Sunday, December 31, 2017

මල් සුවඳ...



ඇද කුද නැති තනි ඉරක් වගේ ජීවිතේ හදා ගන්න ඕන...වැරදි..අතපසු වීම්..වැටීම් නැගිටීම් එක්ක...ශක්තිමත්ව

2017 වගේම ගෙවුන හැම අවුරුද්දක්ම අපිට වැදගත්..එක්තරා සංදිස්ථානයක්....අතීතය තමා හොඳම ගුරුවරයා..ආපස්සට හැරිලා බැලුවොත් අපිට පුදුම පාඩම් ගොඩක් කියලා දෙන...

ගෙවුන හැම අවුරුද්දේම අපි අපිට නොගැලපෙන දේවල් කොයි තරම් කරන්න ඇද්ද....සමහර විට හිත හොඳ නිසාම...එපා...මින් ඉදිරියට එන එක දවසක්වත් එවන් වු මෝඩකම් වලට ඉඩ දෙන්න එපා...

ලද අත්දැකීම් එක්ක අපි හැමෝම ⁣වෙනස් වෙන්න ඕන... හොඳ විදිහට..සමහර විට ඒ වෙනස් වීම් තව කෙනෙක්ට දරා ගන්න බැරි වෙයි..ඒත් කමක් නැ ඒ යහපත් වෙනසින් ලස්සන හෙට දවසක් ලැබේවි...

පුළුවන් නම් ජීවිත කාලයම බොරු නොකියා ඉන්න උත්සහා කරන්න..තැන තැන කේලාම් ඕප දූප කීමෙන්....අනුන්ට අපහාස කිරිම්..අනුන්ගේ දේවල් හොරකමට ගැනිමෙන් වැලකිමෙන් වඩා යහපත් ජීවිතයක් ලැබෙනු නියතයි....

හිනා වෙන්න...මට නම් ලෝකෙන්ම ලස්සන රිඇක්ට්  එක හිනාව..හැබැයි හදවතින් එන හිනාවක්...ඒකයි පුංචි දරුවන්ගේ හිනාවට හිත පිරෙන්නේ...

මුලින්ම ඔබ ඔබට ආදරේ කරන්න...ඊට පස්සේයි අනික් අය...ආදරය ..කරුණාව..දයාව බෙදා හරින්න මුළු ලෝකේටම...

ජීවත් වෙන්න ඕන හිමිදිරිය වගේ...මල් සුවඳ වගේ....

ආදරණීය මල්.....


Saturday, December 30, 2017

මොකුත් නොකියාම
බලා හිඳිමි
ඔබ අමතන තුරුම
හිත නොරිදෙන බව කියමි
හිත පිරික්සා නොබලනු මැනවි...
ඔබට අවැසිම දිනෙක
අමතන්නැයි කියමි
මම බලා හිඳින බව විතරක් පවසමි.
..





෴ ආදරණීය  මල්෴
මම ඇතුළු හැමෝම ලැහැස්ති 2017 අවුරුද්දට සමු දෙන්න...ඒ එක එක අලුත්ම සැලසුම් එක්ක...අලුත්ම විදිහට...වෙනස්ම විදිහට....

හැම අවුරුද්දේම වගේ මේ අවුරුද්දේත් කාගෙත් බලාපොරොත්තුව ගිය අවුරුද්දේ කල මෝඩ වැඩ මේ අවුරුද්දේ නොකරන්න...ඇත්තටම වෙන්න ඕනෙත් ඒක..නැත්නම් ආයෙත් ඊට වඩා මෝඩ වැඩ ඊලඟ අවුරුද්දේත් කරනවා...

බලාපොරොත්තු තමා අපිව ජීවත් කර වන්නේ.....ගිය අවුරුද්දේ ඉටු කර ගන්න බැරි වුන දේවල් මේ අවුරුද්දේදි කර ගන්න ඕන...ටික ටික..

හිත රිදිම් අමනාපකම් ඕන තරම් තියෙන්න ඇති...සම සිතින් දරා ගෙන ඉන්නත් ඇති....තරහ වෙන්නත් ඇති...කිසිම තරහක්..ක්‍රෝදයක් ඔබ අරන් නොයනවා නම් හොඳයි..ඒ ඔබේම හිත සුවය පිණිස....වැරදි කරපු අයට හිතින් සමාව දෙන්න පුළුවන්...ඔබ ඔබට වැරදි කළ පහත් මිනිස්සුන්ගේ ගොඩට වැටෙන් එකක් නැ....

එකම පරමාර්තය සතුටින් ඉන්න එක....අත් වැරදිම් වලක්වා ගැනිම....තව කෙනෙකගේ හිත නොරිදවන එක...හෙමින් තමුන්ගේ ගමන යෑම....

පහු ගිය වැරදි කිසිවක් අරන් යන්න එපා..එතකොට ඊළඟ කිසිම අවුරුද්දකදි කිසිම වරදක් නැති කෙනෙක් වෙන්න පුළුවන් ...

හොඳම දේ අරන් යන්න හොඳම දේ ලැබේවි...

මල්...



#හොඳමයාළුවා#

මට හිතෙන්නේ හොඳම යාළුවෙක් හැමෝටම ඉන්නවා...හොඳම යාළුවෙක් හැම විටම සවන් දෙන්නෙක්..කිසිම චුරු චුරුවක් නැතිව...කොන්දේසියක් නැතිවම...

සමහර වෙලාවට මුළු ජීවිත කාලෙම කෙනෙක්ට ඉන්නේ එකම හොඳ යාළුවෙක්...ඕන තරම් යාළුවො උන්නත් තමුන්ගේ හැමදේම කියන්න බැ ඒ හැමෝටම...අන්න එහෙම වෙලාවට තෝර ගන්නේ වඩාත්ම විශ්වාසවන්ත පුද්ගලයාව...

හොඳ යාළුවෙක් හැම වෙලාවෙම හොඳ දරා ගන්නෙක්....මොන තරම් කාර්ය බහුල වුනත් යාළුවෙක් වෙනුවෙන් සියලු රාජකාරි පසෙක තියන්නෙක්....හිත හදන්නෙක්....නොමඟ නොයවන්නෙක්....

සතුටේදි වගේම දුකේදිත් කිසිම වෙනසක් නැතිව එකම හිනාවෙන් ලඟින් ඉන්න පුළුවන් හොඳම අවංක යාළුවෙක්ට විතරයි....

ඒකයි කියන්නේ freind in need is friend indeed  කියලා....

මල්..


Friday, December 22, 2017

ඔබ එතැයි සිතුවෙමි
මඟ බලා සිටියෙමි
ආදරේදැයි නොදනිමි
ආදරේ යැයි නොකියමි
ඒත් නුඹ ⁣සෙව්වෙමි
රැවටුනාදැයි නොදනිමි
රැවටුවායැයි නොකියමි
දුර ඈත බව දනිමි
ඒත් තව තව බලා හිඳිනෙමි...



෴ ආදරණීය මල්෴




ජීවිතේ හරියට ලියලා ඉවර කරන්න බැරි පොතක් වගේ...හැමදාම අළුත් පරිච්ඡේදයකින් පටන් ගන්නවා...සමහර වෙලාවට එක පරිච්ඡේදයක් ඉවර කරන්නත් ඉස්සෙල්ලා තවත් පරිච්ඡේදයක් පටන් ගන්නවා...

හැම සිදු වීමක්ම සිද්ධ වෙන්න පටන් ගන්නේ වංගුවකින් හැරෙද්දිම...කාරණා කාරණා සිද්ධ වෙන්නේ කොක් හඬලා හිනා වෙන්න හරි අඬන්න හරි නෙමි....පාඩම් ඉගෙන ගන්න..අකමැත්තෙන් හරි අපිට සිද්ධ වෙනවා ඒ පාඩම් ඉගෙන ගන්න...සමහර සිද්ධ වෙන දේවල් දරා ගත නොහේ..නමුත් දරා ගත යුතුයි..ජීවිතේ දිනන්න නම්....

මල්......


සමහර තැන් පසු කරද්දි 
හිත ගැහෙන බැව් දනිමි
ඔබ සිටිදැයි හොරැහින් බලමි
ඒ පුරුද්දට  බව
හිතට තරවටු කරමි

ඒ තැන් දැන්
හිස් බව දනිමි
හරියටම මගේ
හිත වගේදැයි විමසමි ..

ඔබ නේන බැව් දනිමි
කඳුළු බර වැඩි බව කියමි
දෙනෙත් අහකට ගනිමි
දරන්නට බැරි නිසා බැව් දනිමි..



෴ ආදරණීය මල්෴ 


වෙනස් නොවන
කිසිත් ඇද්දැයි
විපරම් කරමි...
වෙනස් වෙන
සෑම දෙයක් ලඟම
ඔබත් වෙනස් නොවන්නේ
මංදැයි සිතමි....
හිත රවටා ගැනිම
තරම් නොවනු ඇත
ඒත් මම මගේ හිත
පරිස්සම් කර යුතුය
ඔව් පෙර ලෙසම
රැකිය යුතුය
එය රිදවා ගත යුතු නැත...


මල්.....
 

Thursday, December 21, 2017

ලේබලයක් නොඅලවනවා නම් මා කැමතිය
මා සැලසුම්කරුවකු නොවෙමි
දැලක් වියනවා නම් එයට
කලාවක් තිබිය යුතුමය
නැතිනම් ලෙහෙසියෙන් කෙනෙක්
හසු වන්නෙද නැත
මා කපටියැයි නොපවසන්න
හසු නොවි ඉන්නවා නම් මැනවි.....
කලාවක් ඇති බවත්
නෙත් අතරමං කරවන බවත් සැබෑය
මුලාවේ නොවැටෙන තරමට
ඔබ සිහි විකල් නොවනු අත....
මේ ම⁣ගේ හැටිය
තව තවත් දැල් වියනු ඇත
හොඳම දේ ඔබ හසු නොවි
ඈතින් ගමන් කිරිමයි...

෴ ආදරණීය මල්෴


සඟවනා දුකක්
ඇත්දැයි සිතුනි
හීනියට හිනා වෙන
ඇස් වල තියන්
දැක්ක හැටි වරදක්ද

මදෙපා මුල තියලා යන්න
ආයේමත් ආවාම
නුඹේ දුක මිටින් ගෙන
විසි කරමි අහසට

අයදිමි...සිනා නුඹ ගන්න
දුක් කඳුළු  මට දෙන්න
රිදෙන්නට හිතක් නැති
දරා ගත මෙමට හැකි......

෴ ආදරණීය මල්෴



වැඩි සීනි අනවශ්‍යයයි
නෙස්කැෆේ එකකට
අවශ්‍ය වෙන්නේ ඔබේ
ආදරයෙන් බිඳක් පමණයි
එයත් එක බැල්මකින් වුව ඇති
සීනි වලටත් වඩා ප්‍රණීත බව
අමුතුවෙන් කිව යුතු නැ
එහි රසය මම හඳුනමි..

෴ ආදරණීය මල්෴



Tuesday, December 19, 2017

බැනුමක් අැහුවම හිතකොයි තරම් රිදෙනවද කියලා අම්මි දන්න ඇත්ත තමයි..පාරක් ගැහුවට වඩා බැනුමකින් හිත රිදෙන වග අම්මි ඉගෙන ගත්තේ ගොඩ ඉස්සර...ඒත් ඉඳ හිටලා බනින්න සිද්ධ වෙන අවස්ථාත් එන වග මයෙ දුව හිතට ගන්න ඕන...ගහන්න හිතට තරම් නොවෙන හංදා....

චූටි කාලේ මාත් එහෙමයි..ගහනවට වඩා බය බනිනවට...අත්තම්මා බැන්නම වරු ගානක් අඬ අඬ කාමරේ අස්සට වෙලා ඉද්දි අප්පච්චි සීයා ඇවිත් ෂේප් කර ගන්නවා....අත්තම්මා ඒ ඇඬිලි වලින් සැලුන නැති නිසා වෙන්න ඇති එයා එහෙම කලේ....

ඒත් මම වෙනස් ඔයාට කෑගහලා ඒ සැනින් ඔයාගේ ඇස් වලට කඳුළු එද්දි වැඩියෙන්ම හිත රිදෙන්නේ මගේ....ඒකයි හැරෙන තැපෑලෙන් මම ඔයාව තුරුල් කර ගන්නේ...

ජීවිතේ හැල හැප්පිම් එක්ක යන්න ඕන ගමනක්...ඔයා ඒකට පුරුදු වෙන්න ඕන මට පාර පෙන්නන්න පුළුවන් ...හරි වැරැද්ද පෙන්නන සමහර වෙලාවට හිත රිදුනට මා එක්ක තරහ වෙන්න එපා...හිත් රිදෙනවා මීට වඩා ඔයා දවසක තනියෙන් ගමන් යද්දි..ශක්තිමත් වෙන්න ඕන ඒ නිසයි....

උදේ පාන්දර නැගිටලා කෝපි එක බොන්න එද්දි ඉස්සෙල්ලාම මම කරන්නේ ඔයාව මගේ පපුවට තුරුල් කර ගන්න එක....මගේ පපුව ගැහෙන සද්දෙන් මගේ ආදරේ ඔයාට දැනෙන්න අරින්නයි මට ඕන....පුළුවන් තරම් දුර මම එනවා ඔයාලා එක්ක..වැටෙන් නැතිව යන්න මම කියලා දෙන්නම්..තරවටු වල අගේ දැනෙවි දවසක... අම්මට දැන් දැනෙනවා වගේ.....ආදරෙයි පන....❤️❤️❤️❤️

කොයි අම්මත් එහෙමයි....

Monday, December 18, 2017

ඉතිරිය...


යම් දිනෙක අපට ඉතිරි වන්නේ අප කල කී දෑ වල හොඳ නරකය....හොඳත් නරකත් දෙක දෙපැත්තකට ⁣ගොඩ ගැසුවොතින් අපි වඩාත්ම කැමති හොඳ ගොඩට බව ඒකාන්තයි...ඒක සාමාන්‍ය දෙයක් පෘතග්ජන මිනිසුන් අතර....

2017 ඉවර වෙන්න තව දවස් කීපයයි...නිස්කලංකව හිතලා බැලුවොති්න් ගෙවි යන අවුරුද්දේ හොඳ නරක ..අතපසු වීම්..බිඳ වැටිම්...අමනාපකම්.....ගොඩ ගසන්න එක එක පිලිවෙලකට...හොඳ ටික අරන් පැත්තකට වෙන්න එපා....අපි කිවොත් මිස්ටේක් කියලා...හොඳ අයින් කරලා පැත්තකට කරලා මිස්ටේකන් ටික ගන්න...බලන්න ඒ මේ අත හරවලා..කොතැනද වැරදුනේ ඇයි එහෙම වුනේ...සිද්ධ වෙච්ච හැම නරක සිදුවිමක්ම එකට එකතු කරලා හදා ගන්න පුළුවන් හැම වරදම හදා ගන්න අමාරුම දේවල් ආයෙත් නොවන තැනට හිත හදා ගන්න..හැමදාම වගේ පසුතැවීම් අරන් යන්න එපා....

 ඔබේ විනිසුරු ඔබම වෙන්න....තීරණය කල හැක්කේ ඔබට ඊළඟට ඔබ ගන්න තීරණය ගැන සහ ඔබ තියන ඉදිරි අඩිය පිළිබඳව......

මතක තියා ගන්න⁣ හොඳ නරක දෙකම ඉතිරි වන බව...





මල්....

බීතිකාව....

ඉස්සර වගේම තාමත් කැරපොත්තෙක් ..මකුළුවෙක් ..මියෙක් දැක්කම මගේ පන යනවා ඉබේම....ඉස්සර රෑට හෙම කැරපොත්තෙක් ආවාම පුදුම විදිහට අසරණ වෙනවා..මොනා වුනත් රෑ වුනාම කැගැසිම තහනම්..ඒක ගැහැණු ළමයෙක්ට නොහොබි.....ඒ අපේ අම්මාගේ නීති සහ අණ පනත්ය..මම ඉතිං ඒ සියල්ලටම බයේ ඔළුවේ ඉඳන් පෙරවගෙන නොනිදා නිදා ගන්නවා....ඉස්සර කැරපොත්තෙක් මකුළුවෙක් ඉන්න දිසාවකටවත් හැරිලා නිදා ගන්නේ නැත....

ඒ ඉස්සරය...ඊට පස්සේ පෙම්වතියක් වුනාම...දවසක් වැඩ ඇරිලා බස් එකේ එද්දි එයා හෙමින් සීරුවේ මගේ ඔඩක්කුවෙන් තියලා තිබ්බ ප්ලාස්ටික් පත්තෑයා දැක්කම මර හඬින් කෑ ගැහැහුවේ මුළු පිට කොටුවම දෙවනත් කරලා..රෑ පුරාම නිදි නැතිව බස් එකේ ගෙදරත් වැඩිය  සැපට නිදන් උන්න මහත්මයෙක් අපව ඇමතුවේ ඉහලම වචන වලින්ය....ඒවා නම් මතක් වෙද්දි හිනාය...

ඊට පස්සේ කසාද බැඳලා ඒමය....මගේ හැටි දන්නා ඔහු වෙලාසනම මට දැනුවත් කිරිම් කලා...

"අනේ වඳින්නම් කැරපොත්තෝ දැක්කම කැ ගහන්න නම් එපා...තාත්තා බනි ඇ"

මේක මාර අසාධාරණයක්ය....මම බය නම් මම කැ ගැසිය යුතුය....ඉගිලිලා එන කැරපොත්තෙක්  දැක්⁣කම මම කෑ ගහගෙන නවතින්නේ මිදුලේය....ඒත් මාමංඩි මට ආදරේය..දවසක් දෙකක් පොල්ලක් අරන් ආවාය....කැරපොත්තෙක් බව දැන ගත්තම එයා ආපහු හැරිලා යනවා....ඊට පස්සේ සද්දෙට විනාඩි පහකට පස්සේ මාමන්ඩි එනවා..

"ආ ..ලමයා කැරපොත්තෙක් නේද"

😊😊😊😊😊

ඊට පස්සේ කැ ගැහිල්ලට හබි ආවේත් නෑය...එතකොට නම් මට තද වෙනවා...

"මං මලත් මෙයාට කමක් නැ"

ආඬපාලි කෝටියයි...


ඒ මොනා වුනත් දැන්නම් මම කැරපොත්තන්ට බය නැති වග දනිමි...ඒ මොර්ටින් වලට පිංසිදධ වෙන්නටය...බය වග හඟවමි..ඒත් බය වග දනිමි...එදත් අදත් ඔය සත්තු මගේ සතුරන්ය.....


මල්....

Monday, December 11, 2017

ජීවිතේ සමහර රිදුන තැන්...පිච්චුන තැන් වල කැලැල් තාමත් එහෙමම තියෙන වග උඹත් මාත් දන්න ඇත්ත...ජීවිතේ සමහර නොලැබුණ තැන් උඹ හොයන් යද්දි මම සද්ද නැතිව බලන් උන්නේ ඒක එහෙම වෙන්න ඕන නිසා බව මම දන්න හංදා...

ගෙවිලා ගියේ ටික කාලයයි....උඹත් මමත් හමු වෙච්ච වෙන් වෙච්ච තැන් වල කවදාවත් තණකොල හැදෙන් නැ ....ඒ තැන් හරි නැවුම් හැමදාම ....

දන්නවද මම තාමත් ආසයි රෑට අහස දිහා බලන් ඉන්න උඹ තරුවක් වෙලා මගේ දිහා බලන් ඉන්න වග මම දන්නවා...අන්න තරුව දිගේ අපේ හමු වීම ..වෙන් වීම දක්වාම මතක අතරට මාව අරන් යනවා....තාමත් කොතැන⁣දෝ රිදෙන වග දන්නවා..නුඹ නැතිව නුඹ එක්ක සැරි සරන කොට ..හ්ම්...

෴ ආදරණීය මල්෴


ඔව් ...මඟැරෙන්නට යන හැම තැනම හොඳින් පිරික්සා බැලිය යුතුයි
වෙන් ඕනම නම් හේතු ඇති
සොයා බැලිය යුතුමයි
මොකද මගේ හිතේ
වෙන් වෙන්න සේයාවක්
ති⁣බුණේම නැති නිසා...

ඉස්සර මට ලියපු
හැම කවියක්ම
අද ලියවෙන්නේ කා නමටදැයි
සොයා බැලිය යුතුයි
ගැලවෙන්නට බැරි තැනක
'මම ආදරෙයි' කියලා එවන
කෙටි පණිවිඩෙිකට මගේ හිත
දැන් පිරෙන්නේ නැති වග කිව මනාමැයි

බේරෙන්නට බැරි තැනක
ඉතාම කෙටි ඇමතුම්
ඉඳ හිට ලැබෙන
ගණන් මිණුම් ඇතිව
මට කියන්න පුළුවන්

ආ...කාලෙකින් එකමෙක විනාඩියකට
මුණ ගැහුණාම
මගේ ඇස් දිහා නොබලා
කතා නොකරන්නේ මංදැයි
මට හේතු ඇතිව කිව යුතුමයි

හමු වීම් වෙන්විම් ලඟ
අපි මහ අරුමයක් නොවුණත්
හිමිදිරිය වගේ අරුමැසි ම ප්‍රේමය
ඔබට එපා වීමට හේතුවද
කියන්න හිතවත
වෙන්වීම රිදිමක් වුව
සමුගෙන යා හැක
අතින්වත් නොඅල්ලා...

෴ ආදරණීය මල්෴
ඔබ කිසිම දවසක නොදුටු
අහස පුරා පායපු තරු ගොන්නේ
පායලා හංගිලා උන්නු
පුංචිම තරුව මම...
ඔබ කිසිම දවසක
දැක බලා ගන්න
උත්සහයක් නොගත්
තනියම ඔබ එක්ක හිනැහුන
ඒ තරුව මම....
ඔව් ...ඔබ අදත් බලන් ඉන්නවා
පේනවා මට ඈතටම  ...
ඒත් මම ඉන්නවා
ඔබට පේනම දුරින්
ඔබ හඳුනා නොගත් මම...
ඔබ නිදන හැම රෑම
ඔබේ නලලත් සිප
කඳුළින්ම සමු ගමි
මට අහිමි සෙනෙහසින්......

෴ ආදරණීය මල්෴


පාළුව කියන්නේ ඔබ නැතිව
ඉන්න තරමට නම්
මම විඳවමි
නෝක්කඩු වලට මූලාම්බරය
මම නම් ඉන් මිදෙන්නත්
හේතු හොයන්නෙත් මමයි
කතා නොකර ඉද්දි
ඉස්සර වගේ හිත නොරිදෙන්නේ
දැන් පුරුදු නිසා වෙන්නැති
ඒත් ඔබ ලඟ නැති මොහොත තමයි
මට පාළුව කියන්නෙත්.. දැනෙන්නෙත්
ඉතිං එනකල් ඉන්නම් ආයෙමත්...

෴ ආදරණීය මල්෴


දුවෙක් කියන්නේ ලෝකයක්.  ඇස් මානේම තියන් රැක බලා ගන්න ඕන...මම රස්සාව දාලා ගෙදර නැවතුනේ (කොයි තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත්) මගේ ලොකු දුව නිසා..මෙහෙකාරියන්ට නතු කරනවට වඩා මගේ ඇස් ලඟ එයා හැදෙනවා වැඩෙනවා බලන්නයි මට ඕන වුනේ...මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා දැන්..එ් එක්කෙනෙක්වත් මම කවදාවත් වැඩකාරියින්ට පැවරුවේ නැ..තාමත් ඔවුන් තුන් දෙනාගෙම හැමදේම කරන්නෙ මම  

මට මෙහෙම ලියන්න හිතුනේ ඊයේ උදේ  මම චූටි දුවව ඉස්කෝලේ අරන් යද්දි දැකපු සිද්ධියක් නිසා...දෙක වසරේ වගේ චූටි දුවෙක් බස් එනේ තනියම ඉඳන් උන්නා..ඇය හුරතල් දරුවෙක් නිසා මම ඇය දිහා බැලුවා..අැය ලස්සනට හිනා වුනා...ඉස්කෝලේ ලං වුනාම ඇය නැගිටලා දොර ගාවට ගියා..බස් එක බ්‍රේක් කල පාර ඇය වැටෙන්න ගියා..මම එයාව අල්ල ගත්තා ..වට පිට බැලුවේ මේ දරුවා එක්ක වැඩිහිටි කවුරුත්ම ඉන්නවද බලන්න...බහිදදිත් මම පරිස්සමින් බැස්සුවා..එතකොටයි ඔන්න දරුවගේ බාරකාරයෙක් පිටි පස්සෙන් බැස්සේ...ඒ .ඒ දරුවාගේ සීයා..එයාට මේ ලෝකේ සිහියක් නැ..."ආ..ඔයාට තනියෙන් ඔය ටික යන්න පුළුවන්නේ" කියලා අර මනුස්සයා ගියා...මම මගේ දුවත් අතින් අල්ලන් එයාවත් අල්ලන් ඉස්කෝලේට දාලා ආවා ..

ආදරණීය අම්මේ..කාටත් ප්‍රශ්න තියෙනවා..නැත්තේ නැ...ඒත් දරුවන්ට පලවෙනිම තැන දෙන්න...සල්ලි හම්බ කරලා මොකටද දරුවන්ට මොනා හරි වුනොත්...අද කාලේ ඇහෙන කතාත් එක්ක දරුවාව තියා ගන්න ඕන ඇස් දෙකේ...පස්සේ මොනා හරි වුනාම පොළවේ පස් කාලා වැඩක් නැ....

මල්.....

වරදවා වටහා ගන්න එපා මේ ලියවිල්ලේ තියෙන්නේ සමහර දරුවන්ටග් අනාරක්ෂිත බව මිස මව්වරුන් ගෙදර නවතින්න කියලා නෙමි...😊

Thursday, November 30, 2017

ගිනි බිදිද්දි නුඹව මානා
කෙනෙහිලුන් ඇද වද දෙනා විට
ඉවසගෙන අහකට බැලු
නුඹ යවපු හුස්මයි සකි සඳ
හුළඟක් වෙලා මේ පාව යන්නේ...
ඒ සාපයයි...

හිසත් හාරා දල ගනිද්දි
රිදුන තැන් පිරිමදිනු බැරිවට
ඇස් පලාගෙන බිමට වැටුණේ
උණු කඳුළු විතරයි
වැහි වගේ මේ පොළව හාරා වැටෙන්නේ..
ඒ සාපයයි...

උපන් දා සිට නොකළ වරදට
රිදි රිදි ඇදුමක් ඇදෙන විට
මව් මතක් වි හිත කීරි ගැහිලා
බිම වැටි හඬනා හැඬිල්ලයි
අකුණු ලෙස පුපුරා වැටෙන්නේ..
ඒ සාපයයි....

තිරිසනෙකු වි උපන් පාපෙට
විඳපු දුක් කඳ උහුලනා බැරිවට
පපුව පැලිලා පොළව මත පුපුරා වැටෙද්දි
තුමුල උස් කඳු දෙදරා වැටෙන්නේ..
ඒ සාපයයි......

෴ ආදරණීය මල්෴

Sunday, October 1, 2017

සතුට හා දුක-------------

එකිනෙකාගෙන් වෙනස් වන සතුට හා දුක...කෙනෙක් සතුටින් සිටයදි අනෙකා දුකින්ද කල් ගෙවයි....සතුටත් දුකත් ඒ ඒ කෙනාගේ මනස අනුව බෙදි යයි....සමහර මිනිස්සුන් ඉතාම පුංචි දෙවල් වලින් පවා ඔවුන් උපරිම සතුටු වන පුද්ගලයින්ය...ගොඩක් වෙලාවට ඔවුන් ඉතා ප්‍රිය මනාප පුද්ගලයින්ය ... ඇතැමුන් කිසිම දේකින් තෘප්තියක් නොලබන මිනිසුන්ය....

ජීවිතය කියන්නේ පුදුම තැනක් ...හැමදාම කෙනෙක්ට සතුටක් නැති වෙන්න වෙන්න පුළුවන් ..ඒත් උත්සහ කරන්න ඕන තමුන්ගේ හිතට සතුට ලං කර ගන්න..සතුට තමුන්ව හොයා ගෙන එන් නැ..ඔබේ හිතට පුළුවන් සතුට  ඇතිකර ගන්න..ඔබ දුකින් නම් හිතන්න ඇයි ඔබ දුකට පත් වුනේ..ඔබේම වරදක්ද.හිතන්න....වැරදි වලට ඉඩ දෙන්න එපා...හිත රිදුනේ ඔබේ වරදකින් ඒ වරද නිවැරදි කර ගන්න පුළුවන් ..නැවත නැවත එකම වරද වෙන්න දෙන්න එපා.....




ඔබම තීරණය කරන්න..ඔබ තොර ගන්නේ සතුටද දුකද..එය රදා පවතින්නේ ඔබේ  අතේ ඔබේ තීරණය මත...

සතුටින් ඉන්න උත්සහ කරන්න....ඒක සරලයි..ඔබ දුකින්නම් දුක නැති කර ගන්න  ඔබට පුළුවන් සිංදුවක් අහන්න.....එහෙමත් නැත්නම් චිත්‍රපටියක් බලන්න..කවියක් ලියන්නත් පුළුවන්....නැත්නම් හිත මිතු⁣රෙක් එක්ක කතා බහක යෙදෙන්න...

හිතන්න තනියම..දුක කොයි  තරම් කටුකද කියලා
ඔබ ඔබම වෙන්න..ඔබේ සතුට ඔබේ ලඟයි..ඔබම තීරණය කරන්න.....ඔබ තීරණය ගන්න....


මල්...


පුංචි හිතක හීන ගොඩක්
රෑ වෙලා එළිවෙන හැමදාම
නිමාවක් නැති අහසක් තරම්
තියෙනවා මේ හිත අරා....

තටු සලා ඉගිලිලා යන්නට
වරම් නැතිවද හිත පුරා
ඇස් පියාගෙන පියඹමි
සුළඟ විඳගෙන හී සැරේ

නිල්ල නිලනා කෙත් වතු මැදින්
හීයේ වේගෙන් දිව යමි
කවුරුවත් නොදකිනා සතුටත් අරන්
හීතලට තටු විහිදමි

ගඟක ඇල දොලක සිහිලස
කන්දේ හැපෙනා හිරු රැස් මතින්
හිනැහි හිනැහි පාවෙමි
මුළු ලොවම ලඟ යැයි හැඟි...



෴අදරණීය මල්෴

Tuesday, September 26, 2017

නොනවතවා වැටෙන මහ වැස්ස
කියන්නේ ජීවිතය තවත්
බර වැඩි වග
හැල්මේ දුවන්නට ඉඩ හසර ඇහිරෙන කොට

තෙමිගෙන කපුටන් ගානට
කුඩයකින් ඇති වැඩක් නැති
කිටි කිටියේ හිර වෙච්ච බසයට පැන්නේ
ජීවිතය තියාලා පරදුවට

තෙමුන ඇඳුමෙන් අස්සේ
ඉන්නේ තව ගැහැණියක්
මඟ බලා ඉන්න පොඩි වුන් සිප ගන්න
ඇස් යටින් බල බලා
තෙමි නැහැවුන ඇඟ දිහා
එපා ගිනි ගන්න හිතවත

ජීව්තේ කටුක බර
උහුලන්නේ දරාගෙන
වැස්ස නුඹටත් මදිද
අපේ ගින්න තාමත්
බුර බුරා ඇවිලෙන..

෴ආදරණීය මල්෴


සමහර විට ආදරේ නිසාම වෙන්නැති
නොකියා කියද්දි යන්න කියලා
දරාගෙන් හිටියේ නොගොසින්ම

ඒත් ආපහු හැරිලා බලද්දි
මට හිතෙනවා මම ඇයි
ඔයා ලඟ නැවතුනේ කියලා
ආදරේ නිසා වෙන්න ඇති...

තාමත් ඉඳ හිටක කොහෙන්දො
ඔයාගේ කට හඬ ඇහෙද්දි
මම ගැස්සෙන්නේ
ආදරේ නිසා වෙන්න ඇති

ඔයා ලඟ නැති එක පුදුම හැඟිමක් වුනත්
මම තාමත් උත්සහ කරන්⁣නේ
අපේ හමුවීම වගේම
වෙන් වීමත් හීනයක් කියලා
හිතන්න විතරමයි ....

 ෴ආදරණීය මල්෴



මඟුල් පිංතූරයක් නැතත්
හැමදාම අළුත් වෙන ආදරයක්
අපිට තියෙනවා හැමදාම

මාල තැලි වලට අයිතිවාසිකම් නොකිවට
ඔයා මගේ හිත පුරෝලා තිබ්බෙම ආදරේ

මට කිසිම නෑයෙක් නැති කොට
මට කිසිම අඩුවක් දැනෙන්න
මොහොතක්වත් දුන් නැ ඔයා

අම්මා තාත්තා නොහඳුනන
තනි වෙච්ච ලොකේට උරුම කම් කීව
නිල් මොණර කොල වලට
විකිනෙන්න නොදි
මාව බේරගෙන එනකොටත්
මට යන්න තැනක් නැති කොට
ඒත් ආපහු හැරෙද්දි මාව
නවත්ත ගත්තේ ඔයා

එදා ඉඳලා අද වෙනකල්ම
හැමදේම අහිමි කරගෙන
මටත් දරුවන්ටත් ජිවිතේ
දරාගෙන හුස්ම දෙන්නෙත් ඔයා

ආදරේ උතුරන  ඔය ඇස් ගාව
මගේ හිත හැමදාමත් ණය ගැති
මට දෙන මේ ආදරේ මිලක් නැති...

෴ආදරණීය මල්෴



තුඩ තුඩ හඬ නඟා
අනෙකාගෙ දොස් පරොස්
හිතින් මවා ගෙන
වඩා ඔද තමුන් හරියැයි
නොදැන හරි යමක්
දොඩයි වරු ගණන්
තමන්ටත් වැඩක් නැති
අනුන්ටත් වැඩක් නැති
තොසා කිවත් ඕපාදූපයන්
නොහදුනනා තම දොසා
මෙවන් මිනිසුන් කෙරෙන් ඇත්තෙ
අනුන් සිත් බිඳින
විස දලක්මැයි

෴ආදරණීය මල්෴





හතකටත් වඩා කිරි කල
හැමොටම දුන්න
කුස වැදු දරුවටත් විටක එය නැති⁣ වෙච්ච
තෙවෙනි දරු ගැබ බර දරන්
යන්නෙ පෝරකයට මස් වැද්දො ගෙල සිඳින

ටිකක්වත් අනුකම්පාවක් නැති
කුමට යදිනවද ජීවිතය උන් ගාව
තවත් උන් හඬ තලන කොට
උන්ට ඒ නෑසිච්ච

කුස ඇතුලේ දඟලනා මයේ කිරි පුතුනි
නොයැද ඉඳපන් ජීවිතය අපිට තහනම් ඉල්ලන්න ජීවිතය

යන ගමන එකට යමු බය නොවි ඔහොමම ඉන්න
ආයෙමත් කිසිදාක ඉපැදෙන්නේ නැතිව ඉමු
කෙලෙහි ගුණ නොදන්නා
මිනිස්සුගේ ඇස් ගාව..

෴ආදරණීය මල්෴


Friday, September 22, 2017

මගේ පොත් කියවිල්ලයි..කුරුටු ගෑවිල්ලයි ඒ දවස් වල එයාට පුදුම හිසරදයක්...පොත් වල ඇලි ගැලි ඉද්දි ගෑවි නොගෑවි වේගෙන් එහා මෙහා යයි..ඒත් මම පොතේය...ලියවිල ගැනත් එසේමැයි..

බලන් ඉඳලා බැරි තැනක එයා පොත් ගේන එක නැවැත්තුවා ..හොරෙන්ම පුස්තකාලයට බැඳිලා කොට්ටේ යට තියන් කිවද්දි අහු වුනාම බය වෙලා මම බලන් ඉද්දි..එයා හෙමින් ඔළුව අත ගාලා ගියා..තහනම ඉවතට එතැන් සිට...

ලියවිල්ල..ඒ ගැන කිසිම රසන්‍යතාවයක් එයාට නැ...එයාට ලියපු කවි කොල සේරම ඒ ආකාරයටම මට අහු වුනේ මාව කැන්දන් ආවට පස්සේ...මුංදැට අායේ කවි ලියන්නැ කියලා තරයේම හිතට ගත්තා..

ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙකු වෙච්ච එයා ගැන නොලියාම බැරි වුන සමහර අවස්ථාක මම ලිව්වා....

දැන් සියල්ල කනපිටය..මට වඩා මගේ ලියවිල්ල ගැන එයා විමසිලිමත් වෙද්දි පුදුම වුනත් නොහඟවා සතුටු වෙමි...පොත් ලබන අවුරුද්දේ කරමු...සියළු බැර පැන ඔහු දරනු ඇත..කඳුළු අතරින් සිනාසීමි.....මේ සැරේ පොත් ගන්න යන්න බැරි වුන එක ගැන දුක් වෙද්දි සල්ලි දෙන්න හදද්දි මම එපා කිවේ තව දේවල් කර ගන්න තියෙන නිසාමයි..එහෙනම් ලබන පාර වෙද්දි අපි ප්ලෑන් එකකට වැඩේ කරමු පොත් ගොඩක් ගන්න...කාලයාගේ ඇවැමෙන් ඔහු වෙනස් වි ඇත..ඒ මා වෙනුවෙන්ය...

ඉතිං ඔහු  වෙනස් කලේ මමය....

Sunday, September 17, 2017

හිනා වත ම පිනවන
දුටුව මුල් දවසේ සිට
අමතක නැ තවම
හිත පුරා ඇත තාම

හිමි නොවන බව දැනත්
තාම නුඹ ගැන හීන
පුරන මේ මගේ හිත
ගිලන් වී විඳින දුක

@ ආදරණීය මල්


Thursday, September 14, 2017



හරියටම මතකයි එදා.... හොඳටම වැස්ස දවසක්...මම බස් එකෙන් බැහැලා එද්දි නුවර ටවුන් එකේදි එයා මගේ පස්සෙන් ඇවිත් කීවා..

ප්ලිස්..මට කතා කරන්න ඕන ..

මට තෙරේනවා මගේ කම්මුල් රතු වෙලා..ලේ බහිනවා රස්නෙට..මහ වැස්සේ මම දාඩියෙන් නෑවිලා..බලෙන් මගේ කුඩේ අස්සට ඇවිත්..දවසයි වෙලාවයි කිවා....

හරියටම ඒ දවසේ ඒ වෙලාවේම පුරුදු බස් හොල්ට් එකේ මහා වැස්සක අපි මුණ ගැහුණා....ඊට පස්සේ ගියේ වයිට් හවුස් එකට...

අපි ගියා....ඉඳ ගත්තා...මූණෙන් මූණ බලන් ඉන්නවා කතා නැ...එයා ඕඩර් කලේ ⁣ඒ හීතලම දවසේ හීතලම හීතල ලෙමන් ජූස්...🙂

මම බය වෙලා බලන් ඉද්දි එයා මගේ අතක් අරන් එයාගේ අත් දෙකටම මැදි කර ගත්තා..ඒ අත් හරිම උණුසුම්...

ඊට පස්සේ අපි කතා කලා ..ඒත් මම එයා අහපු ප්‍රශ්න වලට උත්තර  දීපු එක් විතරයි කලේ..

එයා හිනා වෙනවා..

ඒ වැස්සේ...ඊට පස්සේ අපි ආවා එළියට...එකම කුඩේ ඇතුලේ....ඉස් ඉස්සෙල්ලාම..එයා මාව ලඟට අරන් තුරුල් කරන් යන ගමන්..හෙමින් මගේ නලල සිප ගත්තා තමා...


෴ආදරණීය මල්෴

Thursday, September 7, 2017

මම පිළිවෙලක් කියලා දෙයක් ඉගෙන ගත්තා නම් ඒ අපේ අම්මාගෙන්ම තමයි...ඈ ඉතාමත් මනා පිළිවෙලකින් යුත් කාන්තාවක්..ඇයත් රැකියාවක් කළ තැනැත්තියක්...ඒත් කිසිම දවසක ඇය ගෙදර කැළැවට යන්න දුන්නැ...වැඩට ගියෙත් සේරම කරලා...මට හොඳට මතකයි..උදේම නැගිටලා අම්මයි අප්පච්චියි දෙන්නම උයනවා..උදේට වෙනම කෑම හදලා දවල්ටත් උයනවා..යුද්ධයක් වගේ..ඒ අතරතුර ගෙවල් සුද්ද කරනවා..අයියලා නම් ටිකක් ලොකු නිසා එයාලා තනියම ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න..අප්පච්චි මාව ලෑස්ති කරනවා..ලේසි නෑනේ දරුවො හතරක් ඉස්කොලේ යවලා හැමදේම කරලා වැඩටත් යන එක..

චුට්ටක් තේරෙන වයසට ආවාම අම්මාගේ මේ වික්‍රමය ගැන මම කල්පනා කලා...දවසක මට පුළුවන් වෙයිද අම්මා වගේ වෙන්න මේ සා විශාල කොටසක් මගේ ජීවිතේට ඈද ගන්න පුළුවන් වෙයිද...අම්මා නම් හරි පුදුමයි..ඇගේ පිළවෙල..රටාව මේ හැමදේම මට නම් පුදුමයි තාමත්..



මට මතක ඇති කාලේ ඉඳලාම අම්මා මාව සූක්ෂම විදිහට හැසිරෙව්වා..පිළිවෙල කියා දෙන්න..බැනුම් අහපු..ගුටි කාපු..අඬපු අවස්ථා එමටයි..ඉස්සර ඒ දවස් වල මට අම්මාව හරිම වදයක්..හමුදාවෙන් වගේ කාමරෙට කඩා පාත් වෙද්දි මට සේරම වෙලා ඉවරයි..හැම අහු මුල්ලක්ම පරික්ෂාවට ලක් වෙද්දි මම මුල්ලකට වෙලා බලන් ඉන්නවා ඊළඟ වටේ ගුටි කන්න හරි බැනුම් කෝටියක පූජාවට මම ලක්වෙන බව දන්න නිසාම...ඒ බයටම මමත් ගෙදර හැමෝමත් පිළිවෙල පුරුදු වුනා...හැම අතින්ම..



අම්මා කියා දීපු පිළිවෙල මට ආභරණයක් වුනේම මම කොළඹ රස්සාවට ඇවිත් බොඩින් වුනාම...හැම දේම කර ගන්න වුනේ තනියෙම..නුහුරු පරිසරයක..ජීවිතේ
ඉදිරි ගමන යන්න පෙර හුරුවක් ලැබුණ හොඳම තැන..බොඩිමේ ඇන්ටි එයාගේ දරුවෙක්ට වගේ ආදරේ කරද්දි..මගේ පිළිවෙල අගය කරද්දිි මට මතක් වුනෙ අම්මාව....මා ඒ තැනට ගෙනාපු...

ඊට පස්සේ විවාහ වුනාම..මාත් රැකියවට යද්දි මම මට පුළුවන් තරමින් මගේ අම්මාව අනුගමනය කලා..ඊට පස්සේ දැන් මගේ දරුවො...මගේ අම්මා වගේ සැරට නැතත් පිලිවෙලදි මම එයාලට අනිවාර්යයෙන් තදින් ඉන්නවා...හැබැයි ආදරෙන්..මොකද මම දන්නවා ආදරෙන් කියද්දි දරුවො එකවරම අහන්නේ බයට නෙමේ කියලා...ඒ මොනා වුනත් අම්මාට මම ණය ගැති හැමදේටම...

෴ආදරණීය මල්෴
ආදරණීය  ආදරය..
.....

කයිරාගේ තිබුණ කලබලකාරි හැසිරීම් දිහා බලන් ඉද්දි මට කයිරාත් එක්ක ඇති වුනේ කේන්තියක්..ඇය අම්මා තාත්තා ඉස්සරහා හැසිරෙන විදිහ කතා කරන විදිහ පුදුමයි..මම කල්පනා කලේම අැයි ඇය එහෙම කරන්නේ කියලා....කයිරා..ඒත් මම ඇගේ සමහර දේවල් වලට කැමති..සමහර තැන් ඇය දරා ගන්න විදිහ..දෙමාපියන්ගේ ඈත් වීම්...ඇය ප්‍රේමයෙන් පරාජිත වෙද්දි නොවැටි ඉන්න ඇය ගන්න උත්සහය වගේම ඇගේ පෙම්වතාගෙන් ඇයම සමුදි යන තැනදි..කයිරාට එහෙම කරන්න හේතුවක් තිබ්බා....ඇය ඔහුට ඒක මූණටම කියනවා...

ඒත් එකම එක තැනකදි ඇය වඩාත් සංවේදි වුණ තැනක් තිබ්බා....එතැන් සිටම ඇය මගේ හදවතේ තාම ජීවත් වෙනවා...ඈ වෙනුවෙන් ආපු හැම කඳුළම මම බය නැතිව මුදා හැරියා...ඒ කඳුළු  වල තෙතමනය තාමත් මගේ හදවතේ තියෙනවා....කයිරා ඇය සුන්දර කෙල්ලෙක්..

ඇය තමාගේ මානසික වෛද්‍යවරයා ලඟ දිග හරින අැගේ ජීවිත පොත...ඇඟේ හැම කඳළකටම සාධාරන හේතුවක් තිබ්බා...කලබලකමට..ආවේගශීලි කමට හේතුවක් තිබ්බා....කුඩා කල සිටම ඇයව දෙමාපියන් විසින්ම හිතා මතා ගෙදරින් ඈත් කර මිත්තනිය ලඟ තැබිම...ඇය කෙරෙහි අවධානය නොදිම...ආදරය නොදිම මේ හැමදේම ඇගේ වෙනස් හැසිරීම් වලට හේතු...

කාලෙකට පස්සෙ නැවත ඇය ඇගෙ ගෙදරට ගියත් ඇයව පිලගන්න ආදරේ කරන්න කවුරුත් නැ..කයිරා ...තව දුරටත් ඇය ගෙදර සමාජිකයෙක් නොවන්නේ එතැන් සිට....

නමුත් ඇගේ මානසික වෛද්‍යවරයා ඇයට ඇහුමකම් දීලා..ඈට ඉතාමත් ඉවසිමෙන් ඉඩ දීලා ඇයව තැනකට ගෙනවා..දෙමාපියන්ට වෛර නොාකර ඇයට ඔවුනගේ ආදරය දිනා ගන්නම පුළුවන් තැනට ගෙනාවා..ඇය අපූරුවට ඒක කලා..

Dear zendagi චිත්‍ර පටිය කාලෙකින් බැලුව චිත්‍ර පටියක්...දරුවන්ව ඈතට කරලා බලන් ඉන්න දෙමාපියන්ට ලස්සන පණිවිඩයක් අධ්‍යක්ෂවරයා විසින් ලොකෙට දෙනවා...කයිරාගේ වෛද්‍යවරයා අන්තිමට දෙන අවසාන අවවාදේ තමයි මේ..ඔය තියෙන්නේ....මට තාමත් ඇහෙනවා වගේ දැනෙන...


෴ආදරණීය මල්෴

Wednesday, August 23, 2017



හීන වල හැමදාම
නුඹ උන්නේ නොකියාම
නුඹ ගියපු පෙරදාක
හිත හැඩුවේ නිතරෝම

මගේ හිතට හැම දාම
නුඹ තමයි සැනසීම
ඒත් නුඹ ගියදාක
හිත වැටුනේ පය ගාව

කවි අස්සේ හැමදාම
නුඹ උන්නා අකුරක් ගානේ
නුදුටුවත් නුඹ ඒ අස්සේ
නුඹට දුන් ඉඩ වැඩිද

ගියපු දා ඉඳලාම
හීන වල සැරි සරන
එදා ඒ නුඹ තමයි
තවත් හිත රිද්දන්නේ...

෴ආදරණීය මල්෴
ඒක ඇබ්බැහියක් 
කෝපි කියන්නෙම
තාමත් හැමදාම
උදේකට හිත පිච්චෙන 
සුවඳක්
ඉස්සර  ඔයා ඉතිරි කරලා දෙන
කෝපි උගුර බොන්න
ඔව් කෝපි කියන්නෙම
ඇබ්බැහියක් ...

 ෴ආදරණීය මල්෴



නුඹ ගිලිහි වැටෙන විට
මම මගේ දෑතට ගතිමි
නුඹ සුරැකිව තැබිමි
සුළඟකට පවා නුඹ
ගිලිහි නොයන්නට
නුඹව මා සුරැකිමි
විඩා බර අව් රශ්මියේ
නුඹ දැවෙයි බිය වීමි
නුඹව මා ලයෙහි හොවා
රකින්නෙමි හුස්මක පවා....

 ෴ආදරණීය මල්෴


සඳ මැණික..
තාමත් නුඹේ ලඟ
ඉස්සර උණුසුමයි
කරුණාව එහෙමමයි
දයාපිරි මුහුණමැයි

ඉස්සර විඩාවට
ඉර බහින ජාමෙට
ආවාම නුඹ ලඟට
දෙන පුංචි හිනාවට
මගේ සරතැස නිවුන

මව් සෙනෙහෙ පුරෝ ගෙන
දරා ගෙන දුක් කන්ද
දුක් සුසුම් සේරෝම
නුඹ දුන්නේ අහසට

මුට්ට කර ගහපු මට
දුන්න නම නාටාමි
ඒත් නුඹ මට දුන්න නම
දෙවියොමයි හැමදාම

ඇදුම් කන පිට දිගේ
නුඹේ දෑත සීරුවට
තෙල් ගගා මැතිරුවේ
සුව වෙන්න වෙිදනා

දරු මල්ලො නැති අපිට
අපිමයි අපේ හෙවනැල්ල
නුඹේ හෙවනේ මියැදෙන්න
විතරමයි දැන් පැතුම

ඉපදෙනා හැම භවයේ
එකම එක වතාවක්
සොඳුර මට මව් වෙයන්
වඳින්නට නුඹේ දෙපා

 ෴ආදරණීය මල්෴

Saturday, August 19, 2017

වියපත් නොවු ප්‍රේමය ...


ඔහුත් ඇයත් මුණ ගැහෙන්නේ අහම්බයකින්....පළමු දැකිමෙන්ම ඔවුන් එකිනෙකා පුදුම විදිහට බැඳුනා...ඒ අහඹු හමු වීම දෙවනි වතාවටත් මුණ ගැහෙන්න පාර හැදුවා...ඊට පස්සේ ඔවුන් මුණ ගැහුණ හැම දවසක්ම පුදුම සුන්දර දවස් වුනා..ජීවිතේට කවදාවත් අමතක නොවෙන තරම් ම්හිරි මතක එයාලා දවසින් දවස ගොඩ ගැහුවා...

එයාලා මුණ ගැහුණ හැම දවසෙම ආදරය වගේම විවිධ විවිධ  කතා බස් වල නිරත වුනා...එයාලා එයාලගේ අනාගතය ගැන හීන මැවුවා..ඒවා හරිම ලස්සන හීන...හමු වෙලා වෙන් වෙලා යන හැම දවසකම එයාලට දුකක් දැනුනේ නෑ..මොකද එයාලා දැනන් උන්නා එයාලා පුරුදු විදිහටම ආයෙත් මුණ ගැ⁣හෙනවා කියලා...දෙන්නාට දෙන්නා නැතිව බැරි තරමට ආදරේ කල නිසාත්...හැල හැප්පිලි කොහෙත් නැත්තේ නැ...ඒ හැම දේම ඔවුන් සීරුවට බේරා ගත්තා...

කොයි තරම් ප්‍රශ්ණ ආවත් අවසානයේ දෙමාපිය නෑදැ හිතවතුන්ගේ ආශිර්වාදය මැද එයාලා විවාහ වෙනවා..හරිම චාම් විදිහට කෙරුන මේ විවාහය දාා ඔහු ඇගේ කනට ලංවෙලා කීවේ..'මම ඔයාට ඉස්සරටත් වඩා ආදරෙයි..මම මගේ පණ වගෙ ඔයාව රැක බලා ගන්නවා මට පුළුවන් විදිහට..හැම සැපම දීලා..ඒ වගෙම ඔයා මට තෑගි දෙන මගේ දරුවන්වත් රැක ගන්නවා'...කඳුළු ඇස් වල පුරෝ⁣ගෙන ඇය බලන් උන්නා ආදරෙන්..ඇයත් ඒ වගේම පොරොන්දු වුනා විශ්වාසය රැක ගන්න..ඔහු වෙනුවෙන් විතරකම මඟ බලන් ඉන්න හැමදාම...

ඉන් උදා වුන හැම උදේකම ඈ අවදිලා නැගිටලා යන්න කලින් ඔහුගේ නලල සිප 'මම ඔයාට ආදරෙයි' කියන්න අමතක කලේ නැ...

ඉන් උදා වුන හැම දවසකම ඔහු රැකියාවට පිටත් වෙන්න ඉස්සෙල්ලා ඇගේ නලල සිප ' ආදරෙයි මැණික'
පරිස්සමින්  ඉන්නැයි කියන්නත් අමතක කලේ නෑ...


කාලයක් ගත වුනාම ඒ දෙන්නා ආදරණීය දෙමාපියන් වුණා.....ආදරණීයම දරුවන් ලෝකෙට දුන්න ඔවුන් ඉස්සර වගේම වෙනසක් නැති ආදරෙන්ම ජීවත් වුණා...දරුවන්ට ඉගැන්නුවා..ලොකු මහත් කළා..ඒ හැමදේටම වඩා වඩාත් හොඳ මනුස්සයින් බවට පත් කළා...කාලයාගේ ඇවැමෙන් දරුවෝ ලොකු මහත් වුනාම ඔවුන් එකතු වෙලා දරුවන්ව විවාහ කරලා දුන්නා......

ඒත් එයාලා වැඩි පුරම දුක් වුනේ එයාලගේ එකම දියණිය විවාහ වි යන දවසේ..


පුංචි කාලේ ඉඳලම හුරතල් දැරියක්ව උන් ඇයව ගෙදරින් පිටමන් කරද්දි හිතට දැනෙන දුක අයාසයෙන් දරා උන්නත් ඇයට මතක් වුනේ එදා තමුන් පිටමං වි එද්දිත් මගේ අම්මයි අප්පච්චිත් මේ වගේම දුකක් හිත යට දරාගෙන ඉන්න ඇති.....කොයි තරම් දුකක් වුනත් ජීවිතේ හැමදේටම මූණ දෙන්නත් ශක්තිමත් ශක්තිමත් වෙන්නත් ඔවුන් සැලසුම් කරලා තිබුණා...


දරුවන් ආදරෙන් සිප වැලඳ තුරුල් කරන් හදන කාලය තරම් මනරම් කාලයක් ලෝකයේ් තවත් කොහෙද තියෙන්නේ....කාලය හරිම ඉක්මනින් කැරකිලා ගිහින්....හැල හැප්පිලි මැද්දේ ඔවුන් ගොඩක් වයසට ගිහින්...ඒත් ඔවුන්ගේ ආදරය වියපත් වෙලා නෑ..තාමත් එකිනෙකා නැතිව ජීවත් වෙන්න බැරි ඔවුන්...ඒත් ඇය නිතරම කීවේ ..'අනේ ..මට කලින් ඔයා මැරෙන්න ඕන...
මම කලින් මැරුනොත් ඔයාව බලා ගන්න කව්රුත් නැති වෙයි..ඔයා මැරිලා ඊළඟ දවසේ මම මැරුණත් කමක් නැ'.....


බොහෝ කල් ඇවැමෙන් වියපත් වුනත් ආදරෙන් කල් ගත කල ඔවුන් මේ ලෝකේ හැරදාලා යනවා....ඒ තම ස්වාමි පුරුශයාගේ අභාවෙන් දින දෙකකට පසු ඇය හෘදයාබාධයකින් මිය යෑමත් සමඟ ..ඇයගේ බලවත් ඉල්ලිම පිට ඔවුන් මිහිදන් කරනු ලැබුවේ එකට..එක දවසක....

