Thursday, September 14, 2017
හරියටම මතකයි එදා.... හොඳටම වැස්ස දවසක්...මම බස් එකෙන් බැහැලා එද්දි නුවර ටවුන් එකේදි එයා මගේ පස්සෙන් ඇවිත් කීවා..
ප්ලිස්..මට කතා කරන්න ඕන ..
මට තෙරේනවා මගේ කම්මුල් රතු වෙලා..ලේ බහිනවා රස්නෙට..මහ වැස්සේ මම දාඩියෙන් නෑවිලා..බලෙන් මගේ කුඩේ අස්සට ඇවිත්..දවසයි වෙලාවයි කිවා....
හරියටම ඒ දවසේ ඒ වෙලාවේම පුරුදු බස් හොල්ට් එකේ මහා වැස්සක අපි මුණ ගැහුණා....ඊට පස්සේ ගියේ වයිට් හවුස් එකට...
අපි ගියා....ඉඳ ගත්තා...මූණෙන් මූණ බලන් ඉන්නවා කතා නැ...එයා ඕඩර් කලේ ඒ හීතලම දවසේ හීතලම හීතල ලෙමන් ජූස්...🙂
මම බය වෙලා බලන් ඉද්දි එයා මගේ අතක් අරන් එයාගේ අත් දෙකටම මැදි කර ගත්තා..ඒ අත් හරිම උණුසුම්...
ඊට පස්සේ අපි කතා කලා ..ඒත් මම එයා අහපු ප්‍රශ්න වලට උත්තර දීපු එක් විතරයි කලේ..
එයා හිනා වෙනවා..
ඒ වැස්සේ...ඊට පස්සේ අපි ආවා එළියට...එකම කුඩේ ඇතුලේ....ඉස් ඉස්සෙල්ලාම..එයා මාව ලඟට අරන් තුරුල් කරන් යන ගමන්..හෙමින් මගේ නලල සිප ගත්තා තමා...
෴ආදරණීය මල්෴
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...