Monday, December 18, 2017

බීතිකාව....

ඉස්සර වගේම තාමත් කැරපොත්තෙක් ..මකුළුවෙක් ..මියෙක් දැක්කම මගේ පන යනවා ඉබේම....ඉස්සර රෑට හෙම කැරපොත්තෙක් ආවාම පුදුම විදිහට අසරණ වෙනවා..මොනා වුනත් රෑ වුනාම කැගැසිම තහනම්..ඒක ගැහැණු ළමයෙක්ට නොහොබි.....ඒ අපේ අම්මාගේ නීති සහ අණ පනත්ය..මම ඉතිං ඒ සියල්ලටම බයේ ඔළුවේ ඉඳන් පෙරවගෙන නොනිදා නිදා ගන්නවා....ඉස්සර කැරපොත්තෙක් මකුළුවෙක් ඉන්න දිසාවකටවත් හැරිලා නිදා ගන්නේ නැත....

ඒ ඉස්සරය...ඊට පස්සේ පෙම්වතියක් වුනාම...දවසක් වැඩ ඇරිලා බස් එකේ එද්දි එයා හෙමින් සීරුවේ මගේ ඔඩක්කුවෙන් තියලා තිබ්බ ප්ලාස්ටික් පත්තෑයා දැක්කම මර හඬින් කෑ ගැහැහුවේ මුළු පිට කොටුවම දෙවනත් කරලා..රෑ පුරාම නිදි නැතිව බස් එකේ ගෙදරත් වැඩිය  සැපට නිදන් උන්න මහත්මයෙක් අපව ඇමතුවේ ඉහලම වචන වලින්ය....ඒවා නම් මතක් වෙද්දි හිනාය...

ඊට පස්සේ කසාද බැඳලා ඒමය....මගේ හැටි දන්නා ඔහු වෙලාසනම මට දැනුවත් කිරිම් කලා...

"අනේ වඳින්නම් කැරපොත්තෝ දැක්කම කැ ගහන්න නම් එපා...තාත්තා බනි ඇ"

මේක මාර අසාධාරණයක්ය....මම බය නම් මම කැ ගැසිය යුතුය....ඉගිලිලා එන කැරපොත්තෙක්  දැක්⁣කම මම කෑ ගහගෙන නවතින්නේ මිදුලේය....ඒත් මාමංඩි මට ආදරේය..දවසක් දෙකක් පොල්ලක් අරන් ආවාය....කැරපොත්තෙක් බව දැන ගත්තම එයා ආපහු හැරිලා යනවා....ඊට පස්සේ සද්දෙට විනාඩි පහකට පස්සේ මාමන්ඩි එනවා..

"ආ ..ලමයා කැරපොත්තෙක් නේද"

😊😊😊😊😊

ඊට පස්සේ කැ ගැහිල්ලට හබි ආවේත් නෑය...එතකොට නම් මට තද වෙනවා...

"මං මලත් මෙයාට කමක් නැ"

ආඬපාලි කෝටියයි...


ඒ මොනා වුනත් දැන්නම් මම කැරපොත්තන්ට බය නැති වග දනිමි...ඒ මොර්ටින් වලට පිංසිදධ වෙන්නටය...බය වග හඟවමි..ඒත් බය වග දනිමි...එදත් අදත් ඔය සත්තු මගේ සතුරන්ය.....


මල්....

Monday, December 11, 2017

ජීවිතේ සමහර රිදුන තැන්...පිච්චුන තැන් වල කැලැල් තාමත් එහෙමම තියෙන වග උඹත් මාත් දන්න ඇත්ත...ජීවිතේ සමහර නොලැබුණ තැන් උඹ හොයන් යද්දි මම සද්ද නැතිව බලන් උන්නේ ඒක එහෙම වෙන්න ඕන නිසා බව මම දන්න හංදා...

ගෙවිලා ගියේ ටික කාලයයි....උඹත් මමත් හමු වෙච්ච වෙන් වෙච්ච තැන් වල කවදාවත් තණකොල හැදෙන් නැ ....ඒ තැන් හරි නැවුම් හැමදාම ....

දන්නවද මම තාමත් ආසයි රෑට අහස දිහා බලන් ඉන්න උඹ තරුවක් වෙලා මගේ දිහා බලන් ඉන්න වග මම දන්නවා...අන්න තරුව දිගේ අපේ හමු වීම ..වෙන් වීම දක්වාම මතක අතරට මාව අරන් යනවා....තාමත් කොතැන⁣දෝ රිදෙන වග දන්නවා..නුඹ නැතිව නුඹ එක්ක සැරි සරන කොට ..හ්ම්...

෴ ආදරණීය මල්෴


ඔව් ...මඟැරෙන්නට යන හැම තැනම හොඳින් පිරික්සා බැලිය යුතුයි
වෙන් ඕනම නම් හේතු ඇති
සොයා බැලිය යුතුමයි
මොකද මගේ හිතේ
වෙන් වෙන්න සේයාවක්
ති⁣බුණේම නැති නිසා...

ඉස්සර මට ලියපු
හැම කවියක්ම
අද ලියවෙන්නේ කා නමටදැයි
සොයා බැලිය යුතුයි
ගැලවෙන්නට බැරි තැනක
'මම ආදරෙයි' කියලා එවන
කෙටි පණිවිඩෙිකට මගේ හිත
දැන් පිරෙන්නේ නැති වග කිව මනාමැයි

බේරෙන්නට බැරි තැනක
ඉතාම කෙටි ඇමතුම්
ඉඳ හිට ලැබෙන
ගණන් මිණුම් ඇතිව
මට කියන්න පුළුවන්

ආ...කාලෙකින් එකමෙක විනාඩියකට
මුණ ගැහුණාම
මගේ ඇස් දිහා නොබලා
කතා නොකරන්නේ මංදැයි
මට හේතු ඇතිව කිව යුතුමයි

හමු වීම් වෙන්විම් ලඟ
අපි මහ අරුමයක් නොවුණත්
හිමිදිරිය වගේ අරුමැසි ම ප්‍රේමය
ඔබට එපා වීමට හේතුවද
කියන්න හිතවත
වෙන්වීම රිදිමක් වුව
සමුගෙන යා හැක
අතින්වත් නොඅල්ලා...

෴ ආදරණීය මල්෴
ඔබ කිසිම දවසක නොදුටු
අහස පුරා පායපු තරු ගොන්නේ
පායලා හංගිලා උන්නු
පුංචිම තරුව මම...
ඔබ කිසිම දවසක
දැක බලා ගන්න
උත්සහයක් නොගත්
තනියම ඔබ එක්ක හිනැහුන
ඒ තරුව මම....
ඔව් ...ඔබ අදත් බලන් ඉන්නවා
පේනවා මට ඈතටම  ...
ඒත් මම ඉන්නවා
ඔබට පේනම දුරින්
ඔබ හඳුනා නොගත් මම...
ඔබ නිදන හැම රෑම
ඔබේ නලලත් සිප
කඳුළින්ම සමු ගමි
මට අහිමි සෙනෙහසින්......

෴ ආදරණීය මල්෴


පාළුව කියන්නේ ඔබ නැතිව
ඉන්න තරමට නම්
මම විඳවමි
නෝක්කඩු වලට මූලාම්බරය
මම නම් ඉන් මිදෙන්නත්
හේතු හොයන්නෙත් මමයි
කතා නොකර ඉද්දි
ඉස්සර වගේ හිත නොරිදෙන්නේ
දැන් පුරුදු නිසා වෙන්නැති
ඒත් ඔබ ලඟ නැති මොහොත තමයි
මට පාළුව කියන්නෙත්.. දැනෙන්නෙත්
ඉතිං එනකල් ඉන්නම් ආයෙමත්...

