අපිට විවිධ විවිධ මිනිස්සු මුණ ගැහෙනවා..සමහරෙක්ට හොඳනැති කෙනා තව කෙනෙකුට හොඳ විය හැකි..අතක ඇඟිලි වගේ හරියටම..මිනිස්සු විවිධයි...සමාන කල නොහැකි...මිනිස්සුන් හා ගණුදෙනුව ප්‍රවේශම් සහගත විය යුතුයි ...
විශ්වාසය..කොහොමද විශ්වාස කරන්නේ..රහසක් නම් රහසක්ම විය යුතුයි..විශ්වාසය මත පවසන යම් දෙයක් වේ නම් එය රැක ගත යුතුයි..තැනින් තැන ප්‍රචාරන කටයුතු වල නොයෙදි...එකිනෙකාට උදව් කල යුතුයි..කිසිම දෙයක් බලාපොරොත්තු නොවි...
අධික ලෙස කෝපාවිෂ්ඨ වීම තමුන් ඉන්න තැනිනුත් පහලට වැටිමක්..ක්ෂණික තීන්දු තීරණ වලට එලබීම ප්‍රශ්ණ ගොඩකට මුල පිරිමක්..ඉවසිය යුතුයි..පසුතැවිම් නැති වේවි..තමුන් හරි යැයි හිතිමම රෝගි තත්වයක්..තත්වය එසේම නම් මඟ හැරිමයි හොඳම දේ..නිහඬව සිටිමයි නුවනට හුරු...
වචන..වචන භාවිතය ප්‍රවේශමෙන් ...තිබුණ පලියට පාවිච්චිය පසු තැවිමට කාරණාවක්...සියල් දේ අවසානයේදී 'සමාවෙන්නැයි' ඉල්ලීම තමුන් බාල්දු විමක්...සර්ව සම්පූර්ණ මිනිස්සු ලොකේ කොහෙවත් නැ..හැමොගෙම වැරදි තියෙනවා..නමුත් වැරදි අවම කර ගත යුතුයි ...නොදැන සිද්ධ වෙන වැරදිත් තියෙනවා..තමුන් කරන කියන දේවල් ගැන මනා අවබෝධයෙන් යුක්ත වෙන්න...මතක නෑ යැයි පැවසිම ගැලවීමේ කූටම මාර්ගය බව තේරම් ගන්න...එකම වරද ආයි ආයි කරනවා නම් තමුන් ලැජ්ජාවෙන් තොර වුවෙක් බව තේරුම් ගන්න...තව කෙනෙක්ට ඇඟිල්ල දික් කිරිමෙන් වලකින්න මොකද තව ඇඟිලි තුනක්ම තමුන්ටයි..හරියටම පපුවට....මිනිස්සු නැති කර ගන්න එපා..ඒ නැතිවෙන්නේ ඔබේ ගොඩේ හොඳම කෙනා විය හැකි..
ඉරිසියාකාරයෙකු වෙන්න එපා..තවකෙක් තමුන්ට වඩා ඉදිරියෙන් නම් ඒ ගැන සතුටක් නැත්නම් ඒ දිහා නොබලා ඉන්න...තවකෙක් වර්ණනාවන්ට ..ආදර පැසසුම් වලට ලක් වේ නම් ඒ ගැන පහන් සිත් ඇති කර ගන්න..ඒ වගේ වෙන්න පොඩි උත්සහයක්වත් ගන්න...
දිනන්න අන් අයගේ අාදරය...ගෞරවය දෙන්න පෙරලා ඔබටත් ලැබේවි....
මම
ආදරණීය මල්
Wednesday, August 9, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment