Wednesday, January 25, 2017
ඉතිං යන්න අවසරයිද මට....
තරහා නම් වෙන්නෙපා
සමු ගන්න හරි ලඟයි
තනියමයි යන්නේ මම
තරහා නම් වෙන්නෙපා
ජීවිතේ විඩාවයි
ගිමන්හල නුඹේ ලඟයි
හැමදාම..
ඒ වුණත්
තරහා නම් වෙන්නෙපා
නොකියාම මම ගියොත්
තනියෙන්ම තනි ගමන්..
තරහා නම් වෙන්නෙපා
දුක හිතෙයි රත්තරං
තරහින් නම් ඔයා
ගියාට මම විතරක්ම..
ඒ වුණත්
එනවාද
ගිහින් මාව ඇරලන්න
කමක් නෑ දාලා එන්න
මම තරහා වෙන්නේ නෑ..
ඈත කොනක පාළු තැනක
මිහිදන් කරද්දි මාව
දානවද පස් පිඩක්
අඬන්නෙම නැතුව
හිනැහිලා මට යන්න..
තරහා නම් වෙන්නෙපා
නොකියාම මම ගියොත්..
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
බොහොම සංවේදීයි එය
ReplyDeleteම් දිනයක මා නාවොත්
ReplyDeleteනිල් අහසට ..... තුරු වදුලට .....
සෙමෙන් හමන ..... මද සුලගට......
පාවෙන සුදු .... වලාකුලට .....
පෙමෙන් බැදුන ... සමනලියේ ....
මල් ගොමුවක ..... මලක් විලස .....
ලොව සරසන .... කොමල ලියේ .....
ඒ අහසම ... හිසට උඩින් ......
මා දවනව ..... ඈත දියඹෙ .....
මාළු රැල්ල .... නෙලා ගන්න .....
දැල එලලා ..... මහ සයුරේ .....
උරණ හිරුගෙ ..... රැස් දහරින් ....
දෑවෙමින් ඉමි ..... ඔරු කඳ තුල....
හමන සුළග ...... මවන රැල්ල.....
පෙරලා ඔරු...... කඳ දියඹේ .....
රැගෙන යාද .... මගෙ දිවි පොද.....
බිය දනවයි .... හැම මොහොතෙම......
වැල්ලට ආ ..... දිනකදි එමි .....
එක පිම්මෙම ..... ඔබ දකින්න....
ප්‍රමාදයෙදි ..... දොස් නොකියන් .....
නුඹ නොදනී...... විදිනා දුක .....
යම් දිනයක ..... මා නාවොත් ......
නොසිතන් අහිතක් ..... මා ගැන ......
බුදු හිමි වෙත ..... මල් දෝතක්.....
මගේ නමින් ..... ඔබ පුදන්න .....