බලන් ඉඳලා බැරි තැනක එයා පොත් ගේන එක නැවැත්තුවා ..හොරෙන්ම පුස්තකාලයට බැඳිලා කොට්ටේ යට තියන් කිවද්දි අහු වුනාම බය වෙලා මම බලන් ඉද්දි..එයා හෙමින් ඔළුව අත ගාලා ගියා..තහනම ඉවතට එතැන් සිට...
ලියවිල්ල..ඒ ගැන කිසිම රසන්‍යතාවයක් එයාට නැ...එයාට ලියපු කවි කොල සේරම ඒ ආකාරයටම මට අහු වුනේ මාව කැන්දන් ආවට පස්සේ...මුංදැට අායේ කවි ලියන්නැ කියලා තරයේම හිතට ගත්තා..
ඉතාම හොඳ ස්වාමිපුරුෂයෙකු වෙච්ච එයා ගැන නොලියාම බැරි වුන සමහර අවස්ථාක මම ලිව්වා....
දැන් සියල්ල කනපිටය..මට වඩා මගේ ලියවිල්ල ගැන එයා විමසිලිමත් වෙද්දි පුදුම වුනත් නොහඟවා සතුටු වෙමි...පොත් ලබන අවුරුද්දේ කරමු...සියළු බැර පැන ඔහු දරනු ඇත..කඳුළු අතරින් සිනාසීමි.....මේ සැරේ පොත් ගන්න යන්න බැරි වුන එක ගැන දුක් වෙද්දි සල්ලි දෙන්න හදද්දි මම එපා කිවේ තව දේවල් කර ගන්න තියෙන නිසාමයි..එහෙනම් ලබන පාර වෙද්දි අපි ප්ලෑන් එකකට වැඩේ කරමු පොත් ගොඩක් ගන්න...කාලයාගේ ඇවැමෙන් ඔහු වෙනස් වි ඇත..ඒ මා වෙනුවෙන්ය...
ඉතිං ඔහු වෙනස් කලේ මමය....
No comments:
Post a Comment