Sunday, December 8, 2019

සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම හිත පෑරෙන රිද්දෙන දේවල් වෙන්න පුළුවන් ....ගොඩ ගන්න බැරි තරමටම මානසිකව වැටෙන... අපි ඕන තරම් අඬලා ඇති....රංඩු වෙලා ඇති..ජීවිතේ එපා වෙලා ඇති..මොකද්ද මේ ජීවිතේ කියලා අනන්ත අප්‍රමාණ හිතිලා ඇති..ඒ දේවල් දරා ගන්න බැරිව කිදෙනෙක් ජීවිත වලින් සදහටම ගිහින් ඇද්ද... ඒත් ඇත්තටම ඒ ක්‍රමේ සාර්ථකද...මම නම් කියන්නේ හරිම අසාර්ථකයි ....මොකද අපේ හිතේ අයිතිකාරයා අපි මිස අපේ හිත් රිදවන අය නෙමේ....අපේ සතුට කිසි කෙනෙක් ලඟ නෙමේ තියෙන්නේ ....හිත රිදුනාම හිත හදා ගන්න ඕන අපි...අමාරුයි තමයි ..ඒත් අපි හිත හදා ගන්නම ඕන...මොකද සමහර විට අපේ හිත රිදවන කෙනාගේ සතුටත් අපේක්ෂාවත් වෙන්න ඇත්තේ අපිව මානසිකව වට්ටන එක වෙන්න ඇති.... අපේ හිනාවට..අපේ සතුටට එයාලා ඉරිසියා ඇති...ඉතිං හිත බිඳවන්න හිතෙනවා ඇති...ඒත් එයාලා දන් නැ එයාලා කොච්චර පවක් පුරව ගන්නවද කියලා.....එහෙව් අයට ඕන විදිහට අපි හැමදාම දුක් වෙවි අඬ අඬා ඉන්න ඕනද... නැහැ..එකෙන් දෙකෙන් තුනෙන් නැගිටින්න ඕන.....අනුන්ගෙන් සතුට හොයන එක නවත්තලා අපේ සතුට අපි තනියෙන් හොයා ගන්න ඕන..අනුන් මත්තේ යැපෙන්න ගිහින් අපිට මඟැරුන දේවල් කොච්චර ඇත්ද..අන්න ඒ දේවල් හොයා ගන්න උත්සාහ කරන්න ඕන..ටිකක් තනියෙන් කල්පනා කරන්න...අපිට වැරදුන මඟැරුන තැන් කොච්චර ද කියලා.. මුලින්ම තමුන්ව හොයා ගන්න...කිසි තැනක යන්න නොදි අපි අපිව අපේ ලඟ නතර කර ගන්න ඕන....කාටවත් ඕන විදිහට අපිට හිතන්න පතන්න බැ...අපිට වෙන කවුරුවත් වගේ වෙන්න බැ...අපි අපිම මිස....හිනා වෙන්න ලස්සනට .. ..මොන දේ වුණත්....😊😊




 #ආදරණීය_මල්❤❤



No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...