ඔවුන් සංසාර දොරකඩදි මුණ ගැහුණත් නැතත් ඔවුන් පාඩමක් කියාදි නික්ම ගිහින්...ඒ තමා ආදරය...කොයි තරම් හුළං කෝඩ ආවත් නොවෙනස් ආදරය..



මම
ආදරණීය මල්....



Friday, August 18, 2017

නුවර...



ඇවිදගෙන හරි හරියට ගියපු
ඒ නුවර පාළුවට ගිය
සොහොනක තනි වෙච්ච හැඟිමක් හිත මෝදු වි

ඇසට කඳුළුක් එතැයි බියෙන්
වේගයෙන් ඇස් පියන් සලන
මොහොතකදු පවා පමා වැඩිදැයි
සිතෙන තරමට මගෙ හිත ගැහෙනවා

නුඹත් මමත් ඇවිද ගිය
මංසලකුනු සොයා
මගෙ හිතත් මොහොතකට
මුළු නුවර ඇවිද්දා...


~~~~ආදරණීය මල්~~~~
කෝපය...

කෝපය ඔබට බොහෝ දේ නැති කරයි..කෝපය ඔබව දුර්වලයෙකු බවට පත් කරයි..බොහෝ විට ඔබ කෝපයට පත් වූ විට ඔබ බොහෝ සේ කියවයි..එහි කිසිම වැදගත් හරයක් නොමැති වෙන්නත් පුළුවන්..ඔබ ඔහේ ආවේගයෙන් කියවයි..පසුව ඔබ කල්පනා කරයි..නමුත් ඔබ සියළු දේ කියා හමාරය..අනෙකාගේ හිතද රිදවා හමාරය..බොහෝ අය ඔබ හැර දමා යාවි....



අධික ලෙස ඔබට ආදරය කරන්නෙක් නම් ඔබ ලඟම රැදේවි..ඔබව අත හැර දමා නොයාවී..කෝප ගත් විට ..පසුව ඔබ කියාවි ඒ මගෙ හැටි කියලා..ඒත් ඔබ දන්නවද ඒ වචන ඔබ ඔබේ වාසියට හරව ගත් නිස්සාර වචනයක් කියලා..කල්පනා කරන්න..ඔබ නීරෝගිමත් පුද්ගලයෙක්..ඔබ කෝප වන විට ඔබේ ශරීර අංග කීයක් ඒ නිසාම දුර්වල බවට පත් වෙනවද කියලා..කෝපය නිසා දුර්වල කරනවා ඔබේ අක්මාව..යම් තරමකට හෝ ඔබේ රුධිර පීඩනය වැඩි වෙනවා..මොලය වෙහෙසට පත් වෙනවා විතරක් නෙමෙ ඔබේ අපූරු ශරීරය රූපය පවා අවලස්සන කරනවා..කැමතිද ඔබ ලෙඩෙක් වෙන්න..මේ තේරුමක් නැති කෝපය නිසා..කැමතිද ඔබේ සැනසීම නැති කර ගන්න කෝපය නිසා..කැමතිද ඔබේ ප්‍රාණ සමාන ඈයින්ව ඔබේ ජීවිතේන් ඈත් කර ගන්න..තනිවෙන්න..



කෝපය හරි භයානක දෙයක්..නිකමට හිතන්න..අධික කෝපය නිසා මිනී මැරුම් පවා සිද්ද වෙලා තියෙනවා..ඒක පැත්තකින් තිබ්බොත් කෝපය නිසා යාලු කම් පවා නැති වෙනවා..දවසක ඔබ හුදකලා වේවි..ඒත් එකෙක් හෝ නතර වේවි..ඒ ඔබට හැබෑම ලෙන්ගතු කෙනෙක්..ඔහු හෝ ඇය ඔබ දමා නොයාවි..බැනුම් අසමින් හෝ ඔබට පාර කියාවි..ඒත් ඔබ වටහා ගද්දි ඔබ පමා වැඩි වෙන්නත් පුළුවන්..ඔබ තව දුර යා යුතුයි..කෝපය මැඩ ගත යුතුයි..කෝපය නැති හිතක සැනසීම කෝප ගන්න ඔබ දන්නේ නැති තරම්..නමුත් මා දනිමි..ඉවසීම නිසා බොහෝ දේ ලදිමි..අවවාදයක් දුන් කළ කිපෙනු එපා..



සමහර විට ඔබට වඩා පැහැදිලි දුරක් ඔබට අවවාද කරන කෙනාට පෙනෙනවා ඇති..උපෙක්ශාවෙන් හිතන්න පුරුදු වෙන්න..ඉවසන්න පුරුදු වෙන්න..කෙනෙක් හාර හාර ප්‍රශ්න ඇසු පමණටම කෝපා විශ්ට වෙන්න තරමට අණුවන නොවන්න..කෝප වුණත් මැඩ ගන්න පුරුදු වෙන්න..මා දකින විදිහට කෝපය තමා ලෝකේ තියෙන දරුම ආයුධය..සංසුන් වෙන්න...ඔබ බොහෝ දේ දිනාවි..ඔබ බොහේ දේ ලබාවි..එදාට ඔබට මතක් වේවි මේ සටහන...ඉවස්සීම කොයි තරම් අගනේද කියා ඔබට සිතේවි...ජය..

෴ආදරණීය මල්෴
ආයෙමත්..සල් මල් පිපුනදාකට
ඒ සුවදින්ම අවදිවේවි සාමා
අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක
යාවි ඒ සල් ගස යටට.....

ඉතිං ඈ අසාවි සල් ගසෙන්
මතකදැයි මාව
මේ සුවඳ සල් මල් ගොඩෙ
එදා ඇගෙ ඉරණම විසදිච්ච...

ඒත්..සල් ගස
පුදුමෙන් බලාවි ඈ දෙසම
කොයි තරම් වෙනසක්ද
එදා දුටු ඈමදැයි අසාවි
කෝ අමර කොහේදැයි බලාවි..

පිපුණ නෙළුමත් එක්ක
හිදිද්දි ඈ බලන්
සල් ගසත් හඬාවි
තේරිලා හැමදේම
පරවේවි සල් මලුත් ආයේම..

෴ආදරණීය මල්෴

Wednesday, August 16, 2017

මඩ ගොහොරු මත පිපුන
නෙළුම නුඹ රුසිරි පිරි
මෙගොඩ රැඳි රකුසු නෙත්
දිලිසේවි නුඹ ඩැහැ ගන්න

දස මසක වාරුවෙන්
නුඹ හැදුවේ සීරුවෙන්
නපුරු දන නිය අයා
මෙගොඩ ඇති අත තියා
පෙති කඩා වනසන නියා

නෙළුම නුඹ නුවණැසින්
ලොව බලා හිනැහියන්
මඩ ගොහොරුවක මුත්
මුල් දරා ඉපැදුනේ
අභිමානයක් ඇත
නුඹේ හිසෙ රඳවාපු

එපා මියැදි වැනසෙන්න
නපුරු ගොරහැඩි අතක
රැක ගන්න තේජසින්
නුඹේ ගෙනා නැණ සුවඳ
දිනන්නට ලෝකයක්
නෙළුමියේ නුඹටත් හැකිය...

෴ආදරණීය මල්෴





ඉතිං මං නොකියා ඉන්නේ කොහොමද
ඔබ හරිම ආදරණීය  වග
ඔබෙ ලඟ හිත නවතින වග
දවසින් දවස ඔබ මහිතට ලං වන වග
කොහොමද නොකියා ඉන්නෙ මම

රළු පිරිමි හිතක් ලඟ
නවතින්න හිතක නැතිවද
ඔබෙ හිත පැහැබර බව
දැනෙනවා දවසින් දවස

බැමි වලින් තදටම බැඳුන
වැට කඩොලු බිඳ යන්න බැරි
නුඹේ ලඟ නවතින්න
අහිමිව ගිය ලකුණු
පතන්නද තව ආත්මෙක
නුඹේ ලඟ නවතින්න
වෙන් නොවන බැඳිමක
හරි තදින් බැඳෙන්නට.....

෴ආදරණීය මල්෴

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...