මේ මට නුඹ අවැසිම කාලයයි.....
නුඹේ උරමත හිස තියා
හිතේ බර කඳුළුකට මුහු කර
නුඹෙ උරමත තවරන්න
නුඹ මට අවැසිම කාලයයි
මහා වේගෙන් ගමන් යන
වෙහෙස දැනෙනා නිමේෂෙක
නුඹේ උර මත හිස තියන් මට
ගිමන් හරිනට අවැසිම කාලයයි
හොරෙන් හෙලනා කඳුළුට
හෙමින් සමු දී හරවා හරින්නට
නුඹේ උර මට අවැසිම කාලයයි මේ
කඳුළු බර මේ හිතට
තාමත් ඉස්සර වාගේම
නුඹට මම ආදරේ වග
කියන්නට අවැසිම කාලයයි
නුඹේ උණුසුම් දෑතේ එල්ලි
ඈතකට පිය මැනලා යන්නට
මට අවැසි මේ කාලයයි
හෙමින් සිප මගේ නලලත
තාම නුඹ ආදරේ වග
පසක් කර මා තුරුලටම ගන්නට
මේ අවැසිම කාලයයි...
෴ආදරණීය මල්෴
Wednesday, August 16, 2017
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment