Thursday, September 7, 2017

මම පිළිවෙලක් කියලා දෙයක් ඉගෙන ගත්තා නම් ඒ අපේ අම්මාගෙන්ම තමයි...ඈ ඉතාමත් මනා පිළිවෙලකින් යුත් කාන්තාවක්..ඇයත් රැකියාවක් කළ තැනැත්තියක්...ඒත් කිසිම දවසක ඇය ගෙදර කැළැවට යන්න දුන්නැ...වැඩට ගියෙත් සේරම කරලා...මට හොඳට මතකයි..උදේම නැගිටලා අම්මයි අප්පච්චියි දෙන්නම උයනවා..උදේට වෙනම කෑම හදලා දවල්ටත් උයනවා..යුද්ධයක් වගේ..ඒ අතරතුර ගෙවල් සුද්ද කරනවා..අයියලා නම් ටිකක් ලොකු නිසා එයාලා තනියම ලෑස්ති වෙනවා ඉස්කෝලේ යන්න..අප්පච්චි මාව ලෑස්ති කරනවා..ලේසි නෑනේ දරුවො හතරක් ඉස්කොලේ යවලා හැමදේම කරලා වැඩටත් යන එක..

චුට්ටක් තේරෙන වයසට ආවාම අම්මාගේ මේ වික්‍රමය ගැන මම කල්පනා කලා...දවසක මට පුළුවන් වෙයිද අම්මා වගේ වෙන්න මේ සා විශාල කොටසක් මගේ ජීවිතේට ඈද ගන්න පුළුවන් වෙයිද...අම්මා නම් හරි පුදුමයි..ඇගේ පිළවෙල..රටාව මේ හැමදේම මට නම් පුදුමයි තාමත්..



මට මතක ඇති කාලේ ඉඳලාම අම්මා මාව සූක්ෂම විදිහට හැසිරෙව්වා..පිළිවෙල කියා දෙන්න..බැනුම් අහපු..ගුටි කාපු..අඬපු අවස්ථා එමටයි..ඉස්සර ඒ දවස් වල මට අම්මාව හරිම වදයක්..හමුදාවෙන් වගේ කාමරෙට කඩා පාත් වෙද්දි මට සේරම වෙලා ඉවරයි..හැම අහු මුල්ලක්ම පරික්ෂාවට ලක් වෙද්දි මම මුල්ලකට වෙලා බලන් ඉන්නවා ඊළඟ වටේ ගුටි කන්න හරි බැනුම් කෝටියක පූජාවට මම ලක්වෙන බව දන්න නිසාම...ඒ බයටම මමත් ගෙදර හැමෝමත් පිළිවෙල පුරුදු වුනා...හැම අතින්ම..



අම්මා කියා දීපු පිළිවෙල මට ආභරණයක් වුනේම මම කොළඹ රස්සාවට ඇවිත් බොඩින් වුනාම...හැම දේම කර ගන්න වුනේ තනියෙම..නුහුරු පරිසරයක..ජීවිතේ
ඉදිරි ගමන යන්න පෙර හුරුවක් ලැබුණ හොඳම තැන..බොඩිමේ ඇන්ටි එයාගේ දරුවෙක්ට වගේ ආදරේ කරද්දි..මගේ පිළිවෙල අගය කරද්දිි මට මතක් වුනෙ අම්මාව....මා ඒ තැනට ගෙනාපු...

ඊට පස්සේ විවාහ වුනාම..මාත් රැකියවට යද්දි මම මට පුළුවන් තරමින් මගේ අම්මාව අනුගමනය කලා..ඊට පස්සේ දැන් මගේ දරුවො...මගේ අම්මා වගේ සැරට නැතත් පිලිවෙලදි මම එයාලට අනිවාර්යයෙන් තදින් ඉන්නවා...හැබැයි ආදරෙන්..මොකද මම දන්නවා ආදරෙන් කියද්දි දරුවො එකවරම අහන්නේ බයට නෙමේ කියලා...ඒ මොනා වුනත් අම්මාට මම ණය ගැති හැමදේටම...

෴ආදරණීය මල්෴

2 comments:

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...