Sunday, December 31, 2017
මල් සුවඳ...
ඇද කුද නැති තනි ඉරක් වගේ ජීවිතේ හදා ගන්න ඕන...වැරදි..අතපසු වීම්..වැටීම් නැගිටීම් එක්ක...ශක්තිමත්ව
2017 වගේම ගෙවුන හැම අවුරුද්දක්ම අපිට වැදගත්..එක්තරා සංදිස්ථානයක්....අතීතය තමා හොඳම ගුරුවරයා..ආපස්සට හැරිලා බැලුවොත් අපිට පුදුම පාඩම් ගොඩක් කියලා දෙන...
ගෙවුන හැම අවුරුද්දේම අපි අපිට නොගැලපෙන දේවල් කොයි තරම් කරන්න ඇද්ද....සමහර විට හිත හොඳ නිසාම...එපා...මින් ඉදිරියට එන එක දවසක්වත් එවන් වු මෝඩකම් වලට ඉඩ දෙන්න එපා...
ලද අත්දැකීම් එක්ක අපි හැමෝම වෙනස් වෙන්න ඕන... හොඳ විදිහට..සමහර විට ඒ වෙනස් වීම් තව කෙනෙක්ට දරා ගන්න බැරි වෙයි..ඒත් කමක් නැ ඒ යහපත් වෙනසින් ලස්සන හෙට දවසක් ලැබේවි...
පුළුවන් නම් ජීවිත කාලයම බොරු නොකියා ඉන්න උත්සහා කරන්න..තැන තැන කේලාම් ඕප දූප කීමෙන්....අනුන්ට අපහාස කිරිම්..අනුන්ගේ දේවල් හොරකමට ගැනිමෙන් වැලකිමෙන් වඩා යහපත් ජීවිතයක් ලැබෙනු නියතයි....
හිනා වෙන්න...මට නම් ලෝකෙන්ම ලස්සන රිඇක්ට් එක හිනාව..හැබැයි හදවතින් එන හිනාවක්...ඒකයි පුංචි දරුවන්ගේ හිනාවට හිත පිරෙන්නේ...
මුලින්ම ඔබ ඔබට ආදරේ කරන්න...ඊට පස්සේයි අනික් අය...ආදරය ..කරුණාව..දයාව බෙදා හරින්න මුළු ලෝකේටම...
ජීවත් වෙන්න ඕන හිමිදිරිය වගේ...මල් සුවඳ වගේ....
ආදරණීය මල්.....
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...