Sunday, December 8, 2019

#අපි_දෙන්නා -2

 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින් මගේ විතරද කියනව නම්"... ඔයා කොච්චර ඉක්මනට මාව අයිති කර ගත්තද....මං දන් නැ ඒක වුණෙ කොහොමද කියන්න...එච්චර විශ්වාසයක් ගොඩ නැගුනේ කොහොමද..ඒ කිසි දේකට උත්තර හොයන විදිහ මම දන් නැ...ඒ ගැන මම හිතන් නැ....ඒත් මම ඔයාට ආදරේ කරනවා...ඒත් ඔයා මට යම් තරමින් ආදරේ කරනවද ඒ ලඟටවත් මට කිට්ටු වෙන්න බැරිව ඇති.... "මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි" ඔයා එහෙම කියන කොට මම බයයි..මොකුත් නිසා නෙමේ...මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ....මාව දාලා යන්න එපා කියන්න හරි...මාව අමතක කරන්න එපා කියන්න හරි මට අයිතියක් නෑ...එහෙම කියන එකත් හරි නෑ....ඒත් මම වෙන අය හොයන් නෑ...කවදා හරි ඔයාට යන වෙන දාක ඔයාට යන්න පුළුවන් විදිහට මම පාර හදලා තියෙන්නේ ....මම හේතු අහන් නෑ...හෙට ගියත්....හේතු කියන්නත් එපා....ඒක මේ ආදරේට ගැලපෙන් නැ....කවදා හරි ඔයා යන දවසට මම ඉවසන් ඉන්න හැටි පුරුදු වෙන්න ඕන...ඒක කරන හැටි මම දන් නැ...එකමෙක කඳුළක්වත් වට්ටන් නැතිව ඉන්න මම පුරුදු වෙන්න ඕන...සුබ පතලා පුංචි හාදුවක් කම්මුල් දෙකටයි නලලටයි තිබ්බම ඇති.... ජීවිතේ හරි පුදුමයි....හිතා ගන්න බැරි දේ්වල් සිද්ධ වෙනවා..ඔයාත් මගේ ජීවිතේට ආපු පුදුමයක්...කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන් නොහිටපු මට ඔයාව මුණ ගැහෙනවා...එහෙම දවස් තුන හතරකින් ආදරයක් ඇති වෙනවද ඇහුවම "මම දන්නැ...මට එහෙම වුණා" ඔයා දීපු උත්තරේ ඒක...මම තාමත් පුදුම වෙනවා...අහඹු මුණ ගැස්සිම් ජීවිත වෙනස් කරන හැටි....ඔයා මාව පුදුම කරවන හැටිත් පුදුමයි... #මනමාලඇස්.. මාව අමාරුවේ දාන...සැරින් සැරේ මා දිහා බල බල... "මං ආදරෙයි" කියන කොට..මට හිතෙන්නේම කොහේ තියෙන ආදරයක්ද මේ...ඒ ඇස් වල බොරුවක් ලියවිලා නෑ කියලා මට තේරෙනවා...ඒත් බයක් තියෙනවා...දෙයියනේ මොන පිරිමියටද එහෙම ආදරේ කරන්න පුළුවන් ...මං දන් නෑ...ඕවා මම හිතන්න කැමති නෑ...මම ආසම මගේ අත අර ගෙන තදින් අල්ලගෙන පොඩි ලමෙක්ව අල්ල ගන්නවා වගේ ඒ පොඩි එකා පැනලා දුවයි කියන බයට පුදුම විදහට ආරක්ෂා සහිතව තියා ගන්නවා වගේ ලඟම තියා ගන්න විදිහට...මගේ අත ඉවරයක් නැතිව ඉඹලා ඉඹලා..සුවඳයි කියන කොට ඇත්තටම ඔයා පව්.. වැඩ රාජකාරි මහ ගොඩක් තියා ගෙන..මාව බලන්න ඇවිත්.. ආපහු යන්න යද්දි මම නොපෙනි යනකල් බලාගෙන ඉඳලා යන..කොටින්ම මේ සා ලොකු ආදරයක් මට වෙන කාගෙන්ද ලැබුණේ....මම ඒ ආදරේට ආදරෙයි....ඒ ආදරේට ලෝබකම් කරන්න මම ලෝබයි....ඒත් ලඟින් ඉන්න කල් ඔයාගේ විතරක් වෙලා ඉන්න ඕන...දවසක අන්තිම දවස උදා වුණත් මුළු ජීවිත කාලෙම මම ඔයාගේ විතරක්ම වෙලා ඒ මතක එක්ක හැමදාම මැරෙනකල් ජීවත් වේවි.. ඇයි දන්නවද.. නුඹ තරම් මට පෙම් බැඳි නුඹ තරම් මගේ හිත බැඳුණු තවකෙක් මේ මිහිමත නැති නිසා..


 #ආදරණීය_මල්❤❤





No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...