#හොඳමකෙනා#
අපි ගොඩක් වෙලාවට අපේ ජීවිත වලට ලං කර ගන්න කැමති හොඳම දේවල්....ඒ අපි හොඳින් ජීවත් වෙන්න තියෙන කැමැත්ත නිසා..
එක මහත්මයෙක් හිටියා...එයා ගොඩක් හොඳ කෙනෙක්...තමුන්ගේ යුතුකම් වගකීම් හැම තැනකදීම හරියටම තිතට කරපු කෙනෙක්...
මිල මුදල්..සැප සම්පත් හැමදේම එයාට තිබ්බා...
ඒත් එයා කවදාවත් විවාහ වුනේ නැ....එයාට අවුරුදු 90ක් වේද්දිත් එයා අවිවාහකයෙක්...එයා නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරු වෙලා මරණාසන්න වෙලා හිටියේ...
දවසක් එයාව මුණ ගැහෙන්න කෙනෙක් ආවා...මේසා විසාල සැප සම්පත් තියෙන මේ වයොවෘද්ධ මනුස්සයාට මෙහෙම කිවා..
"ඔබට දැන් වයස 90 ක් වෙනවා...දැන් හොඳටෝම ලෙඩ වෙලා මේවා රහස් හැටියට තියන් ඉඳලා දැන් වැඩක් නැ...මෙච්චර ධනයක් හිමි ඔබ ඇයි විවාහ නොවි හිටියේ"....
එතකොට අර වයොවෘද්ධ මනුස්සයා මෙහෙම කිවා..
"මමත් ආසාවෙන් හිටියා විවාහ වෙන්න..දරුවෝ හදන්න..ඒත්..මට ඕන වුනේ හොඳම කෙනා"
"ඉතිං ..ඔබට හමුවුනේ නැද්ද ඔබ හොයන එහෙම කෙනෙක්ව"
"ඇයි නැත්තේ..මට මුණ ගැහුණා"
ඉතිං...ඔබ කීවේ නැද්ද ඇයට ඔබ ඇයට ආදරේ කරන බව"..
"ඇයි නැත්තේ...මම කිවා..ඒත් ....එයත් හොය හොය හිටියේ හොඳම කෙනා"..
ජීවිතේ ඇත්ත ඒකයි සමහර වෙලාවට අපි හොඳම කෙනා හැටියට තෝර ගන්න කෙනාට අපි හොඳම කෙනා නොවෙන්න පුළුවන් ..ජීවිතේ සමහර දේවල් ගලප ගන්න අමාරුයි..ඒ එකක් තව එකකින් වෙනස් නිසා...
මල්...
Tuesday, January 9, 2018
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment