මහ රෑක අහම්බෙන් හරි ඇහැරැණොත් හිතට එන හැඟිමක් ජංගමේ එළියෙන් කුරුටු ගාන්න ඕන..හීනෙන් වගේ හිතෙන දේවල් අවදි වෙද්දි අමතක වෙනවා...මගෙ පන්හිඳයි පොතයි ඉහ අද්දර ඕනම වෙලාවක ඒ වෙනුවෙන් මාව පිළි ගන්න ආදරෙන් බලන් ඉන්නවා...කවුරු උන්නත්..කවුරු ගියත් මගෙ ලඟ මතක ඇති කාලෙක ඉඳන් මේ දෙන්නා නොවෙනස්ව මගෙ ලඟ ඉන්නවා....ඉතිං මමත් ලියනවා......
උදේ පාන්දර අවදි වෙලා පිරිසිදු වතුර වීදුරුවකින් දවස අරබලා චුට්ටක් එළියට පහලියට යන්න ඕන උදෑසන අසිරිය බලන්න..ඇහුම්කන් දෙන්න ඕන පරිසරයේ නොයෙක් හඬ වලට......පරිසරය කතා කරනවා අපට.ඉතිං අහන්න..මේ අහස මේ පොළව අපි දිහා බලන් ඉන්නවා පැත්තකට වෙලා..මට නම් මේ මහ පොළව හරිම සුවඳයි..වැස්ස පටන් ගන්න සුවඳ කිදා බහිනනෙ හදවතට...
දවසෙ වැඩ පටන් අරන් ඉවර කරලා රෑට නිදා ගන්න ඇදට යද්දි අද දවස ගැන තෘප්තියක් තියෙන්න ඕන...ආයේ ඇහැරෙන්නෙත් ඒ තෘප්තියෙන්මයි...ඇඳෙන් නැගිටලා බිමට අඩිය තියද්දි දැනෙන හීතලට හිතත් හීතල වෙනවා...
වැඩ ටික කරන ගමන් දවස පෙල ගස්සන්න ඕන පිළිවෙලකට ...කිසිම කෙනෙක් ගැන තරහ හිතක් නැතිව සාමකාමි හිතක් හදා ගන්න පුළුවන් නම් සැලොන් වලට වැඩ අඩුවෙයි.....😊
Friday, January 27, 2017
Thursday, January 26, 2017
මතක හිත
මතකත් එක්ක පපුව හිරි වැටෙද්දි වෙන කිසිම කෙනෙක් ගැන හිත අහලකටවත් එන්නෙ නැ නුඹම හැර...අපි එදා වෙන් වුන නපුරුම අතීතෙට යන හැමදාම මැරි මැරි උපදින බව දන්නේ මං විතරමයි...ඉපදුනොත් මියැදෙන නියත නික්මන වගෙම හමු වුනොත් වෙන් වීමක ලකුණු හැම හමුවකම තියෙනවද මම දැනන් උන්නෙම නෑ...දවසක මියැදෙන මොහොත එනකල් ඔබේ ලඟ වැටිලා ඉන්න තිබ්බා නම්....මට වාසනවා කොයි තරම් දුරද....දූවිල්ලෙන් පිරුන නගරෙ ඔබ තනියෙන් කරක් ගහද්දි අර ඉස්සර වගෙම දුවන් ඇවිදින් අතේ එල්ලෙන්න හිතෙනවා මට...මතක හරි බරයි මහත්තයො ඉක්මනින් බිම තියන්න ඕන..ඊට කලින් එක සැරයක් ඇවිත් මුදු හාදුවෙන් නලල තෙමලා යන්න.....
Wednesday, January 25, 2017
මතු උපදිනදා මගෙම පුතුවෙයන්
වැල් පාලමෙන් ගොඩ වෙද්දි
නුඹත් කර පින්න ගෙන
මට දැනෙන් නෑ බරක්
මට දැනුණේ නෑ බයක්
මුළු ඇඟම ගැහුනාට
මරණය දැක දැකත්
නුඹත් පපුවට අරන්
නුඹ රැක්කේ පණ වගේ
නුඹයි මගේ පුතු අනේ...
හංවඩු ගැසූවත් ලොවම
මමයි නුඹේ අම්මා
නුඹව විසි නොකරාපු
හිනැහියන් ලස්සනට
නුඹ නිදන විට ඇවිත්
නුඹේ නලල සිප යමි
එදා වාගෙම අදත්
නුඹයි මගේ පුතු අදත්
මතු උපදිනදාත්
මගෙම පුතු වෙයන්
නුඹව කුස දරන්නට....
ඉතිං යන්න අවසරයිද මට....
තරහා නම් වෙන්නෙපා
සමු ගන්න හරි ලඟයි
තනියමයි යන්නේ මම
තරහා නම් වෙන්නෙපා
ජීවිතේ විඩාවයි
ගිමන්හල නුඹේ ලඟයි
හැමදාම..
ඒ වුණත්
තරහා නම් වෙන්නෙපා
නොකියාම මම ගියොත්
තනියෙන්ම තනි ගමන්..
තරහා නම් වෙන්නෙපා
දුක හිතෙයි රත්තරං
තරහින් නම් ඔයා
ගියාට මම විතරක්ම..
ඒ වුණත්
එනවාද
ගිහින් මාව ඇරලන්න
කමක් නෑ දාලා එන්න
මම තරහා වෙන්නේ නෑ..
ඈත කොනක පාළු තැනක
මිහිදන් කරද්දි මාව
දානවද පස් පිඩක්
අඬන්නෙම නැතුව
හිනැහිලා මට යන්න..
තරහා නම් වෙන්නෙපා
නොකියාම මම ගියොත්..
Monday, January 23, 2017
නිහඬ මතක
මතකද එදා.
නුඹ මාව ඇරලාපු
ඈත් කොනක පාළු තැනක
කාටත් හොරෙන් නුඹ
හෙමි හෙමින්
ඉකි බින්ද හැටි..
එදා..
මම අඬද්දි
මගේ හිස පිරි මැද
සිප වැලඳ
පපුවට තුරුළු කර
මා සනසාපු නුඹ
ඉකිලද්දි තනිව
බලන් උන්න මමත් ඔහේ
කඳුළකුත් වැටෙද්දි
මට නුඹව අල්ලන්නත් බැරි
නුඹටත් ඉහළින් තැනකඉඳ ...
අනේ එපා..
තනියම අඬන්න
මම නෑ කියලා තවත්...
කියන්න
ආයෙත් අපි හමු වෙනවා නේද
අපි පොරොන්දු වුණ විදිහට
ඔයා ඇවිත් ඇහැරනකල්
මම ඉන්නවා නිදා ගෙනම
එනවා නේද මතක ඇතුව
කොච්චර කල් ගියත් මොකද
ආයෙත් අපි හමු වෙනවා නේද..
අනේ එපා
තරහා වෙලා ඔහොම ඉන්න
ආවාට මම මෙහෙම ගමන්
මේ මං දැන් අඬද්දි
ඔයා ලඟත් නැති වෙලාවේ
හිස පිරි මැද සනසවන්න..
Sunday, January 22, 2017
ඉතිං සතුටෙන්ද නුඹ...
බීලා බීලා
විසි කරන
සිගරට් කොටයක් වගේ
පුළුවන්ද එහෙම උඹට
මාව විසි කරන්න..
මාව පුච්චලා පුච්චලා
උඹට ඕනේ ඕනේ විදිහට
කොහොමද උඹ මාව
විසිකරන්නේ..
කොහොමද උඹ මාව
බිම දාලා ඔය කකුළෙන්
පාගලා දාන්නේ..
උඹ අළුත් සිගරට්
එකක් පත්තු කරන්න වාගේ
මාව විසි කරලා
වෙන එකියක් ලඟට යනකොට
උඹ හිතනවද
අර උඹ බිම දාලා
පෑගුව සිගරට් කොටේ
වගේ මගේ හිතත්
නිවිලා යාවි කියලා
එහෙම කරන්න එපා බං
උඹට ඕනේ නම් මාව
විසි කරපන් ඒත්
සිගරට් කොටයක් වගේ නෙමේ
මගේ හිත නිවෙන විදිහට
ආයෙත් උඹට පත්තු කරන්න
බැරි විදිහට..
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරණීය ආදරය.. ..... කයිරාගේ තිබුණ කලබලකාරි හැසිරීම් දිහා බලන් ඉද්දි මට කයිරාත් එක්ක ඇති වුනේ කේන්තියක්..ඇය අම්මා තාත්තා ඉස්සරහා හැසිරෙ...
-
පුංචි හිතක හීන ගොඩක් රෑ වෙලා එළිවෙන හැමදාම නිමාවක් නැති අහසක් තරම් තියෙනවා මේ හිත අරා.... තටු සලා ඉගිලිලා යන්නට වරම් නැතිවද හිත පුර...