#මේ ලෝකේ හැම දරුවම මට නම් මගේ දරුවන් හා සමානය....ඔවුන්ට අවැඩක් වෙනවට මම කැමති නැහැ....හෙට රට බාර ගන්නා ඔවුන්ට හරියටම ඉලක්කය පෙන්විය යුත්තේ දෙමාපියන් විසින්මය....නැත්නම් ඔවුන්ගේ මඟ වැරදෙන්නට
පුළුවන් ..
මට මතක හැටියට ඒ දවසේ වෙලාව රාත්‍රි 7,30 විතර ඇති....ඒ ගිය සතියේ දවසක..මමයි චූටියි ටවුමට ගිහින් බස් එකෙන් බහිද්දිත් හොඳටම වැස්ස...අපි වැස්සෙම පාර පනින්න ඉද්දි මගේ චූටිගේ වයසම වගේ පුතෙක් බයිසිකලේකින් ඇවිත් ලොක්කා වගේ වාහන වලට අත දාලා පාර පැන්නා බයිසිකලෙන්ම....ඊට පස්සේ පාර මැද්දේ අපි හිටන් හිටියා අනික් පැත්තට පනින්න...වැස්ස හොඳටම...කොළඹ පැත්තේ ඉඳලා නුවර පැත්තට වාහන නොනවත්වාම එනවා...මේ දරුවා බයිසිකලේ ඉස්සරහා රෝදේ ගැට්ටෙන් පාරටම දා ගෙන පාර පනින්න තදියම...වාහන අයිනෙන්ම එනවා...මට පුදුම තරහක් ආවේ...මම බැන්නා හොඳටම මේ දරුවට...ඒ බැරිම තැන...
"පුතා...මැරෙන්නද හදන්නේ...ගන්නවා සයිකලේ උඩට...ඔයාව පේන් නැ වාහන වල මිනිස්සුන්ට " 😡😡
මේ දරුවා බය වෙලා මගේ දියා බලන් හිටියා...ඊළඟ මොහොතේ මම එයාවත් එක්කගෙන පාර පැන්නා...
මම හිතින් දහස් වාරයක් බැන්නේ ඒ දරුවාගේ අම්මලාට..මේ තරම් රෑ වෙලා..මේ පුංචි දරුවා ..වැස්සේ ..සෙරප්පුත් නැතිව....හොයන්නේ බලන්නේ නැද්ද හිතුනා..ජීවිතේ අවදානමේ කියලා නොදන්න දරුවෝ..අම්මලා වග කියන්න ඕන....මොනා හරි වුණා නම් 😞😞..මේක මහ නරකම කාලයක්..
#මල්
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආයෙමත්..සල් මල් පිපුනදාකට ඒ සුවදින්ම අවදිවේවි සාමා අළුතින්ම පීදිච්ච නෙළුමත් එක්ක යාවි ඒ සල් ගස යටට..... ඉතිං ඈ අසාවි සල් ගසෙන් මතකදැයි...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
No comments:
Post a Comment