Sunday, January 29, 2017

නුඹ නැතිව නුඹ එක්ක....




සිනිදු පෙන කැටි මතින්
මතකේ නුඹේ සිනහා වත
පෙර දිනෙක මා සැනැස්සු
ලඟක නෑ දුර ගිහින්
මට නුඹටත් වඩා
නුඹටත් මට වඩා
කෙනෙකු නොමැති වූ දවස්
ගෙවී දැන් හමාරයි
සයුරු වෙරළේ ඇන්ද
මාලිඟා සේදිලා
සයුරු පතුලම වී
ඉකි බිඳින හඬ ඇසුණා
නෙතඟ රැඳි කඳුළු බිඳු
ගලා යාදෙන් ඔහේ
නුඹ නැතුව තනිව යමි
වෙරළේ ඈතට ඇවිද..


2 comments:

  1. හුදෙකලාව අපූරු නිර්මාණ බිහි කරන්නක්...ලස්සනයි මේ සිතුම්

    ReplyDelete
    Replies
    1. හුදෙකලාව අපූරු මිනිස්සු බිහි කරනවා...

      Delete

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...