මට නිතර මඟෑරෙන ඔබ
මං ආදරේ යැයි නිතර නිතර
මගේ හිත ගතු කියන
අාදරේ යැයි කියන මුත්
ඔබ මඟ හැර ගියද
ආදරේ බිඳකුදු අඩු නොවන බැව්
සපත කිරිම තරම් නොවන නිසා
ඔබ මඟ හැරි යනු බලා හිඳිමි
දුහුවිලි දුමාරයෙන් පිරුණ
දහඩියෙන් පිරුණ
මිනිස් ඔළු ගෙඩි අතර
ඔබ හිඳිදැයි විපරම් කිරිමත්
අණුවන බැව් දැනෙන මුත්
මා ඔබවම සොයමි
දුක් නොවි හිඳින්නැයි
අණ කරන අය'තර
මගේ හිත නොතේරෙන අය'තර
අසරණ වෙන බවම දැන දැන
හිඳිමි...වැලපෙමි
"ආදරේ" යැයි යළිත් වරකුදු
පැවසීමට නොඉවසිලිවන්ත වෙමි
සමා වෙන්නැයි නොයැදිමි
ආදරේ යැයි පවසමි
හිතම සුවපත් කර ගමි..
#ආදරණීය_මල්❣️❣️
Friday, March 8, 2019
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment