Friday, February 24, 2017

හ්ම්...





නුඹ එක්ක පිය නගපු
හැම තැනම හිස් තැනක්
කඳුලකින් බොඳ කරපු
අතීතෙක තනිකමක්...
තනි හිතක මේ තරම්
දුක් කඳුළු උහුලන්න
පුළුවන්ද මේ හැටිම...
ඒ කඳුළු උඩින් නුඹ
යද්දි මං පහු කරන්
අරන් තව දෑතක පහස
ගිනි ගත්තේ මේ හිතයි...
කමක් නැ යන්න නුඹ
තනිය මට උරුම වුන
අරන් තුරුලට හැරෙමි
මට අහිමි මේ පාර....






2 comments:

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...