Monday, August 14, 2017







සතුට රැඳිලා තියෙන්නෙ හිතේමයි..කාටවත් බලෙන් සතුටක් දෙන්න බැ තවත් හිතකට ..දෙනොහක් සෙනඟ මැද්දේ සිටියත් සතුට ලඟා කර ගන්න පුළුවන් තමුන්ටමයි....

බලන්න මේ පිංතූරය දිහා..මෙම පිංතූරේ ඉන්න දරුවා දිහා බලන්න..කොයි තරම් සතුටුක් මේ මූණෙ තියෙනවද...මට පේන විදිහට මේ දරුවාගේ අතේ තියෙන්නේ පැලයක් වැනි යමක්...ඇත්තටම දෙමාපියන් දරුවන් දිය යුතු මහඟුම දායාදයක්..පරිසරය..පරිසරයට හිතකාමි දරුවෙකු බිහි කිරිම ඇත්තටම වාසනාවක්...අපි ගන්න හුස්ම ටික පවා අපි ගන්නේ පරිසරය නිසා...ගසක් හිටවීම මොන තරම් පරිසර හිතකාමිදැයි..දරුවාට කියා දෙන්න...

ඉතාම සීග්‍රයෙන් පරිසරයට සිද්ධ වෙන හානි ගැන අපිට දිනපතාම වගේ ඇහෙන්න ලැබෙන් දේවල්..ඒවා කරන්නේ මිනිස්සුම තමා...කුඩා කාල⁣යේ ඉඳලාම පරිසරයේ වටිනාකම දරුවාගේ ඔළුවට දැම්මා නම් කිසිම දවසක ඔවුන් ගසක් කැපිමට අතක් ඔසවන්නේ නැ ලොකු මහත් වුනායින් පසුවත්...

 අපද්‍රව්‍යය පරිසරයට මුදා හැරිම පරිසරයට කොයි තරම් හානිදායක කියලා දරුවන්ටකියා දෙනවා නම් ඔවුන් කවදාවත් ටොෆි කොලයක්වත් පාරක තොටක දාන එකක් නැ...දරුවො කියන්නේ කියන දේ අහන සුන්දරම ජීවින් කොටසක්...

පරිසරයට ආදරේ කරන්නා නිරන්තරයෙන් සතුටෙන් පසු වෙන්නෙක්...පිපෙන මලක් දිහා බලලා හෝ සතුටු වෙන...

මම

ආදරණීය මල්

පිංතුරය අන්තර්ජාලයෙන් ...

1 comment:

  1. How to make money from betting on football - Work Tomake Money
    If you're poormansguidetocasinogambling having problems finding a winning 바카라사이트 bet online for the หารายได้เสริม day of 바카라사이트 your choosing, then there are plenty of goyangfc opportunities available right here.

    ReplyDelete

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...