Monday, May 28, 2018
මීයන්ට එදිරිව...
කොච්චර පරිස්සමින් හිටියත් ගේ අස්සට මීයෙක් රිංග ගත්තම මානසිකව වැටෙන වැටිල්ල බරපතලයි තට්ටු හතරක බිල්ඩිමකින් වැටිලා කොන්ද කැඩෙනවාටත් වඩා... ඒ බව නම් තව දුරටත් සහතික කරලම දැන ගත්තා මම නම්...
අධික වේගයෙන් පපුව ගැහෙන එක...කලංතේ ගතිය...ඇඟට පණ නැති වීම...කල්පනාව නැතිකම...කෑම අරුචිය වගේ කී නොකි රෝග ලක්ෂණ ගොඩකින් පීඩා විදිනවා එකම එක මීයෙක් කොහෙන් හරි ගෙට රිංගුවම...ඊයේ රෑ ටෝං ටෝං ගාලා මියෙක් ගෙට ආවා...එනවා විතරයි පේන්නේ...
👑 රැජිණ මමයි මගේ රාජ්ජේ කියලා හිතන් හිටියට මේ කැතම කැත මීයා ගෙට වැදුණම රජකම් වුණත් 🐕 බල්ලට යනවා...
උදේට නැගිටලා මර නිදිමතේ පණ බයේ ගැහි ගැහි වෙව්ල වෙව්ල එළියට ආවම මුලින්ම අතට ගන්නේ කොස්ස....උදේ පාන්දරම මේ ජවුසම නටලා ඇති වෙලා....
ඊයේ රෑ හදිසියෙන් කඩා වැටුණේ මඟ වැරදුන මීයෙක්...නැත්නම් උගේ තියෙන ලොකුකම..මොකද ඌ ආවේ ඉස්සරහ දොරෙන්...දැන් හරියට අපි ඉන්නේ උගේ ගෙදර වගේ....ළමයිගේ කෑ ගැහිලි....ගේ පෙරලන් එළියට දීවිම...පුටු උඩ නැගීම වගේ විවිධ ව්‍යායාම බහුලයි....ඉතිං මේ යුද්දෙක ඇරඹුම...
මීයා ගෙට ආව ගමන් මට මගේ යාළුවෙක් මතක් වුණා....කලින් සැරේක මී කරදර වලට උපදෙස් ගන්න ගිහින් හිනා වෙලා හක්කත් පැන්නා...
එයාට අනුව නම මීයෝ අල්ලන්නේ මෙහෙමයි....රෑට මී පාසනම් කැට කීපයක් ගැනලා මීයා එන රෑට් එක දන්නවා නම් එහෙම තැන් කීපයක තියනවා....හරියටම මී පාසානම් කැට පහක් වගේ තියන්න ඕන...කොතනින් හරි ටක්කෙටම මීයා කෑවා කියලා ඒකෙන් හොයා ගත්ත හැකි...හිත හදන් ජීවත් වුණ හැකි....ඒක නම් ප්‍රායෝගිකයි හැබැයි...
එහෙම තියලා ලයිට් නිවන්න ඕන...ඊට පස්සේ හොරෙක් වගේ එන්න ඕන සාලෙට....ඔළුවට රෙද්දක් දාගෙන හැංගිලා බලන් ඉන්න ඕක...යාන්තමට ඇස් දෙක හරියෙන් සිදුරු කර ගන්න ඕන....ඊට පස්සේ මේම හොරෙක් 💩වගේ බලන් ඉන්නවා මීයා එනකල් ...මම ඇහුවා අැයි එහෙම කියලා....මීයා යන තැන බලා ගන්නලු....මීයාට පේන් නැතිව ඉන්නලු රෙද්දක් පෙරව ගන්නේ...
බුදාම්මෝ බැරි වෙලා හරි ගෙදර කවුරු හරි ආවෝත් හොරෙක් කියලා ඔළුව පලයි...නැත්නම් ලයිට් දාලා හොල්මනක් 👻👻කියලා බය වෙලා තොවිල් නටන්න වෙනවා...හරි මීයා අල්ලපු ගෙදරට ගියොත් හෙම...ඒ පස්සේ යනවාද...
එ් නිසා මී පාසානම් වල පිහිටම තමා මට....වදින් නැති පාරවල් ගහලා කොසු කඩාගෙන කඩේ මුදලාලිව පෝසත් කරන්නත් බැ...බෙරිහන් දීලා අහල පහල සෙනඟ බය කරන්නත් බැ...දවසක් මී ජවුසන් නටන්න ගිහින් පල්ලෙහා ගෙදර අන්කල් අපෙ දොර ලඟ....."මොකද ළමයි මේ" 😡😡😡😡😡
"මේ මීයෙක්..ඒකයි"
"මීයෙක් දැකලා මෙහෙම නම් නයෙක් පොළගෙක් ආවොත්...මේ බිල්ඩිම බිම තියෙයි"😡😡😡😡
#මල්
ප්‍රේම සැඳෑවෝ....
සමහර වෙලාවට සුන්දරම හැන්දෑවල් එන්නේ ඉබේම...පරිසරයත් එක්කම...නිල් පාට පුරෝගෙන ඉන්න අහසත් එක්ක වෙන්නත් පුළුවන් ...වැස්සක් වුණත් එහෙමයි...
සමහර මතකත් එක්ක ජීවිතේ සමහර තැන් පුදුම විදිහට සුන්දර වෙනවා....ගව් ගානක් ඈතක ඉඳන් එන හුළඟ යාන්තම් ඇඟේ ගෑවිලා යද්දිත් හවස් යාමයන් සුන්දරම හැඟීම් එක්ක අපි ගිල්ලවනවා.....
ඒ හැඟිම් මෙන්න මේ හේතුව නිසා කියලා තේරුම් කරන්න බෑ....ආදරණීයම මතක එක්ක ආදරණීය හවස් යාමයන් ඕන තරම් තියෙන්න පුළුවන් ....අපි හැමොටම ...
ඒ හැම හැඟිමක්ම හරිම නිදහස්...කාටවත්ම කරදරයක් නැති..හිත නිවෙන තැන්.....දවස පුරාම මහන්සි වෙලා හිත ඔද්දල් වුණාම නිවනක් ඕන...හිත නිවෙන්න....මහ ලොකු දේවල් ඕන නෑ එකම එක හිනාවක් ..ආදරණීය බැල්මක් ඇති....එහෙම තැන් ..ප්‍රේමණීය හැන්දෑවල් අපිට ඉඳ හිටක මුණ ගැහෙනවා...අන්න ඒක විඳින්න ....
#ආදරණීය_මල්
Saturday, May 26, 2018
පිස්සුවෙන් ලියන ඒවා
වැස්සකට තියෙනවද පාටක් හෙම
දිය සායම් වගේ මිශ්‍ර වෙන
ඉතිං ඔහේ කඩා වැටෙන කොට වැස්ස
සේදෙනවද මල් වල පාට
දේදුන්නක පාට ගන්න හැකි නම් පිංසල් තුඩකට
මුළු අහසෙම ඇන්ද හැකි
අගේ ඇති සිතුවමක්
වළාකුළු එකින් එක
පාට පාටින් සැරසුව හැකි නේද..
අඬන්නට වෙර දරන වළාකුළු වල
කළු පාට දුක් බර පැහැය
හැංගුව හැකි නේද..
වැස්ස ඇවිදින් සිප ගනිද්දි මල් ආදරෙන්
දේදුන්නේ පැහැය වැටෙනවද මල් වලට
හීනි පිනි මීදුමක්
වැදෙන කොට මල් වලට
කිතියක් දැනෙනවත් ඇති
කියා ගනු නොහැකි
ආදරයක පාට
තියෙනවද හැංගිලා මල් අස්සේ
ඉඳින් මල් නොකඩාම
බලා ඉමි ඒ පැහැය
දෑස් වල තවරන්න..
#ආදරණීය_මල්
දිය සායම් වගේ මිශ්‍ර වෙන
ඉතිං ඔහේ කඩා වැටෙන කොට වැස්ස
සේදෙනවද මල් වල පාට
දේදුන්නක පාට ගන්න හැකි නම් පිංසල් තුඩකට
මුළු අහසෙම ඇන්ද හැකි
අගේ ඇති සිතුවමක්
වළාකුළු එකින් එක
පාට පාටින් සැරසුව හැකි නේද..
අඬන්නට වෙර දරන වළාකුළු වල
කළු පාට දුක් බර පැහැය
හැංගුව හැකි නේද..
වැස්ස ඇවිදින් සිප ගනිද්දි මල් ආදරෙන්
දේදුන්නේ පැහැය වැටෙනවද මල් වලට
හීනි පිනි මීදුමක්
වැදෙන කොට මල් වලට
කිතියක් දැනෙනවත් ඇති
කියා ගනු නොහැකි
ආදරයක පාට
තියෙනවද හැංගිලා මල් අස්සේ
ඉඳින් මල් නොකඩාම
බලා ඉමි ඒ පැහැය
දෑස් වල තවරන්න..
#ආදරණීය_මල්
වැස්ස.....රෙදි ....ඉර
මේ දවස් වල කියන කතා වැඩි පුරම කියවෙන්නේ වැස්ස ගැන....මුහුණු පොතේ...ටී වී එකේ..රේඩියෝ එකේ ඔය කී නොකි හැම තැනම වැස්ස...වැස්ස...
අපි කොච්චර නාහෙන් අැඬුවත් අපි වැඩිපුරම ආදරේ ඉරට බවත් ඉර නැතිව අපිට කොයි තරම් පාළුද වගත් මේ වගේ අවස්ථා වල වැඩි පුරම කල්පනා වෙන දේවල්...
වැස්ස ගැන ඕන හැටි කවි කතා ලීවත් ඉර ගැන කවි කතා කොයි තරම් අල්පද කියලා හිතෙනවා....ඉර අමනාපෙන්ද කියලත් හිතෙනවා....මෙහෙම අකටයුතුකම් වෙද්දි...
මට මතක් වෙනවා සිංදුවක්
"ඉර මා දැව්වත් මා ලද උණුසුම අමතක කරන්න බැ"...
කතාව කොයි හැටි වෙතත් ඉර නැති වුණාම ප්‍රශ්න ගොඩයි....හෝදපු ඇඳුම් වෙල ගන්න බැරුව දවස ගානේ රෙදි බේසම් එකතු වෙද්දි ඉර ඇයි එහෙම දරුණු වුණෙ කියලා හිතෙනවා....වැස්සට වැටිලාම එපා වෙන් නැද්ද...රිදෙන් නැද්ද....ඉරට අවස්ථාවක් දෙන්නෙම නැද්ද..?
ටික ටික ප්‍රශ්ණය දරුණු වෙන්නේ අඳින්න ඇඳුම් නැති වෙද්දි...එක අතකට මේක මහ වදයක්.....තෙත පිටින් ඇඳුම් අඳින්නත් බැ....මැෂින් එකෙන් හේදුවත් අව්වක් නැතිව බෑ...අර ඉස්සර වගෙ කොළ අතු තිබ්බා නම් හොඳයි කියන සිතිවිල්ල හිතේ හොල්මන් කරනවා...මැවිලා පේනවා.....
ෆෑන් අස්සෙයි...ෆ්‍රිජ් පිටි පස්සෙයි වෙල ගන්න පුළුවන් හරිම පොඩි රෙදි ප්‍රමානයක් .....තට්ටු ගෙවල් වල ඉන්න අපිට දැවෙන ප්‍රශ්න මේවා...මේ කාලේ එළිය අහල පහල රෙදි වැනුවොත් එක හුළඟට ඒවා ගහන් යනවා....එහෙම ගහන් ගිහින් ඒවා නතර වෙන්නේ හයිටෙන්ෂන් වයර් වල.....මේවා ගැන හොඳ හැටි අත්දැකීම් තියෙනවා අපිට...
වැස්ස එනකල් බලන් හිටිය අපි දැන වැස්ස යනකල් බලන් ඉන්නවා ...ඉරට යන්නැයි දොස් කියපු අපි ඉර එනකල් බලන් ඉන්නවා....මේක පුදුම ලෝකයක්.....ඒ අතින් අපි හරි වෙනස් මිනිස්සු ......

Friday, May 25, 2018
Respect ...
තව කෙනෙක්ට තව කෙනෙක් ගරු කරන්න ඕන කියලා සමහර මිනිස්සු ඇත්තටම දන්නෑ....නින්දා..අපහාස කියන තැන ඉඳලා අනික් හැමදේම ගත්තත් මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ තව කෙනෙක්ව අපහසුතාවයට පත් කරන්න...
#respect එහෙමත් නැත්නම් ගෞරවය කියන එකට මුල්ම අත්තිවාරම වැටෙන්න ඕන ගෙදරින්....පිරිමියෙක් තවත් ගෑණියෙක්ට ගරු කරන්නවා නම් අනිවාර්යයෙන්ම ඔහු තමුන්ගේ අම්මාට එහෙමත් නැත්නම් සහෝදරියට ආදරය ගෞරවය දෙන කෙනෙක්....අම්මයි කියා දෙන්න ඕන ගෙදරින් පටන් ගන්න ගෑහැණුන්ට ගරු කරන්න මුලින්ම අම්මාට....ඊළඟට සහොදරියන්ට...තමුන් එළියට බැස්සම මුණ ගැහෙන අයට....පාරක් පාරක් ගානේ ඇවිදින සමාජය විසින් "නරකයි" කියලා හංවඩු ගහන ගැහැණිය දක්වාම මුළු ගෑහැණු සංහතියටම ගරු කරන්න පුතෙක්ව අම්මා පුරුදු කරන්න ඕන...අම්මාගේ වගකීම් යුතුකම් ගොඩට ඒකත් දා ගන්න ඕන...
තමුන්ගේ අම්මා....සහොදරියෝ ....බිරිඳ...දියණිය ගෙදර වහලයට තියා ගෙන අනෙක් ගැහැණුන්ව අපහසුතාවයට පත් කරන පිරිමි ඕන තරම් ඉන්නවා...පාරක යද්දි....බස් එහෙක යද්දි...එහෙමත් නැත්නම් දුරකථන ඇමතුම් මඟින් මේ දේවල් සිද්ධ කරනවා....ඇයි මොහොතක් හිතන්න බැරි තමුන්ගේ අම්මා..සහොදරිය..බිරිඳ..දියණිය ගැහැණු නම් අනික් හැම කෙනෙක්මත් ඒ ගෞරණීය තැනට දාන්න ඕන කියලා....
ගැහැණු අයට විතරක් නෙමි පිරිමින්ටත් ඒ ගෞරවය දිය යුතුයි ....ඒ තමුන්ගේ පියාණනුත් පිරිමි කෙනෙක් නිසා..මේ හැම දේම කියා දෙන්න ඕන අම්මා....
කෙනෙක්ට කියන්න පුළුවන් "කෝ ගරු කරන්න පුළුවන් විදිහටද එයාලා හැසිරෙන්නේ " කියලා ...ඇත්ත ජීවත් වෙන්න ඕන හොඳ විදිහට..ගෞරවණීය විදිහට..කාටවත්ම කරදරයක් වෙන්නේ නැති විදිහට...එහෙම වුණාම ඉබේම ගෞරවය ලැබෙනවා....
හැබැයි මතක තියා ගන්න #ඔබ_අනේකාට_ගරු_කළොත් විතරයි පෙරලා ඔබට ලැබෙන්නෙත්....
-----------------------------------
මම පොලට ගියාම පොලේ බඩු විකුණන මිනිස්සු ගොඩක් අය මාව දන්නවා....මම කාලේකින් ඉඳලා ඉඳලා ගියත් එයාලා මට බොහොම කාරුණිකව සලකනවා..අඩුම ගානේ හිනාවක් හරි දෙනවා.....මම එළවළු ගන්න පුරුදු තැනක් තියෙනවා...එතනට මම ගියාම එතන ඉන්න පිරිමි ළමයි පුදුමකාර ගෞවරයකින් සලකනවා.....මගේ චූටි දුව නිතරම අහන්නේ
"අම්මි දන්න අයද ඒ"...ඇයි අම්මිට එහෙම සළකන්නේ"...
මම කියනවා එතකොට..
"එයාලා වෙලෙන්දෝ....මේ අපි හැමෝම මිනිස්සු ....එයාලත් ජීවත් වෙන්න වැදගත් රස්සාවක් ඒ කරන්නේ.....ඉතිං මම එයාලට ගෞරව කරනවා....මම එයාලත් එක්ක කතා කරනවා ..දුක සැප අහනවා...හිනා වුණොත් හිනා වෙනවා...ඉතිං එයාලත් මට ආපහු ඒ දේම දෙනවා"ඔයත් එහෙම වෙන්න ඕන"
----------------------------------------
#ආදරණීය_මල්
සිහිනයකි නුඹ
හීන වලම සැරි සරන්න ඇත්නම් කියලා හිතෙන වාර කොයි තරම් ද....ඒක අපි හැමෝටම පොදු දෙයක්..තමා ආදරේ කරන කෙනෙක්ගේ ජීවිතේට අත පොවන්න බැරි තරම් දුරක ජීවත් වෙනවා කියන්නේ කොයි තරම් විඳවීමක්ද.....හීන වල රැඳවිලා ඉන්න අපි කවුරුත් ආසා එකයි..
⛅☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️☁️
අැහැරෙන් නැති නින්දක...එකම හීනෙක සැරි සරන්න තියෙනවා නම් කියලා ඇත්තටම හිතුනේ අපේ හීන එකින් එක බිමට වැටෙද්දි..ඒවා අහුලලා ආයෙත් හීන වලම ගැට ගහන්න පුළුවන් විදිහක් අපි දෙන්නම දන්නේ නෑ....
හමු වීම් වෙන්වීම් ජිවිත වලට උරුම දේවල් ඒවා ආදරෙන් බාර ගන්න පුළුවන් තරම් හිත් අපිට තියෙනවා.... එකම හිතක් තියෙනවා....කොයි තරම් ඈතට යන්න වුණත් දරා ගන්න පුළුවන් සංවේදිම තැනක අපි දෙන්නම ඉන්නවා...ඒ අපිට අපේ ආදරේ හැඟෙන දැනෙන තරමටම...
මේ ඇස් වලින් එකමෙක කඳුළක්වත් වට්ටන්න එපා කියලා කියන කොට මම හිතුවේම ඒ ඇයි කියලා....
"කඳුළු වට්ටලා මේ ඇස් වල තියෙන එළිය නැති කර ගන්න එපා...එහෙම වුණෝතින් මට ජීවත් වෙන තුරාවටම අඳුරක ජීවත් වෙන්න වෙයි"
ඉතිං මම ආයාසයෙන් හංගන කඳුළු වල මම දරා ගන්නේ අමාරුවෙන් ....ඒත් වැස්සක් වගේ එක පාරටම කඩාගෙන වැටෙන බව විතරක් මම දන්නවා...අන්න එදාට මට සමාවෙන්න...
වසන්තය මගේ ඇස් ඉස්සරහට හරි ඉක්මනට ඇවිත් ඇහිපිය හෙලන ඇසිල්ලෙන් මගෙන් ඈතට යද්දි..මම ගිම්හානයටත් පෙම් බඳින්න ගත්තා...
පිපිලා පරවෙලා වැටෙන මලක් වගේ මගේ හිතත් කඩාගෙන වැටෙන බව දැනෙන්නේ මට විතරමයි.....ඒ දුක මට විතරමයි.....
