නුවර පෙරහැර...
ඉස්සර පොඩි කලේ අප්පච්චි අපිව නොවරදවා නුවර පෙරහැර බලන්න එක්ක යනවා..පුංචි ඈයො වෙච්ච අපි පුදුම ආසයි පෙරහැර බලන්න..අප්පච්චිට පෙරහැර බලන්න ඒ දවස්වල තැන් හම්බ වුනා..නිදහසේ බලන්න පුළුවන් ..මම නම් ආසම අර ලස්සනට ඇඳුම් ආයත්තම් ඇඳන් ඉන්න අලි ඇත්තු බලන්න...සේරටම වඩා ආස පුංචි අලි පැටව් බලන්න ආසයි..එයාලා බෙර තාලෙට පැද්දී පැද්දි අපූරු රංගනයක් ඉදිරිපත් කරනවා...
පංදම් වලට දාන කොප්පරා පිච්චෙන කොට පුදුම සුවඳයි...ඒ සුවඳ තාමත් තියෙනවා හිත අස්සේ...විවිධ විවිධ අංගයන් යටතේ ඉදිරිපත් වෙන හරිම ලස්සන පෙරහැරක් නුවර පෙරහැර ...ලංකාවේ හැම පලාතක්ම නියෝජනය කරමින් විශාල සෙනඟකින් මුලු මහනුරම පිරෙන..ඒ විතරක් නෙමේ විදෙස් රටවල් වලින් පැමිණෙන අමුත්තන්ගෙන් පවා නුවර පිරෙන කාලයක්..
කාලෙකින් නුවර පෙරහැර බලන්න ගියේ නැ..ඒ දවස් වල බලලා බලලා අගයක් නැති වුනාද කියලා හිතෙනවා..ඒත් දවසක දරුවො එක්ක යන්න ඕන..එයාලටත් ඒ අත්දැකිම විඳින්න...ඒ කාලේ කොයි තරම් සුන්දරද..ජිව්තේට ආයෙත් එන්නේ නැති...
෴ආදරණීය මල්෴
Tuesday, August 8, 2017
මතක ..
පුංචිම කාලේට ආයිත් සැරයක් ගිහින් එන්න තියෙනවා නම් කොච්චර හොඳද..කිසිම බරක් නැති සැහැල්ලුවෙන් පාවෙන පුංචි කාලේ..ඉස්සර ක්ලේ වලින් එක එක එ්වා හදන්න මම පුදුම ආසයි...හිතෙන හිතෙන රූප හදන්න හිතින් මැවෙන විදිහට..සමහර විට මෙි ලොකේවත් නැති දේවල් හදලා තියෙනවා...
එහා ගෙදර දූ පැටියෙක් කොරිඩෝවේ බිම ඉඳන් තනියෙන් ක්ලේ එක්ක බරටම වැඩ..මාත් ඉතිං එයා ලඟ ඉඳගෙන කතාවට අල්ල ගන්න ගමන් ක්ලේ කෑල්ලක් අතට අරන් එහාට මෙහාට කර කර ඉද්දි බබාලගේ අම්මත් ඇවිත් අපිට එකතු වුනා..අපි හිනා වෙවි කියව කියව කියවා එක එක ඒවා හැදුවා(මෙතන තියෙන්නෙ නම් ටිකයි..මොකද අපි හදපු ඒවාලින් අපිම ගහ ගත්තු නිසා) හිනා ගොඩයි හිතත් සැහැල්ලුයි ...කොයි තරම් ආදරණීය මතකද අපි ගොඩ ගහන්නේ..අපේ පිස්සු වැඩ වලටයි තොරතෝංචියක් නැති කියවිල්ලටයි..හිනාවටයි පොඩි අයට හිනා...පුංචි කාලේ ආයේ එන්නැති වුනත්..මතක ඉඳ හිට හිත දිගේ අපේ දරුවන් නිසා ආයේත් අපේ ඇස් ඉස්සරහ මැවෙනවා....එහෙම වෙනවට මං ආසයි...

සොඳුර නුඹ ප්‍රේමිය. .
මැණික ..
තාමත් නුඹෙ හිනා වත
ඉස්සර වාගේමයි
මගේ සරතැස නිවන
නුඹේ නිල් නෙතු යුගල
නිතර මට ආදරේ කීව
තාම කිසි වෙනසක් නැති
කටු කොහොලින් පිරුණ
මහ ගිරි දුර්ග පසු කර යද්දි
නුඹ මට මුණ ගැහුණ හැටි
මුදු සෙනෙහෙ තවරලා
හිතේ පිරි දුක් ගැහැට පිස
නුඹේ ආදරය ලඟ
ඈතකට ගිය හැටි
මැණික ..
දැන් කොච්චර කල්ද
බිඳකුඳු නොවෙනස්ව
නුඹ මගේ ලඟ
ඉස්සරම හිනාවෙන්
තව මා සනහන හැටි...
෴ආදරණිය මල්෴
මැණික ..
තාමත් නුඹෙ හිනා වත
ඉස්සර වාගේමයි
මගේ සරතැස නිවන
නුඹේ නිල් නෙතු යුගල
නිතර මට ආදරේ කීව
තාම කිසි වෙනසක් නැති
කටු කොහොලින් පිරුණ
මහ ගිරි දුර්ග පසු කර යද්දි
නුඹ මට මුණ ගැහුණ හැටි
මුදු සෙනෙහෙ තවරලා
හිතේ පිරි දුක් ගැහැට පිස
නුඹේ ආදරය ලඟ
ඈතකට ගිය හැටි
මැණික ..
දැන් කොච්චර කල්ද
බිඳකුඳු නොවෙනස්ව
නුඹ මගේ ලඟ
ඉස්සරම හිනාවෙන්
තව මා සනහන හැටි...
෴ආදරණිය මල්෴
සොඳුර ...
ජිවිතේ එකට යන්නට
නුඹ ආදා පටන්
මගේ ලෝකෙට
මල් වරුසා වැටුනා
වේලක් ඇර වේලකින් වුනත්
කුස පිරුනේ සමහරදාට
ඒත් හිතේ කහටක් නැත
නුඹ හිනැහිලා උන්නා මගේ හිත ගාව
නුඹ දේවතාවියක්
මට හැම දේ දුන්න
මගෙ පනසේ රකිමි
සොඳුරි නුඹ මගෙ පන
අග හිඟකම් ඇතත්
ආඬපාලි කීවෙ නැ කිසි දිනක
නුඹ මයේ රැජිණමයි
සැතපෙනු මගේ හිත ගාව
සංසර තව දිගයි
එකටම යමු දෙන්නා
ඉපැදෙන හැමදාක
මගෙ වෙලා නුඹ ලඟ ඉන්න
෴ආදරණීය මල්෴
ඉස්සර
එකම එක
කදුළකටවත්
ඉඩ නොදි අපි
උන්නු හැටි
මතකද....
ජිවිතේ
සතුට වාගේම
කටුක බව
පසක් කර
උනපු එක කදුළත්
පිසදා හැර
සිනාසුන අපුරුව
තොර තෝංචියක් නැතුව
කියව කියවා
ජිවිතය......
෴ආදරණීය මල්෴
Friday, April 21, 2017
මේ ආදරේමැයි....
බලන් හිදිමම වදයක්
අවදි වුණ වෙලාවේ ඉඳලා
රෑ නින්දට යනකල්ම
ආදරේ නිසාම
හිතට වද දිදි ..පාරමින්
හරියට තුවාලයක් පහුරු ගානවා වගේ
ඉතින් එකවරක් ඇහුණම කට හඬ
හිතේ තුවාල සනීප වෙනවා
ඉතිං ඒක මෝඩකමක්
ආයේමත් බලාගෙන ඉන්න
එහාට මෙහාට වැනි වැනි
ඉතිං ඒ ආදරේමද
කාර්ය බහුල ජීවිතේට යටපත් වෙන
හිතේ මහ තදින් රැක බලා ගන්න
ගිලිහේවි යැයි බයෙන්
කවුරුත්ම හිතාවිද මහ මෝඩියක්
ඔය තරම් බලාගෙන ඉදිමම
ඉතිං මට වැඩක් නෑ කාගේවත් වගක්
ආදරේ මගෙ නමි
හිතෙන් අතැරෙන්නැති...
අවදි වුණ වෙලාවේ ඉඳලා
රෑ නින්දට යනකල්ම
ආදරේ නිසාම
හිතට වද දිදි ..පාරමින්
හරියට තුවාලයක් පහුරු ගානවා වගේ
ඉතින් එකවරක් ඇහුණම කට හඬ
හිතේ තුවාල සනීප වෙනවා
ඉතිං ඒක මෝඩකමක්
ආයේමත් බලාගෙන ඉන්න
එහාට මෙහාට වැනි වැනි
ඉතිං ඒ ආදරේමද
කාර්ය බහුල ජීවිතේට යටපත් වෙන
හිතේ මහ තදින් රැක බලා ගන්න
ගිලිහේවි යැයි බයෙන්
කවුරුත්ම හිතාවිද මහ මෝඩියක්
ඔය තරම් බලාගෙන ඉදිමම
ඉතිං මට වැඩක් නෑ කාගේවත් වගක්
ආදරේ මගෙ නමි
හිතෙන් අතැරෙන්නැති...
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...