Tuesday, August 8, 2017

මතක ..


පුංචිම කාලේට ආයිත් සැරයක් ගිහින් එන්න තියෙනවා නම් කොච්චර හොඳද..කිසිම බරක් නැති සැහැල්ලුවෙන් ⁣පාවෙන පුංචි කාලේ..ඉස්සර ක්ලේ වලින් එක එක එ්වා හදන්න මම පුදුම ආසයි...හිතෙන හිතෙන රූප හදන්න හිතින් මැවෙන විදිහට..සමහර විට මෙි ලොකේවත් නැති දේවල් හදලා තියෙනවා...


එහා ගෙදර දූ පැටියෙක් කොරිඩෝවේ බිම ඉඳන් තනියෙන් ක්ලේ එක්ක බරටම වැඩ..මාත් ඉතිං එයා ලඟ ඉඳගෙන කතාවට අල්ල ගන්න ගමන් ක්ලේ කෑල්ලක් අතට අරන් එහාට මෙහාට කර කර ඉද්දි බබාලගේ අම්මත් ඇවිත් අපිට එකතු වුනා..අපි හිනා වෙවි කියව කියව කියවා එක එක ඒවා හැදුවා(මෙතන තියෙන්නෙ නම් ටිකයි..මොකද අපි හදපු ඒවාලින් අපිම ගහ ගත්තු නිසා) හිනා ගොඩයි හිතත් සැහැල්ලුයි ...කොයි තරම් ආදරණීය මතකද අපි ගොඩ ගහන්නේ..අපේ පිස්සු වැඩ වලටයි තොරතෝංචියක් නැති කියවිල්ලටයි..හිනාවටයි පොඩි අයට හිනා...පුංචි කාලේ ආයේ එන්නැති වුනත්..මතක ඉඳ හිට හිත දිගේ අපේ දරුවන් නිසා ආයේත් අපේ ඇස් ඉස්සරහ මැවෙනවා....එහෙම වෙනවට මං ආසයි...


෴ආදරණීය මල්෴

No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...