හුදෙකලාව...
කලබලකාරි පරිසරයෙන් මිදිලා ටික වෙලාවක් හරි ඉන්න තියෙනවා නම් කොයි තරම් හොඳද...ලියන්න..කියවන්න..හිතන්න එහෙමත් නැත්නම් ජංගමය අරගෙන හිතට එන සිතිවිලි මුදා හරින්න නිදහස් පරිසරයක තනිවෙලා ඉන්න තියෙනවා නම් මොහොතක් හරි මම නම් හරිම ආසයි...
කාලයක් තිස්සේ කල මෝඩකම් ගැන හිතන්න..ජිව්තේ ලබපු නීරසම අත්දැකිම් මෙනෙහි කරලා ඒ වගේ අත්දැකිම් ජීවිතේ ආයෙත් එක්කාසු නොකර ගන්න කල්පනා කරන්න ආසයි...සමහර මිනිස්සු වෙනස් නොවි වෙනසක් නෙපෙන්වා අපි ලඟම කැරකෙමින් අපිට වල කපපු හැටි හිතන්න..ඒ මිනිස්සුන්ගෙන් දෛවය විසින්ම අපිව ඈත් කරපු හැටි ආයෙත් හිතන්න ඕන...තනියම නිදහසේ...බාධක හිරිහැර වලින් මිදිලා ආව හැටි හිතන්න..පොතක් අස්සෙ හිර වෙන්න ආසයි..
හිතිවිලි ඉහල අහස දක්වාම මුදා හරින්න හරින්න නිල්ම නිල් අහසේ චුට්ට වෙලාවක් හිතින් කරක් ගහලා එන්න..කාටවත්ම කරදරයක් නොවෙන විදිහට...නිදහසේ කවි තුන හතරක් ලියා ගන්න නිදහසේ ඉන්න ඕන..අහිංස හීන දෙක තුන ඇස් පියාගෙන විඳින්නත් ඕන.
එකම එක මොහොතක් තනියෙම නිදහසේ මොහොතක් ඉන්න තිබ්බොත් මම මුළු ලෝකෙම ස්පර්ශ කරනවා හිතින්...
෴ආදරණීය මල්෴
Tuesday, August 8, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment