ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන...
ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන දැක්කා ඔයා මගේ විතරමයි කියන හැඟිමත් එක්ක...සමහර වෙලාවට මම ඔයාගේ උරහිසේ හිස තියාන ඇස් වල කඳුළු කුට්ටි හිර කරන් අහනවා "ඔයා මගේ විතරයි නේද" කියලා..එ හැම වෙලාවෙම හැම දවසකම ඔයා පුදුම ආදරෙකින් මගේ නලල සිප ගත්ත වග මට තාම මතකයි...උඩට ඇද්ද හුස්ම ආපහු ඔයා පහලට දැම්මේ හුඟක් වෙලා ගියාට පස්සේ...
"ඔයා ඉන්නෙ හොඳම තැන පරිස්සම් ඇතිව" ඔයා පපුවට අත තියලා කියනවා..
මං නුඹෙමද අහන හිතින්
නුඹ මගෙමද හිතනව නම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනව නම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්...
වෙන් වෙලා යන්න බැරි තරම් ආදරයක් හිතේ තිබුණාට අපි කොච්චර ඈතද..මට ඕන වුණේ ඔයා ලඟින්ම ඉන්න..ඔයාව විඳ ගන්න..
ඔයා මට නිතරම ඒත්තු ගැන්නුවා අපි කොච්චර දුරද කියලා...මම ප්‍රශ්ණ අහන එක නැවැත්තුවේ ඊට පස්සේ..ඔයාගේ අමුතු ඇස් දෙක දිහා බලාගෙන මම ඔයාව මතක තියා ගන්න උත්සහ ගත්තා...ඒක භාවනාවක්...අපි අපේම වෙච්ච හීනෙක කොටසක්....
සඳ අහසට රළු පොළව දුරයි
කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි
අහනවා
කිසිවක් නොඅසා ගං දිය
පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා කවිරුත්
තව නෑ
අපි අපේ විතරනම්
ජීවිතේ තනි මංසලක අතරමං වෙලා වගේ හැඟිමක් ඉබේම හිතට එනවා...ඔයා මං ලඟ නැති මූසල පාළුවත් එක්ක..ඒක හරි භයානකයි....හරියට තට්ට තනියෙන් තිත්ත කළුවරේ තනියම ඇවිදිනවා වගේ....ඇත්ත හඳ අයිති ඉරට..හඳට එළිය දෙන්නේ ඉර...හඳ ආදරේ ඉරට...හරියට අපි දෙන්නා වගේ..සමහර මතක කටුක වුණත් මම ජීවිතේ ඉගෙන ගත්තේ ආදරේ ඉගෙන ගත්තේ ඔයාගෙන්..ඔයා හරි පුදුම කෙනෙක්..ඔයාගේ හැම ස්පර්ශයක්ම පුදුමයි..කතා කරන වචන පවා..මාව මගේ හිත එකවරම නිවෙන සංසිදෙන තැන ...ඒකයි මම අහන්නේ මගේ විතරමයි නේද කියලා....අසීමාන්තික ආදරේ හංදා වෙන කෙනෙක්ගේ වෙයි කියන බයට..මං ආත්මාර්ථකාමි ...
මං නුඹෙමද අහන හිතින්
නුඹ මගෙමද හිතනව නම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනව නම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනව නම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතරනම්...
සාගරේ හඩ දිගේ මේ ගංග
ගලනවනම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්..
#ආදරණීය_මල්❤❤
.
වචන..රඛිත වාකිෂ්ට
තනු..තිලිණ රුහුණගේ
හඬ..ජගත් වික්‍රමසිංහ
Sunday, December 8, 2019
සමහර වෙලාවල් තියෙනවා පුදුම විදිහට හිත කඩන් වැටෙන ..කිසිම දෙයක් හිතා ගන්නවත් බැරි....අන්තෙටම කලකිරෙන...අපි කාටත් එහෙමයි...සමහර විට දවස ගානේම හිත පෑරෙන රිද්දෙන දේවල් වෙන්න පුළුවන් ....ගොඩ ගන්න බැරි තරමටම මානසිකව වැටෙන...
අපි ඕන තරම් අඬලා ඇති....රංඩු වෙලා ඇති..ජීවිතේ එපා වෙලා ඇති..මොකද්ද මේ ජීවිතේ කියලා අනන්ත අප්‍රමාණ හිතිලා ඇති..ඒ දේවල් දරා ගන්න බැරිව කිදෙනෙක් ජීවිත වලින් සදහටම ගිහින් ඇද්ද...
ඒත් ඇත්තටම ඒ ක්‍රමේ සාර්ථකද...මම නම් කියන්නේ හරිම අසාර්ථකයි ....මොකද අපේ හිතේ අයිතිකාරයා අපි මිස අපේ හිත් රිදවන අය නෙමේ....අපේ සතුට කිසි කෙනෙක් ලඟ නෙමේ තියෙන්නේ ....හිත රිදුනාම හිත හදා ගන්න ඕන අපි...අමාරුයි තමයි ..ඒත් අපි හිත හදා ගන්නම ඕන...මොකද සමහර විට අපේ හිත රිදවන කෙනාගේ සතුටත් අපේක්ෂාවත් වෙන්න ඇත්තේ අපිව මානසිකව වට්ටන එක වෙන්න ඇති....
අපේ හිනාවට..අපේ සතුටට එයාලා ඉරිසියා ඇති...ඉතිං හිත බිඳවන්න හිතෙනවා ඇති...ඒත් එයාලා දන් නැ එයාලා කොච්චර පවක් පුරව ගන්නවද කියලා.....එහෙව් අයට ඕන විදිහට අපි හැමදාම දුක් වෙවි අඬ අඬා ඉන්න ඕනද...
නැහැ..එකෙන් දෙකෙන් තුනෙන් නැගිටින්න ඕන.....අනුන්ගෙන් සතුට හොයන එක නවත්තලා අපේ සතුට අපි තනියෙන් හොයා ගන්න ඕන..අනුන් මත්තේ යැපෙන්න ගිහින් අපිට මඟැරුන දේවල් කොච්චර ඇත්ද..අන්න ඒ දේවල් හොයා ගන්න උත්සාහ කරන්න ඕන..ටිකක් තනියෙන් කල්පනා කරන්න...අපිට වැරදුන මඟැරුන තැන් කොච්චර ද කියලා..
මුලින්ම තමුන්ව හොයා ගන්න...කිසි තැනක යන්න නොදි අපි අපිව අපේ ලඟ නතර කර ගන්න ඕන....කාටවත් ඕන විදිහට අපිට හිතන්න පතන්න බැ...අපිට වෙන කවුරුවත් වගේ වෙන්න බැ...අපි අපිම මිස....හිනා වෙන්න ලස්සනට .. ..මොන දේ වුණත්....😊😊
#ආදරණීය_මල්❤❤
#ආදරණීය_මල්❤❤
#අපි_දෙන්නා 4
මම වෙනස් වෙලාද...සමහර විට එහෙම වෙන්න ඇති...හැමදේම වෙනස් වෙනවානේ නේද...ඉතිං මම ටිකක් වෙනස් වුණාද මොකද..?හැමදේම හීනයක් වගේ... මම ආසම මගේ හුදෙකලාවට මම ආයිත් පුරුදු වෙන්න ඕන..ඔයා මුණ ගැහෙන කල් හිටපු විදිහට....ඔව් එහෙම වෙන්න ඕන...හිත් රිදුම් තවත් දරා ගන්න අමාරු බැව් දනිමි...හිත හදන්න කවුරුවත් නෑ... මට කිසිම බලපෑමක් කරන්න එපා...මට යන්න ඕන....ඔයා ඔයාගේ ජීවිතේ තීරණය කරන්න ඕන...මාවත ලඟ තියන් ඒක කරන්න බෑ...මම දන්නවා...අනික මම කිසිම කෙනෙක්ට අසාධාරණයක් වෙනවට කැමති නෑ.....වරදක් කරන්න කැමති නෑ..හැබැයි ඕනම දවසක එන්න ඔයා තනි වුණොත්...තනිය දැණුනොත් ...මම ඉන්න වග මතක තියා ගන්න... "ඉන්න"කියන්න එපා...මගේ ආදරේ මම හිත පුරාම තියන් රැක ගන්නවා....හරියට අම්මෙක් දරුවෙක් රකිනවා වගේ...මට වෙන කිසි කෙනෙක් එපා...මම යන්නෙත් නෑ...ඔයා වගේ කවුරුත් නෑ...ඒක මම දන්නවා... "යන්න එපා...මට ඔයාව ඕන" එහෙම කතා කියන්න එපා..මම දුර්වල වෙනවා... ජීවිතේ හරි පුදුම සහගතයි ...මට අහම්බෙන් ඔයාව මුණ ගැහෙනවා.....මම ආදරෙත් කරනවා..ඒ ඇත්තටම ...ඒක වෙනස් වෙන් නෑ....ඒත් හිත පෑරිලා ....ඒ හිත හදා ගන්න ඕන...එ්ක කරන විදිහ මට තේරෙන් නැ... මට අඬන්න ඕන කෑ ගහලා අඬන්න ඕන....මට ඒකටවත් අවසර නෑ...අසාධාරණයි නේද...ඇස් වලට එන කඳුළු අමාරුවෙන් නවත්ත ගන්නවා...මගේ හැඟිම්...මම සංවේදි වැඩිද..ඔයා මාව හරියටම දන්නේ නෑ.....මගේ පපුව අමුතු විදිහට රිදෙනවා..ඒත් මම උත්සාහ ගන්නවා...පරණ පුරුදු විදිහට ඉන්න...අමාරුයි තමා... මම වැරදිද....මම ඉක්මන් වුණා වැඩිද ..ඔයාට ආදරේ කරන්න....මට යන්න දෙන්න....හිතේ කොහේ හරි තැනක මාව කැමති නම් තියා ගන්න...තිතක් තරම් ඉඩක....ටික දවසකින් මාව ඔය හිතින් බැහැර වෙයි...මම පුදුම වෙන් නැ....එහෙම තමයි මිනිස්සු ....මිනිස්සුන්ගේ හිත්...වෙනස් වෙනවා....මට බැරි වුණාට....එහෙව් හිතක් මට ලැබුණ එක වැරදි...මටත් ඕන ගල් හිතක්.... "අපි යාළුයිද" පොඩි එකෙක් වගේ අහද්දි කඩන් වැටෙන්නේ මගේ හිත... "මම තරහ නෑ" මම කියද්දි.. "යකු මම ආදරෙයි" "මට ඕන" " උඹව දාලා යන් නැ" මං නැතිව ඔයාට ජීවිතේ අමාරු වෙන් නෑ...ඒක මම දන්නවා...මං වෙනුවෙන් කැප කල හැම තත්පරේටම පිං...මම ඈතින් පෙනෙන නොපෙනෙන දුරක ඉන්නම්...මාව හිතෙන් අතුගාලා දාලා හිත පිරිසිදු කරන් ඔයා යන තැනට යන්න...ඒක වෙන්න ඕන එහෙම.. පුළුවන් නම් විතරක්... එක ආත්මෙක හරි එන්න..මාව ඔයාගේ කර ගන්න...අර මං තියපු පෝලිමේ කොතැනක හිටියත් මම තෝර ගන්නේ ඔයාව....එච්චර ආදරෙයි... #
නිමි...

#අපි_දෙන්නා 3
හ්ම්ම්...කියනවා නම්..අහන් ඉන්නවා නම් කොච්චර දේවල් තියෙනවද කියන්න......මට ඕන ඔයා ලඟට වෙලා හැමදේම කියන්න....මට තිබුණ ..මට දැණුන ..මම ආසම කරපු හුදකලාවෙන් මම මිදිලා වගේ හැඟිමක් දැනෙනවා..මගේ දකුණු පැත්තෙන් මට ඔයා ඉන්නවා වගේ හැඟිමක් දැනෙනවා... ඔයා කවුද කින්ද මංද කියන එක මායිම් නොකර මම ඔයාට ආදරේ කරන්න ගත්තේ ඔයා මට ආදරේ කරන්න අරන් ටිකක් කාලෙකට පස්සේ තමයි...ඒත්...මට දැන් ඔයාව දැනෙනවා...සමහර විට හැම තත්පරේම....සමහර විට ජීවිත කාලෙම මට දැනේවි...ඒ..මම මේ තරම් ලං වුණ එකම පිරිමි පරානේ ඔයා නිසා වෙන්න ඇති.... මට ආදරේ වග මම දන්නවා....ඔයා මහ නාහේට අහන් නැති ජීවියෙක්...හැමදේම සිද්ධ වෙන්නේ වුණේ ඔයාට ඕන විදිහට...මම ඒකට කැමති.....ආදරේදැයි ඇහුවම "පිහියක් ගනින් පපුව පලලා පෙන්නන්න" ඒවා මහ අමුතු කතා...මට හිනා යනවා... "ඇයි බං ආදරෙයි කියලා හැම තිස්සේම කියන්න ඕනද" මම සද්ද නැතුව ඉන්නවා...හරි අමුතු චරිතයක්...මට හුරු වෙන්න තවත් කල් යාවි...සමහර විට හදිසියේ හරි මට මැරෙන්න වුණොත් මට එ්කවත් මට ඕන විදිහට කර ගන්න බැරි වෙයි.. "මාව දාලා මැරෙන්න" මාව බය කරන වචන...ඒත් අපි හැමදේටම ලැහැස්ති වෙන්න ඕන..නිකමට හිතන්න මාව දාලා දවසක ඔයාට යන්න වුණොත්..හ්ම්ම් ..ඔව් මම පුරුදු වෙනවා බිම බලාගෙන හැමදේම දරා ගන්න...ඒත් ආදරේ නම් හැමදාම තියේවි....ඒක ටික දවසකින් ඇති වුණ ආදරයක් වුණත් මම පුදුම තරම් ආදරෙයි....සමහර විට කිසිම කෙනෙක් ඒ වගේ ඔයාට ආදරේ කරන එකකුත් නෑ...හැබැයි යන්න ඕන නම් කියලා යන්න...මොකද මඟැරීම් වල තියෙන්නේ හරි භයානකකමක්... මම කැමතිම ඔයා එක්ක ඉද්දි හරි හෙමින් වෙලාව ගත වෙනවා නම්....මොකද කාලෙකින් හමු වෙලා ඉක්මනින් වෙන් වෙන්න ලොබයි...එකට හිනාවෙවි ඉන්න පුංචිම වෙලාවක් වුණත් හරිම ආදරණීයයි..දන්නවද.... හුදෙකලාවල් .........අහු මුළු වල ගැවසෙන්න ආස මම දැන් කැමති ඔයත් එක්ක ඉන්න....මම කියන්නම් දෙයක්....පිරිමියෙක් කියන්නේ බොහොම රළු කෙනෙක්...ඔයා වැඩියෙන් එහෙමයි...ඒත් ඔයා මට දක්වන මුදුකමට මම ලෝබයි...මාව හිනස්සන කරන වැඩ වලට ලෝබයි...තිස්සේම ඇඟේ දැවටෙනවට ලෝබයි.. "සදාකාලිකව ඔබගේ හදවත හිමි නැත ටික කලෙකට හෝ මට එහි ලොව්තුරු සුව ඇත" ඔයා කවුද..කොහෙන් ආවද..ඔය කිසි දෙයක් මට වැදගත් නෑ....මට යන්න කියනකල් මම ලඟින් ඉන්නම්...මට තව කාටවත් දෙන්න හිතක් තව ඉතිරි වෙලා නෑ....ඔයා සින්නක්කරවම ඒ හිත ලියාගෙන ඉවරයි... #

#අපි_දෙන්නා -2
"මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින් මගේ විතරද කියනව නම්"... ඔයා කොච්චර ඉක්මනට මාව අයිති කර ගත්තද....මං දන් නැ ඒක වුණෙ කොහොමද කියන්න...එච්චර විශ්වාසයක් ගොඩ නැගුනේ කොහොමද..ඒ කිසි දේකට උත්තර හොයන විදිහ මම දන් නැ...ඒ ගැන මම හිතන් නැ....ඒත් මම ඔයාට ආදරේ කරනවා...ඒත් ඔයා මට යම් තරමින් ආදරේ කරනවද ඒ ලඟටවත් මට කිට්ටු වෙන්න බැරිව ඇති.... "මට ඔයා නැතිව ඉන්න බැරි වෙයි" ඔයා එහෙම කියන කොට මම බයයි..මොකුත් නිසා නෙමේ...මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ....මාව දාලා යන්න එපා කියන්න හරි...මාව අමතක කරන්න එපා කියන්න හරි මට අයිතියක් නෑ...එහෙම කියන එකත් හරි නෑ....ඒත් මම වෙන අය හොයන් නෑ...කවදා හරි ඔයාට යන වෙන දාක ඔයාට යන්න පුළුවන් විදිහට මම පාර හදලා තියෙන්නේ ....මම හේතු අහන් නෑ...හෙට ගියත්....හේතු කියන්නත් එපා....ඒක මේ ආදරේට ගැලපෙන් නැ....කවදා හරි ඔයා යන දවසට මම ඉවසන් ඉන්න හැටි පුරුදු වෙන්න ඕන...ඒක කරන හැටි මම දන් නැ...එකමෙක කඳුළක්වත් වට්ටන් නැතිව ඉන්න මම පුරුදු වෙන්න ඕන...සුබ පතලා පුංචි හාදුවක් කම්මුල් දෙකටයි නලලටයි තිබ්බම ඇති.... ජීවිතේ හරි පුදුමයි....හිතා ගන්න බැරි දේ්වල් සිද්ධ වෙනවා..ඔයාත් මගේ ජීවිතේට ආපු පුදුමයක්...කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු තියන් නොහිටපු මට ඔයාව මුණ ගැහෙනවා...එහෙම දවස් තුන හතරකින් ආදරයක් ඇති වෙනවද ඇහුවම "මම දන්නැ...මට එහෙම වුණා" ඔයා දීපු උත්තරේ ඒක...මම තාමත් පුදුම වෙනවා...අහඹු මුණ ගැස්සිම් ජීවිත වෙනස් කරන හැටි....ඔයා මාව පුදුම කරවන හැටිත් පුදුමයි... #මනමාලඇස්.. මාව අමාරුවේ දාන...සැරින් සැරේ මා දිහා බල බල... "මං ආදරෙයි" කියන කොට..මට හිතෙන්නේම කොහේ තියෙන ආදරයක්ද මේ...ඒ ඇස් වල බොරුවක් ලියවිලා නෑ කියලා මට තේරෙනවා...ඒත් බයක් තියෙනවා...දෙයියනේ මොන පිරිමියටද එහෙම ආදරේ කරන්න පුළුවන් ...මං දන් නෑ...ඕවා මම හිතන්න කැමති නෑ...මම ආසම මගේ අත අර ගෙන තදින් අල්ලගෙන පොඩි ලමෙක්ව අල්ල ගන්නවා වගේ ඒ පොඩි එකා පැනලා දුවයි කියන බයට පුදුම විදහට ආරක්ෂා සහිතව තියා ගන්නවා වගේ ලඟම තියා ගන්න විදිහට...මගේ අත ඉවරයක් නැතිව ඉඹලා ඉඹලා..සුවඳයි කියන කොට ඇත්තටම ඔයා පව්.. වැඩ රාජකාරි මහ ගොඩක් තියා ගෙන..මාව බලන්න ඇවිත්.. ආපහු යන්න යද්දි මම නොපෙනි යනකල් බලාගෙන ඉඳලා යන..කොටින්ම මේ සා ලොකු ආදරයක් මට වෙන කාගෙන්ද ලැබුණේ....මම ඒ ආදරේට ආදරෙයි....ඒ ආදරේට ලෝබකම් කරන්න මම ලෝබයි....ඒත් ලඟින් ඉන්න කල් ඔයාගේ විතරක් වෙලා ඉන්න ඕන...දවසක අන්තිම දවස උදා වුණත් මුළු ජීවිත කාලෙම මම ඔයාගේ විතරක්ම වෙලා ඒ මතක එක්ක හැමදාම මැරෙනකල් ජීවත් වේවි.. ඇයි දන්නවද.. නුඹ තරම් මට පෙම් බැඳි නුඹ තරම් මගේ හිත බැඳුණු තවකෙක් මේ මිහිමත නැති නිසා..

#අපි_දෙන්නා...1
දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කරනවා...මම මේ කියන පුද්ගලයත් හරි අපූරු කෙනෙක්..ටිකක් විතර වෙනස් කෙනෙක්....
අහම්බෙන් මුණ ගැහුණ මේ කෙනා දවසක් මට හදිසියේම කියනවා මට ආදරෙයි කියලා...මම සමච්චල් හිනාවකින් ඔහුට ප්‍රතිචාර යැවුවම වුණත් ඔහු එය වැඩිය ගානකට ගත්ත බවක් පේන්න තිබුණේ නෑ...ඔහු මට අහන්න සලස්සනවා සිංදු..ඒවා මම කලින් අහලා තිබුණ ඒවා වුණත්..මම එයාට හොරෙන් ඒ සිංදු රස විඳින කොට මට ඒ හැම සිංදුවකම ඔය මනුස්සයා පේන්න ගත්තා...නමුත් මම ඒ වගක් පෙන්නන්නේ නැතිව ඉන්න උත්සාහ කලා....
ඔහු..මට නිතරම කිව දෙයක් තිබ්බා
"ඔයා දවසක දුක් වෙයි දවසක හොඳ කෙනෙක් නැති කර ගත්තා කියලා"
මම තනියෙන් හැම තිස්සේම කල්පනා කලා මේ මනුස්සයා මොනාද කියන්නේ කියලා...ඒත් මම කිසිම හිත් උණු වීමකින් තොරව වචන පාවිච්චි කලාම ඔහුගේ හිත රිදුනම මම මහ කුරිරු සතුටක් ඇත්තටම ලැබුවා...මම එහෙම වුණේ කොහොමද කියන්වත් මම දන්නැ....දවසක් මගේ වචනයකින් හොඳටොම හිත රිදව ගත්ත ඔහු යන්නම යන වග මට පණිවිඩයකින් තියලා ගියා...
ඇත්ත...මම කලබල වුණා...ඒත් ඇයි...මට හිතා ගන්න බෑ...මම හිත ඇතුලෙන් ඔහුගේ සමාගම ප්‍රිය කලා..ඇත්තටම ඔහු හිතෛෂී පුද්ගලයෙක් ....මගේ එකදු කෙටි පණිවිඩයකටවත් උත්තර නොදුන් ඔහු අඩුම තරමේ මගේ ඇමතුම් වලටවත් උත්තර නොදි හිටියා...
මගේ හිතේ කොහේදො තැනක් රිදෙන්න ගත්තා...මට පාළුවක් දැණුනා ...මම සමාව ඉල්ලුවත් ඔහු නොසැලි හිටියා...මම පරාද වුණ හැඟිමකින් පෙලෙමින් හිටියා..ඔහු අහිමි වීමේ දුකක් මගේ හිතේ පැල පදියම් වෙලා...
අන්තිමට මම තීරණය කලා...මම ඔහුට ආදරය කරන බව කියන්න...ඇත්තටම මම කෙලින්ම නොවුණත් මම ඔහුට ප්‍රේම කරන බව දැන්නුවා..අවසානයේ ඔහු සියලු සිදුවීම් අතැරලා ආයිමත් මං ලඟ නතර වෙනවා...
මට ඔහුගේ තේරුම් ගන්න බැරි තැන් කීපයක් තිබ්බා..ඒ ඔහු පිස්සුවෙන් වගේ මට කරන ආදරය ගැන..."ඔය බොරුවක් වෙන්නැති" කියන මහ සහාසික හැඟිම මගේ හිතේ තිබ්බා...ඔහුව මට පලවෙනි වතාවට මුණ ගැහෙනකල්ම...
ඔහු ඇත්තටම මහ ගොඩක් ලස්සන අර කියන කඩවසම් කෙනෙක් නෙමේ....හැබැයි මම ඔහුව මගේ ඇස් වලට තදින් ග්‍රහණය කර ගත්තා...සාමාන්‍යයෙන් ගැහැණියෙක්ගේ හිත එවන් අය කෙරෙහි බැදෙනවා අඩු බව මම දන්නවා...නමුත් මගේ හිත ඔහු ලඟ නිසොල්මනේ නැවතුන බව හැබැවක්...මම ඔහු ලඟින් ඉඳ ගත්තම ඔහු මුලින්ම කීව වචන ටික
"ඔයා ඇත්තටම ලස්සනයි"
ඒ කිවේ මගේ රූපේ ගැන..ඒක මම දන්නවා...මහා ලොකු ලස්සනකට උරුම නැතත් ඔහු ඔහුගේ ඇස් දෙකෙන් මාව ලස්සනට දකින්න ඇති..මට ඔහුව පෙනුනා වගේ......ඒත් මම ආසා වුණේ මගේ හිතේ ලස්සන ඔහු දකිනවා නම්..
ඔහු මගේ දිහා බලන් ඉද්දි අපහසුතාවයට පත් වෙච්ච මම කිවෙම
"ඔහොම බලන්න එපා මගේ දිහා"
"ඇයි..මගේනේ"
මම හිනා වුණා..
"කොහෙද දැන් යන්නේ"
"පාර තියෙන්නේ ඔහේ යමු"
සැරින් සැරේ ඔහු මගේ දිහා බලන කොට මහ අමුත්තක් මට දැණුනා..නුපුරුදු ගතියක්..ඔහු විහිළු කරනවා හිනා වෙනවා ඉවරයක් නෑ...
මගේ අත අරගෙන පපුවට තියාගෙන තදින් හුස්ම ගන්න ගමන් හෙමින් හෙමින් කී පාරක් මගේ අත ඔහු සිප ගත්තද...මේ හැමදේම මට නුහුරුයි...මට ඔහුව වඩාත් ඉක්මනින් දැනුනේ ඒ කිසි දෙයක් නිසා නෙමේ...මගේ අත අරන් පපුවට අත් දෙකින්ම තද කරන්
"දැනෙනවද මගේ පපුව ගැහෙනවා" ඇහෙනවද"
ඔහු කියවනවා..මගේ දිහා බලන් නැතිව..
ඇත්තටම මට මහ දුකක් දැනුනා..
මං ගැන කිසි දෙයක් නොදැන මම ඔයාට ආදරේ නෑ කියන තැනට එන්න එපා...මම ඔහුට කිව්වා...
එක තැනක ඔහු කාර් එක නවත්තනවා..අපි කතා කරනවා..හිනා වෙනවා...
ඇත්තටම කැත මිනිස්සු ලෝකේ නැ..ඉන්නේ හිත් කැත මිනිස්සු ...මේ මනුස්සයා කොච්චර හොඳද....මම බලන් ඉඳලා කිව්වා..
"මෙහ් ඔයාගේ ඇහි බැමි ලස්සනයි ..හදලා වගේ"
එයා හිනා වෙවි කන්නාඩ්ය පහත් කරලා බලනවා..
"ඇස් දෙක නම් මහ මනමාල පාටයි"
එහෙම කීවම එයා මහ හයියෙන් හිනා වුණා...
අන්තිමට බලහත්කාර හාදු වැස්සකින් ඔහු මාව තෙමනවා......"මගේ විතරක් වෙයන්"
අන්තිමට ඔහු කියනවා
ජීවිතේ මොන විදිහට කෙලවර වුණත් ආදරෙන් ගෙවුන එක මොහොතක් වුණත ජීවිත වලට හිනාවක් ගේනවා...එහෙම කතා ඕන තරම් ලෝකේ තියෙනවා ..ගොඩක් කතා හැංගිලා තියෙන්නේ ....එහෙම තමා ලස්සනම...
ලොව නිසසල වි නවතින මොහොතේ
යටි හිත් මතු කොට සිනා සලා
ලොව දොඩමළු ව් නෙත් මානන කල
අපි දෙදෙනා ඉමු තරහා වෙලා..
එහෙම කිවේ ඒකයි.... .....
#ආදරණීිය_මල්❤❤
Friday, March 8, 2019
#නිදහස🐾️🐾️
මට ඕන නිදහසේ ඉන්න...ගොඩක්ම නිශ්ශබ්ද තැනක...මට විතරක්ම ඉන්න පුළුවන් තැනක..මට හැමදෙයක්ම අමතක වෙන තැනක....
හැමෝම නැති වෙච්ච දේවල් ගැන...නැති දේවල් ගැන හිත හිත දුක් වෙද්දි..මට ඕන මට ලැබුණ දේවල් ගැන හිතන්න...ඒ ගැන හිතලා හිත පුරව ගන්න...හොඳ හුස්මක් ගන්න...
🐾️🐾️🐾️🐾️🐾️🐾️
එදා ඉඳලා අද වෙනකල්ම ජීවිතේ හිමි වීම් වලට වඩා වැඩියෙන් තියෙන්නේ අහිමි වීම්...සමහර වෙලාවට ජීවිතේ තියෙන්නේ අහිමි දේවල් වල්...සමහරදාකට තනියෙන් හිත හිතා අඬපු දවස් තිබ්බා...මට ඕන වුණේ කාගෙත් අවධානය මගේ පැත්තට හරව ගන්න...එහෙම බැරි වුණාම එහෙම නැති වුණාම මම දන්නෙත් නෑ ඇස් වලට කඳුළු එනවා...ඒ ගැන වැඩි පුරම දන්නේ මගේ කොට්ටේ...රැයවල් එළි වෙනකල් මගේ කඳුළු වලට හේතු අහලා උත්තර දෙන්න හැදුවේ මගේ කොට්ටේ ..
🐾️🐾️🐾️🐾️
මම වැඩියෙන් ආදරේ කරපු අය ජීවිතෙන් පලා යද්දි මම මානසිකව වැටෙද්දි මම කලේ යන්තම් කළුවර වැටිගෙන එද්දි එළියට ඇවිත් පඩි පෙලේ ඉඳන් ඉන්න එක...හීතලම හීතල පරිසරයත් එක හිත බැඳෙන කොට පින්න වැටි ගෙන එන කොට තණ කොල වලින් එන සුවඳට සනීපෙට මම ආස කලා...සෙරප්පු දෙක ගලවලා තියලා ඒ හීතලේම මම හෙමින් ඇවිදිනවා....චුට්ටක් නැවතිලා අහස දිහා බලන් ඉද්දි තැනින් තැන තනි වෙච්ච තරු ඕන තරම් තියෙනවා...ඒ අතරින් මම මාව හොයන්නත් පුරදු වුණා...හඳ තියෙන හවස් යාම වල මම වැඩි පුර එළියට වෙලා හිටියා...සමහර දාක නිදා ගනිද්දි මම ජනෙල් රෙදි මෙහාට කරලා හඳ දිහා බලන් ඉන්නවා...ලා නිල් පාටින් හඳ එළිය ජනේලෙන් කාමරේ පිරෙද්දි මං අාසයි..නින්ද යනකල් සිංදුවක් අහන්න පුරුදු වුනේ එහෙම...අදටත් මම ආසා එහෙම..
පොත් කියවන එක..පුංච් පුංච් කොල කෑලි වල කුරුටු ගාන්නත් පුරුදු වුණා...ඒවා අනික් පැත්තට විසි කලේ කවුරුත් දකි කියලා බයට
🐾️🐾️🐾️
🐾️🐾️🐾️🐾️
මම මට නැති වෙන දේවල් වලින් හිත හදා ගන්න පුරුදු වුණේ එහෙම...ඒ දේවල් ගැන දුක් වෙවි හිටිය කාලේ අපරාදේ කියලා හිතෙන තරමටම මම ඒ දේවල්👆👆👆 වලට ඇබ්බැහි වුණා...අදටත් මම ආසා නිහඬ ..නිසසල හුදෙකලා බවට...
🐾️🐾️🐾️🐾️
කොච්චර සෙනඟ මැදක වුණත්...බස් එකක වුණත්....කොතැනක් වුණත් මට ඕන විදිහට මට හුදෙකලා වෙන්න පුළුවන් හිතින් ...ගොඩක් මිනිස්සු කලකිරෙද්දි ..දුක් වෙද්දි මට හිත හදාගෙන පැත්තකට වෙලා ඉන්න පුළුවන් ...හැම දෙයක් දිහාම නිහඬ වෙලා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න පුළුවන් තැනට මම මගේ හිත අරන් ඇවිත්...හබා යන මිනිස්සු අතරේ සංසුන්ව මට ඉන්න පුළුවන් ...
🐾️🐾️🐾️🐾️
මට ජීවිතේ මුණ ගැහුණේ එහෙම....මම ඒ දෙවල් තනියෙන්ම හොයා ගත්ත දේවල්...මට කිසි කෙනෙක්ට වෛර කරන්න බැරිත් මම ඒ දේවල් වලින් හිත හදා ගත්ත තරමටමයි..."ඇයි ඔහොම ඉවසන් ඉන්නෙ"කෙනෙක් අහන කොටවත් මට දෙන්න උත්තර නෑ..මම හිනා වෙනවා විතරයි...😊😊😊😊
#ආදරණීය_මල්❣️❣️

මට නිතර මඟෑරෙන ඔබ
මං ආදරේ යැයි නිතර නිතර
මගේ හිත ගතු කියන
අාදරේ යැයි කියන මුත්
ඔබ මඟ හැර ගියද
ආදරේ බිඳකුදු අඩු නොවන බැව්
සපත කිරිම තරම් නොවන නිසා
ඔබ මඟ හැරි යනු බලා හිඳිමි
දුහුවිලි දුමාරයෙන් පිරුණ
දහඩියෙන් පිරුණ
මිනිස් ඔළු ගෙඩි අතර
ඔබ හිඳිදැයි විපරම් කිරිමත්
අණුවන බැව් දැනෙන මුත්
මා ඔබවම සොයමි
දුක් නොවි හිඳින්නැයි
අණ කරන අය'තර
මගේ හිත නොතේරෙන අය'තර
අසරණ වෙන බවම දැන දැන
හිඳිමි...වැලපෙමි
"ආදරේ" යැයි යළිත් වරකුදු
පැවසීමට නොඉවසිලිවන්ත වෙමි
සමා වෙන්නැයි නොයැදිමි
ආදරේ යැයි පවසමි
හිතම සුවපත් කර ගමි..
#ආදරණීය_මල්❣️❣️
මං ආදරේ යැයි නිතර නිතර
මගේ හිත ගතු කියන
අාදරේ යැයි කියන මුත්
ඔබ මඟ හැර ගියද
ආදරේ බිඳකුදු අඩු නොවන බැව්
සපත කිරිම තරම් නොවන නිසා
ඔබ මඟ හැරි යනු බලා හිඳිමි
දුහුවිලි දුමාරයෙන් පිරුණ
දහඩියෙන් පිරුණ
මිනිස් ඔළු ගෙඩි අතර
ඔබ හිඳිදැයි විපරම් කිරිමත්
අණුවන බැව් දැනෙන මුත්
මා ඔබවම සොයමි
දුක් නොවි හිඳින්නැයි
අණ කරන අය'තර
මගේ හිත නොතේරෙන අය'තර
අසරණ වෙන බවම දැන දැන
හිඳිමි...වැලපෙමි
"ආදරේ" යැයි යළිත් වරකුදු
පැවසීමට නොඉවසිලිවන්ත වෙමි
සමා වෙන්නැයි නොයැදිමි
ආදරේ යැයි පවසමි
හිතම සුවපත් කර ගමි..
