Saturday, January 21, 2017

ආදරේ හංදම නෙමේ ඉතිං




එන්න..බොමු උණු කෝපි කෝපයක්...හීතලට වෙව්ලද්දි
දෙතොල් සුදු පැහැ වෙද්දි බොමුද උණු ‍කෝපි කෝපයක්...එක කොප්පයක් ඇති හොඳටෝම දෙන්නටම..අහිතක් හිතන්න එපා කොපි බොන්න කතා කළ පලියටම..එකම මේසේ ..එකම බංකුවේ ලඟින් වාඩි වුණ පලියටම ආදරයක් ඇති වෙන් නෑ තමා....හිත අස්සෙ තිබුනොත් හංගාන හිනා වෙන්න පුළුවන්..හොරෙන් පොඩ්ඩක් කොට රුවුල් මූණ බලනවා දැක්කොතින් හිනා වෙනවා මිස ගැස්සෙන්න නම් එපා මමත් බයවෙයි....ආදරයක් නැතත්...ආදරේ හිතේවිද මංදා කෝපි නැවුම් සුවඳට...

~~~~ආදරණීය මල්~~~~


හිතක්....

වහින්න සැරසෙන අහසක ඇඳෙන හත් පාට ගෑ වෙච්ච දේදුන්නක් වගේ වෙන්න ඕන හිතක්...දැනෙන වුන් හිත් පිනවන...එහා මෙහා පෙනෙන පිරිසිදු වතුර වීදුරුවක් වගේ පැහැදිලි වෙන්න ඕන හිතක්...දවස ගානේ එහා මෙහා යන උඩු යටිකුරු වෙන හිත එක තැනක රඳවන්න පුලුවන් වෙන්න ඕන හිතක්...කොටින්ම පිං බිමක් වෙන්න ඕන හිතක්..මෙහෙව් අය ඕන තරම් මිහිපිට ඉන්නවත් ඇති..අපිට හමුවෙලත් ඇති..හික්මුණ හිතක් එහෙමයි...හිතක් කියන්නෙම මහා මෙරක්..නොසැලෙන තැනක් කොයි තරමට බාධක ආවත්..හිතක් වෙන්න ඕන හරියට මේ වගෙ.. "කුණාටුවකදි සිනාසෙන මුල් සවිමත් ගහක් වගෙ"...

පන්හිඳ... හිතට කිට්ටුම හොඳම හිතවතිය....දුකෙදි හෝ සැපෙදි මඟ හැර නොයන..ඇය නිහඩයි.. අපි වෙනුවෙන් නිහඬව සිනාසෙන.. හඬන.. හඬා වැටෙන ඇයට අවසර දෙන්න  කථා කරන්න.."කථා කරන පන්හිඳ" ඇය හැමදාමත් ලඟින් ඉඳිවි..


......කථා කරන  පන්හිඳ

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...