Thursday, February 2, 2017

රස්තියාදුකාරි....





මටත් තියෙනවා හිටි ගමන් රස්තියාදුවෙ යන හිතක්...සමහර වෙලාවට ඉස්කෝලේ පංති කාමරේ...කරපු පිස්සු වැඩ...ගුරුවරියක් නැති වෙලාවක් බලලා..පිටි පස්සට සෙට් වෙලා බ්ලේඩ් එහෙකින් බිත්තිය හූරලා ඒ වැටෙන හුණු කුඩු නිය පොතු උඩට දාගෙන ලේන්සුවකින් පොලිෂ් කරනවා.දිලිසෙනවා තමා ඒත් එක මොහොතක් ඒකෙන වෙන හානිය ගැන හිතුවේ නැ....එහෙමත් නැත්නම් සීසන් ටිකට් එක සාක්කුවෙ දාගෙන කෙල‍ේලො සෙට් එකත් එක්ක රේල් පාර දිගේ පයින් යනවා නුවර ස්ටේශන් එකට...ඊට පස්සෙ ගෙදරින් ගුටි කනවා..වෙලාවකට යනවා තමා හිත ඒ ඈතම කාලෙට......

මගේ අම්මාට හැමදේම පිලිවෙලට ඕන....එයා කඩා පනින හමුදාවෙන් වගෙ එක පාරට කාමරේට කඩා වදින කොට සිද්ධ වෙන විපර්යාසේ කියන්නේ මොකටද ඉතිං....ඒත් ඒ පිලිවෙල මගෙ ජීවිතේ පිලිවෙලට පෙල ගස්සලා තියෙනවා...

අපේ අත්තම්මා පොත් කියවන්න රුසියෙක්..එයා පොත් කියවලා ඒවා අපි හතර දෙනා රෑට වටේට ඉන්දලා අපිට ඒවා කියා දෙනවා..පුදුම තරම් පොත් එයා පුස්ථකාලෙන් ගෙනත් කියෙව්වා....එයාගේ සුවඳ ගහන බුලත් විට විශේෂයි..කටේ තියෙන එක ඉල්ලනවා...පොත් කියවන ඒ අභාෂේ වෙන්න ඇති මටත් තියෙන්නේ..

අප්පච්චි..එයා ලඟින් එන්නෙ අපූරු සුවඳක්....මම ආසම එයා ඉඳ ගත්තම සරමේ හැදෙන වලේ ඉඳ ගන්න....
මේ යන්න බැරි තැන් වලට හිත රස්තියාදුවෙ යනවා තමා...ඒ රස්තියාදුව හරි සුන්දරයි.......


Wednesday, February 1, 2017

පමා නැති වසත් කල...

පමා වි හමු වූ වසන්තේ
මල් පිපි හිනැහෙයි තුරෙන් තුර
රොබරෝසියා ඇතිරුන
මල් පාර නැතිවාට
ගී ගයන සියොත් කැල
නිහඬ වි සිටියාට
අමාවක මහ රෑක
හැංගුනත් හඳ ගිහින්
පමා වූ වසන්තය
යළි ඇවිත් හිැහෙන්න..
හීතල දෙතොල් තෙරපගෙන
ඇස් වලට ඇස් තියා
ලංවෙලා උණුසුමට
අපි මුණ ගැහුණ මේ
ජීවිතේ සැඳැ කළ වසන්තේ
හිනැහිලා විඳ ගනිමු
පමා වී පැමිණි වසත් කල....


හ්ම්....



ඉතිං මසුපෙම්වත
මට ආදරේ දුන් පෙරදාක
වැහි ලිහිණි ඉගිලෙද්දි
කළු වලාකුළු වලට පහලින්
හීන් හීතලකින් ඇඟ බරවෙද්දි
හිනැහි බලා නුඹ මා තුරුල් ගත් හැඳැවම
අවසන හමුව වේයැයි හිතන්නද මම
නුඹ එව් කෙටිම කෙටි පණිවිඩය
විදුලියක් හිත මත කෙටුව..


Tuesday, January 31, 2017

නුඹයි ප්‍රේමය මා දැරුව....



ඉස්සරත් මේ මේ වගේම
මේ වගේ හුරු ගමන්
ගියා මතකයි හීනෙන් වගේ
නුඹම මා ලඟින් ඉඳ
දිවි දී පන දී 
නුඹෙන්මයි ඉපදුනේ මියැදෙද්දි කටොර මඟ දිග
හිත් පිඩා දරා ගෙන
නුඹෙ හෙවනට  එද්දි  මම
නුඹේ නොවෙනස් හිනාවෙන්
බොරුවක් ඇසකවත් නොගැටුනු
අනේ නුඹෙන්මයි ජීවිතය දැක්කෙ මම
ආදරෙන් ලඟට විත්
හිස අතගා සිප ගනිද්දි නලල
සත්තමයි නිව්නේම සරතැස...


