#කොල්ලැම්මා ආච්චි නිවන් ගිහින් දැන් ගොඩක් දවස්....ඉස්සර අවුරුදු කාලෙ ලං වෙද්දි අපේ ගෙදර කැවුම් හදන්න ආව ආච්චි #කොල්ලැම්මා ආච්චි....එයා කවමදාවත් අපේ අම්මාගේ වචනයක් අහක දැම්මේ නැ....පණිවිඩේ ලැබුණාද එයා හරියටම ඒ දවසේ අපේ ගෙදර....එයාට බැරි වෙනකල්ම එයා අපේ ගෙදර ආවා....
#කොල්ලැම්මා ආච්චි මට නම් හරිම වීරවරයක්..එයාට හැම කෑමක්ම හදන්න පුළුවන්නේ රසට ....ඒක පුදුම හාස්මක් ඒ කාලේ මට හිතුනේ එහෙම.....එයා හරි මිටියි..සුදුම සුදු පාට කොන්ඩේ එයා ගෙඩියක් බැඳලා හිටියේ හැම තිස්සෙම...ඉස්සරහ දත් ඇන්දම ඉස්සරහට ඇවිත්....කළුම කළු පාට එයාව පුංචි කාලේ මට පුදුම ලස්සනයි කියලා හිතුනේ.....තාම මට මතකයි..ඇත්තටම එයා හැබැ ලස්සනයි ...රෙද්දයි හැට්ටෙයි ඇඳලා...පුදුම කඩිසරකමක් තිබ්බා එයාගේ ..."චූටි බේබි" ,කියලා ආදරෙන් කතා කරද්දි පුංචි මගේ හිතම පිරෙනවා...
මට පස්සේ කාලෙක හිතුනෙම එයාගේ නම මොකද්ද කියලා..උප්පැන්නේ තියෙන්නෙත් ඒ නමද....පස්සෙදි මම හිතුනේ මෙහෙම....එයාට හිටියේ එකම පුතයි දරුකමට....කොල්ලැයේ+ අම්මා #කොල්ලැම්මා වෙන්ට ඇති කියලා මම හිතා ගත්තා....මොකද පංඩිතකමට ගිහින් අපේ අම්මගේ දෙක තුන අහගන්නත් වෙනවා ඒ පාර....
#කොල්ලැම්මා ආච්චි අපේ ගෙදරට එන්නේ ඉර එනකොටම....මට හිතුනෙම එයා උදෑසන කොටසක් කියලා....ඒ තරම් එයා මගේ අස් දෙකට ප්‍රියයි...ඒ ආවම ඉස්සෙල්ලාම උදෙට කාලා කහට කෝප්පයක් බොනවා...එයාට ඉතිං වැඩ පටන් ගත්තම කෑමත් ඕන නැ...කහටම තමා...
එයා වැඩ පටන් ගන්නවා පිලවෙලට...පියවරෙන් පියවර පිලිවෙලට...කිසිම තැනක් අපිරිසිදු කර ගන්නැ....එළියෙන් එයාම හදා ගන්නවා එයාට ඕන විදිහට ලිපක්...අපි ඕන කරන ගල් හොයා දෙනවා....හැබැයි එයා කොන්ඩ කැවුම් හදන්න එයාගෙම පුංචි භූමිතෙල් ලිපක් අරන් එනවා..කොකිස් අච්චුව...කූර පවා එයා අරන් එනවා...ඒ එයාගේ අනන්‍යතාවය....
ඉතිං කැවුම් හදන්න ගත්තම මමත් ඉතිං බංකුවක් ලං කරන් ලඟින් ඉඳ ගන්නවා...මාත් එක්ක මොනා හරි කියවනවා ඉඳ හිට..වැඩ කරද්දි කතා නැ...මැෂිමක් වගේ.....
ගෙදර කැවුම් හදන කොට පලාතම සුවඳයි...හැම ගේකම එහෙමයි....ඒ කාලේ පුදුම සුන්දරයි අදට වඩා..ඇත්තටම අද ඉස්සර වගේ නැ හැම දේම වෙනස් වෙලා...
ඉතිං #කොල්ලැම්මා ආච්චි දවසක් අපෙ ගෙදර ඉන්න එකට මම ආසයි....එයා ලඟ නිදා ගන්න හිතුන වාර අන්නතයි...එයා ලඟින් එන්නේ අමුතු සුවඳක්..කරුණාවේ සුවඳද මංදා....ඊළඟ දවසෙත් උදේම එයා වැඩ පටන් ගන්නවා...එදාට තමා කොන්ඩ කැවුම් හදලා...දොදොල් හදන්නේ....දොදොල් හැදිල්ල තමා මම ආසම..ඒත් දුකම මාව ඒ වැඩේට ගන්නැ....අයියාලව තමා ගන්නේ දොදොල් හැදි ගාන්න ගන්නේ...මට කියලා කර ගන්නේ මුං කැවුම් පිටි ගුලිය ඒ හැඩේට කපා ගන්න එක...ආසාවෙන් කියන හැම දේමත් කරනවා..
#කොල්ලැම්මා ආච්චිව මතක් වුණා මමත් කොහොම හරි මෙදා සැරේ පුළුවන් විදිහට කැවිලි ටිකක් හදනවා....ඉස්සර නම් කාටම හරි කියලා හදා ගත්තා..නැත්නම් කඩෙන්....දරුවන්ටත් ඒ අත්දැකීම විඳින්න දෙන්න ඕන කියලා හිතුනා..😊...මට හොඳම අවුරුද්ද මේක වේවි....!
#මල්
Tuesday, April 10, 2018
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරණීය ආදරය.. ..... කයිරාගේ තිබුණ කලබලකාරි හැසිරීම් දිහා බලන් ඉද්දි මට කයිරාත් එක්ක ඇති වුනේ කේන්තියක්..ඇය අම්මා තාත්තා ඉස්සරහා හැසිරෙ...
-
පුංචි හිතක හීන ගොඩක් රෑ වෙලා එළිවෙන හැමදාම නිමාවක් නැති අහසක් තරම් තියෙනවා මේ හිත අරා.... තටු සලා ඉගිලිලා යන්නට වරම් නැතිවද හිත පුර...
No comments:
Post a Comment