දි..

"මේකි නම් අමරාගේ කුසින් ඉපිදුන එකියක් වෙන්න බෑ"

හෙමින් කීවත් උන් දන් නැ මට ඒවා ඇහෙනවා කියලා...ඕන එකක් කියන්න ඇරලා මම නෑහුණා වගේ ඉන්නවා...

අම්මාව තනියෙන් සොහොනේ තියලා ගෙදර එද්දි මම දරාගෙන හිටියේ පුදුම අමාරුවකින්...පුංචි හීතලකවත් දරා ගන්න බැරි මගේ අම්මා...අර පොලවෙ යටම පස් වල හීතල කොහොම දරා ගනිද කියලා හිතද්දි මටත් පනින්න හිතුනේම ඒ වලටම අම්මාට තුරුල් වෙලා නිදා ගන්න..

**********************************

අම්මාගේ දිලිසෙන නිල් පාට ඇස් දෙක මට තිස්සෙම මතක් වෙනවා...අම්මා හරි ලස්සනයි ...ඒ ලස්සනවත් ..ඒ පාටවත් මට කොහොමත්ම තිබ්බේ නැ...

උප්පැන්නේ තාත්තාගේ නම තිබ්බේ නැති වුණාට මම කවදාවත් අම්මාගෙන් ඇහුවේ නැ මගේ තාත්තා කෝ කව්ද කියලා

එහෙම අහලා මං නිසා මේ සා විශාල දුක් කන්දක් විඳින අම්මාගේ හිත පාරන්න ඕන වුනෙත් නැ මට තාත්තා කව්ද කියලා දැන ගන්න උවමනාව මගේ හිතේ තිබ්බට...

අම්මා ලඟින් අවේ හරිම අමුතු සුවඳක්...මම හිතන්නේ මම හුස්ම ගත්තේ ඒ සුවඳින්මයි...උදේ පාන්දර නැගිටලා තියෙන දෙයක් තම්බලා තියලා මම නිදන් හිටියොත් මගේ නලල ඉඹලා අම්මා යනවා....ඒ යන්නේ රබර් වත්තේ කිරි කපන්න...

ඉස්කෝලේ ඇරිලා මමත් යනවා ඔට්ටුපාල එකතු කරන්න...මමත් පුරුදු  වුණා කිරි කපන්න....අම්මා ඒවා කියලා දුන්නේ මට බැන බැන..

" මේවා උඔට බෑ බං කෙල්ලේ....උඹේ අත මේවට හුරු නෑ...අනික උඹ මේ රස්සාව කරන්න ඕන නැ...උඹ හොඳට ඉගෙන ගනින්"

පුළුවන් වුණ හැම දවසකම මම ගියා අම්මා එක්ක කිරි කපන්න...එකක් මට අම්මා නැතිව ඉන්න බැ...අනික මට අම්මාගේ සුවඳ විඳින්න ඕන...අම්මාගේ පපුවෙන් ආවේ අමුතු සුවඳක්...දාඩිය ගඳක් මට කවදාවත් දැණුනෙ නෑ....

"අහකට පලයන් බං කෙල්ලේ දාඩිය වැක් කෙරෙනවා"..ගඳයි"

"මයේ අම්මා මට සුවඳයි"

එහෙම කීවම අම්මාගේ ඇස් වල කඳුළු පිරෙනවා...

*******************

අම්මා නැතිව මම ගෙදර ඉන්න පලවෙනි ⁣දවස මේක....මට ඕන කෑ ගහලා අඬන්න...එළියට ආවේ නැති කඳුළු වල ඉකි වල කොයි තරම් ආදරේ තියෙනවද...ඒක කාටවත් පේන්නේවත් ..දැනෙන්නේවත් නැ...

"අම්මේ"

මට කෑ ගැස්සුනේ  ඉබේටම වෙන්න ඇති....මල ගෙදරට ඇවිත් හිටපු අයගෙන් කීපදෙනෙක් ඉතිරි වුණා මල බත කන්න...ඒ කෑ ගැහිල්ලට කවුරුත් කන එක නතර කලා.....

කවුද ගෑණු කෙනෙක් මගේ ලඟට ඇවිත් ඔළුව අත ගානවා වගේ දැණුනා..

"මට ඕන වුණේ ඉගෙන ගෙන රස්සාවක් කරලා අම්මාව බල ගන්න...හැමදාම මාත් එක්ක දුක් වින්දා...මාව හොඳට තියන්න...මැරෙනකල්ම දුක් වින්දා...මට මොකුත් කර ගන්න බැරි වුණා මයේ අම්මේ"

***************

අම්මෙක් අප්පෙක් නැතිව ජීවිතේ කොයිරම් අමාරුද..කටුකද....කිසිම කෙනෙක් නැතිව තනි වෙන එක කොයි තරම් අසරණකමක්ද...මට අද හොඳටම දැනෙන මේ තනිය මගේ අම්මාටත් දැනෙනවා ඇති....අම්මා කොයි තරම් හොඳද..කොයි තරම් ඉවසිලිවන්තද...මාව දීලා ගිය තාත්තට කවදාවත්ම දොසක් නොකියපු මගේ අම්මා...
අම්මේ ඔයා මගේ ඇස් දෙකේ ඉන්නවා කඳුළු අස්සේ හැම තිස්සෙම...

මාව ගෙනියන්න හදපු තැනට මම හෙමින් යන්නම් අම්මේ....පාර වරදවා ගන් නැතිව...මම අම්මාගෙන් ඉගෙන ගත්තු හැමදේම හිතේ තියාගෙන..ජීවිතේ  වරද්ද ගන් නැතිව යන්නම්...

අම්මේ හැමදාම මගේ ලඟ ඉන්න...මගේ තනියට....මගේ නලල ඉඹලා යන්න ඉස්සර වගේම....නිවන් නොදැක ඉන්න අම්මේ තව එක සැරයක් මට අම්මාගේ දුවම වෙන්න...

මට හරි තනි අම්මේ....

ආදරණීය මල්

Saturday, June 2, 2018

බිඳෙන බැඳුම්...

නුඹ නේන දා හිතට තනිකම
දැනෙන හැටි නුඹ දන්නේ නැ
මේ තරම් මට රිදෙන වග
මමත් දැනගෙන උන්නෙ නැ

හරි ආදරෙන් නුඹේ අතක එල්ලි
ගියපු එදවස් හීනෙකම තව තව පැටලෙනා
බැඳුන ඒ බැමි ලිහි යද්දි
හිතම තව තව රිදෙනවා...
බිඳෙන බැඳුමක  තවත් යට වි
දහස් වර මම මියැදෙමි
නුඹ තුටින් නම් මටත් ඒ ඇති
නැවතිච්ච තැන මම හිදින්නම්..

ආදරණීය මල්

නුඹේ අරුමැසි ආදරේ...

නෙතින් නෙතකට එක්ව හා වුණ
හිතම නිවනා ආදරේ
රැගෙන දෝතින් එනතුරා නුඹ
මඟ බලන්නෙමි පාඩුවේ..

හිතක සැනසුම හදන නෙතඳර
නිබද කැටි වුණ ආදරේ
තාම උණුසුම ⁣එහෙමමයි සද
නුඹේ අරුමැසි ආදරේ...

#ආදරණීය_මල්

Friday, June 1, 2018

ඔබ නම්...



සමහර බැඳීම් වල තේරුමක් හිතා ගන්න බැ...ජීවිතේ ජීවත් වෙන තුරුම ඒ බැඳිම් වල සුවඳ කොහේදෝ තැනක හැංගිලා තියෙනවා....ඔබෙත් මගෙත් හිත්වල හැංගිලා තියෙන හැඟිම්...බැඳිම්..නමක් නැති...

කොහිද කියා මන්ද කියා
නොදැන ආවෙමි
දිවි ගමනේ මගේ යෙහෙළි
සොඳුර ඔබ විනි..

අපූරුම මුණ ගැසිම් අපූරු මතක ගොඩක් ඉතිරි කරනවා....මේ අහසත් මේ පොළවත් තියෙන තාක් ඒ මතක මුළු විශ්වය පුරාම රැඳි තියෙවි......හැමදාම හිරු එළිය අපිව හොයන් එනවා වගේ හැම දවසකම සිතිවිලි වල මතක සැරි සරණවා...ජීවිතේ අමුතුම තැනක නවත්ත   එකම එක මොහොතකට හරි තියෙන ප්‍රශ්න කන්දාරාව ආදරණීය එක හිතක් ලඟදි අමතක කරන්න පුළුවන් ....දයාබර එක වචනෙකට ...හිනාවකට පුළුවන් හිත නිවන්න...

පෙමෙහි රසත් එහි පලයත්
ඔබෙන් උගතිමි
දිවි හිමියෙන් හද බැතියෙන්
ඔබට පිං දෙමි....

හිතවත්ත හිතක් ලඟ නැතුන හිතකට පුළුවන් අනන්තෙක නවතින්නත්....ආදරේ හුස්මක බරව තියා ගෙන ඒ හුස්ම  පපුවේ පුරෝගෙන ජීවත් වෙන්න පුළුවන් ....ලඟින් ලඟම නැතත් දැනෙන ආද⁣රයක් කියන්නේ මහමෙරකටක් එහා....ආත්ම ගණන් මුණ ගැහෙන...හිමි වීමක් හො අහිමි වීමක් නැති හිතේෂිකම් වලට වැට කඬොළු බඳින්න බැ...

නොතිර ලොවේ විරහා දුකේ
අඳුර හිමි විනි
මරු කතරේ
සුළඟ ලෙසේ තනිව පිට වෙමි...

ආදරය කියන්නේ අතැරිමක්...හිමි වීමම ආදරෙත් නෙමේ...දවසක් එවි අපි හැමෝම මේ ලෝකෙන් පිට වෙලා යන....සුසුම් විතරක්ම අහස පුරා රැඳෙන....ඒත් සංසාර දොරකඩ මඟ රැකන් ඉඳිවි මඟැරුණු ආදරය ආයිමත් පිළිගන්න..

හිත ලඟ ඇති ආදරය භාවනාවක්....

#ආදරණීය_මල්





Tuesday, May 29, 2018

හිතවත...

හිතවත
කිසිත් නොකියා ඉන්න
හැඟිම් බර එකම මොහොතක
ඇවැසි වන්නේ
නුඹේ උරහිසක
සුව පහසුව විතරමයි..

හිතවත
සිනහවක් ඇමුණුවාට
කමක් නැහැ
මගේ ඇස් අගිසි වල...

හිතවත
මුදු හාදුවක් කම් නැති
නලල් මත තැබුවාට
හෙමින් කෙස් රොදකට හොරෙන්....

#ආදරණීය_මල්

Monday, May 28, 2018

මීයන්ට එදිරිව...



කොච්චර පරිස්සමින් හිටියත් ගේ අස්සට මීයෙක් රිංග ගත්තම මානසිකව වැටෙන වැටිල්ල බරපතලයි තට්ටු හතරක බිල්ඩිමකින් වැටිලා කොන්ද කැඩෙනවාටත්  වඩා... ඒ බව නම් තව දුරටත් සහතික කරලම දැන ගත්තා මම නම්...

අධික වේගයෙන් පපුව ගැහෙන එක...කලංතේ ගතිය...ඇඟට පණ නැති වීම...කල්පනාව නැතිකම...කෑම අරුචිය වගේ කී නොකි රෝග ලක්ෂණ ගොඩකින් පීඩා විදිනවා එකම එක මීයෙක් කොහෙන් හරි ගෙට රිංගුවම...ඊයේ රෑ ටෝං ටෝං ගාලා මියෙක් ගෙට ආවා...එනවා විතරයි පේන්නේ...

👑 රැජිණ මමයි මගේ රාජ්ජේ කියලා හිතන් හිටියට මේ කැතම කැත මීයා ගෙට වැදුණම රජකම් වුණත් 🐕 බල්ලට යනවා...



උදේට නැගිටලා මර නිදිමතේ පණ බයේ ගැහි ගැහි වෙව්ල වෙව්ල එළියට ආවම මුලින්ම අතට ගන්නේ කොස්ස....උදේ පාන්දරම මේ ජවුසම නටලා ඇති වෙලා....

ඊයේ රෑ හදිසියෙන් කඩා වැටුණේ මඟ වැරදුන මීයෙක්...නැත්නම් උගේ තියෙන ලොකුකම..මොකද ඌ ආවේ ඉස්සරහ දොරෙන්...දැන් හරියට අපි ඉන්නේ උගේ ගෙදර වගේ....ළමයිගේ කෑ ගැහිලි....ගේ පෙරලන් එළියට දීවිම...පුටු උඩ නැගීම වගේ විවිධ ව්‍යායාම බහුලයි....ඉතිං මේ යුද්දෙක ඇරඹුම...

මීයා ගෙට ආව ගමන් මට මගේ යාළුවෙක් මතක් වුණා....කලින් සැරේක මී කරදර වලට උපදෙස් ගන්න ගිහින් හිනා වෙලා හක්කත් පැන්නා...

එයාට අනුව නම මීයෝ අල්ලන්නේ මෙහෙමයි....රෑට මී පාසනම් කැට කීපයක් ගැනලා මීයා එන රෑට් එක දන්නවා නම් එහෙම තැන් කීපයක තියනවා....හරියටම මී පාසානම් කැට පහක් වගේ තියන්න ඕන...කොතනින් හරි  ටක්කෙටම මීයා කෑවා කියලා ඒකෙන් හොයා ගත්ත හැකි...හිත හදන් ජීවත් වුණ හැකි....ඒක නම් ප්‍රායෝගිකයි හැබැයි...

එහෙම තියලා ලයිට් නිවන්න ඕන...ඊට පස්සේ හොරෙක් වගේ එන්න ඕන සාලෙට....ඔළුවට රෙද්දක් දාගෙන හැංගිලා බලන් ඉන්න ඕක...යාන්තමට ඇස්  දෙක හරියෙන් සිදුරු කර ගන්න ඕන....ඊට පස්සේ මේම හොරෙක් 💩වගේ බලන් ඉන්නවා මීයා එනකල්  ...මම ඇහුවා අැයි එහෙම කියලා....මීයා යන තැන බලා ගන්නලු....මීයාට පේන් නැතිව ඉන්නලු රෙද්දක් පෙරව ගන්නේ...

බුදාම්මෝ බැරි වෙලා හරි ගෙදර කවුරු හරි ආවෝත් හොරෙක් කියලා ඔළුව පලයි...නැත්නම් ලයිට් දාලා හොල්මනක් 👻👻කියලා බය වෙලා තොවිල් නටන්න වෙනවා...හරි මීයා අල්ලපු ගෙදරට ගියොත් හෙම...ඒ පස්සේ යනවාද...

එ් නිසා මී පාසානම් වල පිහිටම තමා මට....වදින් නැති පාරවල් ගහලා කොසු කඩාගෙන කඩේ මුදලාලිව පෝසත් කරන්නත් බැ...බෙරිහන් දීලා අහල පහල සෙනඟ බය කරන්නත් බැ...දවසක් මී ජවුසන් නටන්න ගිහින් පල්ලෙහා ගෙදර අන්කල් අපෙ දොර ලඟ....."මොකද ළමයි මේ" 😡😡😡😡😡

"මේ මීයෙක්..ඒකයි"

"මීයෙක් දැකලා මෙහෙම නම් නයෙක් පොළගෙක් ආවොත්...මේ බිල්ඩිම බිම තියෙයි"😡😡😡😡

#මල්

ප්‍රේම සැඳෑවෝ....



සමහර වෙලාවට සුන්දරම හැන්දෑවල් එන්නේ ඉබේම...පරිසරයත් එක්කම...නිල් පාට පුරෝගෙන ඉන්න අහසත් එක්ක වෙන්නත් පුළුවන් ...වැස්සක් වුණත් එහෙමයි...

සමහර මතකත් එක්ක ජීවිතේ සමහර තැන් පුදුම විදිහට සුන්දර වෙනවා....ගව් ගානක් ඈතක ඉඳන් එන හුළඟ යාන්තම් ඇඟේ ගෑවිලා යද්දිත් හවස් යාමයන් සුන්දරම හැඟීම් එක්ක අපි ගිල්ලවනවා.....

ඒ හැඟිම් මෙන්න මේ හේතුව නිසා කියලා තේරුම් කරන්න බෑ....ආදරණීයම මතක එක්ක ආදරණීය හවස් යාමයන් ඕන තරම් තියෙන්න පුළුවන් ....අපි හැමොටම ...

ඒ හැම හැඟිමක්ම හරිම නිදහස්...කාටවත්ම කරදරයක් නැති..හිත නිවෙන තැන්.....දවස පුරාම මහන්සි වෙලා හිත ඔද්දල් වුණාම නිවනක් ඕන...හිත නිවෙන්න....මහ ලොකු දේවල් ඕන නෑ එකම එක හිනාවක් ..ආදරණීය බැල්මක් ඇති....එහෙම තැන් ..ප්‍රේමණීය හැන්දෑවල් අපිට ඉඳ හිටක මුණ ගැහෙනවා...අන්න ඒක විඳින්න ....

#ආදරණීය_මල්

Saturday, May 26, 2018

පිස්සුවෙන් ලියන ඒවා

වැස්සකට තියෙනවද පාටක් හෙම
දිය සායම් වගේ මිශ්‍ර වෙන
ඉතිං ඔහේ කඩා වැටෙන කොට වැස්ස
සේදෙනවද මල් වල පාට

දේදුන්නක පාට ගන්න හැකි නම් පිංසල් තුඩකට
මුළු අහසෙම ඇන්ද හැකි
අගේ ඇති සිතුවමක්
වළාකුළු එකින් එක
පාට පාටින් සැරසුව හැකි නේද..
අඬන්නට වෙර දරන වළාකුළු   වල
කළු පාට දුක් බර පැහැය
හැංගුව හැකි නේද..

වැස්ස ඇවිදින් සිප ගනිද්දි මල් ආදරෙන්
දේදුන්නේ පැහැය වැටෙනවද මල් වලට
හීනි පිනි මීදුමක්
වැදෙන කොට මල් වලට
කිතියක් දැනෙනවත් ඇති

කියා ගනු නොහැකි
ආදරයක පාට
තියෙනවද හැංගිලා මල් අස්සේ
ඉඳින් මල් නොකඩාම
බලා ඉමි ඒ පැහැය
දෑස් වල තවරන්න..

#ආදරණීය_මල්


වැස්ස.....රෙදි ....ඉර

මේ දවස් වල කියන කතා වැඩි පුරම කියවෙන්නේ වැස්ස ගැන....මුහුණු පොතේ...ටී වී එකේ..රේඩියෝ එකේ ඔය කී නොකි හැම තැනම වැස්ස...වැස්ස...



අපි කොච්චර නාහෙන් අැඬුවත් අපි වැඩිපුරම ආදරේ ඉරට බවත් ඉර නැතිව අපිට කොයි තරම් පාළුද වගත් මේ වගේ අවස්ථා වල වැඩි පුරම කල්පනා වෙන දේවල්...

වැස්ස ගැන ඕන හැටි කවි කතා ලීවත් ඉර ගැන කවි කතා කොයි තරම් අල්පද කියලා හිතෙනවා....ඉර අමනාපෙන්ද කියලත් හිතෙනවා....මෙහෙම අකටයුතුකම් වෙද්දි...

මට මතක් වෙනවා සිංදුවක්

"ඉර මා දැව්වත් මා ලද උණුසුම අමතක කරන්න බැ"...

කතාව කොයි හැටි වෙතත් ඉර නැති වුණාම ප්‍රශ්න ගොඩයි....හෝදපු ඇඳුම් වෙල ගන්න බැරුව දවස ගානේ රෙදි බේසම් එකතු වෙද්දි ඉර ඇයි එහෙම දරුණු වුණෙ කියලා හිතෙනවා....වැස්සට වැටිලාම එපා වෙන් නැද්ද...රිදෙන් නැද්ද....ඉරට අවස්ථාවක් දෙන්නෙම නැද්ද..?



ටික ටික ප්‍රශ්ණය දරුණු වෙන්නේ අඳින්න ඇඳුම් නැති වෙද්දි...එක අතකට මේක මහ වදයක්.....තෙත පිටින් ඇඳුම් අඳින්නත් බැ....මැෂින් එකෙන් හේදුවත් අව්වක් නැතිව බෑ...අර ඉස්සර වගෙ කොළ අතු  තිබ්බා නම් හොඳයි කියන සිතිවිල්ල හිතේ හොල්මන් කරනවා...මැවිලා පේනවා.....

ෆෑන් අස්සෙයි...ෆ්‍රිජ් පිටි පස්සෙයි වෙල ගන්න පුළුවන් හරිම පොඩි රෙදි ප්‍රමානයක් .....තට්ටු ගෙවල් වල ඉන්න අපිට දැවෙන ප්‍රශ්න මේවා...මේ කාලේ එළිය අහල පහල රෙදි වැනුවොත් එක හුළඟට ඒවා ගහන් යනවා....එහෙම ගහන් ගිහින් ඒවා නතර වෙන්නේ හයිටෙන්ෂන් වයර් වල.....මේවා ගැන හොඳ හැටි අත්දැකීම් තියෙනවා අපිට...

වැස්ස එනකල් බලන් හිටිය අපි දැන වැස්ස යනකල් බලන් ඉන්නවා ...ඉරට යන්නැයි දොස් කියපු අපි ඉර එනකල් බලන් ඉන්නවා....මේක පුදුම ලෝකයක්.....ඒ අතින් අපි හරි වෙනස් මිනිස්සු ......

#ආදරණීය_මල්

Friday, May 25, 2018

Respect ...



තව කෙනෙක්ට තව කෙනෙක් ගරු කරන්න ඕන කියලා සමහර මිනිස්සු ඇත්තටම දන්නෑ....නින්දා..අපහාස කියන තැන ඉඳලා අනික් හැමදේම ගත්තත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න...

#respect එහෙමත් නැත්නම් ගෞරවය කියන එකට මුල්ම අත්තිවාරම වැටෙන්න ඕන ගෙදරින්....පිරිමියෙක් තවත් ගෑණියෙක්ට ගරු කරන්නවා නම් අනිවාර්යයෙන්ම ඔහු තමුන්ගේ අම්මාට එහෙමත් නැත්නම් සහෝදරියට ආදරය ගෞරවය දෙන කෙනෙක්....අම්මයි කියා දෙන්න ඕන ගෙදරින් පටන් ගන්න ගෑහැණුන්ට ගරු කරන්න මුලින්ම අම්මාට....ඊළඟට සහොදරියන්ට...තමුන් එළියට බැස්සම මුණ ගැහෙන අයට....පාරක් පාරක් ගානේ ඇවිදින සමාජය විසින් "නරකයි" කියලා හංවඩු ගහන ගැහැණිය දක්වාම මුළු ගෑහැණු සංහතියටම ගරු කරන්න පුතෙක්ව අම්මා පුරුදු කරන්න ඕන...අම්මාගේ වගකීම් යුතුකම් ගොඩට ඒකත් දා ගන්න ඕන...

තමුන්ගේ අම්මා....සහොදරියෝ ....බිරිඳ...දියණිය ගෙදර වහලයට තියා ගෙන අනෙක් ගැහැණුන්ව අපහසුතාවයට පත් කරන පිරිමි ඕන තරම් ඉන්නවා...පාරක ⁣යද්දි....බස් එහෙක යද්දි...එහෙමත් නැත්නම් දුරකථන ඇමතුම්  මඟින් මේ දේවල් සිද්ධ කරනවා....ඇයි මොහොතක් හිතන්න බැරි තමුන්ගේ අම්මා..සහොදරිය..බිරිඳ..දියණිය ගැහැණු නම් අනික් හැම කෙනෙක්මත් ඒ ගෞරණීය තැනට දාන්න ඕන කියලා....

ගැහැණු අයට විතරක් නෙමි පිරිමින්ටත් ඒ ගෞරවය දිය යුතුයි ....ඒ තමුන්ගේ පියාණනුත් පිරිමි කෙනෙක් නිසා..මේ හැම දේම කියා දෙන්න ඕන අම්මා....

කෙනෙක්ට කියන්න පුළුවන් "කෝ ගරු කරන්න පුළුවන් විදිහටද එයාලා හැසිරෙන්නේ " කියලා ...ඇත්ත ජීවත් වෙන්න ඕන හොඳ විදිහට..ගෞරවණීය විදිහට..කාටවත්ම කරදරයක් වෙන්නේ නැති විදිහට...එහෙම වුණාම ඉබේම ගෞරවය ලැබෙනවා....

හැබැයි මතක තියා ගන්න #ඔබ_අනේකාට_ගරු_කළොත් විතරයි පෙරලා ඔබට ලැබෙන්නෙත්....



-----------------------------------

මම පොලට ගියාම පොලේ බඩු විකුණන මිනිස්සු ගොඩක් අය මාව දන්නවා....මම කාලේකින් ඉඳලා ඉඳලා ගියත් එයාලා මට බොහොම කාරුණිකව සලකනවා..අඩුම ගානේ හිනාවක් හරි දෙනවා.....මම එළවළු ගන්න පුරුදු තැනක් තියෙනවා...එතනට මම ගියාම එතන ඉන්න පිරිමි ළමයි පුදුමකාර ගෞවරයකින් සලකනවා.....මගේ චූටි දුව නිතරම අහන්නේ

"අම්මි දන්න අයද ඒ"...ඇයි අම්මිට එහෙම සළකන්නේ"...

මම කියනවා එතකොට..

"එයාලා වෙලෙන්දෝ....මේ අපි හැමෝම මිනිස්සු ....එයාලත් ජීවත් වෙන්න වැදගත් රස්සාවක් ඒ කරන්නේ.....ඉතිං මම එයාලට⁣ ගෞරව කරනවා....මම එයාලත් එක්ක කතා කරනවා ..දුක සැප අහනවා...හිනා වුණොත් හිනා වෙනවා...ඉතිං එයාලත් මට ආපහු ඒ දේම දෙනවා"ඔයත් එහෙම වෙන්න ඕන"

----------------------------------------

#ආදරණීය_මල්

සිහිනයකි නුඹ



හීන වලම සැරි සරන්න ඇත්නම් කියලා හිතෙන වාර කොයි තරම් ද....ඒක අපි හැමෝටම පොදු දෙයක්..තමා ආදරේ කරන කෙනෙක්ගේ ජීවිතේට අත පොවන්න බැරි තරම් දුරක ජීවත් වෙනවා කියන්නේ කොයි තරම් විඳවීමක්ද.....හීන වල රැඳවිලා ඉන්න අපි කවුරුත් ආසා එකයි..

⛅☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️

අැහැරෙන් නැති නින්දක...එකම හීනෙක සැරි සරන්න තියෙනවා නම් කියලා ඇත්තටම හිතුනේ අපේ හීන එකින් එක බිමට වැටෙද්දි..ඒවා අහුලලා ආයෙත් හීන වලම ගැට ගහන්න පුළුවන් විදිහක් අපි දෙන්නම දන්නේ නෑ....

හමු වීම් වෙන්වීම් ජිවිත වලට උරුම දේවල් ඒවා ආදරෙන් බාර ගන්න පුළුවන් තරම් හිත් අපිට තියෙනවා.... එකම හිතක් තියෙනවා....කොයි තරම් ඈතට යන්න වුණත් දරා ගන්න පුළුවන් සංවේදිම තැනක අපි දෙන්නම ඉන්නවා...ඒ අපිට අපේ ආදරේ හැඟෙන දැනෙන තරමටම...

මේ ඇස් වලින් එකමෙක කඳුළක්වත් වට්ටන්න  එපා කියලා කියන කොට මම හිතුවේම ඒ ඇයි කියලා....

"කඳුළු වට්ටලා මේ ඇස් වල තියෙන එළිය නැති කර ගන්න එපා...එහෙම වුණෝතින් මට ජීවත් වෙන තුරාවටම අඳුරක ජීවත් වෙන්න වෙයි"

ඉතිං මම ආයාසයෙන් හංගන කඳුළු වල මම දරා ගන්නේ අමාරුවෙන් ....ඒත් වැස්සක් වගේ එක පාරටම කඩාගෙන වැටෙන බව විතරක් මම දන්නවා...අන්න එදාට මට සමාවෙන්න...

වසන්තය මගේ ඇස් ඉස්සරහට හරි ඉක්මනට ඇවිත් ඇහිපිය හෙලන ඇසිල්ලෙන් මගෙන් ඈතට යද්දි..මම ගිම්හානයටත් පෙම් බඳින්න ගත්තා...

පිපිලා පරවෙලා වැටෙන මලක් වගේ මගේ හිතත් කඩාගෙන වැටෙන බව දැනෙන්නේ මට විතරමයි.....ඒ දුක මට විතරමයි.....

හිනා වෙන්න උත්සහ ගන්නම් වස්සානෙට පස්සේ පිපෙන්න වෙර දරන මලක් වගේ...ඒක බාර වෙන්නේ හෙට දවසට....

ආදරණීය මල්...


ඔබ නැතිව ඔබ එක්ක...

#හොඳම නින්දක් අතරතුර මම කැමතිම ඔයා මට කෝල් කරනවට....ඊට පස්සේ ඔයා නිදිද අහනවට......මහ තද නින්දෙන් ඔය කට හඬ ඇහෙනවට.....මහ හයියෙන් සිංදු කෑල්ලක් කියනවට...මම වැනි වැනි හිනා වෙනවා....නොනවත්වාම කියන එකින් එක සම්බන්ධයක් නැති කතා මගේ නිදිමත නැති කරනවා....නොනවත්වාම ජංගම නාද වෙද්දි නින්දෙන්ම ඔළුව උස්සලා මම බලනවා....මම දන්නවා ඒ ඔයා කියලා.....එක්කෝ මාව බලන්න ඇවිත් එහෙමත් නැත්නම් ලඟකට ආ ගමන් කතා කරනවා.....

ජීවිතේ හරිම පුදුම දේවල් සිද්ධ වෙනවා...නැ සිද්ධ කරවනවා....ඒ නිසාමනේ අහම්බෙන් අපි මුණ ගැහෙන්නේ....කොටින්ම නමක්වත් කියන්න දන්නේ නැති මහ අමුතුම සම්බන්ධකමක්....කාටවත්ම කිසිම දෙයක් කියන්න ඉතිරි නැති සම්බන්ධකමක්....කාගේවත් ඇස්වහකට..දෝසේකට අහු වෙන්න ඕන නැති සම්බන්ධකමක්....

දවසක අපිට ඉතිරි වෙන්නේ මතක විතරයි....ඒවා හරිම සුන්දරම මතක....අර දම්පාට මල් ගහ ජීවිතේ අමතක නොවෙන මහමෙරක් වගේ හිතේ පැලපදියම් වුණ තැනක්...දකින හැම මොහොතකම හිනාවක් මවන තැනක්....ඒ මල් ගහත් හරිම අහුබු දෙයක්...ජීවිතේ ගොඩක්ම ලස්සන මතක රැදෙන්නේ සමහර අහඹු දේවල් වල.....එහෙම නේද කියලා මම ඔයාගෙන් අහන් නැ....ඒක එහෙම තමා කියලා දන්න නිසා...

පුංචි පුංචි දේවල් වලට පුංචි පුංචි ඉරිසියාකාරකම් හිතට එනවට මම කැමති....එහෙම දේවල් හරිම සුන්දරයි ...කිසිම අයිතිවාසිකමක් නොකියන බැඳිමක අගේ කොයි තරම්ද...නේද...මම ඔයාටවත්...ඔයා මටවත් නොකියන අයිතිවාසිකම් .....හැමදේටම ගහ මරා ගන්න ලෝකේක අපි දෙන්නා හිනා වෙනවා...හිත නිවෙන්නේ ඒ නිසයි...ඒච්චරම සැහැල්ලුවත් ඒකමයි ලොකේ කනපිට පෙරලුනත්..

ජීවිතේ හරි පුංචි දුරයි යන්න තියෙන්නේ ..එහෙම යද්දි මට මුණගැහුණ තුටු පඬුරක් ඔයා....ඒක මම රැක ගන්න ඕන හැමදාටම....අපි එකට හිටියත් නැතත්.....වෙන්වෙලාම යන්න වුණ දවසට එකම කඳුළක්වත් හලලා අර ඒ බැඳිම් මම හෑල්ලු කරන්නැ....ඒ හැම මතකයක්ම තියේවි...මගේ හදවතේ හොඳම තැන.....ආයි දාක මුණ ගැහුණෝතින් අපිට පුළුවන් හිනා වෙන්න.... අර දම් පාට මල් ගහ ලඟදි..ඒක එතන තිබුණත් නැතත්...අපේ මතක තියෙන අපේ හිත් කතා කරාවි....

#ආදරණීය_මල්


Saturday, May 19, 2018

පෙර දිනෙක මා පෙම් කල බව සැබවි
ප්‍රියය නුඹ හොඳ හැටිම දන්න
පෙර අපි මුණ ගැහුණ තැන්
දැන් තහනම්ද අකැපද

හිත දැන් දැන් ලෙඩ ගානේය
සමහර විටෙක හිස පුපුරන සේය
මතක ටික ටික අමතක වෙන සැටිය
ගරා වැටුණ අම්බලමැයි හිතෙන

හිත හිතා සැනසෙන්න
මතක එක්ක ගණු දෙනු
කොයි තරම් අමාරුද
ඉර හැංගෙනා මොහොතත් දැන්

තියා හිස උර මඬල මත
හඬා වැටුණයුරු මතකද
"ඔයාට පිස්සු " හිස අහක් කර
නුඹ නැගිට ගියයුරු මතකේ

හෙලා ගිය පසු ගිනි ගොඩක
සැනසිමක් තියෙනවද
සිප ගනිද්දි ඒ කොපුල්
මං මතක නැතිවැති

කොහොම හිතුවත් මොකද
වට පිට අහල පහල අය
ආන් අර බංකුව අරක් ගෙන
මම ඉන්නවා තාම..