Monday, January 30, 2017

නුඹ..

හිත කලබලේට පත් වෙන
හැම මොහොතෙම
මට නුඹව සිහි වෙනවා
ඇයි කියන්න මම දන්නේ නෑ....
මම හිතනවා
නුඹේ රුව මට
දැන් පෙනේවි දැන් පෙනේවි කියලා
එදා මම නොපෙන්නුවට
නුඹ බලන්න මම
ආසාවෙන් උන් නිසා...
මට නිතරම නුඹේ
ගැඹුරු නිවුණ කට හඬ 
ඇහෙනවා...
එදා නුඹ කථා කරද්දි
මම අහන් උන්නේ භාවනක් වගේ
ඒ නැතත් මම දන්නේ නෑ
මම නුඹට ආදරෙ කළාද කියන්න
ඒත් මම එහෙම හිතනවා...
මම තාමත් නුඹේ ගැඹුරු
නිවිච්ච ඇස් හැම තැනම හොයනවා
දුයිෂෙන්....
අල්තීනායි.....

Sunday, January 29, 2017

මාත් ඒ කාලේ......

පුතා.....මේ සා විසාල ශරිරයක් තියා ගෙන
මොකට බය වෙනවද මේ හිච්චන් කැරපොත්තට....කැරපොත්තෙක් දැක්ක ගමන් පුතා ඇවිත් කරේ එල්ලෙද්දි නොවරදාම මම  මේ වගංතිය කියනවා....බේරෙන්නම බැරි තැන මම ආයුධ සංනද්ද වෙනවා....වීරයා වගේ බේගෝන් එක අරන් යන්නෙ මාර යුද්ධයක් කරන්න....බේගෝන් එක අරන් ජීවිතයත් මරණයත් අතර සටන සැරෙද්දි පොඩි අය සේරම පුළු පුළුවන් තැන් වල හැංගෙන්නෙ අපි පොඩි කාලෙ බලපු චිත්‍ර පට ආයෙත් සජීවීව බලන හැඟිමකින් හිත පුරවලා.....වීරයා වගේ ඉදිරි පත් වුණාට පුරුෂ දහිරිය හිතට අරන් මං වගේම එයාලත් දන්න ඇත්ත..මම එයාලටත්  වඩා  බය වග කැරපොත්තට.....




ඉඳ  හිටක මේ වගේ අත්දැකිම් වලට මූණ දෙද්දි මගේ හිත රස්තියාදුවේ යන්නෙම මගේ ඉස්සර කාලේට..කැරපොත්තන්ට පණ බයයි..මම අප්පච්චිගෙන් අනන්ත බැනුම් අහලා තියෙනවා බෙරිහන් දීලා..වෙලාවකට උගුරේ ලේ රහ දැනෙන තරමටම ......

ඊට පස්සෙ කසාද බැඳලා ආවට පස්සෙ තමා.....කෑගහද්දි දවසක් දෙකක් හබි ආවා තමා..ඒත් ඊට පස්සේ එයා ආවෙත් නැ...මාමංඩි නම් දවසක් දෙකක් රැව්වට ගෙරෙව්වට පස්සෙ එයත් මඟ ඇරියේ හදන්නම බැරි නිසා වෙන්න ඇති....

දරුවො ආවට පස්සෙ ඉතිං මාරයාටත් තියෙන බය අම්මාලාට නැති වෙනවානේ..ඒ නිසා වෙන්න ඇති..මගේ බය මඟ ඇරිලා ගියේ...මේ ලියන මොහොතෙත් කැරපොත්තෙක් කැරකෙන ආරංචියට මම ගිහින් ඌව අරන් දාද්දි ලොකු දුව "අම්මා වීරයෙක් වගෙ" කීවේ සවුත්තුවට වුණත් අම්මලා වීරයෝ වග එයාත් දැන ගනීවි දවසක එහෙම හිතන් මම ගෙට ආවේ හිනාවෙව්......

උදේ පාන්දර කැරපොතු කතා......

නුඹ නැතිව නුඹ එක්ක....




සිනිදු පෙන කැටි මතින්
මතකේ නුඹේ සිනහා වත
පෙර දිනෙක මා සැනැස්සු
ලඟක නෑ දුර ගිහින්
මට නුඹටත් වඩා
නුඹටත් මට වඩා
කෙනෙකු නොමැති වූ දවස්
ගෙවී දැන් හමාරයි
සයුරු වෙරළේ ඇන්ද
මාලිඟා සේදිලා
සයුරු පතුලම වී
ඉකි බිඳින හඬ ඇසුණා
නෙතඟ රැඳි කඳුළු බිඳු
ගලා යාදෙන් ඔහේ
නුඹ නැතුව තනිව යමි
වෙරළේ ඈතට ඇවිද..


ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...