Tuesday, August 8, 2017

අරපිරිමැස්ම ....

ගෘහණියක් වුනාම ඉතිං  අරපිරිමැස්මෙන් කටයුතු කරන්න බලා ගත යුතුමයි...ඉස්සර මගේ අම්මා නම් පුදුම විදිහට අරපිරිමැස්මෙන් කටයුතු කරපු කාන්තාවක්..ඒ විදිහට මුළු මාසයක්ම අරපිරිමැස්මෙන් පාලනයකින් යුතුව වැඩ කටයුතු  කිරිම තාමත් මට නම් හීනයක්..ඒත් යම් තාක් දුරට අරපිරිමැස්ම ගැන අවබොධයක් නැතිවම නෙමේ....

මගේ අම්මා මට මතක කාලේ ඉඳලාම මාසේටම අවශ්‍යය කල්තියා ගන්න පුළුවන් හැම බඩුවක්ම ගෙනැල්ලා තියා ගන්නවා..මාත් එහෙමයි..විවාහ වෙලා ආ දවසේ ඉඳලාම මාසෙ බඩු එකවර ගෙනත් තියා ගන්නවා ..මම නම් ඒකට යොදා ගන්නේ ආර්පිකො සුපර් මාර්කට් එක..මොකද සුපර් මාර්කට් එකක තමන්⁣ට අවශ්‍ය හොඳම දේ තෝරා බේරා ගැනිම ඉතාම පහසුයි....
කොතැනටකට ගියත් අවශ්‍ය දැ ලැයිස්තු ගත විය යුතුයි....මා⁣සේ බඩු ටික පුරුද්දකට  ගන්නේ සුපර්මාර්කට් එකකින් නම් තමුන්ට අවශ්‍ය භාන්ඩ තියෙන තැන්   හුරු පුරුදුයි..ඒ නිසා හැම තැනම ඇවිදලා කාලය මිඩංගු වීමක් නැ...මම නම් මගේ ලිස්ට් එකේ එහෙමත් නැත්නම් ගෙදර අඩු පාඩු මුලින්ම සපුරගෙන තමයි අනික් දේවල් වලට ඇහැ යවන්නේ..අනික බොරුවට දේවල් අරන් ගිහින් ගොඩ ගහන්නේ මොකටද..දරුවෙකුට කන්න අරන් දෙන්න පුළුවන්නේ මොනාම හරි...මට නම් හිතෙන්නේ එහෙම..





මුලින්ම තමුන්ගේ මුලික ඕන එපාකම් වලට මුල් තැන නොදි..පේස්ට්‍රි ෂොප් එකට හරි පලතුරු වලට හරි වෙන මොනාම හරි නොවැදගත් දේකට හිත යනවා නම් ඒක වෙනස් මානසික තත්වයක්..කාර්ට් එකක් අරන් ගිහින් ගන්නේ අදාලම නැති බඩු නම් ඒකත් මානසික ප්‍රශ්ණයක් ....මාසේ බඩු ගොඩක් නිසා මම නම් කාර්ට් එකක් අනිවාර්යෙන්ම ගන්නවා..එහි පිරෙන්නේ ගෙදර ඕනැ එපා කම් වලින්..අනික මහත්තයා දුක් විඳලා හම්බ කරලා දෙන මුදල් අනවශ්‍ය දේවල් වලට යොදන්න හිතෙන්නෙම නැ..හැබැයි ඉතිං...ඕන කරන හැම දේම අඩු නැතිව තිතට ගන්නවා..ආයි..ආයි ක⁣ඩේ දුවන්න දුවන්න පුළුවන් කාටද. ...අනික මහත්තයාව වුනත් තිස්සෙම කඩවල් ගානේ යවලා මහන්සි කරන්න ඕන නෑනේ....ඒ වගේමයි ගෙනාපු බඩු ටික පරිස්සම්ට
පිලිවෙලට අසුරලා තිබ්බම පාවිච්චියට ගැනිමත් පහසු කරවනවා....


ලිස්ට් එකක් ලියාන ගිහින් අනවශ්‍ය දේවල් ගන්න එක මට නම් හිතෙන්නෙම මෝඩකම කියලා..එක දෙයක් ගන්න ගිහින් තව දෙයක් රැගෙන ඒම..මාත් අනන්ත දැකලා තියෙනවා සමහර අය ගන්න දෙවල්..මම නම් කට ඇරන් බලන් ඉන්නේ...නිකන් හිතලා බලද්දි ඒවා බොරු දේවල්ද කියලත් හිතෙනවා මුදල් තියෙන පලියට ගන්න..


සමහරු එළුවලු ටික පවා ගන්නේ සුපර්මාර්කට් එකෙන්....මම නම් ආසාම පොලේ රවුමක් දාලා හොඳ එළුවලු ටිකක් පලතුරු ටිකක් අරන් එන්න..ඒක නම් ඇඟට වගේම හිතටත් හොඳයි...චුට්ටක් ඇවිදලා ගමේ ගොඩේ කෑමක් හොයන් ඇවිත් හදන එක පුදුමාකාර තෘප්තියක් වස විස කනවට වඩා..කපපු පැපොල් පලුවත් ලොකු ගානක් දීලා සුපර්මාර්කට් එකෙන් හරි අභිමානෙන් ගෙදර අරන් යන මිනිස්සු ඉන්න රටක් මේක...මේ ඉතිං මගේ අදහස් ටිකක් විතරයි...





මම
෴ආදරණීය මල්෴

No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...