Sunday, December 8, 2019

#අපි_දෙන්නා...1

 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කරනවා...මම මේ කියන පුද්ගලයත් හරි අපූරු කෙනෙක්..ටිකක් විතර වෙනස් කෙනෙක්.... අහම්බෙන් මුණ ගැහුණ මේ කෙනා දවසක් මට හදිසියේම කියනවා මට ආදරෙයි කියලා...මම සමච්චල් හිනාවකින් ඔහුට ප්‍රතිචාර යැවුවම වුණත් ඔහු එය වැඩිය ගානකට ගත්ත බවක් පේන්න තිබුණේ නෑ...ඔහු මට අහන්න සලස්සනවා සිංදු..ඒවා මම කලින් අහලා තිබුණ ඒවා වුණත්..මම එයාට හොරෙන් ඒ සිංදු රස විඳින කොට මට ඒ හැම සිංදුවකම ඔය මනුස්සයා පේන්න ගත්තා...නමුත් මම ඒ වගක් පෙන්නන්නේ නැතිව ඉන්න උත්සාහ කලා.... ඔහු..මට නිතරම කිව දෙයක් තිබ්බා "ඔයා දවසක දුක් වෙයි දවසක හොඳ කෙනෙක් නැති කර ගත්තා කියලා" මම තනියෙන් හැම තිස්සේම කල්පනා කලා මේ මනුස්සයා මොනාද කියන්නේ කියලා...ඒත් මම කිසිම හිත් උණු වීමකින් තොරව වචන පාවිච්චි කලාම ඔහුගේ හිත රිදුනම මම මහ කුරිරු සතුටක් ඇත්තටම ලැබුවා...මම එහෙම වුණේ කොහොමද කියන්වත් මම දන්නැ....දවසක් මගේ වචනයකින් හොඳටොම හිත රිදව ගත්ත ඔහු යන්නම යන වග මට පණිවිඩයකින් තියලා ගියා... ඇත්ත...මම කලබල වුණා...ඒත් ඇයි...මට හිතා ගන්න බෑ...මම හිත ඇතුලෙන් ඔහුගේ සමාගම ප්‍රිය කලා..ඇත්තටම ඔහු හිතෛෂී පුද්ගලයෙක් ....මගේ එකදු කෙටි පණිවිඩයකටවත් උත්තර නොදුන් ඔහු අඩුම තරමේ මගේ ඇමතුම් වලටවත් උත්තර නොදි හිටියා... මගේ හිතේ කොහේදො තැනක් රිදෙන්න ගත්තා...මට පාළුවක් දැණුනා ...මම සමාව ඉල්ලුවත් ඔහු නොසැලි හිටියා...මම පරාද වුණ හැඟිමකින් පෙලෙමින් හිටියා..ඔහු අහිමි වීමේ දුකක් මගේ හිතේ පැල පදියම් වෙලා... අන්තිමට මම තීරණය කලා...මම ඔහුට ආදරය කරන බව කියන්න...ඇත්තටම මම කෙලින්ම නොවුණත් මම ඔහුට ප්‍රේම කරන බව දැන්නුවා..අවසානයේ ඔහු සියලු සිදුවීම් අතැරලා ආයිමත් මං ලඟ නතර වෙනවා... මට ඔහුගේ තේරුම් ගන්න බැරි තැන් කීපයක් තිබ්බා..ඒ ඔහු පිස්සුවෙන් වගේ මට කරන ආදරය ගැන..."ඔය බොරුවක් වෙන්නැති" කියන මහ සහාසික හැඟිම මගේ හිතේ තිබ්බා...ඔහුව මට පලවෙනි වතාවට මුණ ගැහෙනකල්ම... ඔහු ඇත්තටම මහ ගොඩක් ලස්සන අර කියන කඩවසම් කෙනෙක් නෙමේ....හැබැයි මම ඔහුව මගේ ඇස් වලට තදින් ග්‍රහණය කර ගත්තා...සාමාන්‍යයෙන් ගැහැණියෙක්ගේ හිත එවන් අය කෙරෙහි බැදෙනවා අඩු බව මම දන්නවා...නමුත් මගේ හිත ඔහු ලඟ නිසොල්මනේ නැවතුන බව හැබැවක්...මම ඔහු ලඟින් ඉඳ ගත්තම ඔහු මුලින්ම කීව වචන ටික "ඔයා ඇත්තටම ලස්සනයි" ඒ කිවේ මගේ රූපේ ගැන..ඒක මම දන්නවා...මහා ලොකු ලස්සනකට උරුම නැතත් ඔහු ඔහුගේ ඇස් දෙකෙන් මාව ලස්සනට දකින්න ඇති..මට ඔහුව පෙනුනා වගේ......ඒත් මම ආසා වුණේ මගේ හිතේ ලස්සන ඔහු දකිනවා නම්.. ඔහු මගේ දිහා බලන් ඉද්දි අපහසුතාවයට පත් වෙච්ච මම කිවෙම "ඔහොම බලන්න එපා මගේ දිහා" "ඇයි..මගේනේ" මම හිනා වුණා.. "කොහෙද දැන් යන්නේ" "පාර තියෙන්නේ ඔහේ යමු" සැරින් සැ⁣රේ ඔහු මගේ දිහා බලන කොට මහ අමුත්තක් මට දැණුනා..නුපුරුදු ගතියක්..ඔහු විහිළු කරනවා හිනා වෙනවා ඉවරයක් නෑ... මගේ අත අරගෙන පපුවට තියාගෙන තදින් හුස්ම ගන්න ගමන් හෙමින් හෙමින් කී පාරක් මගේ අත ඔහු සිප ගත්තද...මේ හැමදේම මට නුහුරුයි...මට ඔහුව වඩාත් ඉක්මනින් දැනුනේ ඒ කිසි දෙයක් නිසා නෙමේ...මගේ අත අරන් පපුවට අත් දෙකින්ම තද කරන් "දැනෙනවද මගේ පපුව ගැහෙනවා" ඇහෙනවද" ඔහු කියවනවා..මගේ දිහා බලන් නැතිව.. ඇත්තටම මට මහ දුකක් දැනුනා.. මං ගැන කිසි දෙයක් නොදැන මම ඔයාට ආදරේ නෑ කියන තැනට එන්න එපා...මම ඔහුට කිව්වා... එක තැනක ඔහු කාර් එක නවත්තනවා..අපි කතා කරනවා..හිනා වෙනවා... ඇත්තටම කැත මිනිස්සු ලෝකේ නැ..ඉන්නේ හිත් කැත මිනිස්සු ...මේ මනුස්සයා කොච්චර හොඳද....මම බලන් ඉඳලා කිව්වා.. "මෙහ් ඔයාගේ ඇහි බැමි ලස්සනයි ..හදලා වගේ" එයා හිනා වෙවි කන්නාඩ්ය පහත් කරලා බලනවා.. "ඇස් දෙක නම් මහ මනමාල පාටයි" එහෙම කීවම එයා මහ හයියෙන් හිනා වුණා... අන්තිමට බලහත්කාර හාදු වැස්සකින් ඔහු මාව තෙමනවා......"මගේ විතරක් වෙයන්" අන්තිමට ඔහු කියනවා ජීවිතේ මොන විදිහට කෙලවර වුණත් ආදරෙන් ගෙවුන එක මොහොතක් වුණත ජීවිත වලට හිනාවක් ගේනවා...එහෙම කතා ඕන තරම් ලෝකේ තියෙනවා ..ගොඩක් කතා හැංගිලා තියෙන්නේ ....එහෙම තමා ලස්සනම... ලොව නිසසල වි නවතින මොහොතේ යටි හිත් මතු කොට සිනා සලා ලොව දොඩමළු ව් නෙත් මානන කල අපි දෙදෙනා ඉමු තරහා වෙලා.. එහෙම කිවේ ඒකයි.... ..... 


 #ආදරණීිය_මල්❤❤





No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...