#අපි_දෙන්නා 4
මම වෙනස් වෙලාද...සමහර විට එහෙම වෙන්න ඇති...හැමදේම වෙනස් වෙනවානේ නේද...ඉතිං මම ටිකක් වෙනස් වුණාද මොකද..?හැමදේම හීනයක් වගේ...
මම ආසම මගේ හුදෙකලාවට මම ආයිත් පුරුදු වෙන්න ඕන..ඔයා මුණ ගැහෙන කල් හිටපු විදිහට....ඔව් එහෙම වෙන්න ඕන...හිත් රිදුම් තවත් දරා ගන්න අමාරු බැව් දනිමි...හිත හදන්න කවුරුවත් නෑ...
මට කිසිම බලපෑමක් කරන්න එපා...මට යන්න ඕන....ඔයා ඔයාගේ ජීවිතේ තීරණය කරන්න ඕන...මාවත ලඟ තියන් ඒක කරන්න බෑ...මම දන්නවා...අනික මම කිසිම කෙනෙක්ට අසාධාරණයක් වෙනවට කැමති නෑ.....වරදක් කරන්න කැමති නෑ..හැබැයි ඕනම දවසක එන්න ඔයා තනි වුණොත්...තනිය දැණුනොත් ...මම ඉන්න වග මතක තියා ගන්න...
"ඉන්න"කියන්න එපා...මගේ ආදරේ මම හිත පුරාම තියන් රැක ගන්නවා....හරියට අම්මෙක් දරුවෙක් රකිනවා වගේ...මට වෙන කිසි කෙනෙක් එපා...මම යන්නෙත් නෑ...ඔයා වගේ කවුරුත් නෑ...ඒක මම දන්නවා...
"යන්න එපා...මට ඔයාව ඕන"
එහෙම කතා කියන්න එපා..මම දුර්වල වෙනවා...
ජීවිතේ හරි පුදුම සහගතයි ...මට අහම්බෙන් ඔයාව මුණ ගැහෙනවා.....මම ආදරෙත් කරනවා..ඒ ඇත්තටම ...ඒක වෙනස් වෙන් නෑ....ඒත් හිත පෑරිලා ....ඒ හිත හදා ගන්න ඕන...එ්ක කරන විදිහ මට තේරෙන් නැ...
මට අඬන්න ඕන කෑ ගහලා අඬන්න ඕන....මට ඒකටවත් අවසර නෑ...අසාධාරණයි නේද...ඇස් වලට එන කඳුළු අමාරුවෙන් නවත්ත ගන්නවා...මගේ හැඟිම්...මම සංවේදි වැඩිද..ඔයා මාව හරියටම දන්නේ නෑ.....මගේ පපුව අමුතු විදිහට රිදෙනවා..ඒත් මම උත්සාහ ගන්නවා...පරණ පුරුදු විදිහට ඉන්න...අමාරුයි තමා...
මම වැරදිද....මම ඉක්මන් වුණා වැඩිද ..ඔයාට ආදරේ කරන්න....මට යන්න දෙන්න....හිතේ කොහේ හරි තැනක මාව කැමති නම් තියා ගන්න...තිතක් තරම් ඉඩක....ටික දවසකින් මාව ඔය හිතින් බැහැර වෙයි...මම පුදුම වෙන් නැ....එහෙම තමයි මිනිස්සු ....මිනිස්සුන්ගේ හිත්...වෙනස් වෙනවා....මට බැරි වුණාට....එහෙව් හිතක් මට ලැබුණ එක වැරදි...මටත් ඕන ගල් හිතක්....
"අපි යාළුයිද"
පොඩි එකෙක් වගේ අහද්දි කඩන් වැටෙන්නේ මගේ හිත...
"මම තරහ නෑ" මම කියද්දි..
"යකු මම ආදරෙයි"
"මට ඕන"
" උඹව දාලා යන් නැ"
මං නැතිව ඔයාට ජීවිතේ අමාරු වෙන් නෑ...ඒක මම දන්නවා...මං වෙනුවෙන් කැප කල හැම තත්පරේටම පිං...මම ඈතින් පෙනෙන නොපෙනෙන දුරක ඉන්නම්...මාව හිතෙන් අතුගාලා දාලා හිත පිරිසිදු කරන් ඔයා යන තැනට යන්න...ඒක වෙන්න ඕන එහෙම..
පුළුවන් නම් විතරක්... එක ආත්මෙක හරි එන්න..මාව ඔයාගේ කර ගන්න...අර මං තියපු පෝලිමේ කොතැනක හිටියත් මම තෝර ගන්නේ ඔයාව....එච්චර ආදරෙයි...
#
නිමි...
#ආදරණීය_මල්❤❤
Sunday, December 8, 2019
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
No comments:
Post a Comment