#ආදරණීය_මල්❣️❣️
Thursday, March 7, 2019
Wednesday, December 19, 2018
#සේපාලිකා
අපේ ජීවිත වලට ලැබෙන නොලැබෙන දේවල් හරි වෙනස්...සමහර දේවල් අපිට සතුටු වෙන්න පුළුවන් දේවල් ...සමහර නොලැබෙන දේවල් හරි කටුකයි..සමහර දේවල් අපි ආදරේම කරන දේවල්..ඒත් ඒ දේවල් අපිට නැති වෙනවා ඒකත් අපි නොහිත වෙලාවක....ඒත් ඒ වෙනුවට දේවල් අපිට ආපිට ලැබෙනවා ....අපි කැමති වුනත් නැතත් අපි ඒවා බාර ගන්න ඕන.....ඒකයි දෛවය....මේකත් එහෙම කතාවක්..
========================
===================
සේපාලිකා කියන්නේ මම ආසම මලක්..රෑට පිපිලා පාන්දර වෙද්දි බිමට වැටෙනවා...ඊට පස්සේ පරිස්සමින් ඇහිද ගෙන සුවඳවත් රැවින් සපිරි සේපාලිකා මල් බුදුන්ට පූජා කරනවා....සමහර වෙලාවට සමහර අය සේපාලිකා මලට විවිධ අර්ථ කථන දේවි...ඒ තමුන්ට දැනෙන විදිහට...මම ආසයි පාරිශුද්ධ කියන නම දෙන්න සේපාලිකා මලට...
මම අැයට දෙන නමත් #සේපාලිකා....ඒක එයාට ගැලපෙනම නම..මට එයාව මුණ ගැහෙන්නේ බස් එකෙදි....සේපාලිකා බස් එකට නැග්ගේ මාස පහක විතර මලක් වගේ ලස්සන දූ පැටියෙක් වඩා ගෙන..එයා මගේ ලඟින් ඉඳ ගත්තේ ලස්සනට හිනා වෙලා..
එයා හරි පරිස්සමට දූ පැටියාව තුරුල් කරන්...අම්මලා එහෙමනේ ඉතිං....මම හිනා වෙලා එයා දිහා බැලුවා එයත් පිලිතුරු හිනාවක් දුන්නා...
"දුව ඔයා වගේ"
එයා අහිංසක විදිහට හිනා වුණා...
"ගොඩක් අය එහෙම කියනවා....ඇත්ත වෙන්න අැති"
එ් මූණ පුරාම මට පෙනුනේ අහිංසකමක් විතරමයි...කම්මැලි හංදා මට චුට්ටක් එයාට කතා කරන්න හිතුනා...
"දූත් එක්ක කොහෙද ගියේ"
එහෙම ඇහුවම එක පාරට එයා මගේ දිහා දිහා බලපු විදිහට මම බය වුණා මට බනි කියලා..
"අනේ සමාවෙන්න...මම මට අදාල නැති ප්‍රශ්නයක් ඇහුවේ"
"අනෙ නැහැ...මම අපෙ අම්මාලාගේ දිහා ගියා"
"අහ්..තනියම"
"ඔව් එයා වැඩට ගියා උදේ මාව අම්මලාගේ ගෙදරින් දාලා"
"එයා එන වෙලාව අල්ලලා මම මේ යනව"
"අනේ...ෂෝක්..මමත් දුව ගන්න ක්ලාස් එකට යන ගමන්" ..මොකද්ද චූටි දුවගේ නම...
"මන්දාකිණි"
"ලස්සන නමක්...මන්දාකිණි"
"එයත් අහස වගේ..ලස්සනයි"
"මෙයා ඉතිං මගේ පන"
එහෙම කියලා සේපාලිකාව චූටියාව ඉඹිනවා....පරිස්සමට ..
"අම්මලාට ඉතිං දරුවෝ මුළු ලෝකෙමනේ"
"ලැබුණ දවසේ ඉඳලා..මටත් එහෙමයි"
එහෙම කීවම එයා හෙමින් බිම බලා ගත්තා...
"මට හතර පාරක් දරුවෝ ලැබෙන්න ගිහින් නැති වුණා....අන්තිම පාර දොස්තරලා කීවා ආයිත් මට බෑ කියලා දරුවෙක් හදන්න...හැම තැනම ගියා අපි..හරි ගියේ නැ....මම නින්දා අපහාස ගොඩක් වින්ඳා"
ඇස් වල කඳුළු පුරවගෙන එහෙම කියද්දි හරි අමාරුයි දරා ගන්න...
"එතකොට මෙයා"
එයා චූටි පැටියා දිහා බලලා දිගම දිග හුස්මක් ගත්තා..
"මෙයාව හදා ගන්න ගත්තා...දුප්පත් අම්මා කෙනෙක්ගෙන්"
මම ටිකක් වෙලා ඔහේ බලන් හිටියා..
"නීත්‍යානුකූලවද"
"ඔව් කීව විදිහට හැමදේම කලා"
"ඔයාට අමුත්තක් නැද්ද..?මෙයා ඔයාගේ නෙමේ කියලා"
"අනේ මට කිරි එරුනේ නැති එක විතරයි....මේ මට අහිමි වුණ එක දරුවෙක් වෙන්න ඇති ...ආපහු මා ලඟටම ආවේ.....මෙයා ලොකු වුණාම වෙනස් වෙයිද....අපිව නොසලකා හරිද කියලා මට හිතෙන් නෑ...මම මටවත් ඉතිරි කර ගන්නේ නැතිව මෙයාට සේරම ආදරේ දෙනවා..අපිට ජීවිතේ දුන්නේ මෙයා..අපේ හැමදේම මෙයා"
ආදරේ ඇස් දෙකේ පුරෝගෙන එයා කියවනවා...ඇත්තටම ගැහැණියක් කියන්නේ පුදුම නිර්මාණයක් ......හිතා ගන්නවත් බැරි තරම්...තමුන්ගේ කුසින් බිහි නොකලාට අඩුවක් නැතිව හදා ගන්න දරුවාට දෙන ආදරේ ....එහෙම කරන්න පුළුවන්ද හිතෙන තරමට පුදුම ආදරයක්..
මට "නෙල්සන් වාස්ගේ" සිංදුවක් මතක් වුණා..
වදනා අම්මලාද
හදනා අම්මලාද
පැහැදුවේ අම්මා අරුතේ.....
ඒත් මම පුදුම වෙන් නැ..කීප දෙනෙක් ඇරුණාම ලංකාවේ ගැහැණු හරිම මානුෂියයි ...
මට කියන්න ඉතිරි වුණේ..
"අනේ ඔයා හරිම හොඳයි"
කියලා විතරමයි...මට ඇඬුණා...
===========================
==================
ඊට අවුරුදු එකහමාරකට විතර පස්සේ මම බස් එකට නැගලා ඉඳ ගන්න යද්දි මම දැක්කා හුරු පුරුදු මූණක්...හඳක් වගේ ලස්සන චුටි දුවෙක් එක්ක....අනේ මට මතක් වුණා..එයත් මා දිහා බලන් හිටියා...අපි එකටම හිනා වුණා...
"මතකද මාව..අනේ මැණික දැන් ටිකක් ලොකුයි"
"ඔව්..මගේ පන මේ"..
"දන්නවද වැඩක්...මම අායෙත් අම්මා කෙනෙක් වෙන්න යනවා..දැන් මාස හතරක්...මෙයා තමා ඒ වාසනාව ගෙනාවේ...කවුරු ආවත් මගේ මැණිකගේ වටිනානම එහෙමමයි..මගේ ලොකු දුව"
එදා වගේම ආයෙමත් මට ඇඬෙනවා....සතුටට...සතුටට වැඩිකමට..
ඇත්තමයි ඇය සේපාලිකා මලක්මැයි.... පුංචි දූ පැටියා අහසක්මැයි...සුන්දරයි....❣️❣️
ප.ලි..ගැහැණියක් කියන්නෙම දරාගෙන දරා ගැනිමක්මයි....හරියටම අහසයි පොලවයි වගේම...මම ලංකාවේ ගැහැණුන්ට ආදරේම ඒකයි....ඒ වගේ අය ලොවෙත් නෑ...

Saturday, December 8, 2018
අපි දෙන්නා..
ඔබට ඇහෙනවද මගේ හදවත ගැහෙන හඬ. .
ඒ හදවත ගැහෙන්නෙම ඔබේ නමටයි
ඔව් මේ දෝංකාර දෙන්නේ ඒ හදවතේ හඬමයි
සොඳුරිය ඔබ මගේමැයි
පායා එන්න සොඳුරිය මගේ හිත් අහසට...
===============
හමන හැම සුලඟකම පාවි එන්නේ හිතවත ඔබේ හුස්මක සුවඳමයි
අපි අපේම වග අපිට දැනෙන හොරවන්
මේ ගෙවි යන්නේ
=============
අද විතරක් නෙමේ පෙර ආත්ම වලත්
ඔබ මගේම වෙලා ඉන්න ඇති
මේ අහස..මේ පොළව සාක්කි කියාවි
මේ ගහ කොල පවා
සොඳුරිය මේ අහන්න
ජීවිතේ තියෙන තුරාවට මගෙන් නොමිදුන මැනවි
සැනින් මේ හුස්ම නවතිවි
මේ නිල් අහසේ තරුවක් තරුවක් ගානේ
ලියා තියමු අපේ කතාව
ඔබ මගේමයි..