ජීවිතේ නතර වුණ තැන....

#ආදරණීය_මල්

ආදරය...



දවසක් ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි මුණ ගැහුණා අවන්හලකදි..ඒක තමා එයාලගේ පලවෙනිම හමුවීම....ඒක හරිම සුන්දර හමු වීමක්...ඒ දෙන්නා ආ ගිය තොරතුරු කතා කලා..හිනා වුණා...

ටික වෙලාවකින් ඔවුන් ඇනවුම් කරනවා කෝපි....දෙන්නම කෝපි බොන්න කැමති වුණත් එ් පිරිමි ළමයා අමුතු දෙයක් කියනවා..

"මට ලුණු ටිකක් ඕන ..මම කෝපි බොන්න කැමති ලුණු දාලා"

අර ගෑණු ළමයා පුදුම වෙනවා..කෝපි එක්ක ලුණු..ඇය එහෙම දෙයක් ගැන අහලා නැ...ඒත් ඔහු කියනවා..

"මම ආසම කෝපි එහෙම බොන්න...එහෙම අමුතු රහක් තියෙනවා"

අර ගෑණු ළමයා පුදුම වෙනවා...ඒ ගැන හාර හාර අහනවා...


ඉතිං දැන අඳුන ගත්තට පස්සේ ඔවුන් විවාහ වෙනවා...ගොඩක් ආදරෙන් ඔවුන් ජීවත් වෙනවා...

---------------------------------------
-----------------

අවුරුදු  ගානක් ගෙවුන තැන දවසක ඔහු මිය යනවා ...ඇය දුක් වෙනවා මුළු දවස පුරාම දරා ගන්න බැරිව...ආයිත් ඇයට හැමදේම මතක් වෙන්න ගත්තා....ඒ මතක හීනයක් වගේ

ඔහොම ඉද්දි ඇයට ඔහු ලියපු ලියුමක් හම්බ වෙනවා...ඇය ඉවසිල්ලක් නැතිව ලියුම කියවන්න පටන් ගන්නවා....එක හුස්මට ඇය කියවනවා....ඇයට පුදුම දුකක් දැනෙනවා....ඇය අඬනවා හොඳටම....

"මම ඔයාට ඉස්සරටත් වඩා ආදරෙයි"

ඇය කෑ ගහලා අඬනවා..

මේ තරම් පොඩි දෙයක් හැංගුවේ ආදරේ හංදා..

ලියුමේ තියෙන්නේ මෙහෙම

එදා අපි මුලින්ම මුණ ගැහුණ අවන්හලෙදි කෝපි එක්ක ලුණු දාලා බොන්න ආසයි කීවේ බොරුවට...එහෙම නොකලා නම් අපිට කතා කරන්න දේවල් නැති වෙනවා...ඔයා ඒ ගැන හාර හාර මගේන අහද්දි මම උත්තර දුන්නා...ඒත් පස්සේ මම කලේ බොරුවක් කියලා කියන්න හදපු හැම අවස්ථාවක්ම මගෙන් ගිලිහුණා....ඉතිං අපි බැඳපුදා ඉඳලා මේ වෙනකල්ම ඔයා ආදරෙන් ලුණු දාලා දෙන කෝපි එක මම ආසාවෙන් බිව්වා...මම බොරුකාරයෙක් කියලා හිතයි..මම බය වුණා..ඒකයි ඇත්ත නොකිවේ..

==================

මේක කියවද්ද ඔයාලට හිනා යන්න ඇති....පිස්සුවක් කියලා හිතන්න අැති...ඇයි ඒ මෝඩයාට කියන්න බැරි වුණේ කියලත් හිතෙන්න ඇති....

ආදරේ නිසා සමහරුන්ට හැම දේම දරා ගන්න පුළුවන් ..ඉවසන්න පුළුවන් ...කොයි කරම් හිත රිදුනත් අනික් කෙනාගේ හිත නොරිද්දා ඉන්නත් පුළුවන් ...එහෙම අය හරි අඩුයි...."මම නම් හිත රිදුනත් කියන එක මූණට කියනවා" සමහරු එහෙමයි කියන්නේ ඒත් මොහොතකට හිතනවද පලදු වුණ හිතක අර පෙර පුරුදු සුහදත්වය නැති බව...දැන් හිතන්න එපා හැමදේම හංගන්න ඕන කියලා...ඒත් සමහර පුංචි පුංචි දේවල් තියෙනවා නොකියා දරාගෙන ඉන්න පුළුවන් ....ඒ ආදරේ නිසා....




#ආදරණීය_මල්

හිතත් හරි පුදුම තැනක් 2



මම ගැස්සුනේ ඒ ගොරහැඬි කට හඬට..කවදාවත් අහලා නැති කට හඬක්..මට ඇහුණේ කෝච්චියේ සද්දේටත් වැඩියෙන් හයියෙන්...මම නොරුස්සනා බැල්මක් හෙලුවම ඒ මනුස්සයා අසරණ විලාසයක් පෙන්නුවා....පිට මනුස්සයෙක්ට කියන්නේ මොකටද අවුලක් තිබ්බත්...මම අායිත් හැරුණා එළිය පැත්තට...

මම අාසම කෝච්චිය හයියෙන් යද්දි පේන අපැහැදිලි දසුන් වලට..මම හිතෙන් මවා ගන්නවා පැහැදිලි රෑප මට ඕන ඕන විදිහට...පාලමක් උඩින් යද්දි කඩන් වැටෙයි කියලා බයට ඇස් පියා ගන්නවා....

කෝච්චිය මහා සද්දෙට හූ තියා ගෙන හයියෙන් යද්දි හිතේ කියා ගන්න බැරි තැනක අමුතුම වේදනාවක් දැනෙනවා...ඒ හැම තැනම තියෙන්නේ මතක..මම ඔහුත් එක්ක එකට හිටිය මතක....ඇස් පියා ගන්න බය එකින් එක ඒ මතක පිළිවෙලට මට රිද්ද්න හංදා.....



ඔයා ගැන කිසිම ආරංචියක් නැති කොට මම හිතන්නෙම කොයි වෙලේ හරි ඔයා එයි කියලා....අතරමං වුණ හැඟිමක් හිත පුරාම තියෙන වග මම දන්නවා...දාහක් දෙනා අතර මම මගේ තනිය හංග ගන්න හදනවා...ඔවා මාව දාලා ගිහින් අවුරුද්දක් .... දවස් හැටියට හරිම පුංචි කාලයක්.....ඒත් මම ඔයා එක්ක බැඳුනෙ බිදෙන්න නෙමෙි...ඔයත් එහෙමයි...හැම තිස්සේස මොනාම හරි කියන්න හදනවා කියලා මට තේරුනේ ඔයාගේ ඇස් වලින්....සමහර වෙලාවට ඔයා මහ දුරක ගිහින්....මගේ ලඟින් මිදිලා...ඒත් ඔයා මගේ අත අරගෙන් ඔයාගේ පපුවට තියන් හිටියේ හරියට ලෝකයක්ම වගේ....ඒවා හරි දුක හිතෙන මතක...

බිඳෙන බැඳුමක
බැඳෙන්නට බැරි
හිත පුරා නුඹ
සැරි සරන කොට

නිහඬ නුඹේ ඇස්
ඉකි බිඳින බව
නොරහසක් මට
හිත සැලෙන කොට

භාවනාවක් නුඹේ ලඟ මට
නොනිම් ස්නේහෙක හිත රඳවමි
තාම මඟ බලමි හිතවත
හිනා වත නුඹේ මුණ ගැහෙන්නට...

ජිවිතේ හරි බරයි ඔයා නැතිව ..පුළුවන් නම් ආයිත් එන්න.....මට වෙනතක හැරෙන්න බෑ...ගැරහුම් මැද්දේ මම යන්නේ නිහඬ ගමනක්....මට තියෙන්නේ ඔයා මගේ ඇස් ඉස්සරහට එන බලා⁣පොරෝත්තුවක්....හීනයක් වගේ..නොකියාම ගිය ගමනක්...හිත රිදවෙන තැනක්....ඇස් යාන්තම් තෙත් වෙද්දි මම ඔළුව ගහ ගත්තා හැංගෙන්න..

උගුර හිර වෙලා ..කන් අඟුල් වැටිලා අසරණ වෙන්න වෙන්න  මට ඔයාව ඕන වෙනවා....එකමෙක සැරයක් මට අහන්නයි ඕන ඇයි එහෙම කලේ කියලා....දොස් කියන්න නෙමේ...මම කොච්චර ආදරේද කියලා කියන්න විතරක්.....එකමෙක සැරයක් මගේ ඉස්සරහට එන්න......

*******

"ගෙදරින් තරහා වෙලා යන ගමනක්ද"

ආයිත් ගැස්සුනේ ඒ කට හඬටම...ඒක මහ වදයක්....

#මතු_සම්බන්ධයි #කම්මැලිඅකුරු

#ආදරණිය_මල්

Friday, May 18, 2018

Life is beautiful ...



ඔබේ ජීවිතය ලස්සන කර ගන්න පුළුවන් ඔබටයි....කවුරු හරි ඔබට හිනා වේවි.."අපෝ ඕවා බොරු වැඩ" යැයි කියාවි..ඔබව නවතන්න හදාවි...ඔබට පුළුවන් සුබවාදි විදිහට හිතන්න..ලෝකේ දිහා ලස්සනට බලන්න....ඔබේම ඇස් දෙකෙන්....ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ කොහෙවත් නැ....හැමෝටම මොනම හරි ප්‍රශ්නයක් තියෙනවා...ඒත් ඒවාට බෑ අපේ ජීවිත වලට ඉස්සර වෙන්න ......be possitive and then u can live happily...ඔබේ සතුට තියෙන්නේ ඔබේ ලඟයි...

සමහර වෙලාවට සමහර කෙනෙක්ගේ ඇසුර අපිට වැදගත් වෙන්නේ ඒ ඇය/ඔහු හැසිරෙන. කතා බහ කරන විලාසයට අපේ හිත ඇදිලා යන නිසා..අපේ අදහස් හා සම වෙන නිසාත්..සැහැල්ලු බව නිසාත්..ඒ නිසාම අපි ඔවුන් හොඳ යැයි හැඟිමක් අපේ හිතට කා වද්දනවා...හැබැයි එකමෙක තප්පරයක් අැති හැමදේම වෙනස් වෙන්න...අපි හොඳයැයි අපි මවන් ඉන්න ඔවුන්⁣  එක දශමයක් හරි වෙනස් වුණොත් ඒක අපේ හිතට පුදුම දුකක්....ඒ වෙනස දරා ගන්නත් බැරි වෙනවා...ඉතිං බලන්න අපි අපේ සතුට..අපේ සැනසීම අපිම නැති කරන්..ඒකයි මම කියන්නේ අපේ සතුට තියෙන්නේ අපේ ලඟමයි..තව කෙනෙක් ලඟ නෙමේ...ඒ අයට පුළුවන් අපි ලඟින් ඉන්න විතරයි....ඒත් ඒ තාවකාලිකව....

