Monday, January 23, 2017

නිහඬ මතක



මතකද එදා.
නුඹ මාව ඇරලාපු
ඈත් කොනක පාළු තැනක
කාටත් හොරෙන් නුඹ
හෙමි හෙමින්
ඉකි බින්ද හැටි..
එදා..
මම අඬද්දි
මගේ හිස පිරි මැද
සිප වැලඳ
පපුවට තුරුළු කර
මා සනසාපු නුඹ
ඉකිලද්දි තනිව
බලන් උන්න මමත් ඔහේ
කඳුළකුත් වැටෙද්දි
මට නුඹව අල්ලන්නත් බැරි
නුඹටත් ඉහළින් තැනකඉඳ ...
අනේ එපා..
තනියම අඬන්න
මම නෑ කියලා තවත්...
කියන්න
ආයෙත් අපි හමු වෙනවා නේද
අපි පොරොන්දු වුණ විදිහට
ඔයා ඇවිත් ඇහැරනකල්
මම ඉන්නවා නිදා ගෙනම
එනවා නේද මතක ඇතුව
කොච්චර කල් ගියත් මොකද
ආයෙත් අපි හමු වෙනවා නේද..
අනේ එපා
තරහා වෙලා ඔහොම ඉන්න
ආවාට මම මෙහෙම ගමන්
මේ මං දැන් අඬද්දි
ඔයා ලඟත් නැති වෙලාවේ
හිස පිරි මැද සනසවන්න..

4 comments:

  1. බලාපොරොත්තුව දෝත දරා මග බලා හිඳී ඔබ එනතුරා...
    සුන්දරයි හැඟීම්

    ReplyDelete
  2. පෙර දාක මග හැරුන
    මංසලට පැමින ඇත
    එදා ඔබගෙන් දැනුන
    සුවඳ මෙහි තව ඇත
    හදුනගත නොහැක මට
    පෙනුම නුඹෙ වෙනකෙක
    නමුත් ඒ තුල ඉන්නේ
    නුඹම බව කිව හැක
    නිම නොකල පෙම් ගීය
    සමු ගත්දී පෙර භව
    එන්න අප නිම කරමු
    එක්ව දෑගිලි බැඳ

    ReplyDelete
  3. ලස්සන බ්ලොග් එකක්.. follower gadget එක දැක්කේ නැනේ.
    තවත් ලස්සන නිර්මාණ කරන්න.. ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..මම මේ තැනට අලුත්..

      Delete

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...