Friday, February 24, 2017

හ්ම්...





නුඹ එක්ක පිය නගපු
හැම තැනම හිස් තැනක්
කඳුලකින් බොඳ කරපු
අතීතෙක තනිකමක්...
තනි හිතක මේ තරම්
දුක් කඳුළු උහුලන්න
පුළුවන්ද මේ හැටිම...
ඒ කඳුළු උඩින් නුඹ
යද්දි මං පහු කරන්
අරන් තව දෑතක පහස
ගිනි ගත්තේ මේ හිතයි...
කමක් නැ යන්න නුඹ
තනිය මට උරුම වුන
අරන් තුරුලට හැරෙමි
මට අහිමි මේ පාර....






ඈවරයි...

අහා. ...එහෙනම් වරද
කෙස් රොද මුදුනට බැඳිමද
එහෙනම් සබඳ
නඩුවක් ගොනු කරනු මැන
වරදකරු නුඹම බව
නඩුකාරයත් කියාවි
බැලුවේ මොකද යුශ්මතා
කෙස් වැටිය උඩ බැන්දාම
ඇට්ටර නොවි ඉන්නම තිබුණාම
හිතිවිල්ලට පවා....
අහා...ලැහැස්තිද දැන්
දඩුවම් නියමිතයි....

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...