#නිදහස🐾️🐾️
මට ඕන නිදහසේ ඉන්න...ගොඩක්ම නිශ්ශබ්ද තැනක...මට විතරක්ම ඉන්න පුළුවන් තැනක..මට හැමදෙයක්ම අමතක වෙන තැනක....
හැමෝම නැති වෙච්ච දේවල් ගැන...නැති දේවල් ගැන හිත හිත දුක් වෙද්දි..මට ඕන මට ලැබුණ දේවල් ගැන හිතන්න...ඒ ගැන හිතලා හිත පුරව ගන්න...හොඳ හුස්මක් ගන්න...
🐾️🐾️🐾️🐾️🐾️🐾️
එදා ඉඳලා අද වෙනකල්ම ජීවිතේ හිමි වීම් වලට වඩා වැඩියෙන් තියෙන්නේ අහිමි වීම්...සමහර වෙලාවට ජීවිතේ තියෙන්නේ අහිමි දේවල් වල්...සමහරදාකට තනියෙන් හිත හිතා අඬපු දවස් තිබ්බා...මට ඕන වුණේ කාගෙත් අවධානය මගේ පැත්තට හරව ගන්න...එහෙම බැරි වුණාම එහෙම නැති වුණාම මම දන්නෙත් නෑ ඇස් වලට කඳුළු එනවා...ඒ ගැන වැඩි පුරම දන්නේ මගේ කොට්ටේ...රැයවල් එළි වෙනකල් මගේ කඳුළු වලට හේතු අහලා උත්තර දෙන්න හැදුවේ මගේ කොට්ටේ ..
🐾️🐾️🐾️🐾️
මම වැඩියෙන් ආදරේ කරපු අය ජීවිතෙන් පලා යද්දි මම මානසිකව වැටෙද්දි මම කලේ යන්තම් කළුවර වැටිගෙන එද්දි එළියට ඇවිත් පඩි පෙලේ ඉඳන් ඉන්න එක...හීතලම හීතල පරිසරයත් එක හිත බැඳෙන කොට පින්න වැටි ගෙන එන කොට තණ කොල වලින් එන සුවඳට සනීපෙට මම ආස කලා...සෙරප්පු දෙක ගලවලා තියලා ඒ හීතලේම මම හෙමින් ඇවිදිනවා....චුට්ටක් නැවතිලා අහස දිහා බලන් ඉද්දි තැනින් තැන තනි වෙච්ච තරු ඕන තරම් තියෙනවා...ඒ අතරින් මම මාව හොයන්නත් පුරදු වුණා...හඳ තියෙන හවස් යාම වල මම වැඩි පුර එළියට වෙලා හිටියා...සමහර දාක නිදා ගනිද්දි මම ජනෙල් රෙදි මෙහාට කරලා හඳ දිහා බලන් ඉන්නවා...ලා නිල් පාටින් හඳ එළිය ජනේලෙන් කාමරේ පිරෙද්දි මං අාසයි..නින්ද යනකල් සිංදුවක් අහන්න පුරුදු වුනේ එහෙම...අදටත් මම ආසා එහෙම..
පොත් කියවන එක..පුංච් පුංච් කොල කෑලි වල කුරුටු ගාන්නත් පුරුදු වුණා...ඒවා අනික් පැත්තට විසි කලේ කවුරුත් දකි කියලා බයට
🐾️🐾️🐾️
🐾️🐾️🐾️🐾️
මම මට නැති වෙන දේවල් වලින් හිත හදා ගන්න පුරුදු වුණේ එහෙම...ඒ දේවල් ගැන දුක් වෙවි හිටිය කාලේ අපරාදේ කියලා හිතෙන තරමටම මම ඒ දේවල්👆👆👆 වලට ඇබ්බැහි වුණා...අදටත් මම ආසා නිහඬ ..නිසසල හුදෙකලා බවට...
🐾️🐾️🐾️🐾️
කොච්චර සෙනඟ මැදක වුණත්...බස් එකක වුණත්....කොතැනක් වුණත් මට ඕන විදිහට මට හුදෙකලා වෙන්න පුළුවන් හිතින් ...ගොඩක් මිනිස්සු කලකිරෙද්දි ..දුක් වෙද්දි මට හිත හදාගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන් ...හැම දෙයක් දිහාම නිහඬ වෙලා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන් තැනට මම මගේ හිත අරන් ඇවිත්...හබා යන මිනිස්සු අතරේ සංසුන්ව මට ඉන්න පුළුවන් ...
🐾️🐾️🐾️🐾️
මට ජීවිතේ මුණ ගැහුණේ එහෙම....මම ඒ දෙවල් තනියෙන්ම හොයා ගත්ත දේවල්...මට කිසි කෙනෙක්ට වෛර කරන්න බැරිත් මම ඒ දේවල් වලින් හිත හදා ගත්ත තරමටමයි..."ඇයි ඔහොම ඉවසන් ඉන්නෙ"කෙනෙක් අහන කොටවත් මට දෙන්න උත්තර නෑ..මම හිනා වෙනවා විතරයි...😊😊😊😊
#ආදරණීය_මල්❣️❣️
Friday, March 8, 2019
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
No comments:
Post a Comment