Wednesday, August 16, 2017
අම්මා ....
දවසක් අම්මෙක්
දරුවෙක් කරපින්නාගෙන
ගෙයින් ගෙට
යැද්දේ කුසට යමක්
සා ගින්දරෙන් පිච්චෙන
දරු කුසට..
සමහරෙක් සැබැ අනුකාම්පාවමය
තවත් තැනක ගැරහුම් නින්දාමය
සමහරෙක් පිරිමිය
මහා පොලව නුහුලනා
යෝජනා ගෙන ආවෙත්
නිල් මොණර කොලේකට
වියැලුව දෙතන යට පපුව
පුපුරද්දි ගිනි කන්දක් සේම
ඈ දෙපා සරි කලෙ විගහට
පුතේ බඩගින්නේ මැරෙමු
මට මොකටද තව නමක්
අම්මාට පෙර උතුම් ....
෴ආදරණීය මල්෴
Subscribe to:
Post Comments (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම ...
No comments:
Post a Comment