==================
හදවත කැටපත් පවුරක් නම් මා එහි ලියා තබමි
ඔබේ නම කිසි දිනෙක නොමැකෙන ඇති
මම ඔබේ විතරමයි හිතවත..දිවුරමි
ඔබ හමු වුණ දා සිටම
මගේ නින්ද අහිමි වූ බව දනිමි
ඇහි පියන් යට ඔබ සැරි සරන බැව් දනිමි
ඔබේ උණුසුම් පපුව මත හිස තියා නිවෙමි
ලොව් තුරා නිවන එහි ඇති බැව් හඟිමි
ඔබේ තුරුලේම මිය යන්න
ඉඩ දෙනු මැනවි හිතවත
කිසිදාක හැර නොයන්න
මගේ හැම හුස්මකම ඔබව රඳවමි
ලෝකය කොයි හැටි නපුරු වුණත්
මගේ හිමිකම් ඔබටමයි හිතවත
======================
සොඳුරිය ඔබේ දෙඇස් ලඟ නිවෙමි සැනසෙමි
ඔබේ ආදරණීය බැල්මෙන් මා සනසන්න
================
මලක් වි ඔබේ දෙනෙත් ලඟ නවතිමි
කිසි දිනෙක පරවි නොයමි
දිවි ඇති තුරාවට සැනසීම ඔබම පමණකි..
#ආදරණීය_මල්
ප.ලි...මේ සිංදුව ඇහෙන කොට මට මේ වගේමයි හිතෙන්නේ.....සිංදුවේ අර්ථය අහලකවක් නැත...
Friday, December 7, 2018
සමහර පුරුදු තියෙනවා මොනවා කරලත් නැති කර ගන්න බැරි....සමහර පුරුදු නැති කර ගත්තත් සමහර පුරුදු නම් නැති කර ගන්න තියා හිතන්නවත් බැ...ඒවා පුදුම ඇබ්බැහියක් ....හැබැයි එ්කෙන් කාටවත් කරදරයක් වෙන් නැත්නම් ප්‍රශ්ණෙකුත් නෑනේ....
රෑ කීයට නිදා ගන්න ගියත් කවි පොතයි පෑනයි අනිවාර්යයෙන්ම ඉහ ඉද්දර තියෙන්න ඕන...ඒක නැති වුණාම දැනෙන්නේ මහ මූසල හැඟිමක්....ඉස්සරම මේ කවි පොත හංදා හිත රිදුන අවස්ථාත් අඬපු අවස්ථාත් එමටයි...කොට්ටේ අස්සේ පොත හංගන් ඉඳිම මහත් අපරාදයක් සේ හිතා මං නැති වෙලාවක පොත් බිමට විසි කර තිබිමත් ජීවිතේ නැති කර ගැනීමට එයම තරම් කාරණාවක් බව මට දැණුන අවස්ථා වල ජංගය නිහඬ කොට මැරෙනවාමැයි හිතා එළියට බැස්ස අවස්ථා ද නැතිවම නෙමේ...ඊට පස්සේ තහනම් නියෝග සියල්ල බල්ලට දාලා "කැමති විදිහට ඉඳපම්" යැයි කියා මට පාඩුවේ හිඳින්නට අවසර දුන්නාය...
ඒක එහෙම වෙද්දි එදා ඉඳලාම තියෙන සිංදු පිස්සුව...ඉස්සර කොළඹ ඉඳලා වැඩ ඇරිලා සිකුරාදා හවස ගෙදර ගියහම රෑට නිදා ගන්න යද්දි කැසට් යන්ත්‍රය කාමරේට අරන් යනවා...ඊට පස්සේ නින්ද යනකල් සිංදු අහන්නවා....මහ රෑ..කළුවරේ ජනෙල් කර්ට්න් එක මෙහාට කරලා අහස දිහා බලන් ඉන්න පුදුම ආසයි..තරු දිහා බලන් ඉන්න ආසයි..අර සිංදු ටික හෙමිහිට ඇහෙද්දිම.....හැම තිස්සෙම ලව් සිංදු අහනවා කියලා අප්පච්චි හින්ට් ගැහුවට මම නොසැලි හිටියේ අප්පච්චි මාව හොඳට අඳුනන හංදා....අප්පච්චිත් ඉස්සර සිංදු වලට ආසයිනේ..මට මතකයි...
දුක හිතුනාම...සතුටක් දැණුනාම....නිදහසේ ඉන්න වෙලාවට..උයද්දි සිංදු අහන්න ඕන....උයද්දි සිංදු අහන එක වෙනම සතුටක්...වැඩ කරන ගමන්..ආස සිංදුවක් නම් මතක තියාගෙන ඉඳලා පස්සේ සිංදු ගොඩට දා ගන්නවා ඒකත්..
නිදිය ගන්න ගියාම තමා සිංදු අහන්න ආසම..earphones දාන් ආසම සිංදුවක් අහන්න තියේ නම් 💗💗💗ඊටත් වඩා ආසම කරන ආදරේම කරන කට හඬකින් ලඟම ඉන්නවා වගේ හිතෙන හැඟිමෙන් අහන්න තියෙනවා නම් ඒකත් වෙනමම හැඟිමක්....ඒ හැඟිමට වෙන් කරන්න වචන නෑ...ආදරේම මිස..
#ආදරණීය_මල්
Saturday, November 10, 2018
සමහර වෙලාවට ලාම ලා අඳුරක ඉන්න මම ආසයි...තනියම..ඔහේ සිතිවිලි වලට යන්න අරින්න ඕනම තැනකට සීමා මායිම් නැතිව..ඉමක් කොනක් නැතිව සිතිවිලි විසුරවන්න ආසයි...ඒක හුදෙකලාවක්....හීතලම දැනෙන වැස්ස වෙලාවක එහෙම ඉන්න එක හරිම නිදහස් හැඟිමක්...
මං වැඩියෙන්ම ආස තැනකට ආදරේම කරන තැනකට මගේ හිත හෙමින් ගිහින් තියන්න...වරුවක් වුණත් ඒ හැඟිම් එක්ක ඉන්න...හිතට හරි නිදහසක් දැනෙනවා.....
අර ඉහලම නිල් අහසේ රවුමක් ගිහින් එන්න...කුරුල්ලෙක් වගේ...ආස නැද්ද එහෙම...???
ඒ මොහොත විඳින්න ඕන....හිත හීතලම වෙන හැඟිම් විඳ ගන්න....හිතින් දොඩමලු වෙන්න....ටක්..ටක් හඬින් වැටෙන වැස්සේ සද්දේ විතරක්ම අහන් ඉන්න...මට මේ ලෝකේ වැඩියෙන්ම පහසු උර හිසට හිතින් හේත්තු වෙලා ඉන්න....උණුසුම් කෝපි කෝප්පයක් තිබුණා නම් ඒ සිතිවිලි තවත් නැවුම් වෙනවා....ඇස් දෙක පියාගෙන ඒ දුර ගමන යන්න පුළුවන් .....නිදහසේ..සැහැල්ලුවෙන් ...

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
අහුඹුම තැනකදි මුණ ගැහිලා අන්තීමට මෙන්න මෙහෙම අහන්න වෙයි කියලා හිතුනා නම් මම කවදාවත් ඔයා ලඟ නතර වෙන් නැ....නමක් නැති හිත් වල විතරක්ම තියෙන ආදරේ හරි සුන්දර වුණාට ඒක හරි පස්සේ කාලෙක වෙන් වෙලා යන්න වුණාම දරන්න බැරි තරම් දුකක්.....
"දෙතොල් සලා මුදු සිනහ නගනවා
දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නේ
හදවත් ගැහෙනා රිද්මය අතරේ
හිතින් ගතින් එක් තැන් වී ඉන්නෙම්"
ජීවිතේ එක කඩ ඉමකදි මට ඔයාව අහම්බෙන් මුණ ගැහෙද්දි මම හිතන්නේ මම පුදුම විදිහට සතුටු වුණා....ඒත් පුංචි බයක් හිතේ හංගන් හිටියා..මොකද පුංචිම දේවල් වලින් ගොඩක් ස හිත රිදව ගත්තට පස්සේ හදා ගන්න අමාරු හංදා....කිසිම කොන්දේසියක් නැතිව අපේ කතන්දරේ ලිය වෙද්ද....මම එක දෙයක් දන්නවා මගේ හිත නිවෙන තැනක් ඇත්නම් ඒ ඔයා ලඟම තමා කියලා...ඔයාගේ ඇස් දෙක ලඟ කියලා.....පුංචි පුංචි දේවල් වලින් හිත රිදුනත් ඒ රිදෙන්නම රිදෙන්න ඕන තැන් කියලා හිත හදා ගෙන මට ඔයා දීපු ආදරේ එක්ක ජීවත් වෙන්නත් පුළුවන් .....
"ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
ඔබ හද මා හද රිදවන මොහොතේ
ජීවිතයට හිමි පැරදුම හමුවේ
නොදොඩා ගොළු වී බලා සිටින්නෙමු"
හමු වීමක් නම් වෙන් වීම ඉබේ ලියවෙන තැනක අපේ හිත් අනන්ත රිදවෙන්න පුළුවන් ...ඒවා දරා ගන්නත් අපිට හයිය තියෙන්න ඕන....ජයත් පැරදුමත් සම සිතින් දරා ගෙන..ඒත් කිසිම පසු තැවීමක් හිත් වල තියා ගන්න හොඳ නෑ...අපේ හිත් වල ආදරයක් කියලා එකක් තිබුණා නම් ඉවසා දරාගෙන වෙන් වෙන තැනදි ඒත් මට අඬන්න එපා කියලා නම් කියන්න එපා..එකමෙක ඉසිඹුවක් මට ඉඩක් හදන්න ඔය උරහිසේ ඉස්සර වගේම ගිමන් හරින්න....
#ආදරණීය_මල්
Sunday, June 24, 2018
ගමන් මඟක් තිබුණා ද...?
හිතා මතා නොවුණත් අපි මුණ ගැහිලා....ඒක සතුටක් කියලා අපි දෙන්නම දන්නවා...ඒත් ආපු දුරත් එක්ක විඩාවක් දැනෙනවා.....සමු ගන්න බැරි බැඳිම් ලඟ හිත නතර වෙන එක දුකක්ද කියලා මට තාමත් හරි හැටි අවබෝධයක් නැ..ඒ තාම අපි අපිට ඉන්න නිසා....ලඟක නැතත් මගේ හිත පුරවාවට ඔයා ඉන්නවා....
ගමන් මඟක් තිබුණා ද මේ ප්‍රේම චාරිකාවේ
ගිමන් හලක් හමු විද මේ ප්‍රේම චාරිකාවේ ...
ජීවිතේ කිසිම දෙයක් ස්තීරවම අපි ලඟ රැදෙන් නැ කියලා මම දන්නවා..ඉර හඳ දිවුරලා දෙන පොරොන්දු ලඟ සමහර වෙලාවට අපි අසරණ වෙනවා...නොයෙකුත් නොගැලපීම් එක්ක සමහර බැඳීම් වලින් අපිට සමු ගන්න සිද්ධ වෙනවා...කොයි තරම් ආදරෙන් උන්නත්....ඒත් ආදරේ කියන්නේ හිමි වීමම නෙමේ.....අාදරය කියන්නේ කැප කිරිමක්...කොටින්ම නිදහස් කිරිමක්....දුකින් වුණත් එකමෙක ප්‍රශ්ණ කිරිමක්වත් නැතිව යන්න දෙන්නත් පුළුවන් වෙන්න ඕන....ඒකට මම අමාරුවෙන් වුණත් හිත හදාගෙන ඉන්න බව ඔයා දන්නවා...
නෙතින් ගැලු කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ....
යන්නේ කොහෙද නැවතුමක් කොහෙද කියලා හරියටම දන් නැතිව බලන්න අපි ඇවිත් තියෙන දුරක තරම....මුලා වුණා කියලා හිතන්න ලෝබකමක් තියෙනවා.....කිසිම පොරොන්දුවක්...සපත කිරිමක්..සැකයක් නැතිව මේ තරම් දුරක් ආව අපි දෙන්නා කොයි තරම් නම් ආදරේද කියලා තේරෙන්න ගත්තේ වෙන් වෙන්න ඕනයි කියලා ඉඟි ලැබෙන කොටද...එකට එකතු හිනා වෙලා පිස්සුවෙන් වගේ හිටපු ඒ දවස් අමතක කරන්න තරම් අකාරුණික වෙලා නෑ අපි දෙන්නම...
ගමන් මඟක් විසා බලන්නට
කෙනෙක් නොමැත නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලා වුණි
ඉමක් කොනක් නැති මාවතේ
විරහා පෙම් මාවතේ....
අපි කිසිම කෙනෙක්ගෙන් පාර ඇහුවේ නෑ තමා..අපි දෙන්නා ඔහේ ඇවිදගෙන ගියා...ඉමක් කොනක් පේන් නැති පාළු මාවත් වල....ආපහු හැරෙන්න ඕන කමක් නැති වුණත් එක තැනකදි අපි දෙන්නටම නතර වෙන්න වෙන බව අපි දැනන් හිටියා...අපි කාටවත් දොස් නොකියා බලන් හිටියා..ඒ සමු ගන්න ලෝබකමට....ඒත් මේක තමයි වෙලාව..මේක තමයි තැන දොසක් නොපරවා සමු ගන්න....හැම දුකක්ම හිතේ තද කරන්...එක දෙයක්...සමු අරන් යද්දි මම ආපහු හැරිලා බලන් නැ.....මම දන්නවා මට යන්න බැරි වෙයි ඔයාව දාලා.....
හැමදාම ඔයා ඉඳිිවි මගේ හිතේ හොඳම තැන පරිස්සමට ....
ආදරණීය මල් ......

Monday, June 18, 2018
බස් කතා බස්
චූටිව පංති දාලා ලංගමේකට නැග්ගා...ඉන්න බෑ නිදිමත...ඇස් පියා ගත්තොත් ඉවර නිසා යාන්තමට ඔළුව චුට්ටක් තියා ගත්තා ජනේලට....දන්නෙම නැතිව ඇස් පිය වෙද්දි
සද්දයක් ආව නිසා මමත් ඉතිං ඔළුව ගසලා ඒම වට පිට බැලුවා...මේක හිස්ම හිස් බස් එකක්..පිනුම් ගහන්න වුණත් අවුලක් නැ...
මට ඉස්සරහින් සීට් එකේ ඉන්න වයස අම්මා කෙනෙක් එහා පැත්තේ සීට් එකේ ගෑණු කෙනාට සද්දෙට බනිනවා...
බැලින්නම් අර ගෑණු කෙනාට අර අම්මාගේ කකුළ පෑගිලා....බුදාම්මෝ සොරි කියන්න කියන්න බනිනවා....පස්සේ අර ගෑණු කෙනාත් බනිනවා..දෙන්නම බැන ගන්නවා...
කොන්දොස්තර උන්නැහේ අර ගෑණු කෙනාට කිවා කීවා මොකුත් නොකියා ඉන්න කියලා..
අර අම්මා බනිනවා ඉවරයක් නැ...අර ගෑණු කෙනා කියනවා..
"සල්ලි ඕනද බෙහෙත් දා ගන්න"
"අනේ උඹේ සල්ලි"
😱😱😱
"එහෙනම් යමු බෙහෙත් දාන්න"
අනේ මගේ කට..මම කියන් නෑ උඹට"
සිද්ධිය දුර යන නිසා මමත් අතින් සන් කරලා කිවා අර ගෑණු කෙනාට කට පියන් ඉන්න කියලා...
හප්පේ අර අම්මා බනිනවා...ටිකකින් විනෝද වටය වගේ ...සේරම හිනා වෙනවා අර අම්මාගේ කතා වලට...
මම බහින්න ලඟ නිසා ටිකක් එහාට ගියා..ආයි බනිනවා අර මනුස්සයාට..මම අහක බලන් හිනා වුණේ මගේ දත් ටික බඩට යවයි කියන බයටමයි...
"හහ් මෙිකි වැරැද්ද කරලා තව කට ගහනවා...අම්මේ මගේ කකුල...උඹ සමාවෙන්න කිවේ නැ..ඔව් කිවේ නැ සමාවෙන්න කියලා.."
මලාහ්....ඇයි අර සමා වෙන්න කිවේ...
මම බස් එකෙන් බැහැලා දස අතේ කල්පනා කලා..ඇයි අර ගෑණු කෙනා කිවේ දහ පාරක් විතර...සොරි කියලා...
සන්තෝ...පස්සේ මතක් වුණේ ටක්කෙටම අර අම්මට තෙරුන්නැ "සොරි" කියපු එක..එහෙමයි කියලා බස් එකේ ඉංග්‍රීසි පංති දාලා ගුටි කන්න යැ...😬😬
මම ආවා එන්න...
මීට පස්සේ කාගේ කකුළක් ඒම පෑගුනාට මම නම් "සොරි" කියන්නැ...."සමාවෙන්න" හොඳා..අර ආකාර බැනුම් වලට වඩා....
හප්පේ වයසට ගියාම යන තරහා 😱😱😱
ඇත්ත කතා ඇ....
මල්....
Thursday, June 7, 2018
නමක් නැති කතාවක්....
අම්මාගේ මල ගෙදර එන අය හිතනවා ඇති මං හරිම හිතක් පපුවක් නැති එකියක් කියලා....ඒ මගේ ඇහින් කඳුළක් වැටෙනවා තියා එක ඉකියක්වත් වැටෙන් නැති හංදා..
දොරකඩ හිටගෙන කාගෙවත් මූණක් බලන්නේවත් නැතිව ඉද්දි..
