Tuesday, August 8, 2017

නුවර පෙරහැර...






ඉස්සර පොඩි කලේ අප්පච්චි අපිව නොවරදවා නුවර පෙරහැර බලන්න එක්ක යනවා..පුංචි ඈයො වෙච්ච අපි පුදුම ආසයි පෙරහැර බලන්න..අප්පච්චිට පෙරහැර බලන්න ඒ දවස්වල තැන් හම්බ වුනා..නිදහසේ බලන්න පුළුවන් ..මම නම් ආසම අර ලස්සනට ඇඳුම් ආයත්තම් ඇඳන් ඉන්න අලි ඇත්තු බලන්න...සේරටම වඩා ආස පුංචි අලි පැටව් බලන්න ආසයි..එයාලා බෙර තාලෙට පැද්දී පැද්දි අපූරු  රංගනයක් ඉදිරිපත් කරනවා...






පංදම් වලට දාන කොප්පරා පිච්චෙන කොට පුදුම සුවඳයි...ඒ සුවඳ තාමත් තියෙනවා හිත අස්සේ...විවිධ විවිධ අංගයන් යටතේ ඉදිරිපත් වෙන හරිම ලස්සන  පෙරහැරක් නුවර පෙරහැර ...ලංකාවේ හැම පලාතක්ම නියෝජනය කරමින් විශාල සෙනඟකින් මුලු මහනුරම පිරෙන..ඒ විතරක් නෙමේ විදෙස් රටවල් වලින් පැමි⁣ණෙන අමුත්තන්ගෙන් පවා නුවර පිරෙන කාලයක්..





කාලෙකින් ⁣නුවර පෙරහැර බලන්න ගියේ නැ..ඒ දවස් වල බලලා බලලා අගයක් නැති වුනාද කියලා හිතෙනවා..ඒත් දවසක දරුවො එක්ක යන්න ඕන..එයාලටත් ඒ අත්දැකිම විඳින්න...ඒ කාලේ කොයි තරම් සුන්දරද..ජිව්තේට ආයෙත් එන්නේ නැති...

෴ආදරණීය මල්෴

No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...