෴ ආදරණීය මල්෴


දුවෙක් කියන්නේ ලෝකයක්.  ඇස් මානේම තියන් රැක බලා ගන්න ඕන...මම රස්සාව දාලා ගෙදර නැවතුනේ (කොයි තරම් ආර්ථික ප්‍රශ්න තිබුණත්) මගේ ලොකු දුව නිසා..මෙහෙකාරියන්ට නතු කරනවට වඩා මගේ ඇස් ලඟ එයා හැදෙනවා වැඩෙනවා බලන්නයි මට ඕන වුනේ...මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා දැන්..එ් එක්කෙනෙක්වත් මම කවදාවත් වැඩකාරියින්ට පැවරුවේ නැ..තාමත් ඔවුන් තුන් දෙනාගෙම හැමදේම කරන්නෙ මම  

මට මෙහෙම ලියන්න හිතුනේ ඊයේ උදේ  මම චූටි දුවව ඉස්කෝලේ අරන් යද්දි දැකපු සිද්ධියක් නිසා...දෙක වසරේ වගේ චූටි දුවෙක් බස් එනේ තනියම ඉඳන් උන්නා..ඇය හුරතල් දරුවෙක් නිසා මම ඇය දිහා බැලුවා..අැය ලස්සනට හිනා වුනා...ඉස්කෝලේ ලං වුනාම ඇය නැගිටලා දොර ගාවට ගියා..බස් එක බ්‍රේක් කල පාර ඇය වැටෙන්න ගියා..මම එයාව අල්ල ගත්තා ..වට පිට බැලුවේ මේ දරුවා එක්ක වැඩිහිටි කවුරුත්ම ඉන්නවද බලන්න...බහිදදිත් මම පරිස්සමින් බැස්සුවා..එතකොටයි ඔන්න දරුවගේ බාරකාරයෙක් පිටි පස්සෙන් බැස්සේ...ඒ .ඒ දරුවාගේ සීයා..එයාට මේ ලෝකේ සිහියක් නැ..."ආ..ඔයාට තනියෙන් ඔය ටික යන්න පුළුවන්නේ" කියලා අර මනුස්සයා ගියා...මම මගේ දුවත් අතින් අල්ලන් එයාවත් අල්ලන් ඉස්කෝලේට දාලා ආවා ..

ආදරණීය අම්මේ..කාටත් ප්‍රශ්න තියෙනවා..නැත්තේ නැ...ඒත් දරුවන්ට පලවෙනිම තැන දෙන්න...සල්ලි හම්බ කරලා මොකටද දරුවන්ට මොනා හරි වුනොත්...අද කාලේ ඇහෙන කතාත් එක්ක දරුවාව තියා ගන්න ඕන ඇස් දෙකේ...පස්සේ මොනා හරි වුනාම පොළවේ පස් කාලා වැඩක් නැ....

මල්.....

වරදවා වටහා ගන්න එපා මේ ලියවිල්ලේ තියෙන්නේ සමහර දරුවන්ටග් අනාරක්ෂිත බව මිස මව්වරුන් ගෙදර නවතින්න කියලා නෙමි...😊

Thursday, November 30, 2017

ගිනි බිදිද්දි නුඹව මානා
කෙනෙහිලුන් ඇද වද දෙනා විට
ඉවසගෙන අහකට බැලු
නුඹ යවපු හුස්මයි සකි සඳ
හුළඟක් වෙලා මේ පාව යන්නේ...
ඒ සාපයයි...

හිසත් හාරා දල ගනිද්දි
රිදුන තැන් පිරිමදිනු බැරිවට
ඇස් පලාගෙන බිමට වැටුණේ
උණු කඳුළු විතරයි
වැහි වගේ මේ පොළව හාරා වැටෙන්නේ..
ඒ සාපයයි...

උපන් දා සිට නොකළ වරදට
රිදි රිදි ඇදුමක් ඇදෙන විට
මව් මතක් වි හිත කීරි ගැහිලා
බිම වැටි හඬනා හැඬිල්ලයි
අකුණු ලෙස පුපුරා වැටෙන්නේ..
ඒ සාපයයි....

තිරිසනෙකු වි උපන් පාපෙට
විඳපු දුක් කඳ උහුලනා බැරිවට
පපුව පැලිලා පොළව මත පුපුරා වැටෙද්දි
තුමුල උස් කඳු දෙදරා වැටෙන්නේ..
ඒ සාපයයි......

෴ ආදරණීය මල්෴

ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...