#ජීවිතේ හැබැවටම ලස්සනයි ...නිකමට ඇස් ඇරලා බැලුවොත් ඔබටත් දැනේවි..ඔබ 👉 ප්‍රිය මනාප වෙන තරමට ..අනුන්ට උදව් කරන තරමට ....ඔබ පවින් ඈත් වෙන තරමට..ඔබ කතා කරන ප්‍රිය මනාප වචන වලට මේ හැමදේකින්ම ඔබට සතුටක් ලැබේවි..ඔබටම හිතේවි ඔබ කොයි තරම් සතුටින්ද සැහැල්ලුවෙන්ද කියලා...ඒ සතුට ඔබට ⁣මිල මුදල් වලට ගන්නත් බෑ..ඒත් 👉ඔබට පුළුවන් ඔබෙ සතුට හොයා ගන්න..හරි විදිහට..

මේ ගෙවන මොහොත..මේ දවස ආයිත් එන්නේ නැ..ඒ සේරම අතීතයට එකතු වෙන තැන්.....ලස්සන වචන කතා කරන්න...පුළුවන් විදිහට තව කෙනෙක්ට උදව් කරන්න පැකිලෙන්න එපා..හිනාවකට හිනාවකින්ම ප්‍රතිචාර දක්වන්න...ඔබ හොඳ වෙන තරමටම සතුට සැහැල්ලුව ඔබ ලඟට ඒවි...ඒවා හිතින් මවා ගන්න දේවල් නෙමේ..හැබැවටම ඔබ ඉදිරියෙම තියෙන දේවල්...ඔව් ඔබේ ඇස් ඉදිරි පිටම..හරියටම මේ විසල් අහස වගේ...



#ආදරණීය_මල්

No more wars

යුද්දේ නම් ලෝකේ කොහේ වුණත් මම නම් අකමැතිම මාතෘකාවක්...එකා පිට එකා මැරෙන..ලේ ගංගාවල් හැදෙන අවසානේ පලි ගැනීම් ..වෛරය...දුක් කඳුළු විතරක්ම ඉතිරි කරන කාළකන්නිම දේ තමා යුද්ධයක් කියන්නේ.. ...


පහු ගිය වසර තිහක් තිස්සෙම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි අමිහිරිම අත්දැකීම් වලට මුහුණ දුන්න ඇත්ත ඒ කාලවකවානුවේ උන්න අයට හොඳට මතක ඇති...කිසිම රජයකට නවත්තන්න උවමනාවක් නොතිබිච්ච යුද්දෙන් වැඩි පුරම බැට කෑවේ අහිංසක මිනිස්සු ....සිංහල ⁣..දෙමල..මුස්ලිම් කියලා වෙනසක් නැතිව එකා පිට එකා මැරුණ කාලයක්...බයෙන් ජීවත් වුන කාලයක්....

සිංහල දෙමාපියන්ට සිංහල දරුවෝද..දමිල දෙමාපියන්ට දමිල පුත්තුද..මුස්ලිම් දෙමාපියන්ට මුස්ලිම් දරුවන්ද ආදි වශයෙන් දරුවන් අහිමි වුණ කාලයක්....ඒ සේරම හරි..ඒ නැති වුණේ මනුස්ස ජීවිත කියලා තාමත් අමතක කොටසක් ඉන්නවා...යුද්ධයක් යළිත් වරක් ඕන කියලා ව්‍යංගයෙන් කියන..යුද්දේ ඉවර වුණේ අපරාදේ වගේ හැඟිමක් තියෙන රැඩිකල් යැයි පවසන මහ නිවට නියාලු කොටසක් මේ අදටත් අපි අතරේ ඉන්නවා....

යුද්ධයක් කියන්නේ සාපයක්...ත්‍රස්තවාදය මුළු ලෝකෙන්ම තුරන් කරන්න ඕන දෙයක්...ලෝකේ සමහර රටවල් නම් ඉතිං ලොකෙන් ත්‍රස්තවාදය තුරන් කරන්න දෙන් නැ..ඒක තමා ඇත්ත...

යුද්ධයක් කියන්නේ දෙපැත්තකම මිනිස්සු මැරෙන එකක්....ප්‍රභාකරන් කියන්නේ ආයුධ අතට අරන් මිලෙඡ්ච යුද්ධයක් කරපු කෘෘරම ත්‍රස්තවාදී නායකයෙක්..ඔහු නිසා සියක් දහස් ගණනින් මිනිස්සු මැරුණා....ප්‍රභාකරන් මැරුණාම මිනිස්සු සතුටු වුණේ ආයිත් ලේ වැගිරිම් නොවෙන නිසා....බයක් නැතිව පාරක තොටක යන්න පුළුවන් නිසා..ගෙදරින් උදේට ගිය අය ගෙදර එනකල් පන බයේ උන්න කාලේ ඉවර වුන නිසා මිස මිනිස්සු මැරුණ නිසා නෙමේ...

යුද්දේ ඉවර වෙලා අද මේ වෙද්දි අපේ හමුදාව මිනි මරුවෝ ගානට දාලා අට පාස් ආමිකාරයෝ කියන නම දීලා ගිරිය පුප්පන් කෑ ගහන කාටවත් මතක නැ එයාලත් පණ බයේ හිටපු හැටි....ලෝකෙටම හිස රදයක් වෙච්ච ප්‍රභාකරන් මැරුණ එකට පුදුම සෝකාලාප තියන මිනිස්සු කල්පනා කරනවද ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදීයා නිසා කියක් ජීවිත හානි වුණාද කියලා...අදටත් අම්මලා අඬා වැටෙන්නේ ප්‍රභාකරන් නිසා මිස අපේ හමුදාව නිසා නෙමේ කියන තැන මම ඉන්නවා...

යුද්දෙ ඉවරයි..ආයේ යුද්දේ එපා ..යුද්ධයකට ඉව අල්ලන ලේ ගඳ ගහන මිනිස්සුනේ ටිකක් පැත්තකට වෙලා හිතලා බැලුවා නම් තේරෙයි යුද්දේ කොච්චර රිදෙනවද කියලා තාමත්....තමුන්ගේ අඩුපාඩු තවත් ගිණුම් වලට හලන් නැතිව..ත්‍රස්තවාදේ ලංකාවෙන් තුරන් කලාට සතුටු වෙන්න බැරි කුහක මිනිස්සු ඉන්න සමාජෙක ජීවත් වීමත් දුකක්...මතක තියා ගන්න අපි කවුරුත් මැරෙන මිනිස්සු ...එතකල්  අපි හැමෝම ඉන්න ඕන මේ රටේ...ඒක දෙකට කඩන්න බැ කියලා..මේ අපි හැමොගෙම රට..

 #මල්

මතක...

#මතක

සමහර මතක හරි ලස්සනයි .....මතක් වෙන සැරේටම හිත හිනස්සන....තනියෙන් වුණත් හිනා යන...ඒ මතක වල වේදනාවක් නෑ...සතුට විතරමයි...

ඉස්සර ඉස්කෝලේ යද්දි තමා ඉතිරි වුණ ⁣හොඳම මතක තියෙන්නේ...ඕනම වෙලාවක මතක් වුණාම හිනා වෙන්න පුළුවන් ...ඉස්සර ඉස්කෝලේ යද්දි කරන හොඳම විහිළුව තමයි යාළුවන්ගේ කුඩ අස්සට කොල කෑලි පුංචියට කඩලා දාන එක...ඕක ඉතිං කවදාම හරි සෙනඟ මැද දිග ඇරියම කරපු කෙනා හොයා ගන්න බැරුව ලත වෙනවා...සීන් එක කියන කල් අපි බලන් ඉන්නවා ...

ඉස්සර වැඩට යද්දි මගේ යාළුවෙක් හිටියා චන්දිමා කියලා...දවසක් මම තව කොල්ලෙක් එක්ක එකතු වෙලා පැන්සලක් ඉවර වෙනකල් කටර් එකෙන් ගාලා චන්දිමාගේ කුඩේ අස්සට දානවා කොල කෑලිත් එක්ක..මොකද මම දන්නවා මෙයා වැස්සේ නැතත් බියුටිය අවුල් වෙයි කියලා පොඩි අව්වටත් කුඩේ ඉහලනවා...වැඩේ හරි ගිහින්..office එකෙන් එළියට බැස්ස ගමන් මෙයා කුඩේ ඉහලලා..සසරේ...අර රොඩු සේරම ඔළුවේ දාන් කුඩෙත් අරන් පරල වෙලා ආයිත් office එකට ආපු කැත..මැවිලා පේනවා....මට කුඩෙන් එක ගුටියයි..මම අහිංසකයිනේ...අර කොල්ලට ගැහුවා ගැහිලක් ඇඩ්රස් නැති වෙන්න..පව් ඉතිම්..මගේ කුප්ප අදහස් වලට මට එයා උදව් කලා විතරයි....පස්සේ ඒ කොල්ලා මං ගාවට ඇවිත් නාහෙන් ඇඬුවම මම කිවේ..


"මිනි මැරුවත් එකයි...අනුබල දුන්නත් එකයි"😏😏😏



හරි ලේසි තියරියක් වුණාට මාත් එක්ක ඒ කොල්ලා තරහ වුණ දුක වාව ගන්න බැරිම තැන මම තීරණය කරලා හිටියේ මූද ලඟ නිසා පනින්න....ඒත් මගේ අහිංසක බැල්ම දරා ගන්න බැරුව එයාම ඇවිත් යාළු වුණා...හම්මේ ඔය වගේ ඒවා හරි ගොඩක් තියෙනවා මතක හැටියට...ඒවා මාරම ලස්සනයි ..තාමත් හිනා වෙන්න පුළුවන්..

ඔන්න ඔය වගේ මතක අලුත් කරන සිද්ධි ආයිත් වුණාම සේරටම වඩා හිනා යනවා...මහා වැස්සේ මහ පාරේ කුඩේ දිග අරිද්දි කොල වැස්සක් වැටුණම කොහොමද සනීපේ....ආපහු හැරිලා ඇවිත් කරපු කෙනාට "මෝඩයා" කියලා බැනලා කුඩේ දිග ඇරන් තෙමිතෙමි හිනාවෙවි යන රටක් මේක...

ඒ මොනා වුණත් ඒවා සුන්දර මතක හැටියට මතක අස්සේ ගොනු වෙනවා..ඒ මතක වලට ඒ අර කලින් මතක වලට වගේම ආදරෙයි...
❤️❤️❤️එහෙම මතක හදන කෙනාටත් ආදරෙයි....

#මල්

මල් කියන්නේ කාට කාට...

#මේ ලෝකේ හැම දරුවම මට නම් මගේ දරුවන් හා සමානය....ඔවුන්ට අවැඩක් වෙනවට මම කැමති නැහැ....හෙට රට බාර ගන්නා ඔවුන්ට හරියටම ඉලක්කය පෙන්විය යුත්තේ දෙමාපියන් විසින්මය....නැත්නම් ඔවුන්ගේ මඟ වැරදෙන්නට
පුළුවන් ..



මට මතක හැටියට ඒ දවසේ වෙලාව රාත්‍රි 7,30 විතර ඇති....ඒ ගිය සතියේ දවසක..මමයි චූටියි ටවුමට ගිහින් බස් එකෙන් බහිද්දිත් හොඳටම වැස්ස...අපි වැස්සෙම පාර පනින්න ඉද්දි මගේ චූටිගේ වයසම වගේ පුතෙක් බයිසිකලේකින් ඇවිත් ලොක්කා වගේ වාහන වලට අත දාලා පාර පැන්නා බයිසිකලෙන්ම....ඊට පස්සේ පාර මැද්දේ අපි හිටන් හිටියා අනික් පැත්තට පනින්න...වැස්ස හොඳටම...කොළඹ පැත්තේ ඉඳලා නුවර පැත්තට වාහන නොනවත්වාම එනවා...මේ දරුවා බයිසිකලේ ඉස්සරහා රෝදේ ගැට්ටෙන් පාරටම දා ගෙන පාර පනින්න තදියම...වාහන අයිනෙන්ම එනවා...මට පුදුම තරහක් ආවේ...මම බැන්නා හොඳටම මේ දරුවට...ඒ බැරිම තැන...

"පුතා...මැරෙන්නද හදන්නේ...ගන්නවා සයිකලේ උඩට...ඔයාව පේන් නැ වාහන වල මිනිස්සුන්ට " 😡😡

මේ දරුවා බය වෙලා මගේ දියා බලන් හිටියා...ඊළඟ මොහොතේ මම එයාවත් එක්කගෙන පාර පැන්නා...

මම හිතින් දහස් වාරයක් බැන්නේ ඒ දරුවාගේ අම්මලාට..මේ තරම් රෑ වෙලා..මේ පුංචි දරුවා ..වැස්සේ ..සෙරප්පුත් නැතිව....හොයන්නේ බලන්නේ නැද්ද හිතුනා..ජීවිතේ අවදාන⁣මේ කියලා නොදන්න දරුවෝ..අම්මලා වග කියන්න ඕන....මොනා හරි වුණා නම් 😞😞..මේක මහ නරකම කාලයක්..

#මල්

❤️❤️❤️

උඹේ මහ බර හුස්මක
මට දැනෙන්නෙම ආදරය..
පපුව පසාරු කරගෙන යන
උඹේ සුවඳ
මම පරිස්සම් කර ගන්නෙම
දවසක උඹ මට නැති වුණ කාලෙක
තනියට පැත්තකින් තියා ගන්න...
උඹේ ඇඟිලි තුඩු වලින්
හෙමින් හිස පිරි මදින කොට
නලලට වැටුණ කෙහෙ රොදක්
එහාට මෙහාට කරන කොට
පපුවට දැනෙන්නෙ සැහැල්ලුවක් ...
උඹේ එක හිනාවකට පුළුවන්
මගේ හිත නිවා දමන්න....
උඹ දන්නවද අයිතිවාසිකම් නොකියන
ආදරේක පාට මොකද්ද කියලා
හරියටම දේදුන්නක් වගේ...
නැහැදිච්චකමක් මට පෙන්නැති
උඹේ හිනාවෙන ඇස් දෙකට
මම ආදරෙයි..




#ආදරණීය_මල්

දරුවෝ ඇති අම්මාලා....

කසාද බැන්ඳට පස්සේ එකම හීනේ තමා දරුවෙක්....පෙරුම් පුරලා පුරලා දරු හීනේ හැබැ කර ගන්නවා....අම්මලා තාත්තලා ඉරයි හඳයි වගේ පායලා දරුවන්ගේ ලෝකේ පුළුවන් විදිහට උපරිමෙන් එළිය කරනවා...දරුවා තනියෙන් කෙලින් හිට ගන්න කල්ම පුදුමාකාර ශක්තියක්⁣ වෙලා පුදුම කැප කිරීම් කරලා දරුවෝ හදනවා....

ඔය සේරමත් හරි දරුවාව පුදුම සටනක් කරලා ඉස්කෝලේකටත් දා ගන්නවා...එතැන ඉඳලා අම්මලාට ගැලවීමක් නැ...


ඊයේ චූටි කියනවා...

"අම්මි රෙජිස්ටරේ පිලිවෙලට අම්මලා කීප දෙනෙක්ව තෝර ගත්තා පංති සුද්ද කරන්න..මගේ නම තියෙන්නේ පස් වෙනියට..ඉතිං අම්මිටත් හෙට එන්න වෙනවා අම්මි"

කෙල්ල කීවේ දුකින්...මොකද එයා දන්නවා මම මේ ටිකේම අතේ අමාරුවක් හංදා අත බැන්ඩේජ් කරාන ඉන්නවා කියලා...කෙල්ලගේ හිත රිදවන්න බැරි නිසා ..

"හරි පැටියෝ මම එන්නම්" 😊😊😊

ඉතිං මම ගෙදර ඇවිත් දස අතේ කල්පනා කලා මොකද කරන්නේ...නොගියොත් ලෙඩක්...දරුවා අපහසුතාවයට පත් වෙනවා..මම ඉතිං එයාට කතා කරලා නාහෙන් ඇඬුවා...

"නොයා බෑ අනේ...ප්‍රශ්නයක් වෙයි..දන් නැද්ද ගුරුවරු..දහසක් දේ කියයි..

එයා ඉතිං අහන් ඉඳලා..

"හ්ම්.. වෙන කරන්න දෙයක් නෑනේ ..අත බැන්ඩේජ් කරන් යන්න" සහනයක් ගන්න පුළුවන් වෙයි"

අැත්තටම මමත් හිතුවා ඒක පිලිසරණක් වෙයි කියලා...


මම ඉතිං අද (ඒ කියන්නේ 2018 මැයි 18 වෙනිදා) ඉස්කෝලේ අරින වෙලාවට ගියා...එන්න කියපු අම්මලා හය දෙනාගෙන් අපි හතර දෙනයි ඇවිත් හිටියේ..අනික් පංති වලත් අම්මලා හිටියා ටීචර්ස්ලා ඇවිත් අපිට ඕඩර් එක දුන්නා..

"මේවා ප්‍රිංසිපල් මැඩම්ගේ නියෝග...මේ හතර වටේට බිත්ති  වල මේ ලමයිගේ අඩි පාරවල්..ඒවා සේරම සෝදලා මැදලා දාන්න ඕන..පංතිය අතු ගාලා මොප් කරන්න ඕන"

😞😞😞

"දෙයියනේ මගේ අත"

මොනා කරන්නද අපි සේරම වැඩ කලා...මමත් තනි අතින් වැඩ කලා..කොඳු රිදෙනවා..ඇඬෙන සයිස් මට නම්..ඒත් අපි බඩු හොයා ගෙන වැඩ කලා...

"ඉක්මන් කරන්න අපි යන්න ඕන..වැස්සක් එනවා"

ඒ ටීචර් කෙනෙක්...
දෙයියනේ අපි වහල්ලුද මේ...

"දරුවෝ හදලා අපි මේ හැටිම දුක් විඳිනවා"

ඒ අම්මා කෙනෙක්....මට අැස් වලට කඳුළු ආවා..ඒත් අපි වැඩ ඉවර කලා...ඒ අපේ දරුවෝ වෙනුවෙන්...
හැමදාම එන අම්මලා ටික...දරුවෝ 45ක් ඉන්න පංතියක අම්මලා හතර දෙනෙක් විතරක් වැඩ...මුළු ඉස්කෝලේම එහෙමයි..

මම එළියට  ආවේ කළකිරීමෙන්...අවුරුද්දට දීපු සති දෙකේ නිවාඩුව ඉවර වෙද්දි පංතිය සුද්ද කරන්න එන්න කිවම ඒ ගියෙත් මම විතරමයි...

මැඩම් තනිකරම හිට්ලර්වරියක්...අම්මලාව මෙහෙකාර සේවයේ යොදවන දරුණු චරිතයක්...පලිගැනිම් අකුරටම කරන්නියක්....කටක් අැරලා මොකුත් කියන්න බැරි දරුවා නිසා...ඒත් මම ඉස්කෝලෙන් එළියට ආවේ අදාල ඉහල තැන් වලට දන්වන බවට හිතින් සපත කරන්...

තමුන්ගේ මානසික ප්‍රශ්න අම්මලා හා දරුවන්ගේ පිට යවන මෙවන් ගුරුවරු මොකටද...ඉස්සර අපේ ගුරුවරු කොච්චර හොඳද...අම්මලා නම් වැඩට ආව වගක් මතක නැ..එක්කෝ අපි කලා..නැත්නම් කාට හරි කරන්න බාර දෙනවා...අනේ මංදා මෙහෙව් කාලෙක මෙහෙව් ගුරුවරු අරහන්...අහෝ...



#මල්


Wednesday, May 9, 2018

හිතත් හරි පුදුම තැනක්....





කොටුවට ගිහින්  නුවර යන ඉන්ටසිටි කෝච්චියේ  නැග්ගේ හිතේ කොතැනක හරි බරක් තියාගෙන..ඒ බර හැමදාටම රිදුණ එකක්...මම හැමදාම බලන් ඉන්නේ ඒ බර බිම තියලා නිදහස් හුස්මක් දෙන්න අහසට...

මම මට අදාල නොම්බරය හිමි තැන ඉඳ ගත්තා...පුංචි කාලේ ඉඳන්ම මම ආස බස් එකේ ගියත් ජනේලයක් ලඟ යන්න....කොහොම හරි අඬලා ඒ තැන මම ගන්නවා.....ජනේලයක් ලඟ කියන්නේ ගොඩක් ඈතට යන්න පුළුවන් තැනක්...හිතන්න පුළුවන් තැනක්....මගේ කවි පොත පිරෙන තැනක්....

ඒ මොහොත මම ටික ටික ගෙවුණ හැමදේම මතක් කල එකම මොහොතක්.....මම ඉඳන් හිටපු තැනම අනික් ආසනයේ කවුරු හරි ඇවිත් ඉඳ ගත්තා....මම චුට්ටක් ඔළුව හරවලා බැලුවා....මම බලනවා දැක්කම ඔහුත් මගේ දිහා බලලා හිනා වුණා...අවුරුදු 35ක විතර ප්‍රිය මනාප මහත්මයෙක්....මමත් පෙරලා හිනා වෙලා එළියේ ඈතට ඇස් යැව්වා....

ඊළඟ මොහොතේ කෝච්චිය හෙමින් ගමන් ඇරඹුවා....ඉස්සෙල්ලාම ඔහු මට මුණ ගැහුණ දවස අද..ඒත් මේ කෝච්චියේදිම...මට ඉස්සරහින් ඉඳගෙන මා දිහා බලන් හිටපු ඔහු මුණ ගැසුණ මේ හැම දවසකම මම මේ කෝච්චියේම නුවර යනවා...ආපහු දවල් කෝච්චියේම එනවා...ඔහු මුණ ගැසුන දා ඉඳලාම අපි විනෝදට වගේ ⁣ඒ දවසට මෙහෙම ගියා.....ඔහු මාව දාලා ගිය දවසේ ඉඳලාම අද වෙනකල් මම මෙහෙම යනවා...තේරුමක් නැ වගේ දැනුනාට ඔහු ඉඳිවි කියලා බලාපොරොත්තුවෙන්...ඇයි එහෙම කලේ කියලා එක සැරයක් අහන්න....උත්තරයක් දුන්නත් නැතත්...