"මේකි නම් අමරාගේ කුසින් ඉපිදුන එකියක් වෙන්න බෑ"
හෙමින් කීවත් උන් දන් නැ මට ඒවා ඇහෙනවා කියලා...ඕන එකක් කියන්න ඇරලා මම නෑහුණා වගේ ඉන්නවා...
අම්මාව තනියෙන් සොහොනේ තියලා ගෙදර එද්දි මම දරාගෙන හිටියේ පුදුම අමාරුවකින්...පුංචි හීතලකවත් දරා ගන්න බැරි මගේ අම්මා...අර පොලවෙ යටම පස් වල හීතල කොහොම දරා ගනිද කියලා හිතද්දි මටත් පනින්න හිතුනේම ඒ වලටම අම්මාට තුරුල් වෙලා නිදා ගන්න..
**********************************
අම්මාගේ දිලිසෙන නිල් පාට ඇස් දෙක මට තිස්සෙම මතක් වෙනවා...අම්මා හරි ලස්සනයි ...ඒ ලස්සනවත් ..ඒ පාටවත් මට කොහොමත්ම තිබ්බේ නැ...
උප්පැන්නේ තාත්තාගේ නම තිබ්බේ නැති වුණාට මම කවදාවත් අම්මාගෙන් ඇහුවේ නැ මගේ තාත්තා කෝ කව්ද කියලා
එහෙම අහලා මං නිසා මේ සා විශාල දුක් කන්දක් විඳින අම්මාගේ හිත පාරන්න ඕන වුනෙත් නැ මට තාත්තා කව්ද කියලා දැන ගන්න උවමනාව මගේ හිතේ තිබ්බට...
අම්මා ලඟින් අවේ හරිම අමුතු සුවඳක්...මම හිතන්නේ මම හුස්ම ගත්තේ ඒ සුවඳින්මයි...උදේ පාන්දර නැගිටලා තියෙන දෙයක් තම්බලා තියලා මම නිදන් හිටියොත් මගේ නලල ඉඹලා අම්මා යනවා....ඒ යන්නේ රබර් වත්තේ කිරි කපන්න...
ඉස්කෝලේ ඇරිලා මමත් යනවා ඔට්ටුපාල එකතු කරන්න...මමත් පුරුදු වුණා කිරි කපන්න....අම්මා ඒවා කියලා දුන්නේ මට බැන බැන..
" මේවා උඔට බෑ බං කෙල්ලේ....උඹේ අත මේවට හුරු නෑ...අනික උඹ මේ රස්සාව කරන්න ඕන නැ...උඹ හොඳට ඉගෙන ගනින්"
පුළුවන් වුණ හැම දවසකම මම ගියා අම්මා එක්ක කිරි කපන්න...එකක් මට අම්මා නැතිව ඉන්න බැ...අනික මට අම්මාගේ සුවඳ විඳින්න ඕන...අම්මාගේ පපුවෙන් ආවේ අමුතු සුවඳක්...දාඩිය ගඳක් මට කවදාවත් දැණුනෙ නෑ....
"අහකට පලයන් බං කෙල්ලේ දාඩිය වැක් කෙරෙනවා"..ගඳයි"
"මයේ අම්මා මට සුවඳයි"
එහෙම කීවම අම්මාගේ ඇස් වල කඳුළු පිරෙනවා...
*******************
අම්මා නැතිව මම ගෙදර ඉන්න පලවෙනි දවස මේක....මට ඕන කෑ ගහලා අඬන්න...එළියට ආවේ නැති කඳුළු වල ඉකි වල කොයි තරම් ආදරේ තියෙනවද...ඒක කාටවත් පේන්නේවත් ..දැනෙන්නේවත් නැ...
"අම්මේ"
මට කෑ ගැස්සුනේ ඉබේටම වෙන්න ඇති....මල ගෙදරට ඇවිත් හිටපු අයගෙන් කීපදෙනෙක් ඉතිරි වුණා මල බත කන්න...ඒ කෑ ගැහිල්ලට කවුරුත් කන එක නතර කලා.....
කවුද ගෑණු කෙනෙක් මගේ ලඟට ඇවිත් ඔළුව අත ගානවා වගේ දැණුනා..
"මට ඕන වුණේ ඉගෙන ගෙන රස්සාවක් කරලා අම්මාව බල ගන්න...හැමදාම මාත් එක්ක දුක් වින්දා...මාව හොඳට තියන්න...මැරෙනකල්ම දුක් වින්දා...මට මොකුත් කර ගන්න බැරි වුණා මයේ අම්මේ"
***************
අම්මෙක් අප්පෙක් නැතිව ජීවිතේ කොයිරම් අමාරුද..කටුකද....කිසිම කෙනෙක් නැතිව තනි වෙන එක කොයි තරම් අසරණකමක්ද...මට අද හොඳටම දැනෙන මේ තනිය මගේ අම්මාටත් දැනෙනවා ඇති....අම්මා කොයි තරම් හොඳද..කොයි තරම් ඉවසිලිවන්තද...මාව දීලා ගිය තාත්තට කවදාවත්ම දොසක් නොකියපු මගේ අම්මා...
අම්මේ ඔයා මගේ ඇස් දෙකේ ඉන්නවා කඳුළු අස්සේ හැම තිස්සෙම...
මාව ගෙනියන්න හදපු තැනට මම හෙමින් යන්නම් අම්මේ....පාර වරදවා ගන් නැතිව...මම අම්මාගෙන් ඉගෙන ගත්තු හැමදේම හිතේ තියාගෙන..ජීවිතේ වරද්ද ගන් නැතිව යන්නම්...
අම්මේ හැමදාම මගේ ලඟ ඉන්න...මගේ තනියට....මගේ නලල ඉඹලා යන්න ඉස්සර වගේම....නිවන් නොදැක ඉන්න අම්මේ තව එක සැරයක් මට අම්මාගේ දුවම වෙන්න...
මට හරි තනි අම්මේ....
ආදරණීය මල්
Saturday, June 2, 2018
බිඳෙන බැඳුම්...
නුඹ නේන දා හිතට තනිකම
දැනෙන හැටි නුඹ දන්නේ නැ
මේ තරම් මට රිදෙන වග
මමත් දැනගෙන උන්නෙ නැ
හරි ආදරෙන් නුඹේ අතක එල්ලි
ගියපු එදවස් හීනෙකම තව තව පැටලෙනා
බැඳුන ඒ බැමි ලිහි යද්දි
හිතම තව තව රිදෙනවා...
බිඳෙන බැඳුමක තවත් යට වි
දහස් වර මම මියැදෙමි
නුඹ තුටින් නම් මටත් ඒ ඇති
නැවතිච්ච තැන මම හිදින්නම්..
ආදරණීය මල්
දැනෙන හැටි නුඹ දන්නේ නැ
මේ තරම් මට රිදෙන වග
මමත් දැනගෙන උන්නෙ නැ
හරි ආදරෙන් නුඹේ අතක එල්ලි
ගියපු එදවස් හීනෙකම තව තව පැටලෙනා
බැඳුන ඒ බැමි ලිහි යද්දි
හිතම තව තව රිදෙනවා...
බිඳෙන බැඳුමක තවත් යට වි
දහස් වර මම මියැදෙමි
නුඹ තුටින් නම් මටත් ඒ ඇති
නැවතිච්ච තැන මම හිදින්නම්..
ආදරණීය මල්
නුඹේ අරුමැසි ආදරේ...
නෙතින් නෙතකට එක්ව හා වුණ
හිතම නිවනා ආදරේ
රැගෙන දෝතින් එනතුරා නුඹ
මඟ බලන්නෙමි පාඩුවේ..
හිතක සැනසුම හදන නෙතඳර
නිබද කැටි වුණ ආදරේ
තාම උණුසුම එහෙමමයි සද
නුඹේ අරුමැසි ආදරේ...
#ආදරණීය_මල්
හිතම නිවනා ආදරේ
රැගෙන දෝතින් එනතුරා නුඹ
මඟ බලන්නෙමි පාඩුවේ..
හිතක සැනසුම හදන නෙතඳර
නිබද කැටි වුණ ආදරේ
තාම උණුසුම එහෙමමයි සද
නුඹේ අරුමැසි ආදරේ...
#ආදරණීය_මල්
Subscribe to:
Posts (Atom)
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා -2 "මගේ නේද"... "මගේ විතරමයි නේද..." ඔයා එහෙම අහන කොට මට මතක් වුණේ සිංදුවක් "මගේ විතරද අහන මුවින...
-
ආදරේ කියන්නේ තරමක ආත්මාර්ථය කැටි කර ගත්ත හැඟිමක්... මගේ විතරමයි කියන හැඟිම නිරායාසයෙන්ම හිතට එන... ඔව්.. මට ඔයාව මුණ ගැහුණ දවසේ ඉඳලා මම හීන...
-
#අපි_දෙන්නා...1 දවසක්...මට මුණ ගැහෙනවා හරි අපූරු කෙනෙක්...ඒ හරි අහම්බයකින්...සමහර වෙලාවට අහඹු හමු වීම් අපේ ජීවිත පුදුම විදිහට වෙනස් කර...