හිනා වෙන්න උත්සහ ගන්නම් වස්සානෙට පස්සේ පිපෙන්න වෙර දරන මලක් වගේ...ඒක බාර වෙන්නේ හෙට දවසට....
ආදරණීය මල්...
ඔබ නැතිව ඔබ එක්ක...
#හොඳම නින්දක් අතරතුර මම කැමතිම ඔයා මට කෝල් කරනවට....ඊට පස්සේ ඔයා නිදිද අහනවට......මහ තද නින්දෙන් ඔය කට හඬ ඇහෙනවට.....මහ හයියෙන් සිංදු කෑල්ලක් කියනවට...මම වැනි වැනි හිනා වෙනවා....නොනවත්වාම කියන එකින් එක සම්බන්ධයක් නැති කතා මගේ නිදිමත නැති කරනවා....නොනවත්වාම ජංගම නාද වෙද්දි නින්දෙන්ම ඔළුව උස්සලා මම බලනවා....මම දන්නවා ඒ ඔයා කියලා.....එක්කෝ මාව බලන්න ඇවිත් එහෙමත් නැත්නම් ලඟකට ආ ගමන් කතා කරනවා.....
ජීවිතේ හරිම පුදුම දේවල් සිද්ධ වෙනවා...නැ සිද්ධ කරවනවා....ඒ නිසාමනේ අහම්බෙන් අපි මුණ ගැහෙන්නේ....කොටින්ම නමක්වත් කියන්න දන්නේ නැති මහ අමුතුම සම්බන්ධකමක්....කාටවත්ම කිසිම දෙයක් කියන්න ඉතිරි නැති සම්බන්ධකමක්....කාගේවත් ඇස්වහකට..දෝසේකට අහු වෙන්න ඕන නැති සම්බන්ධකමක්....
දවසක අපිට ඉතිරි වෙන්නේ මතක විතරයි....ඒවා හරිම සුන්දරම මතක....අර දම්පාට මල් ගහ ජීවිතේ අමතක නොවෙන මහමෙරක් වගේ හිතේ පැලපදියම් වුණ තැනක්...දකින හැම මොහොතකම හිනාවක් මවන තැනක්....ඒ මල් ගහත් හරිම අහුබු දෙයක්...ජීවිතේ ගොඩක්ම ලස්සන මතක රැදෙන්නේ සමහර අහඹු දේවල් වල.....එහෙම නේද කියලා මම ඔයාගෙන් අහන් නැ....ඒක එහෙම තමා කියලා දන්න නිසා...
පුංචි පුංචි දේවල් වලට පුංචි පුංචි ඉරිසියාකාරකම් හිතට එනවට මම කැමති....එහෙම දේවල් හරිම සුන්දරයි ...කිසිම අයිතිවාසිකමක් නොකියන බැඳිමක අගේ කොයි තරම්ද...නේද...මම ඔයාටවත්...ඔයා මටවත් නොකියන අයිතිවාසිකම් .....හැමදේටම ගහ මරා ගන්න ලෝකේක අපි දෙන්නා හිනා වෙනවා...හිත නිවෙන්නේ ඒ නිසයි...ඒච්චරම සැහැල්ලුවත් ඒකමයි ලොකේ කනපිට පෙරලුනත්..
ජීවිතේ හරි පුංචි දුරයි යන්න තියෙන්නේ ..එහෙම යද්දි මට මුණගැහුණ තුටු පඬුරක් ඔයා....ඒක මම රැක ගන්න ඕන හැමදාටම....අපි එකට හිටියත් නැතත්.....වෙන්වෙලාම යන්න වුණ දවසට එකම කඳුළක්වත් හලලා අර ඒ බැඳිම් මම හෑල්ලු කරන්නැ....ඒ හැම මතකයක්ම තියේවි...මගේ හදවතේ හොඳම තැන.....ආයි දාක මුණ ගැහුණෝතින් අපිට පුළුවන් හිනා වෙන්න.... අර දම් පාට මල් ගහ ලඟදි..ඒක එතන තිබුණත් නැතත්...අපේ මතක තියෙන අපේ හිත් කතා කරාවි....

Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...