Thursday, February 2, 2017

රස්තියාදුකාරි....





මටත් තියෙනවා හිටි ගමන් රස්තියාදුවෙ යන හිතක්...සමහර වෙලාවට ඉස්කෝලේ පංති කාමරේ...කරපු පිස්සු වැඩ...ගුරුවරියක් නැති වෙලාවක් බලලා..පිටි පස්සට සෙට් වෙලා බ්ලේඩ් එහෙකින් බිත්තිය හූරලා ඒ වැටෙන හුණු කුඩු නිය පොතු උඩට දාගෙන ලේන්සුවකින් පොලිෂ් කරනවා.දිලිසෙනවා තමා ඒත් එක මොහොතක් ඒකෙන වෙන හානිය ගැන හිතුවේ නැ....එහෙමත් නැත්නම් සීසන් ටිකට් එක සාක්කුවෙ දාගෙන කෙල‍ේලො සෙට් එකත් එක්ක රේල් පාර දිගේ පයින් යනවා නුවර ස්ටේශන් එකට...ඊට පස්සෙ ගෙදරින් ගුටි කනවා..වෙලාවකට යනවා තමා හිත ඒ ඈතම කාලෙට......

මගේ අම්මාට හැමදේම පිලිවෙලට ඕන....එයා කඩා පනින හමුදාවෙන් වගෙ එක පාරට කාමරේට කඩා වදින කොට සිද්ධ වෙන විපර්යාසේ කියන්නේ මොකටද ඉතිං....ඒත් ඒ පිලිවෙල මගෙ ජීවිතේ පිලිවෙලට පෙල ගස්සලා තියෙනවා...

අපේ අත්තම්මා පොත් කියවන්න රුසියෙක්..එයා පොත් කියවලා ඒවා අපි හතර දෙනා රෑට වටේට ඉන්දලා අපිට ඒවා කියා දෙනවා..පුදුම තරම් පොත් එයා පුස්ථකාලෙන් ගෙනත් කියෙව්වා....එයාගේ සුවඳ ගහන බුලත් විට විශේෂයි..කටේ තියෙන එක ඉල්ලනවා...පොත් කියවන ඒ අභාෂේ වෙන්න ඇති මටත් තියෙන්නේ..

අප්පච්චි..එයා ලඟින් එන්නෙ අපූරු සුවඳක්....මම ආසම එයා ඉඳ ගත්තම සරමේ හැදෙන වලේ ඉඳ ගන්න....
මේ යන්න බැරි තැන් වලට හිත රස්තියාදුවෙ යනවා තමා...ඒ රස්තියාදුව හරි සුන්දරයි.......


1 comment:

  1. ජීවිතේ කොච්චර සොඳුරු තැන් තියද මගහැර ගත යුතු නැති

    ReplyDelete

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...