මම පියවි සිහියට ආවේ මගේ ලඟ හිටපු මනුස්සයා මට කතා කරද්දි...

"ටිකට් එක ඉල්ලනවා"

"අහ්..ඉන්න"

මම හිනා වුණා...ස්තූතියි කියන්න

එසැනින් මට ඕන වුණේ ආපහු මගේ මනෝ ලෝකෙට පිස්සුවෙන් වගේ යන්න...

ගෙදරට හොරෙන් ආදරේ කරපු...හොඳම යාළුවා විතරක්ම දැනන් හිටපු ඒ ආදරෙට අදටත් මම ආදරෙයි ....

"ගෙදරට කියමු"

කියපු හැම වෙලාවෙම එයා කිවේ

"දැන්ම එපා"

ඒ හැම පාරම මම හිත හදා ගත්තතේ

"මොනාම හරි හේතුවක් ඇති"

කියලා හිතලා.....අපි වෙන් වෙලා...නැ ..එයා මාව දාලා ගිහින් හරියටම අවුරුද්දයි...මේ වෙනකල් කිසිම ආරංචියක් නැතිව...මම මට පුළුවන් විදිහට හොයා බැලුවා..එයාට කිසිම අගෞරවයක් නොවෙන විදිහට.....මම අපි මුණ ගැහුණ හැම තැනකම රැකගෙන හිටියා..එයා කවදාවත් ඒ තැන් වලට ආවේ නැ..අඩුම ගානේ වෙන කවුරු හරි එක්කවත්...

අන්තිමට මුණ ගැහුණ දවසේ අපි ගොඩක් හිනා වුණා..කතා කලා....අන්තිමට වෙන් වෙලා යද්දි කිසි කලබලයක් නැතිව නලලේ තිබ්බ හාදුව තාමත් හීතලට දැනෙනවා ....

දන්නවා නම් දමා යන වග
යන්න දෙන්නැ ඇත්තමයි
මා සන්තකව තිබු එකම වත්කම
නුඹම පමණයි පෙර දිනේ

රිදෙන බව මේ හැටිම
දැන උන්න නම්
බැඳෙන් නැ මම
බිඳෙන බැඳුමක

නුඹේ ලඟින් හිඳ
සුසුම් ස්වරයක
බැඳි වෙහෙසව ලතැවෙමි
එන්න හිතුනොත් එන්න ආයිම
තාම මේ හිත නුඹටමයි....

*** *** *** ***
"දුකින්ද"..?

තිගැස්සුනා ඒ කට හඬට...


#ආදරණීය-මල්

Wednesday, April 11, 2018

සංසුන්ම සිතිවිලි ..

බස් එකේ කවුළු වලින් කම්මුල් තදින්ම සිප ගෙන එන හීතල හුළඟට ආදරේ කරන්න හිතෙන මොහොතක්..කොයි තරම් හීතල වුණත් මුළු ඇඟේම දැවටෙන ඒ හුළං පාර ඇස් දෙක පියාගෙනම විඳින්න හිතෙන මොහොතක්.....එකමෙක තප්පරයක්වත් ඒ හැඟිමෙන් මිදෙන්න නොහිතෙන මොහොතක්....හීන් වැස්සකුත් ඒ එක්කම....ඒත් ඇස් පියා ගෙනම ඒ මොහොත විඳිමි....

හන්තානට පායන හඳ
ලස්සනයිද බලන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න....

ඒ සිංදුව ඇහෙනවා ඒ මොහොතෙම....මම වැඩියෙන්ම සම වැදුන මොහොතේදි.....⁣ආසම කරන සිංදුවක්....ආසම කරන බර කට හඬ...වෙනදාටත් වැඩිය ඕන කමින් එ් සිංදුව මගේම කර ගන්න උත්සහ කරපු තරම්...ඇස් දෙක පියාගෙනම..ඒක හාවනාවක්.....මට ඇත්තටම හිතුනා ඒ සිංදුව අස්සේ ඉන්නේ මහ ඉරිසියාකාර පෙම්වතෙක් කියලා....එහෙම ලේසියෙන් මහවැලියට දාලා අමතක කරන්න බැරි මතක ගොඩක් ඒ සිංදුවේ හැම වචනෙකම තියෙනවා.....

කිසිම හැල හොල්මනක් නැතිව තවත් ඇස් පියා ගත්තා...

හන්තාන කඳුපෙල සඳට ආ වඩා
සරසවියට පිණි පොදක් වැටෙනවා
මගේ හද මැදුරට අඳුර ගලනවා
බට්ටිච්චෙක් මගේ දුකට හඬනවා...

ඊළඟට ඇහෙන සිංදුව....කිසිම සම්බන්ධකමක් නැතත් හිත නැවතුන සිංදුවක් භද්‍ර ජීගේ....ඒත් ඒ මොහොත තනි කමක් හිතට දැනුන මොහොතක්..කාගේ හො අඩුවක් දැනුන මොහොතක්.....අපැහැදිලි රූපයක් ඇස් අස්සේ ඇ⁣ඳෙන්න ගත්තා....පැහැදිලි කර ගන්න තරම් ඉස් පාසුවක් නැහැ...මොකද ඊළඟ මොහොත ඇස් තෙත් වෙන මොහොතක් වෙයි කියන බය තදින්ම හිත දන්න නිසා....හිතන්න වැස්ස දවසක හීතලම ඔබට මේ සිංදුත් එක්ක මොහොතක් ඔබේ හදවත ස්පර්ශ කරන්න ලැබුණොත්.....මේ හදවත හරි උණුසුම් ඒකේ දෙකක් නැ......

සමුගෙන යන්න ලෝබ වුණත් සමු ගත යුතුම මොහොතක අකමැත්තෙන් සමු දුන් මොහොතක්...හිතේ ගොඩක් දේවල් තියාගෙන...ඊළඟ මොහොතේ අකුරු කරන්න...මුළු හිතම නිවෙන බව දන්නවා...ඒ නිවුනේ ඔබෙන් වගත් දන්නවා.....




#ආදරණීය_මල්
#ජීවිතේ සමහර තැන් හරි පුදුමයි.... හමු වීම් මඟ හැරිම්..සමු ගැනීම්...හිත් රිදවීම් ...හිනාවල්..සතුට..දුක ..කඳුළු වගේ තවත් දේවල් එක්ක ගලන් යනවා.....

#අතීතය_ගුරුවරයෙක්මැයි කියන එක නම් මම අදහන ධර්මයක්...උගත් පාඩම් එක්ක මංපෙත් හෙලි පෙහෙලි කරන් තමා යන ගමන යන්න ඕන....අමතක කරන්න බැරි අතීත සටහන් එක්ක හූල්ල හූල්ල ඉන්න නැතිව අතැ හැරීම කියන තැන ඉඳලා ⁣හොඳ විදිහට ජීවිතේ හදා ගත්ත හැකි..

එක එක කාල වලදි අපිට විවිධාකාර මිනිස්සු මුණ ගැහෙනවා...අපිට ඇසුරු කරන්න සිද්ධ වෙනවා....උගත් පාඩම් වලින් නුවණ පෙර දැරි කර ගෙන මේ අයත් එක්ක ගණු දෙනු කරන්න පුළුවන් .....

සමහර තැන් වලදි අපිට මඟැරුන අපිව මඟැරලා ගියපු  අය ආපහු ඒවි...සමහර විට අර සුපුරුදු හිතේෂිවන්තකමින්ම.....නැත්නම් ඒකේ අනික් පැත්ත වෙන්නත් පුළුවන් ....ඒත් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ අය එන්නේ හොඳට නරකටද කියලා....සමහර විට බ්‍ඳිලා ගියපු බැඳිම් නැවත ඇති කර ගැනිමේ අභිප්‍රායම වෙන්න පුළුවන් ....

සමහර අය එනවා උදව්වක් කර ගන්නම ඕන වුණාම...ජීවිතේට කොහොමද සැප සනීප කියලා අහන් නැති අය වෙන්නත් පුළුවන් ...වැඩක් කර ගන්න ඕන වුණාම ආත්මාර්ථකාමීකමින්ම මතක් කරනවා...කිසිම පැකිලිමක් නැතිවම උදව් බලාපොරොත්තු වෙනවා....

ජීවත් වෙන්නේ ටික කාලයයි......ඒ ටික කාලේ හොඳ විදිහට ජීවත් වෙන්න ඕන.....ප්‍රිය මනාප විදිහට...ජීවත් වෙන්න ඕන දැනෙන්න.....ඒනිසා ජීවත් වෙන්න දැනෙන්න ....

#ආදරණීය_මල්

Tuesday, April 10, 2018

#තාත්තෙක්ගේ ඇස් දෙකක් කියන්නෙම නිල් පාටට දිලිසෙන තරු දෙකක්....ඒ ඇස් දෙකෙන් තමා දුවගේ ඇස් දෙකටත් එළියක් දෙන්නේ....

#තාත්තෙක්ගේ හිනාවක් කියන්නෙම ආදරය..කරුණාව ..ආරක්ෂාව පිරුන තැනක්....අන්න ඒ හැමදේකින්ම තමා දේදුන්නක් වගේ දුවෙක්ගේ මූණට එළිය වැටෙන්නේ....

ඒ හැමදේකින්ම තමා මහ පවුරකින් වට වුණා වගේ දුවෙක්ව රැකෙන්නේත්....තාත්තාගේ හදවතේ සිසිලසින් තමා දුවෙක් ලෝකය දකින්නේ.....ආදරය ඉගෙන ගන්නේ...කරුණාව ඉගෙන ගන්නේ...

#තාත්තෙක් කියන්නෙම අහසක්..දුවෙක්ගේ ලෝකයක්ම රකින....



#මල්


#කොල්ලැම්මා ආච්චි නිවන් ගිහින් දැන් ගොඩක් දවස්....⁣ඉස්සර අවුරුදු කාලෙ ලං වෙද්දි අපේ ගෙදර කැවුම් හදන්න ආව ආච්චි #කොල්ලැම්මා ආච්චි....එයා කවමදාවත් අපේ අම්මාගේ වචනයක් අහක දැම්මේ නැ....පණිවිඩේ ලැබුණාද එයා හරියටම ඒ දවසේ අපේ ගෙදර....එයාට බැරි වෙනකල්ම එයා අපේ ගෙදර ආවා....

#කොල්ලැම්මා ආච්චි මට නම් හරිම වීරවරයක්..එයාට හැම කෑමක්ම හදන්න පුළුවන්නේ රසට ....ඒක පුදුම හාස්මක් ඒ කාලේ මට හිතුනේ එහෙම.....එයා හරි මිටියි..සුදුම සුදු පාට කොන්ඩේ එයා ගෙඩියක් බැඳලා හිටියේ හැම තිස්සෙම...ඉස්සරහ දත් ඇන්දම ඉස්සරහට ඇවිත්....කළුම කළු පාට එයාව පුංචි කාලේ මට පුදුම ලස්සනයි කියලා හිතුනේ.....තාම මට මතකයි..ඇත්තටම එයා හැබැ ලස්සනයි ...රෙද්දයි හැට්ටෙයි ඇඳලා...පුදුම කඩිසරකමක් තිබ්බා එයාගේ ..."චූටි බේබි" ,කියලා ආදරෙන් කතා කරද්දි පුංචි මගේ හිතම පිරෙනවා...

