මේ දවස් වල කියන කතා වැඩි පුරම කියවෙන්නේ වැස්ස ගැන....මුහුණු පොතේ...ටී වී එකේ..රේඩියෝ එකේ ඔය කී නොකි හැම තැනම වැස්ස...වැස්ස...
අපි කොච්චර නාහෙන් අැඬුවත් අපි වැඩිපුරම ආදරේ ඉරට බවත් ඉර නැතිව අපිට කොයි තරම් පාළුද වගත් මේ වගේ අවස්ථා වල වැඩි පුරම කල්පනා වෙන දේවල්...
වැස්ස ගැන ඕන හැටි කවි කතා ලීවත් ඉර ගැන කවි කතා කොයි තරම් අල්පද කියලා හිතෙනවා....ඉර අමනාපෙන්ද කියලත් හිතෙනවා....මෙහෙම අකටයුතුකම් වෙද්දි...
මට මතක් වෙනවා සිංදුවක්
"ඉර මා දැව්වත් මා ලද උණුසුම අමතක කරන්න බැ"...
කතාව කොයි හැටි වෙතත් ඉර නැති වුණාම ප්‍රශ්න ගොඩයි....හෝදපු ඇඳුම් වෙල ගන්න බැරුව දවස ගානේ රෙදි බේසම් එකතු වෙද්දි ඉර ඇයි එහෙම දරුණු වුණෙ කියලා හිතෙනවා....වැස්සට වැටිලාම එපා වෙන් නැද්ද...රිදෙන් නැද්ද....ඉරට අවස්ථාවක් දෙන්නෙම නැද්ද..?
ටික ටික ප්‍රශ්ණය දරුණු වෙන්නේ අඳින්න ඇඳුම් නැති වෙද්දි...එක අතකට මේක මහ වදයක්.....තෙත පිටින් ඇඳුම් අඳින්නත් බැ....මැෂින් එකෙන් හේදුවත් අව්වක් නැතිව බෑ...අර ඉස්සර වගෙ කොළ අතු තිබ්බා නම් හොඳයි කියන සිතිවිල්ල හිතේ හොල්මන් කරනවා...මැවිලා පේනවා.....
ෆෑන් අස්සෙයි...ෆ්‍රිජ් පිටි පස්සෙයි වෙල ගන්න පුළුවන් හරිම පොඩි රෙදි ප්‍රමානයක් .....තට්ටු ගෙවල් වල ඉන්න අපිට දැවෙන ප්‍රශ්න මේවා...මේ කාලේ එළිය අහල පහල රෙදි වැනුවොත් එක හුළඟට ඒවා ගහන් යනවා....එහෙම ගහන් ගිහින් ඒවා නතර වෙන්නේ හයිටෙන්ෂන් වයර් වල.....මේවා ගැන හොඳ හැටි අත්දැකීම් තියෙනවා අපිට...
වැස්ස එනකල් බලන් හිටිය අපි දැන වැස්ස යනකල් බලන් ඉන්නවා ...ඉරට යන්නැයි දොස් කියපු අපි ඉර එනකල් බලන් ඉන්නවා....මේක පුදුම ලෝකයක්.....ඒ අතින් අපි හරි වෙනස් මිනිස්සු ......
#ආදරණීය_මල්
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#කොල්ලැම්මා ආච්චි නිවන් ගිහින් දැන් ගොඩක් දවස්....ඉස්සර අවුරුදු කාලෙ ලං වෙද්දි අපේ ගෙදර කැවුම් හදන්න ආව ආච්චි #කොල්ලැම්මා ආච්චි....එයා කවමද...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරණීය ආදරය.. ..... කයිරාගේ තිබුණ කලබලකාරි හැසිරීම් දිහා බලන් ඉද්දි මට කයිරාත් එක්ක ඇති වුනේ කේන්තියක්..ඇය අම්මා තාත්තා ඉස්සරහා හැසිරෙ...
No comments:
Post a Comment