Sunday, December 8, 2019

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන දැක්කා ඔයා මගේ විතරමයි කියන හැඟිමත් එක්ක...සමහර වෙලාවට මම ඔයාගේ උරහිසේ හිස තියාන ඇස් වල කඳුළු කුට්ටි හිර කරන් අහනවා "ඔයා මගේ විතරයි නේද" කියලා..එ හැම වෙලාවෙම හැම දවසකම ඔයා පුදුම ආදරෙකින් මගේ නලල සිප ගත්ත වග මට තාම මතකයි...උඩට ඇද්ද හුස්ම ආපහු ඔයා පහලට දැම්මේ හුඟක් වෙලා ගියාට පස්සේ... "ඔයා ඉන්නෙ හොඳම තැන පරිස්සම් ඇතිව" ඔයා පපුවට අත තියලා කියනවා.. මං නුඹෙමද අහන හිතින් නුඹ මගෙමද හිතනව නම් මන් විතරද අහන මුවින් මගෙ විතරද කියනව නම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනවනම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්... වෙන් වෙලා යන්න බැරි තරම් ආදරයක් හිතේ තිබුණාට අපි කොච්චර ඈතද..මට ඕන වුණේ ඔයා ලඟින්ම ඉන්න..ඔයාව විඳ ගන්න.. ඔයා මට නිතරම ඒත්තු ගැන්නුවා අපි කොච්චර දුරද කියලා...මම ප්‍රශ්ණ අහන එක නැවැත්තුවේ ඊට පස්සේ..ඔයාගේ අමුතු ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාව මතක තියා ගන්න උත්සහ ගත්තා...ඒක භාවනාවක්...අපි අපේම වෙච්ච හීනෙක කොටසක්.... සඳ අහසට රළු පොළව දුරයි කියනවා එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම් අපි ගැන දන්නා කවිරුත් තව නෑ අපි අපේ විතරනම් ජීවිතේ තනි මංසලක අතරමං වෙලා වගේ හැඟිමක් ඉබේම හිතට එනවා...ඔයා මං ලඟ නැති මූසල පාළුවත් එක්ක..ඒක හරි භයානකයි....හරියට තට්ට තනියෙන් තිත්ත කළුවරේ තනියම ඇවිදිනවා වගේ....ඇත්ත හඳ අයිති ඉරට..හඳට එළිය දෙන්නේ ඉර...හඳ ආදරේ ඉරට...හරියට අපි දෙන්නා වගේ..සමහර මතක කටුක වුණත් මම ජීවිතේ ඉගෙන ගත්තේ ආදරේ ඉගෙන ගත්තේ ඔයාගෙන්..ඔයා හරි පුදුම කෙනෙක්..ඔයාගේ හැම ස්පර්ශයක්ම පුදුමයි..කතා කරන වචන පවා..මාව මගේ හිත එකවරම නිවෙන සංසිදෙන තැන ...ඒකයි මම අහන්නේ මගේ විතරමයි නේද කියලා....අසීමාන්තික ආදරේ හංදා වෙන කෙනෙක්ගේ වෙයි කියන බයට..මං ආත්මාර්ථකාමි ... මං නුඹෙමද අහන හිතින් නුඹ මගෙමද හිතනව නම් මන් විතරද අහන මුවින් මගෙ විතරද කියනව නම් සාගරේ හඩ දිගේ මේ ගඟ ගලනව නම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතරනම්... සාගරේ හඩ දිගේ මේ ගංග ගලනවනම් මං නුඹේ නුඹ මගේ අපි අපේ විතර නම්..


 #ආදරණීය_මල්❤❤
.
 වචන..රඛිත වාකිෂ්ට
තනු..තිලිණ රුහුණගේ
හඬ..ජගත් වික්‍රමසිංහ






No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...