මට ප⁣ස්සේ කාලෙක හිතුනෙම එයාගේ නම මොකද්ද කියලා..උප්පැන්නේ තියෙන්නෙත් ඒ නමද....පස්සෙදි මම හිතුනේ මෙහෙම....එයාට හිටියේ එකම පුතයි දරුකමට....කොල්ලැයේ+ අම්මා #කොල්ලැම්මා වෙන්ට ඇති කියලා මම හිතා ගත්තා....මොකද පංඩිතකමට ගිහින් අපේ අ⁣ම්මගේ දෙක තුන අහගන්නත් වෙනවා ඒ පාර....

#කොල්ලැම්මා ආච්චි අපේ ගෙදරට එන්නේ ඉර එනකොටම....මට හිතුනෙම එයා උදෑසන කොටසක් කියලා....ඒ තරම් එයා මගේ අස් දෙකට ප්‍රියයි...ඒ ආවම ඉස්සෙල්ලාම උදෙට කාලා කහට කෝප්පයක් බොනවා...එයාට ඉතිං වැඩ පටන් ගත්තම කෑමත් ඕන නැ...කහටම තමා...

එයා වැඩ පටන් ගන්නවා පිලවෙලට...පියවරෙන් පියවර පිලිවෙලට...කිසිම තැනක් අපිරිසිදු කර ගන්නැ....එළියෙන් එයාම හදා ගන්නවා එයාට ඕන විදිහට ලිපක්...අපි ඕන කරන ගල් හොයා දෙනවා....හැබැයි එයා කොන්ඩ කැවුම් හදන්න එයාගෙම පුංචි භූමිතෙල් ලිපක් අරන් එනවා..කොකිස් අච්චුව...කූර පවා එයා අරන් එනවා...ඒ එයාගේ අනන්‍යතාවය....

ඉතිං කැවුම් හදන්න ගත්තම මමත් ඉතිං බංකුවක් ලං කරන් ලඟින් ඉඳ ගන්නවා...මාත් එක්ක මොනා හරි කියවනවා ඉඳ හිට..වැඩ කරද්දි කතා නැ...මැෂිමක් වගේ.....

ගෙදර කැවුම් හදන කොට පලාතම සුවඳයි...හැම ගේකම එහෙමයි....ඒ කාලේ පුදුම සුන්දරයි අදට වඩා..ඇත්තටම අද ඉස්සර වගේ නැ හැම දේම වෙනස් වෙලා...

ඉතිං #කොල්ලැම්මා ආච්චි දවසක් අපෙ ගෙදර ඉන්න එකට මම ආසයි....එයා ලඟ නිදා ගන්න හිතුන වාර අන්නතයි...එයා ලඟින් එන්නේ අමුතු සුවඳක්..කරුණාවේ සුවඳද මංදා....ඊළඟ දවසෙත් උදේම එයා වැඩ පටන් ගන්නවා...එදාට තමා කොන්ඩ කැවුම් හදලා...දොදොල් හදන්නේ....දොදොල් හැදිල්ල තමා මම ආසම..ඒත් දුකම මාව ඒ වැඩේට ගන්නැ....අයියාලව තමා ගන්නේ දොදොල් හැදි ගාන්න ගන්නේ...මට කියලා කර ගන්නේ මුං කැවුම් පිටි ගුලිය ඒ හැඩේට කපා ගන්න එක...ආසාවෙන් කියන හැම දේමත් කරනවා..

#කොල්ලැම්මා ආච්චිව මතක් වුණා මමත් කොහොම හරි මෙදා සැරේ පුළුවන් විදිහට කැවිලි ටිකක් හදනවා....ඉස්සර නම් කාටම හරි කියලා හදා ගත්තා..නැත්නම් කඩෙන්....දරුවන්ටත් ඒ අත්දැකීම විඳින්න දෙන්න ඕන කියලා හිතුනා..😊...මට හොඳම අවුරුද්ද මේක වේවි....!



#මල්

Wednesday, January 10, 2018

#true_love

ඔයාලට හම්බ වෙලා තියෙනවද හැබැ ආදරය...ඇත්තටම හමු වෙලා ඇති..ඒත් බොහෝම ටික දෙනෙක්ට..එතකොටයි අපි කියන්නේ "අනේ ඒ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වෙනවා" කියලා....හැබැ ආදරේ ලෝකෙට පෙන්න නෙමේ..කොතනදිත් හැබැවක්මයි...

ජර්මනියේ හිටියා මෝසස් කියලා පොසත් මනුස්සයෙක්...ඉහල සමාජ ඇසුරක් පිලි ගැනිමක් තිබුණ කෙනෙක්...නමුත් මෝසස් දිහා බැලුවම වෙනසක් තියෙනවා...එයා කුදුයි..පිට මැද්දෙන් නැම්ලා...අපි සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් දැක්කම කියනවානේ "එයා හරිම කඩවසම්" කියලා..නමුත් ඒ කිසිම ලස්සනක් මෝසස් ලඟ තිබ්බේ නැ...ඒත් මෝසස්ට තිබුණා බොහෝම ලස්සන වටින දෙයක්....මෝසස්ට තිබුණා ලස්සන හිතක්....

මෝසස් අසාවෙන් හිටියා කසාද බඳින්න..නමුත් එයාව ඒ කතාවේදි ප්‍රතික්ෂේප වුනා...දවසක් මොසස් ව්‍යාපාර කටයුත්තකට ගියා එයාගේ යාළුවෙක්ගේ ගෙදර...ඒ යාළුවට හිටියා සහොදරියක්..ඇය රෑමත්...love at first sight අපි කියන්නේ දැක්ක ගමන් හිත ගියා නැත්නම් ආදරයක් ඇති වුනා කියලා...ඒ වගේම මෝසස් මේ තරුණියට දැක්ක ගමන් ආදරේ වුනා....

සේරම ඉවර වෙලා මෝසස් හිතුවා තරුණියට තමුන්ගේ හැඟිම කියනවා කියලා..එහෙම හිතලා මෝසස් තරුණිය ලඟට ගියා..ඇය ඉදිරියෙන් ඉඳ ගෙන ඇයගේ දුක සැප විස්තර ඇහුවා...නමුත් ඇය කිසි විටෙකත් මොසස් දිහා කෙලින් බලලා කතා කලේ ⁣නැ....වචනෙන් නොකිව ප්‍රතික්ෂේප කිරිම් ඇය ක්‍රියාවෙන් පෙන්නුවා...

ඒත් මෝසස් පසු බැස්සේ නැ..මෝසස් තරුණියගෙන් මෙහෙම ඇහුවා..

"ඔබ දෙවියන් විස්වාස කරනවාද"

"ඔව්" තරුණිය බිම බලාගෙනම කීවා

මෝසස් අහනවා..

"ඔබ දන්නවාද දෙවියන් වහන්සේ හැමදේම තීරණය කරනවා....කොටින්ම අපිට ගැලපෙන සහකරු හෝ සහකාරිය පවා"

ඇය හිනා වෙලා කියනවා..

"ඔව් ඒක ඇත්ත...මම ඒකත් විශ්වාස කරනවා..මටත් මේ ලෝකේ දෙවියන් මවපු කෙනා ඉන්නවා"..ඇය ආඩම්බරෙන් කිවා...

"එහෙනම් ඔබ දන්නවද දවසක් මම දෙවියන් මුණ ගැහෙන්න ගියා...මම කිවා මම ආදරේ තරුණියක් ඉන්නවා..ඇය ඉතාමත් රෑමත්..ඒත් රූමත් ඇය කුදුයි කියලා"..

දෙවියන් වහන්ස කිවා "ඔබආදරෙයි නම්..ඇය රූමත් නම් කුදු බව ගැටළුවක් කර ගන්න එපා..ඇයව විවාහ කර ගන්න"

මම කිවා "නැහැ දෙවියන් වහන්ස රූමත් ඇයට කුදුව ගැලපෙන් නැ...ඇගේ කුදුව මට දෙන්න කියලා" අන්න එතන ඉඳලයි මම කුදෙක් වුණේ...."

ඇය පුදුමෙන් ඔහු දිහා බලන් හිටියා...පුදුම ආදරේකින්..ඇය ඔහු හා විවාහ වුණා ...සැබැ ආදරෙත් එක්ක..

සැබැ ආදරේ තියෙන්නේ හිතේ...බලන්න දවසක ඔබටත් හමුවේවි...

මල්......


Tuesday, January 9, 2018

#හොඳමකෙනා#

අපි ගොඩක් වෙලාවට අපේ ජීවිත වලට ලං කර ගන්න කැමති හොඳම දේවල්....ඒ අපි හොඳින් ජීවත් වෙන්න තියෙන කැමැත්ත නිසා..

එක මහත්මයෙක් හිටියා...එයා ගොඩක් හොඳ කෙනෙක්...තමුන්ගේ යුතුකම් වගකීම් හැම තැනකදීම හරියටම තිතට කරපු කෙනෙක්...
මිල මුදල්..සැප සම්පත් හැමදේම එයාට තිබ්බා...

ඒත් එයා කවදාවත් විවාහ වුනේ නැ....එයාට අවුරුදු 90ක් වේද්දිත් එයා අවිවාහකයෙක්...එයා නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරු වෙලා මරණාසන්න වෙලා හිටියේ...

දවසක් එයාව මුණ ගැහෙන්න කෙනෙක් ආවා...මේසා විසාල සැප සම්පත් තියෙන මේ වයොවෘද්ධ මනුස්සයාට මෙහෙම කිවා..

"ඔබට දැන් වයස 90 ක් වෙනවා...දැන් හොඳටෝම ලෙඩ වෙලා මේවා රහස් හැටියට තියන් ඉඳලා දැන් වැඩක් නැ...මෙච්චර ධනයක් හිමි ඔබ ඇයි විවාහ නොවි හිටියේ"....

එතකොට අර වයොවෘද්ධ මනුස්සයා මෙහෙම කිවා..

"මමත් ආසාවෙන් හිටියා විවාහ වෙන්න..දරුවෝ හදන්න..ඒත්..මට ඕන වුනේ හොඳම කෙනා"

"ඉතිං ..ඔබට හමුවුනේ නැද්ද ඔබ හොයන එහෙම කෙනෙක්ව"

"ඇයි නැත්තේ..මට මුණ ගැහුණා"

ඉතිං...ඔබ කීවේ නැද්ද ඇයට ඔබ ඇයට ආදරේ කරන බව"..

"ඇයි නැත්තේ...මම කිවා..ඒත් ....එයත් ⁣හොය හොය හිටියේ හොඳම කෙනා"..

ජීවිතේ ඇත්ත ඒකයි සමහර වෙලාවට අපි හොඳම කෙනා හැටියට තෝර ගන්න කෙනාට අපි ⁣හොඳම කෙනා නොවෙන්න පුළුවන් ..ජීවිතේ සමහර දේවල් ගලප ගන්න අමාරුයි..ඒ එකක් තව එකකින් වෙනස් නිසා...

මල්...


ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...