Monday, December 11, 2017
දුවෙක් කියන්නේ ලෝකයක්. ඇස් මානේම තියන් රැක බලා ගන්න ඕන...මම රස්සාව දාලා ගෙදර නැවතුනේ (කොයි තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත්) මගේ ලොකු දුව නිසා..මෙහෙකාරියන්ට නතු කරනවට වඩා මගේ ඇස් ලඟ එයා හැදෙනවා වැඩෙනවා බලන්නයි මට ඕන වුනේ...මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා දැන්..එ් එක්කෙනෙක්වත් මම කවදාවත් වැඩකාරියින්ට පැවරුවේ නැ..තාමත් ඔවුන් තුන් දෙනාගෙම හැමදේම කරන්නෙ මම
මට මෙහෙම ලියන්න හිතුනේ ඊයේ උදේ මම චූටි දුවව ඉස්කෝලේ අරන් යද්දි දැකපු සිද්ධියක් නිසා...දෙක වසරේ වගේ චූටි දුවෙක් බස් එනේ තනියම ඉඳන් උන්නා..ඇය හුරතල් දරුවෙක් නිසා මම ඇය දිහා බැලුවා..අැය ලස්සනට හිනා වුනා...ඉස්කෝලේ ලං වුනාම ඇය නැගිටලා දොර ගාවට ගියා..බස් එක බ්‍රේක් කල පාර ඇය වැටෙන්න ගියා..මම එයාව අල්ල ගත්තා ..වට පිට බැලුවේ මේ දරුවා එක්ක වැඩිහිටි කවුරුත්ම ඉන්නවද බලන්න...බහිදදිත් මම පරිස්සමින් බැස්සුවා..එතකොටයි ඔන්න දරුවගේ බාරකාරයෙක් පිටි පස්සෙන් බැස්සේ...ඒ .ඒ දරුවාගේ සීයා..එයාට මේ ලෝකේ සිහියක් නැ..."ආ..ඔයාට තනියෙන් ඔය ටික යන්න පුළුවන්නේ" කියලා අර මනුස්සයා ගියා...මම මගේ දුවත් අතින් අල්ලන් එයාවත් අල්ලන් ඉස්කෝලේට දාලා ආවා ..
ආදරණීය අම්මේ..කාටත් ප්‍රශ්න තියෙනවා..නැත්තේ නැ...ඒත් දරුවන්ට පලවෙනිම තැන දෙන්න...සල්ලි හම්බ කරලා මොකටද දරුවන්ට මොනා හරි වුනොත්...අද කාලේ ඇහෙන කතාත් එක්ක දරුවාව තියා ගන්න ඕන ඇස් දෙකේ...පස්සේ මොනා හරි වුනාම පොළවේ පස් කාලා වැඩක් නැ....
මල්.....
වරදවා වටහා ගන්න එපා මේ ලියවිල්ලේ තියෙන්නේ සමහර දරුවන්ටග් අනාරක්ෂිත බව මිස මව්වරුන් ගෙදර නවතින්න කියලා නෙමි...😊
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment