Tuesday, August 8, 2017

ජීවිතය .....
දුක් ගැහැට පිරුණ
සැපක් කිසිදා නොවිදි
නුඹේ පියා නාටාමි
කැහැටු ගැහුණ ඇඟ අස්සේ
දරු දුක හංගාන
නැහෙන්නේ උඹලාට
හෙට ලොවක් හදන්නට

මහ මංදිරයක සැපක් නැති
ඉහ ගහන මහ පොලවේ
දුක් පිරුණ දිවි බරට
නුඹලා සැපක්මැයි දරුවනේ

රස මසවුලු නැතත්
තුන් වේලම නැතත්
අහිතක් නොහිතා
සමා දියන් අපට
දරු සෙනෙහේ පිරි ගිය හදවතට

අපා ගත දුක් පෙර කරපු පව් වලට
විඳින්නම් කමක් නැ
රජවෙයන් හෙට දිනේ
සැනසිල්ලේ මියැදෙන්න

මහ නපුරු ලෝකේක
නුඹලා තාම  මල් පොට්ටු
හරි පරිස්සමට තියන් අඩි හෙමිහිට
මනුසත් ගුණ සුවඳ
හදවතේ රදවගෙන
සෙමින් ලෝකේට යන්න..

෴ආදරණීය මල්෴

No comments:

Post a Comment

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...