හන්තානට පායන හඳ
ලස්සනයිද බලන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න....
ඒ සිංදුව ඇහෙනවා ඒ මොහොතෙම....මම වැඩියෙන්ම සම වැදුන මොහොතේදි.....ආසම කරන සිංදුවක්....ආසම කරන බර කට හඬ...වෙනදාටත් වැඩිය ඕන කමින් එ් සිංදුව මගේම කර ගන්න උත්සහ කරපු තරම්...ඇස් දෙක පියාගෙනම..ඒක හාවනාවක්.....මට ඇත්තටම හිතුනා ඒ සිංදුව අස්සේ ඉන්නේ මහ ඉරිසියාකාර පෙම්වතෙක් කියලා....එහෙම ලේසියෙන් මහවැලියට දාලා අමතක කරන්න බැරි මතක ගොඩක් ඒ සිංදුවේ හැම වචනෙකම තියෙනවා.....
කිසිම හැල හොල්මනක් නැතිව තවත් ඇස් පියා ගත්තා...
හන්තාන කඳුපෙල සඳට ආ වඩා
සරසවියට පිණි පොදක් වැටෙනවා
මගේ හද මැදුරට අඳුර ගලනවා
බට්ටිච්චෙක් මගේ දුකට හඬනවා...
ඊළඟට ඇහෙන සිංදුව....කිසිම සම්බන්ධකමක් නැතත් හිත නැවතුන සිංදුවක් භද්‍ර ජීගේ....ඒත් ඒ මොහොත තනි කමක් හිතට දැනුන මොහොතක්..කාගේ හො අඩුවක් දැනුන මොහොතක්.....අපැහැදිලි රූපයක් ඇස් අස්සේ ඇඳෙන්න ගත්තා....පැහැදිලි කර ගන්න තරම් ඉස් පාසුවක් නැහැ...මොකද ඊළඟ මොහොත ඇස් තෙත් වෙන මොහොතක් වෙයි කියන බය තදින්ම හිත දන්න නිසා....හිතන්න වැස්ස දවසක හීතලම ඔබට මේ සිංදුත් එක්ක මොහොතක් ඔබේ හදවත ස්පර්ශ කරන්න ලැබුණොත්.....මේ හදවත හරි උණුසුම් ඒකේ දෙකක් නැ......
සමුගෙන යන්න ලෝබ වුණත් සමු ගත යුතුම මොහොතක අකමැත්තෙන් සමු දුන් මොහොතක්...හිතේ ගොඩක් දේවල් තියාගෙන...ඊළඟ මොහොතේ අකුරු කරන්න...මුළු හිතම නිවෙන බව දන්නවා...ඒ නිවුනේ ඔබෙන් වගත් දන්නවා.....
#ආදරණීය_මල්
No comments:
Post a Comment