Wednesday, August 9, 2017
ඇත්තමයි ..
අපරාදේ මුණ ගැහුණේ
කියන සිතිවිල්ල හිතට එද්දි
මුළු සර්වාංගෙටම ඉඳ කටු
ඇනෙනවා වගේ දැනෙනවා
ලඟින්ම වෙන් නොවි ඉන්න
ඕනමයි කියලා හිතුන
හැම වෙලාවක
සිද්ධ වුනේ නුහුරට දෙයක්මයි
ඒකයි අපි මුණ ගැහුණ
හැම දවසකම
ඉක්මනින් වෙන් වුනේ
හිත යට ගින්දරෙන්
කරන ආදරය
කවුරුම හරි දැක්කොත් කියන
හිතට එන සිතිවිල්ලම
අඩියක් ඉස්සරහට තියන්න ඉස්සෙල්ලා
ආපස්සට අඩි දහයක් අදිනවා
ඉතිං අපි හමු වුණෙ අපරදේ
ඔයා එහෙම කියද්දි
මම බිම බලන් ඔළුව වැනුවා...
෴ආදරණීය මල්෴
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment