Wednesday, August 9, 2017

කාර්තිකා...

බෙබද්දාගෙන් ගැලවි
නුඹ උන්නා නම් පාඩුවේ
නොයා තව මං සොයා ගෙන..
කුළුදුලේ උපන් දියණි තුරුළු කර
ඈට එළි වැටක් වුවා නම්
ජය ගන්න ජීවිතේ
නුඹ වැටුන බොරු වලේ
ඈ නොවැටේවි කවදාවත්
ජීවිතේ කියා දී ඈට
මව් වුණා නම් නුඹ ඈට
නුඹ නොසෙව්වා නම් කම් සැප
ඉපදිච්ච සීරුවට
තව පණක් නසන්නට
නුඹට සිතෙන එකක් නෑ කවදාවත්ම..
දැන් කෝ නුඹේ හුස්ම
වැටෙනවද වෙනදා වගෙ
නෑ නේද..
නුඹ පවින් උපන් ස්ත්‍රිය
කාර්තිකා... නුඹ ඉඟුරු දී මිරිස් ගත්තා නෙවෙද..

෴ආදරණීය මල්෴


No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...