මොකට බය වෙනවද මේ හිච්චන් කැරපොත්තට....කැරපොත්තෙක් දැක්ක ගමන් පුතා ඇවිත් කරේ එල්ලෙද්දි නොවරදාම මම මේ වගංතිය කියනවා....බේරෙන්නම බැරි තැන මම ආයුධ සංනද්ද වෙනවා....වීරයා වගේ බේගෝන් එක අරන් යන්නෙ මාර යුද්ධයක් කරන්න....බේගෝන් එක අරන් ජීවිතයත් මරණයත් අතර සටන සැරෙද්දි පොඩි අය සේරම පුළු පුළුවන් තැන් වල හැංගෙන්නෙ අපි පොඩි කාලෙ බලපු චිත්‍ර පට ආයෙත් සජීවීව බලන හැඟිමකින් හිත පුරවලා.....වීරයා වගේ ඉදිරි පත් වුණාට පුරුෂ දහිරිය හිතට අරන් මං වගේම එයාලත් දන්න ඇත්ත..මම එයාලටත් වඩා බය වග කැරපොත්තට.....

ඊට පස්සෙ කසාද බැඳලා ආවට පස්සෙ තමා.....කෑගහද්දි දවසක් දෙකක් හබි ආවා තමා..ඒත් ඊට පස්සේ එයා ආවෙත් නැ...මාමංඩි නම් දවසක් දෙකක් රැව්වට ගෙරෙව්වට පස්සෙ එයත් මඟ ඇරියේ හදන්නම බැරි නිසා වෙන්න ඇති....
දරුවො ආවට පස්සෙ ඉතිං මාරයාටත් තියෙන බය අම්මාලාට නැති වෙනවානේ..ඒ නිසා වෙන්න ඇති..මගේ බය මඟ ඇරිලා ගියේ...මේ ලියන මොහොතෙත් කැරපොත්තෙක් කැරකෙන ආරංචියට මම ගිහින් ඌව අරන් දාද්දි ලොකු දුව "අම්මා වීරයෙක් වගෙ" කීවේ සවුත්තුවට වුණත් අම්මලා වීරයෝ වග එයාත් දැන ගනීවි දවසක එහෙම හිතන් මම ගෙට ආවේ හිනාවෙව්......
උදේ පාන්දර කැරපොතු කතා......
ඒ කාලේ මතක කියවනගමන් මාත් මේ පැත්තට ආවා.
ReplyDeleteජයවේවා!!!
සංතොසයි..මමත් ගියා ඒ පැත්තෙ..අපූරුයි
Deleteඅපිත් මෙහෙම උන්නට ඉතින් කැරපොත්තෙක් දැක්කම හූ කියන අම්මලා වීරවරියො තමා
ReplyDeleteහි..හි බය නැ වගේ පෙන්නුවට
Delete