Sunday, December 8, 2019

#අපි_දෙන්නා 3


 හ්ම්ම්...කියනවා නම්..අහන් ඉන්නවා නම් කොච්චර දේවල් තියෙනවද කියන්න......මට ඕන ඔයා ලඟට වෙලා හැමදේම කියන්න....මට තිබුණ ..මට දැණුන ..මම ආසම කරපු හුදකලාවෙන් මම මිදිලා වගේ හැඟිමක් දැනෙනවා..මගේ දකුණු පැත්තෙන් මට ඔයා ඉන්නවා වගේ හැඟිමක් දැනෙනවා... ඔයා කවුද කින්ද මංද කියන එක මායිම් නොකර මම ඔයාට ආදරේ කරන්න ගත්තේ ඔයා මට ආදරේ කරන්න අරන් ටිකක් කාලෙකට පස්සේ තමයි...ඒත්...මට දැන් ඔයාව දැනෙනවා...සමහර විට හැම තත්පරේම....සමහර විට ජීවිත කාලෙම මට දැනේවි...ඒ..මම මේ තරම් ලං වුණ එකම පිරිමි පරානේ ඔයා නිසා වෙන්න ඇති.... මට ආදරේ වග මම දන්නවා....ඔයා මහ නාහේට අහන් නැති ජීවියෙක්...හැමදේම සිද්ධ වෙන්නේ වුණේ ඔයාට ඕන විදිහට...මම ඒකට කැමති.....ආදරේදැයි ඇහුවම "පිහියක් ගනින් පපුව පලලා පෙන්නන්න" ඒවා මහ අමුතු කතා...මට හිනා යනවා... "ඇයි බං ආදරෙයි කියලා හැම තිස්සේම කියන්න ඕනද" මම සද්ද නැතුව ඉන්නවා...හරි අමුතු චරිතයක්...මට හුරු වෙන්න තවත් කල් යාවි...සමහර විට හදිසියේ හරි මට මැරෙන්න වුණොත් මට එ්කවත් මට ඕන විදිහට කර ගන්න බැරි වෙයි.. "මාව දාලා මැරෙන්න" මාව බය කරන වචන...ඒත් අපි හැමදේටම ලැහැස්ති වෙන්න ඕන..නිකමට හිතන්න මාව දාලා දවසක ඔයාට යන්න වුණොත්..හ්ම්ම් ..ඔව් මම පුරුදු වෙනවා බිම බලාගෙන හැමදේම දරා ගන්න...ඒත් ආදරේ නම් හැමදාම තියේවි....ඒක ටික දවසකින් ඇති වුණ ආදරයක් වුණත් මම පුදුම තරම් ආදරෙයි....සමහර විට කිසිම කෙනෙක් ඒ වගේ ඔයාට ආදරේ කරන එකකුත් නෑ...හැබැයි යන්න ඕන නම් කියලා යන්න...මොකද මඟැරීම් වල තියෙන්නේ හරි භයානකකමක්... මම කැමතිම ඔයා එක්ක ඉද්දි හරි හෙමින් වෙලාව ගත වෙනවා නම්....මොකද කාලෙකින් හමු වෙලා ඉක්මනින් වෙන් වෙන්න ලොබයි...එකට හිනාවෙවි ඉන්න පුංචිම වෙලාවක් වුණත් හරිම ආදරණීයයි..දන්නවද.... හුදෙකලාවල් .........අහු මුළු වල ගැවසෙන්න ආස මම දැන් කැමති ඔයත් එක්ක ඉන්න....මම කියන්නම් දෙයක්....පිරිමියෙක් කියන්නේ බොහොම රළු කෙනෙක්...ඔයා වැඩියෙන් එහෙමයි...ඒත් ඔයා මට දක්වන මුදුකමට මම ලෝබයි...මාව හිනස්සන කරන වැඩ වලට ලෝබයි...තිස්සේම ඇඟේ දැවටෙනවට ලෝබයි.. "සදාකාලිකව ඔබගේ හදවත හිමි නැත ටික කලෙකට හෝ මට එහි ලොව්තුරු සුව ඇත" ඔයා කවුද..කොහෙන් ආවද..ඔය කිසි දෙයක් මට වැදගත් නෑ....මට යන්න කියනකල් මම ලඟින් ඉන්නම්...මට තව කාටවත් දෙන්න හිතක් තව ඉතිරි වෙලා නෑ....ඔයා සින්නක්කරවම ඒ හිත ලියාගෙන ඉවරයි... #



#ආදරණීය_මල්❤❤

No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...